ජිනීවා නුවර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින මහෝත්සවය නොවැම්බර් 3 වැනිදා පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර ඇතිබව විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමි පවසති.
මෙම පිංකම සඳහා කොළඹ මාළිගාකන්දේ විද්‍යොදය පරිවේණාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්යබලංගොඩ සොභිත නාහිමිපාණෝ, ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක, පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති පරවාහර චන්දරතන නාහිමි, ගාල්ල මහමෝදර ශ්‍රී ගුණෝදය පිරිවෙන් අධ්‍යක්ෂක ගෞරව හබරකඩ සෝරත,ගාල්ල, මාතර, හම්බන්තොට දිසා අධිකරණ සංඝ නායක මාහිමිපාණෝ, රත්මලාන බොරුපන සාම විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පුවක්ගහහේනේ වජිරඥාණ මාහිමිපාණෝ, ඇඹිලිපිටිය,තුන්කම ගුණානන්දාරාමාධිපති, හබරකඩ පඤ්ඤානන්ද හිමිපාණෝ, කොළඹ සම්බුද්ධාලොක විහාරයේ විතාරන්දෙණියේ මේධානන්ද හිමිපාණෝ ප්‍රධාන මහා සංඝ රත්නය 12 නමක් පමණ සහභාගීවෙති.
එක්සත් ජාතීන්ගේ ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතා ප්‍රධාන ස්විස්සර්ලන්ත, ප්‍රංශ,ශ්‍රී ලාංකික, තායි,ලාඕස්,කාම්භෝජ,වියෙට්නාම් හා බංග්ලාදේශ් ජාතික බොහෝ සැදැහැවතුන් පිරිසක් මෙවරද සහභාගීවීමට නියමිතය.
සිරි,මානෙල්,ආසිරිමා අහංගම, පියල්,අජන්තා,කළ්‍යාණි හා කුමාර, ගීතානි පවුල්වල දායකත්වයෙන් පිංකම සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)
දුරු රටක සිට වුවද ඔබ විසින් මේ සිදු කරන ආගමික මෙහෙවර සැබවින්ම අගනේය. මේ මහඟු පින ඔබ නමින් මිය පරලොව ගිය සැමට නිවන් සුව ළඟාකර ගැනීමට හේතු වාසනා වේවා! (නි)
බෙන් සිල්වා මහතාගෙන් ලද උපකාරද අමතක නොකළ යුතුය (නි)