බටහිර රටවලට දොස් නොකියා අපේ වැරැදි අපි නිවැරැදි කැර ගත යුතු බවත් එසේ නොකළ හොත් අන්තර්ජාතික වශයෙන් රට අපකීර්තියට පත්වන බවත් මැල්කම් කාදිනල් රංජිත් අඟරඳගුරු තුමා කොළඹ ශ්‍රී ලංකා රඳ ගුරු සම්මේලන ශාලාවේදී ප්‍රකාශ කළහ.
උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාත්මක කරන ලෙසද එතුමෝ ඉල්ලා සිටියහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් ඒ සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලය වෙනුවට ජනමත විචාරණයකට යන්නැයි එතුමෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට බය තියෙනවා ඇති දැන් අපේ මිනුස්සු ගොඩක් දේවල් තේරුම් අරගෙන ඉන්න එක ගැන. ඉස්සර වගේ යුරෝපයට ඕන විදිහට ලංකාව නටවන්න බැරි නිසා. (නදී)
රටේ දේශපාලනමය වශයෙන් විවාදාත්මක කාරණා වලදී අදහස් ප්‍රකාශ කල යුතු ස්වාධීන පුද්ගලයන් නිහඩව සිටිද්දී, මෙතුමන්ගේ ඍජු සහ පැහැදිලි අදහස් දැක්වීම දේශ හිතෛෂී සියල්ලම ආගම්වාදී නොවී අගය කල යුතුය. (ස)
ධම්ම, වහා කියන්නේ දැන් අවුරුදු 03ක් බලාගෙන හිටපු නිසාද? (නි)
ඔබ තුමාගේ අදහසට මගේ ප්‍රණාමය. ඔබට ජේසු පිහිටයි. (ස)
නුවන්, ඔබ හරි (නි)
ඔබතුමා දේශපාලනේ ගැන කතා කරන්න කලින් කතෝලිකයො මූලධර්ම වාදි ආගම් වලට යනවා. ඒ අය ගෙන් කතෝලික පිරිස බේරා ගන්න. (ස)
මේ ප්‍රකාශයේ එතරම්ම විශේෂත්වයක් මා දකින්නේ නැහැ. උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ 'වහා' ක්‍රියාත්මක කරන ලෙස බටහිරින් එන පීඩනයමයි මුන් වහන්සේ මේ දෙන්නේ. මා දන්නා හැටියට ජනාධිපතිතුමා ඔය 'වහා' කියන කොටසට විරුද්ධ. (ස)
මේ මොනවා කතා කරනවද?කොන්ද කෙළින් කියන්නේ ඔන්න ඕවට තමයි. (නි)
කතාව ඇත්ත. (ස)
ඇති උතුම් කාදිනල් අගරදතුමනි, අපි ඉතා අගයමි ඇත්ත කතා කිරීම ගැන. බොහෝ ආගමික නායකයන් වැරැද්ද දැක දැක නිහඬව සිටින විටෙක අප වෙනුවෙන් පෙනී සිටින ඔබ වහන්සේට දෙවි පිහිටයි. (ස)
මේ වෙලාවේ ඔබේ හඬ අවදි කිරීම පිළිබද බෞද්ධ අපගේ ප්‍රණාමය.(නදී)
ගරු කාදිනල් තුමනි, ඔබ වැනි කොන්ද කෙලින් තියන් කතා කරන සැබෑ ආගමික නායකයින්ට සදා නය ගැතියි. මොකද අපේ පාස් පොර්ට් දැක්ක ගමන් අපිව කොන් කරනවා ලංකාවේ කියල කියන්නත් ලැජ්ජයි. ඒ තරමටම දැන් ලංකාව කොන් වෙලා තියෙන්නේ. සැබැවින්ම මම බෞද්ධයෙක් ඒත් අපේ සමහර ආගමික නායකයෝ එක වචනයක් කතා කරන්නේ නැහැ මේවට විරුද්දව. ඒකයි ඇත්ත. ඔබ වැනි අයට සවර්ගයට යාමට වාසනාවක් ලැබේවා! (නදී)
ජාති ආගම බේදයක් නොමැත. ඔහුගේ අදහස අති උතුම්. නමුත් ඕක අපිටම විතරක් කියල වැඩක් නොමැත. බටහිර සහ ඩයස්පෝරාවේ කටයුතු ගැනත් විමසිලිමත්ව සියල්ල එකතුව අපේ රට ගැන සිතමු. ජාති ආගම දෙවනුව. (ස)
ඔබතුමාට ජය වේවා! (නි)
රෝමයෙන් නේ එයාලටත් සල්ලි එන්නේ. (ස)
අපේ පාර්ලිමේන්තුවේ පිලිබිඹු වෙන්නේ ජන බලය නෙමේ. මුදලේ බලයයි. ඔබතුමාගේ කතාව අගය කරමි. (ස)
තවත් යුද්දයකට රට යන්න කලින් තමයි එතුමා ඔය දේවල් ගැන අනතුරු අගවන්නේ. මෝඩ විදිහට හිතන අයට, අවේගයෙන් කතා කරන අයට ඔය දේවල් තේරෙන්නෙ නැහැ.ඔබතුමාට අපගේ ගෞරවය! ජේසු පිහිටයි! (නි)
රනිල්, රෝමෙන් නෙමෙයි කොහෙන් සල්ලි ආවත් කියන දේ ඇත්ත නෙමෙයිද? (නදී)
මෙතුමාගේ කතාව කාලෝචිතයි. ලෝකෙට ණයවෙලා චෝගම්, ලොකු ලොකු උත්සව, ගුවන් තොටුපළවල් , අධිවේගී මාර්ග නෙමෙයි අපිට ඕනෑ. කරුණාකර අල්ලස් දුෂණය වංචාවෙන් රට මුදවා , වැරදි කරන ප්‍රාදේශීය දේශපාලකයන් සහ නිලධාරීන් ආරක්ෂා කිරීම නවතා, අපිට සාධාරණව ජිවත් වෙන්න ඉඩ සලසා දෙන්න (නි)
එහෙනම් ඉතින් පෘතුගීසි කරපු වැරදි දැන් හදා ගමු. (ස)
එහෙමනම් දෙවින්ද්‍ර විජය කුමරයා කරපු වැරදිත් හදා ගන්න වෙයි. (ස)
හොද අදහසක් (නි)
දේවේන්ද්‍ර, ඔයා හරියටම හරි. පටන් ගනිමු 1505 ඉඳලා. (ස)
මෙතුමා කියන්නනේ වුන දේ වුනා දැන් අපේ රට ගැලපෙන දෙයක් කරන්න කියලා. ඒක නොතේරන හරක් සල්ලි රොමේන් දෙනවලු. පෘතුගීසි කරපුවා හදා ගනිමුලු.එහෙනම් කාලිංග මාඝ, එළාර, විජය රජ්ජුරුවෝ කරපුවත් හදනවද? මෝඩයෝ වගේ කියවන්නේ නැතුව හරය ගන්න මේ කතාවේ. (ස)
එතුමා හරියටම හරි. ප්‍රශ්නය තියෙන්නේ ඕක බහුතරයක් සිංහලයන්ට නොතේරීමයි. ඔය දේශප්‍රේමින් යැයි කියා ගන්න සමහරක් උදවිය හිතාගෙන ඉන්නේ අපට චෝදනා කරන බටහිරට පෙරලා බැණ වැදීමෙන් විරෝධතා දැක්වීමෙන් විසඳගන්න පුළුවන් කියලා. නමුත් ඇත්තටම සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙන් සහ ඔවුන්ගේ අනන්‍යතාවයට ගරු කිරීමෙන් පමණයි ප්‍රශ්න විසඳා ගන්නත් සංහිඳියාව පුළුවන්. හොඳම සහ ලඟම උදාහරණය නෙල්සන් මැන්ඩෙලා. අද ලෝකයම ඔහුට බුහුමන් කරන්නේ ඔහු බුද්ධිමත්ව ඒ සඳහා රට මෙහෙයවපු නිසා. (ස)
අපිට 'ඒ කාලේත්' හොදට මතකයි (නි)
ඔබ තුමගේ අදහස ඉතා හොඳයි. ඒත් මේ අයට මේවා පිළිගන්න තරම් මොලයක් හෝ හැඟීමක් තියෙනවද දන්නෑ? (ස)
කොටියා මරපු එක ද අපේ වරද??? (ස)
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ අපිට, විශේෂයෙන්ම සිංහල අපට වැරදි හදාගන්න කියන එකයි. ඇත්ත කතා කරොත් සිංහල 90% කට සියලුම ජාතින් එක්ක එකට ඉන්න සුදානම්. ඒත් දෙමල 90% වෙනම ඉන්න තමයි කැමති. ඉතින් කොහොමද ජාතික සමගියක් ගොඩනගන්නේ? තනි අතින් අප්පුඩි ගහන්න බැහැනේ. ඒ පැත්තෙනුත් සපෝට් එකක් ඕනේ. (ස)
ඔබ තුමාගේ අදහසට මගේ ප්‍රණාමය !!!!! (ස)
ලෝකෙම නැතුව ඇති මේවගේ රටක් . . සියලු දෙනාටම ඇස්කන් එරේවා නුවන පහල වේවා (ස)
අපි කුමන දෙයක් කළද ඒ පිළිබදව දෙවරක් සිතිය යුතුයි (නි)
මම මෙතුමාට ගොඩක් ගරු කරන කෙනෙක්. කුමාර, ඔබ කියන විදියට අපේ ලංකාවට අපකීර්තියට පත් වෙලා නැ. අපේ පාස් පොර්ට් දැක්කම මොනම රටකින්වත් කොන් කරන්නේ නෑ.අද අරාබි රටවල් වලිනුත් ශ්‍රී ලාංකිකයන්ට හොඳ තැනක් තිබෙනවා. ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල් දිහා බැලුව අපිට නමක් තිබෙනවා.අද අපේ රටට විනාශ වෙලා තියෙන්නේ ජාති බේද, කුල බේද, ආගම් බේද වලින්. ඒ දේවල් නැති කර ගත්තා නම් අපේ රට ලෝකෙන්ම තියන උතුම්ම රටක්. (ස)
අපිට ඒ කාලේ මතකයි මහත්තයෝ (නි)
කොටි මිනී මරනකොට, සිංහල ගම්මාන වලට පහරදෙනකොට කවුරුවත් කතා කළේ නැහැ (නි)
කරුණාකරලා මෙතුමා කියන දේ වටහාගන්න. සමහරු මොලේ නැති හරක් වගේ අදහස් දක්වනවා. සමහර හාමුදුරුවරු විදේශ කුමන්ත්‍රණ කියා කියා මර හඬ දෙන කොට ඔබතුමා විතරයි සත්‍ය කතා කලේ. අපේ වැරදි අපි හදාගන්න ඕන. වෙන අයට කෑ ගහල වැඩක් නෑ. (ස)
කවුරු කිව්වත් කතාව සහතික ඇත්ත.(දිල්)
අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද?(දිල්)
අසංගට අනූව නම් පංතියේ අන්තිමයට කලින් ඉන්න ළමයලු දක්ෂම ළමයා.(නදී)
හොද අදහසක්. ඔබට ජේසු පිහිටයි (නි)
මට වැටහෙන්නේ නැහැ මෙතුමා මොනවා කියනවද කියලා (නි)