උතුරු මැද පළාත් සභා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පැවති 2008 වසරේ දී උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයකු, රුසියාවේ හිටපු තානාපතිවරයකු හා එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත‍්‍රික් කළමනාකරු වූ වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවසට, වෛද්‍ය මධ්‍යස්ථානයට සහ කාර්යාලයට ගිනි තබා විනාශ කර රුපියල් ලක්ෂ 500ක දේපල හානි කිරීම හා වෛද්‍යවරයාට පහරදි තුවාල සිදු කිරීම සම්බන්ධ නඩුව 2017 වසරේ ජනවාරි මස 18 වන දින විභාගයට ගැනිමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.
විත්තිකරුවන්ට සහ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.
මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රි අනිල් පුෂ්පානන්ද, ප‍්‍රසන්න බස්නායක ,නිරාන් පෙරේරා, සහ බී.එම්.ඒකනායක නඩුවේ විත්තිකරුවෝ වෙති.
විත්තිකරුවකු වූ උතුරු මැද පළාත් මන්ත‍්‍රීව සිටි ගාමිණි පෙරේරා මේ වනවිට මියගොස් ඇත.
සැකකරුවන් 15 දෙනෙකු අනුරාධපුර ප‍්‍රධාන මහේසේත‍්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි අතර ඉන් සැකකරුවන් දස දෙනකු නිදහස් කිරීමට එවකට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාව සිටි රුචිර වැලිවත්ත මහතා නියෝග කැර තිබිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජෝන්පුල්ලේගේ නිවස ගිනි තැබීමේ නඩුව විභාගයට