ජිනීවා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් මස් 2 වැනි ඉරු දින උදැසන 10 සිට දහවල් 3 දක්වා පැවැත්වෙන බව විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමියෝ කියති.
දස නමක් මහා සංඝරත්නය මේ පිංකමට වැඩම කිරීමට නියමිතය පිංකම උදෑසන 10 ට මහා පිරිත් දේශනයකින් ආරම්භ කෙරේ. උදේ 11 ට සම්මා සම්බුද්ධ පුජාවත් ඉන් අනතුරුව කඨින සංඝගත දක්ෂිණාව පිරිනැමේ.
කඨින චීවර පුජාව සහ අතිරේක පිරිකර පුජාව දහවල් 1.30 ආරම්භ කෙරෙනු ඇත. කඨිනානිසංස ධර්මදේශනාව සහ පුණ්‍යානුමෝදනාව පැවැත්වීමෙන් පසුව පිංකමේ කටයුතු නිමාවට පත්වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කටින පිංකම සාර්ථක කර ගැනිමට අපි සියලු දෙනා උත්සාහ දරනවා. ස්විස් වල වසන සියලුම බෞද්ධ ජනතාවට ආරාදනා කරනවා (නදී)
ජිනීවාහි බෞද්ධ මධ්‍යස්ථානය ස්විට්සර්ලන්තයේ ස්විස් ජාතිකයින්ට බෞද්ධ දර්ශනය පැහැදිලි කරදීමේ උදාර මෙහෙයක් ඉටු කරනවා. ස්විට්සර්ලන්තයේ සංඝනායක ආචාර්ය තවලම ධම්මික හිමියන්ගෙන් ඒ සඳහා ලැබෙන දායකත්වය පැසසුම්කටයුතුයි. මෙවර කඨින පින්කමද අතිශයින් සාර්ථක කරගැනීමට ඒ හිමියන් ඇතුළු අනෙක් හිමිවරුන්ටද ස්විට්සර්ලන්තයේ වසන ශ්‍රී ලාංකික පිරිසටද ධෛර්ය හා වාසනාව ලැබේවා. (නි)