ජිනීවා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් මස් 2 වැනි ඉරු දින උදැසන 10 සිට දහවල් 3 දක්වා පැවැත්වෙන බව විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමියෝ කියති.
දස නමක් මහා සංඝරත්නය මේ පිංකමට වැඩම කිරීමට නියමිතය පිංකම උදෑසන 10 ට මහා පිරිත් දේශනයකින් ආරම්භ කෙරේ. උදේ 11 ට සම්මා සම්බුද්ධ පුජාවත් ඉන් අනතුරුව කඨින සංඝගත දක්ෂිණාව පිරිනැමේ.
කඨින චීවර පුජාව සහ අතිරේක පිරිකර පුජාව දහවල් 1.30 ආරම්භ කෙරෙනු ඇත. කඨිනානිසංස ධර්මදේශනාව සහ පුණ්‍යානුමෝදනාව පැවැත්වීමෙන් පසුව පිංකමේ කටයුතු නිමාවට පත්වනු ඇත.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජිනීවා කඨින පිංකම නොවැම්බර් 2
සනත් ගුනවර්දන ස්විස් Sunday, 26 October 2014 09:34 AM
මෙම කටින පිංකම සාර්ථක කර ගැනිමට අපි සියලු දෙනා උත්සාහ දරනවා. ස්විස් වල වසන සියලුම බෞද්ධ ජනතාවට ආරාදනා කරනවා (නදී)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 27 October 2014 03:08 AM
ජිනීවාහි බෞද්ධ මධ්‍යස්ථානය ස්විට්සර්ලන්තයේ ස්විස් ජාතිකයින්ට බෞද්ධ දර්ශනය පැහැදිලි කරදීමේ උදාර මෙහෙයක් ඉටු කරනවා. ස්විට්සර්ලන්තයේ සංඝනායක ආචාර්ය තවලම ධම්මික හිමියන්ගෙන් ඒ සඳහා ලැබෙන දායකත්වය පැසසුම්කටයුතුයි. මෙවර කඨින පින්කමද අතිශයින් සාර්ථක කරගැනීමට ඒ හිමියන් ඇතුළු අනෙක් හිමිවරුන්ටද ස්විට්සර්ලන්තයේ වසන ශ්‍රී ලාංකික පිරිසටද ධෛර්ය හා වාසනාව ලැබේවා. (නි)