ආණ්ඩුවෙ ඉහළ පෙළේ මහත්තුරැන්ගෙ සාකච්ඡාවක් මාතෘකාව අලුත් ව්‍යවස්ථාව ගැන... රටේ ලොකුම පුටුව භාර පුටු පාටියේ ලොකු මහත්තයා අදහස් දැක්වුවා... ඒත් මෙතන හිටපු කාගෙ කාගෙත් ප්‍රශ්නය වුණේ ඡන්දෙ කාලෙ කියාපු විදියට බලතල බෙදන්න ගියොත් ජනමත විචාරණේකට යන්නම වෙනවා කියන කතාවයි...
ජනමත විචාරණේ දැනටමත් උසාවිය නියම කරපු නිසා කරන්න දෙයක් නැහැ කියලත් කතා වුණාලු...
හිටපු මැති ඇමැතිවරැ අතරෙ නීතිඥයො... ව්‍යවස්ථා විශේෂඥයෝ දේශපාලන ජ්‍යෙෂ්ඨයෝ මේ ගැන කතා කරාම කවුරැත් කිව්වෙ ජනමත විචාරණේ ඩේන්ජරස් වැඩක් කියලයි. ඒක පැරදුණොත් ව්‍යවස්ථා කතාවම හබක් කියල ජනාධිපති නීතිඥයෙක් එතෙන්දි කිව්වා...
ඊට පස්සෙ රටේ ලොකු මහත්තයා තීන්දුවක් දුන්නා... ඒ අනුව ජනමත විචාරණේකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන සේරම අයින් කරන්න තීන්දුවක් ගත්තලු... ඉතින් වැඩේ එහෙම නම් හයියෙන් අඬබෙර ගහපු ව්‍යවස්ථාවේ හැඩතල සේරම වෙනස් වෙනවා කියලයි කියන්නෙ...
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජනමත බැහැ!