ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන 16 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල - 2014 ගල්කිස්ස මහ හෝටලයේ දී හෙට(28) රාත‍්‍රී 7.00 ට පැවැත්වීමට යයි.
ප‍්‍රධාන ආරාධිත ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ආරවුල් නිරාකරණ මණ්ඩලයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සහභාගීවීමට නියමිතය.
වසරේ හොඳම ජනමාධ්‍යවේදියා සඳහා වන මර්වින් ද සිල්වා සම්මානය, වසරේ උණුසුම් පුවත් වාර්තාකරණය, වසරේ හොඳම ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියා යන සම්මාන ඇතුළුව අංශ 14 ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමීට නියමිතය.
පුවත්පත් කලාව වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා තම දායකත්වය ලබාදුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් පස්දෙනෙකු සඳහා මෙහිදී උපහාර පිරිනැමෙන අතර සිය සගයන්ගේ ඇගයීමට ලක්වන පුවත්පත් කලාවේදියාට හිමි ඩී.ආර්. විජයවර්ධන සම්මානය හා ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්‍ෂා කිරීම සඳහා කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේකර සම්මානය ද මෙහිදී පිරිනැමෙනු ඇත.
බිනෝයි කුමාර වික‍්‍රමසුරේන්ද්‍ර, ලතීෆ් ෆාරුක්, නිහාල් රත්නායක, සරණපාල පමුණුව, එස්. තිල්ලෙයිනාදන් මෙවර උපහාර සම්මානයෙන් පිදුම් ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උත්සවය සර්වප්‍රකාර යෙන්ම සාර්ථක වේවා කියා අප ඉතසිතින් පතන්නෙමු. ලංකාදීප පුවත්පතේ මාධ්‍යයවේදීන් කිහිප දෙනෙකුම මෙහිදී ඔවුන්ගේ කුසලතාවයන් පිලිබඳ පිදුම් ලබාවි යන්න අපගේ එකම පැතුමයි. (නදී)
මම හිතන්නේ මෙතන එක අඩුවක් තියනවා නායකයන්ට "කඩේ යාම " සම්බන්දව . උපහාරයක් කාටහරි දුන්න නම් හොඳයි ඔය ඕන තරම් අය ඉන්නේ. මගේ පුද්ගලික මතය අර -- පුත්‍රයා මේකට වඩාත් සුදුසුයි !(නදී)
මගේ උණුසුම් සුභපැතුම්. (නදී)