ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වසර 20 ක පමණ කාලයක් විවිධ නිලතල දරමින් හා භාවනා පුහුණුව ලබමින් කටයුතු කළ භක්තිමත් බෞද්ධයකු වූද ජිනීවා උසස් අධ්‍යාපන ආයතනයක ගණිතය හා කාර්මික අධ්‍යාපනය පිළිබඳ ප්‍රවීණ ආචාර්යවරයෙකුවූද ලුවී නිකොලෙට් මහතා ඇසළ පුර පසළොස්වක පොහෝදා ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ හා ප්‍රංශයේ තුර්නොන් භාවනා ආයතනාධිපති ඥානධරෝ මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ජිනීවා හි ලක්ඛණ හිමි නමින් පැවිදි වී තායි හා ලාඕස ථෙරවාද සම්ප්‍රධාය අනුව යමින් ඒ හිමියන් මහණ උපසම්පදාව එදිනට ලැබුහ.
වස් කාලය තුළ එම ආයතනයේ වැඩ වසන ලක්ඛණ හිමියෝ ඉන් අනතුරුව ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අචාර්ය පරවාහැර චන්දරතන නාහිමි ඇසුරේ ධර්ම අධ්‍යාපනය ලැබීමට ද නියමිතය.
මෙම අවස්ථාවට අනුරාධපුර භික්ෂු ධර්ම පීඨයේ විනය පාලක අතලේ සුමණ හිමි, ජිනීවා බෞද්ධ විහාරයේ සහකාර හල්විටිගල සුජාත හිමි, කාම්බෝජ ජාතික බුන් හිමි හා ප්‍රංශ ජාතික ෆ්රෙඩ් හිමියෝද සහභාගී වුහ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජිනීවා උගතෙක් පැවිදි බිමට
මධුසංඛ Thursday, 17 July 2014 12:35 AM
බුදු සසුන සැමදා බැබළේවා! (නි)
රොෂාන් ඉන්දික Thursday, 17 July 2014 12:35 AM
මේ වගේ උත්තමයන් මේ ලෝකයේ තවත් ඉන්නවා කියලා දැනගත්තහම අපේ ලෝකය ගැන හරිම ආඩම්බරයි (නි)
හරිස්චන්ද්‍ර Thursday, 17 July 2014 01:58 AM
මහේෂ් සිල්වා, නලින් ජයලාල්,චන්දික, අසංග, ගුනවර්දන, ජයන්ත, ශාමිලා, යන අයගේ අදහස් වලට ගරු කරන අතර අද ඇමෙරිකාව ආදී රටවලද බෞද්ධාගම වැළඳගත් අය සැලකිය යුතු පිරිසක් සිටින බව සතුටින් දැන්වීමට කැමැත්තෙමි. සාධු,සාධු,සාධු. බුදු සසුන ලොව බැබලේවා. (නදී)
සරත් Wednesday, 16 July 2014 01:57 AM
ඔබට තෙරුවන් සරණයි! (නි)
අමිල ගමගේ Wednesday, 16 July 2014 01:58 AM
බුදුදහම දිනෙන් දින ඉදිරියට පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)
සමන්ත Wednesday, 16 July 2014 03:57 AM
ලංකාවේ උගත්තු ඔය විදිහට මහන වෙනවද. ලංකාවට හොද ආදර්ශයක් (නදී)
සේරම් Thursday, 17 July 2014 03:09 AM
අනුන්ට සාධු නද දීමෙන් තමන්ට වන සෙතක් නැත තමන්ද එම තත්වයට පත්වීමම උතුම්ය (නදී)
බුද්ධික Wednesday, 16 July 2014 12:41 PM
සාධු සාධු සාධු! (නි)
උඩුමලගල-ගමගේ Wednesday, 16 July 2014 04:53 AM
සාධූ සාධූ සාධූ! ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා! (නි)
චන්දන Wednesday, 16 July 2014 01:00 PM
සාධු !!! සාධු !!! සාධු !!! වහ වහා නිර්වාණය සාක්ශාත් වේවා!! (නි)
රත්නායක ආරච්චිගේ Wednesday, 16 July 2014 05:11 AM
මේ සංසාර ගමනේ ඇති භයංකර ස්වභාවය හරිහැටි තේරුම් ගත් බුද්ධිමත් මහත්මයෙක් වගේ. දැන් ඒ ස්වාමීන් වහන්සේට නිවන් මගට යාමට චතුරාර්ය සත්‍ය අවබෝද වේවායි ප්‍රර්ථනා කරමි (නදී)
මහේෂ් ද සිල්වා Wednesday, 16 July 2014 05:20 AM
දැන්වත් අපේ රටේ ඉන්න අයට තේරෙන්න ඕනා බෞද්ධාගමේ වටිනාකම. උගත් මිනිස්සු දන්නවා ලෝකේ තියෙන පරම සත්‍ය තියෙන්නේ බෞද්ධාගමේ විතරයි කියා (නදී)
බමුණු Wednesday, 16 July 2014 05:22 AM
උගතුන් බුද්දිමතුන් බුද්දාගම වැලඳ ගන්නා විට නූගතුන් සහ මෝඩයින් බුද්දාගම අත් හැර යනවා. ඉන් රටට වන පාඩුව රටේ සංස්කෘතිය වෙනස් වෙනවා. (නදී)
කමල් Friday, 18 July 2014 02:38 AM
බුදු සසුන සැමදා බැබළේවා! (නදී)
සම්පත් Wednesday, 16 July 2014 01:59 PM
මේ වගේ දේවල් දකිනකොට හරිම සතුටක් දැනෙනවා (නි)
විලේගොඩ අරියදේව හිමි Sunday, 20 July 2014 03:11 PM
මෙය මට ලොකු සතුටක් (නි)
නෙලානි Wednesday, 16 July 2014 02:04 PM
දකිනකොටත් සන්තෝෂයි (නි)
හල්ගම නලින් ජයලාල් ප්‍රියන්ත Wednesday, 16 July 2014 06:01 AM
විශ්වයේ පරම සත්‍ය බුද්ධ ධර්මයයි. ලොව සියලුම රටවල වෙසෙන බුද්ධිමතුන් බුද්ධාගම වැලඳගැනීම එයට හොඳ නිදසුනක් (නදී)
චන්දික Wednesday, 16 July 2014 06:02 AM
සංසාරයේ ඇති භයංකාර තත්වය කඩිනමින් අවබෝද කරගත හැක්කේ බුද්දීමතුන්ට පමණි. එම භයානක බව අවබෝද කර ගත් තැනැත්තා හිස ගිනිගත් අයෙකු ගින්න නිවා ගැනීමට ඉක්මන් වන්නාන් මෙන් සසරින් එතෙර වීමට වෙහෙසෙයි. මේ මහත්තයට ඉතා ඉක්මන් බවයකදීම නිර්වාණය අත්පත් කරගැනීමට වාසනාව ලැබේවා (නදී)
නිහාල් විතානගේ Wednesday, 16 July 2014 02:17 PM
මීට අවුරුදු දහයකට පමණ පෙර පුවතක් තිබුනා ඊශ්‍රායල් ජාතික රහතන් වහන්සේනමක් සිතුල්පව්වේ වනගතව හාවනායෝගීව ඉන්න බව. ඒ ගැන නැවත සොයා ලිපියක් පළකරන මෙන් ලංකාදීපයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි (නි)
අනුර ලියනගේ Wednesday, 16 July 2014 06:14 AM
ලංකාවේ ඉපදුන අය බෞද්ධාගමට නිගා දෙන වැඩ කරද්දී විදේශ උගත්හු බෞද්ධ දර්ශනය කරා ඇදෙනවා (නදී)
ශ්‍යාමිලා Wednesday, 16 July 2014 02:25 PM
මේ සිද්ධිය ලංකාවටත් හොඳ ආදර්ශයක්. (නි)
භානු Wednesday, 16 July 2014 06:36 AM
ස්වාමින් වහන්සේට බුදු සසුන බැබලවීමට හැකි වේවා ! (ස)
පිටිගල Wednesday, 16 July 2014 06:47 AM
හා! හා!! ...........බුද්ධාගම ගැන කතා කරලා ජාතිවාදය අවුස්සන්න එපා. පන්සලේ දායක සභාවේ රැස්වීමටත් දැන් ඔත්තු කාරයෝ ................හැබැයි බුද්ධාගමට විතරයි. සේරම. (ස)
ඉන්ද්‍රසිරි Wednesday, 16 July 2014 06:48 AM
බුදු සසුනත් ලංකාවත් බැබළෙනවා ඔබ වැනි බුදුපුතුන් නිසා. නිරෝගී සුවයම පතමි! (නි)
gaminiwasantha Wednesday, 16 July 2014 03:13 PM
මෙවැනි පුතුන් මෙලොවට බිහිකළ අම්මාවරුන් මතු බුදු වෙන්නෝන ......හරි ස්තූතියි. බටහිර රටක මහත්මයෙක් පැවිදි වීම ගැන සාධු.....සාධු.....සාධු.....!(අ)
දිල්ෂාන් Wednesday, 16 July 2014 07:04 AM
බුදුසරණ වේවා! (නි)
නැනිල් Wednesday, 16 July 2014 07:05 AM
සාධු ! සාධු !! සාධු !!! (නි)
ලලිත් Wednesday, 16 July 2014 07:06 AM
පිටිගල හරියටම හරි (නි)
හෙට්ටිආරච්චි Wednesday, 16 July 2014 07:07 AM
බුදු සරණයි! (නි)
තුෂාන් Wednesday, 16 July 2014 07:26 AM
උන්වහන්සේට මේ භවයේදීම නිවන අවබෝධ වේවා! (නි)
ඇන්ටන් Wednesday, 16 July 2014 07:40 AM
අර කට්ටියගෙන් අවසර අරගෙනද ඔය වැඩේ කළේ. ලංකාවට එනවා නම් පරිස්සමට (නදී)
පද්මිනී Wednesday, 16 July 2014 07:52 AM
යුරෝපයේ මිනිස්සු විවාහ වෙන්නෙත් දෙන්නා හොඳින් අවබෝධ කරගෙන. මහණ වෙන්නෙත් ධර්මය හොඳින් අවබෝධ කරගෙන. ලංකාවේ එ්කේ අනිත් පැත්ත. (නදී)
ශමිල ඕක්ලන්ඩ් Wednesday, 16 July 2014 07:55 AM
මේ වගේ ඒවා නවත්තන්න එහෙ කව්රුත් නැති හින්දා හොඳයි (නදී)
අසංග අතපත්තු Wednesday, 16 July 2014 07:59 AM
හරිම සතුටුයි. තව තවත් යුරෝපයට දහම් මග අවබෝධ කර දෙන්නට අපේ ධම්මික හාමුදුරුවන්ටත් සුජාත හාමුදුරුවන්ටත් ධෛර්ය ශක්තිය ලැබේවා..! (නදී)
ගුණවර්ධන Wednesday, 16 July 2014 08:14 AM
ලෝකයේ බෞද්ධාගම පැතිරී යන අවස්ථාවක එහි අර්ථය හරියට තේරුම් ගත් බුද්ධිමතුන් සසරේ භයංකාරය දැක එයින් මිදීමට මාවත සකසා ගැනීම පුදුම වීමට කරුණක් නොවෙයි. එයයි සත්දර්මය. නිවන් මගට පාරමිතාවක් වේවා. (නදී)
ජයන්ත ධර්මසිරි Wednesday, 16 July 2014 08:18 AM
අතාර් සී ක්ලාක් මහතා කී දේ ඇත්ත (නදී)
රෝහණ Wednesday, 16 July 2014 08:34 AM
කියන්න නම් දේවල් තියෙනවා. ඒත් බැහැ වගේ (නදී)
ඉසුරන්දි Wednesday, 16 July 2014 09:00 AM
ධර්මයෙහි හැසිරෙන ඕනෑම පුද්ගලයෙක් යහපත් පුරවැසියෙක්. (නදී)
ජෙරාඩ් Wednesday, 16 July 2014 09:03 AM
ලොව පහලවූ පරම සත්‍යය වර්තමාන බටහිර ජාතින්ටත් අවබෝධ වීම බුද්දාලම්බන ප්‍රීතිය දනවන හේතුවක් ......සාදු.. සාදු....සාදු. (නදී)