IMG-LOGO

ජෙනරේටර් ගැලවිල්ල

2016-06-14-ent-03හිටපු ලොකුතැනගෙ හමුදා ආරස්සාව ඉවත් කළේ ආණ්ඩුවෙ තීන්දුවක් මත... ඒත් ඒ වෙනුවට උන්නැහේට පොලිස් ආරක්ෂාව ලැබෙනව...

ඉතින් හමුදාව ඉවත් කරන කොට ඒ අයගෙ උපකරණ මෙවලම් එහෙමත් ගෙනියනව... ඒක සාමාන්‍ය දෙයක්... කොහොම වුණත් හමුදා ආරක්ෂාව තියෙද්දි උන්නැහෙ තංගල්ලෙ ගෙදරයි මැදමුලන ගෙදරයි හදිසියකට පාවිච්චි කරන්න ජෙනරේටර් 2ක් හයිකරල තිබුණ. ඒව මිලදී ගත්තෙ ජනාධිපති කාර්යාලෙන්ලු...

එහෙම තියෙද්දි හමුදා ආරක්ෂාව අයින් කළ දවසෙ ලයිට් දෙන්න හයිකරල තිබුණ ජෙනරේටර් දෙකත් ගෙනියන්න කට්ටියක් කල්පනා කළාලු...

රාජපක්ෂ පවුලෙ කෙනකුගෙ මංගල්‍ය උත්සවයක් තිබුණ පසුගියදා දවසක. කාකි යුනිෆෝර්ම් ඇඳගත්ත මහත්තයෙක් අඬු බඬුත් අරගෙන ජෙනරේටර් ගලවගෙන යන්න ආව... ඇවිල්ල මැදමුලන ගෙදර ජෙනරේටරේ ගලවනකොට මේ පවුලට සම්බන්ධ අය ඇවිල්ල ලොකු සද්දයක් දැම්මලු. ඊළඟට රටේ ඉහළම තැන්වලටත් මේ කරන්න යන වැඩේ පත්තු කළාලු. ජෙනරේටර් දෙක ගලවගෙන ගිහින් ඉහළින් දේශපාලන ලකුණු ටිකක් දාගන්න පොරක් කරපු ජරමරේ ඉවර වුණේ මේ ගැන පරීක්ෂා කරන්න කියලා නියෝගයකුත් ලැබුණට පස්සෙ කියලයි ආරංචි.

 

DESHAYA



අදහස් (0)

ජෙනරේටර් ගැලවිල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 666 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 272 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site