රත්මලානේ ජනරළ පුවත්පත් මුද්‍රණාලයට අද(16) දවල් ගල්කිස්ස පොලිසියේ විශේෂ කාර්්‍යාංශයෙන් පැමිණ සේවකයන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා ‘ලංකාදීපය‘ට පැවැසීය.
ජනරළ පුවත්පතේ පසුගිය කලාපයේ රන් ජාවාරමක් සම්බන්ධයෙන් පළ වූ පුවතක් ගැන හා පුවත්පතේ මුද්‍රණ කටයුතු හා අ්‍යන්තර තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය සේවකයන්ගෙන් විමසා ඇතැයි ඔහු කීය.
එහි සේවකයන් පැවැසූ විස්තරවලට අනුව පොලිසිය තමාගෙන් ද තොරතුරු ලබාගන්නට නුගේගොඩ, දෙල්කඳ පිහිටි ජනරළ පුවත්පත් කාර්්‍යාලයට පැමිණෙන බව තමන්ට දන්වා ඇතැයි ද සිරිමල්වත්ත මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ හොරකම ගැන දැනගත්තේ කොහොමද කියලා දැනගන්න යන්න ඇති. ඒකටත් එතනෝල් වලට වුණදේම වෙයිද දන්නෙ නැහැ (නි)
මේ නමින් පත්තරයක් තියනව කියල දන්නෙත් අදමයි.(ස)
මේක තමයි අපේ මාධ්‍ය නිදහස. (නදී)
ඇත්ත කියන්න ඇති. ඒකනේ පොලිසියෙන් ආවේ (නි)
මාධ්‍ය නිදහස කියල බොරුවක් දාලද ? නැත්නම් ලොක්කෙක් සම්බන්ද දෙයක් ද ? (නදී)
අනේ මෙහෙම අයුක්තියක් මිනිසුනි ලැබෙයි ද ඉන් සැනසීමක්? (නි)
මධ්‍යසාර නිදහස හා මාධ්‍ය නිදහස අතර ලොකු වෙනසක් නැහැ වගේ. ඕනෑ වෙලාවක මත් වෙලා වගේ. (නි)
අනේ හොදයි
සැමවිටම මාධ්‍ය නිදහස කියා සියලු මාධ්‍ය නිදහස් කළ නොහැක. විශාල අවි ආයුධ වලින් කරන දේ පන්හිදෙන්ද කළ හැක. එබැවින් මොන නිදහසකටත් කලින් රටේ ජාතික ආරක්ෂාව වැදගත් වේ.මොකද හෙට අපේ දරුවන්ට පය ගසා සිටීමට නිවහල් රටක් වුවමන බැවිණි. රටේ ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම මාධ්‍යයකට හා මාධ්‍යවේදියෙකුටම ඉතාම තදින් නිතිය ක්‍රියාත්මක කිරීම ජාතියට හිතැති සියලු දෙනාටම කරන සේවයකි. (නි)