ශ්‍රී ලංකාවට සහාය දැක්වමින් ජිනීවා මානව හිමකම් කවුන්සිලයේදී සම්මතවූ යෝජනාව පිළිබඳ සමාජයේ සියලූ පාර්ශවයන්ගේ අදහස් විමසීම සඳහා 11 දෙනෙකුගෙන් යුතු උපදේශක කාර්ය සාධක බළකායක් පත් කිරීමට රජය සැරසෙයි.
විශේෂයෙන්ම එම යෝජනාව සම්බන්ධයෙන් වන දේශීය යාන්ත‍්‍රනය ක‍්‍රියාත්මක කිරීමට මෙම කාර්ය සාධක බලකාය පත් කළ බව විදේශ අමාත්‍යාංශ නිලධාරියෙක් කීය.
බළකායේ සභාපතිනිය ලෙස මෙරට ප‍්‍රවීන සිවිල් හා මානව හිමකම් ක‍්‍රියාකාරීනි නීතීඥ මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මිය පත්කොට ඇති අතර එහි ලේකම් ලෙස ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා පත් කොට ඇත.එහි ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය චිත‍්‍රලේඛා මෞනගුරු, විශාඛා ධර්මදාස, ධර්මසිරි බණ්ඩාරනායක, ආචාර්ය ෆර්සානා හනීෆා, ජනාධිපති නීතීඥ ශාන්තා අභිමානසිංහම්, මිරාක් රහීම්, මහාචාර්යා දයා සෝමසුන්දරම් සහ ගමීලා සමරසිංහ සෙසු සාමාජිකයෝය.
මෙම කාර්ය සාධක බලකායේ ක‍්‍රියාකාරි සැලැස්ම අදියර දෙකක් යටතේ සිදුකෙරෙන අතර ත‍්‍රිභාෂාවෙන් ක‍්‍රියාත්මක වේ. ළමා,ආරක්ෂක අංශ, අබාධිත සොල්දාදුවන්, වැන්දඹුවන් හිටපු ළමා සොල්දාදුවන් යන සියලූ පාර්ශවයන් නියෝජනය වන පරිදි එම අදහස් විමසීම් සිදු කෙරෙනු ඇත.
නිල සංචාරයක් සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග‍්‍රීෆ් මෙම කාර්ය සාධක බළකායේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් හා සහයෝගය දීමට නියමිත බව විදේශ අමාත්‍යාංශ ආරංචි පවසයි.
එම සියලූ අදහස් විමසීම අවසන්වූ පසු බලකාය ජිනීවා යෝජනාව පිළිබඳ අග‍්‍රාමාත්‍ය ක‍්‍රියාකාරී කමිටුව වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද කටයුත්තක් නියම සුදුස්සෙ තේරා ඇත ..(කෞ)
සිංහලයා අවසානය වෙත ඉක්මනින්ම ළගාකරමින් සිටිති. (බ)
ඔන්න ඔහොමයි කනෝ ජාත්‍යන්තර ප්‍රශ්න විසදන්නේ.නැතුව පිට පොට ගහගන හන්දියක් හන්දියක් ගානේ කුණුහරුප කියලා මිනිසුන්ට බැනල නෙවයි (කෞ)
ස්වාධීනව සිතන රටක් හා ජාතියක් කුමන සුපිරි බලවතකුට හෝ ඇත්තටම යටත් කර ගන්නට බැහැ. එසේම මොන දේශපාලන නිදහස තිබුණත් තර්කානුකූලව සිතීමේ විචාරශීලී හැකියාව සමාජයට නැතිනම් එය නිදහස් සිතුවිලිවලට ඉඩක් නොදෙන, පටු හා ගතානුගතික සමාජයක් වනවා. අපේ සමාජය එවැන්නක්. දැන්වත් අපි එතනින් මිදී ජාතියන්තරය සමග මේ ආකාරයෙන් කටයුතු කලයුතුය.(කෞ)