IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනමාධ්‍ය විශිෂ්ටයෝ සම්මාන ලබති

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන 16 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල - 2014 ගල්කිස්ස මහ හෝටලයේ දී හෙට(28) රාත‍්‍රී 7.00 ට පැවැත්වීමට යයි.

ප‍්‍රධාන ආරාධිත ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ආරවුල් නිරාකරණ මණ්ඩලයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සහභාගීවීමට නියමිතය.

වසරේ හොඳම ජනමාධ්‍යවේදියා සඳහා වන මර්වින් ද සිල්වා සම්මානය, වසරේ උණුසුම් පුවත් වාර්තාකරණය, වසරේ හොඳම ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියා යන සම්මාන ඇතුළුව අංශ 14 ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමීට නියමිතය.

පුවත්පත් කලාව වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා තම දායකත්වය ලබාදුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් පස්දෙනෙකු සඳහා මෙහිදී උපහාර පිරිනැමෙන අතර සිය සගයන්ගේ ඇගයීමට ලක්වන පුවත්පත් කලාවේදියාට හිමි ඩී.ආර්. විජයවර්ධන සම්මානය හා ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්‍ෂා කිරීම සඳහා කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේකර සම්මානය ද මෙහිදී පිරිනැමෙනු ඇත.

බිනෝයි කුමාර වික‍්‍රමසුරේන්ද්‍ර, ලතීෆ් ෆාරුක්, නිහාල් රත්නායක, සරණපාල පමුණුව, එස්. තිල්ලෙයිනාදන් මෙවර උපහාර සම්මානයෙන් පිදුම් ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු වෙති.            



අදහස් (0)

ජනමාධ්‍ය විශිෂ්ටයෝ සම්මාන ලබති

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 27 July 2015 11:56 PM

මේ උත්සවය සර්වප්‍රකාර යෙන්ම සාර්ථක වේවා කියා අප ඉතසිතින් පතන්නෙමු. ලංකාදීප පුවත්පතේ මාධ්‍යයවේදීන් කිහිප දෙනෙකුම මෙහිදී ඔවුන්ගේ කුසලතාවයන් පිලිබඳ පිදුම් ලබාවි යන්න අපගේ එකම පැතුමයි. (නදී)

:       0       0

ජයත් Tuesday, 28 July 2015 01:56 AM

මම හිතන්නේ මෙතන එක අඩුවක් තියනවා නායකයන්ට "කඩේ යාම " සම්බන්දව . උපහාරයක් කාටහරි දුන්න නම් හොඳයි ඔය ඕන තරම් අය ඉන්නේ. මගේ පුද්ගලික මතය අර -- පුත්‍රයා මේකට වඩාත් සුදුසුයි !(නදී)

:       0       0

සිරි Monday, 27 July 2015 06:17 PM

මගේ උණුසුම් සුභපැතුම්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site