ප‍්‍රවීණ නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති නව නිෂ්පාදනයක් ලෙස වේදිකාවට ගෙනා ”අන්ගාරා ගඟ ගලා බසී” නාට්‍යයේ වාල්යාගේ චරිතය හැඩ කරන්නේ ඇයයි. එලෙසින් කරලිය හැඩ කරන ඇය තෙරුණි ආසංශා පෙරේරාය. 2010 වසරේදී ” සිංදු කිරිල්ලී” නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් ඇය, තවමත් සරසවි අධ්‍යාපනය ලබන සිසුවියකි. හැකියාවෙන් ඉහළ තෙරුණිගේ හඬට අපි මොහොතකට සවන්දෙමු.
තෙරුණි මේ දිනවල මොනවද කරන්නෙ?
සෞන්දර්ය සරසවියේ පළමු වසරේ සිසුවියක්. ඊට අමතරව වේදිකා නාට්‍යය රංගනයේ යෙදෙනවා. මේ දිනවල ජයන්ත ෆොන්සේකාගේ ”දෙකොණ විලක්කුව” නාට්‍යයේ පුහුණුවීම්වලට දායක වෙනවා. ඉගෙනීමට මුල්තැන දෙමින් නාට්‍යය රංගනයේ යෙදෙන බව කියන්න පුළුවනි.
කලා ක්ෂේත‍්‍රයේ ගමන පටන්ගත්තෙ කොහොමද?
පාසල් කාලයේ සිටම නැටුමට ගැයුමට සම්බන්ධව කටයුතු කළා. සමස්ත ලංකා නැටුම් හා රංග කලා මෙන්ම සාහිත්‍ය ආදී අංශවල නිරතව කටයුතු කරන්න පටන් ගත්තා. ප‍්‍රසිද්ධ වේදිකාවට ආවේ, සහන් රංවලගෙ වෙලාව කීයද කියන නාට්‍යයත් සමගයි. එය 2008 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කළා. ඉන් පසුව විද්‍යාරත්න ප‍්‍රනාන්දු සර්ගෙ ”සම්මත අසම්මත” නාට්‍යයේත් රඟපෑවා. එලෙසින් ආ ගමනේදී බුද්ධික දමයන්තගෙ ”සිංදු කිරිල්ලි” රඟපෑමට හොඳම නිළිය වුණා. දැන් රංජිත් ධර්මකීර්ති සර්ගෙ අන්ගාරා ගඟ නාට්‍යයට අමතරව, චාමික හත්ලහවත්තගෙ ”මකරට” නාට්‍යයේ රඟපානවා.
අන්ගාරාගඟ වාල්යා චරිතයට සම්බන්ධවීම ගැන කීවොත්?
එය, එම නාට්‍යයේ ප‍්‍රධාන චරිත ත‍්‍රිත්වයෙන් එකක්. උසස් පෙළ කරන කාලයේදී රංජිත් ධර්මකීර්ති සර්ගෙ පොත් කියවලා තිබුණා. ඇත්තටම සර් අපට ලොකු චරිතයක් වුණා. ඒ වගේ කෙනෙක්ගෙ නාට්‍ය නිර්මාණයකට දායකවීම ඊටත් වඩා ලොකු භාග්‍යයක් වුණා. එවැනි මහා කලාකරුවකුගේ ආභාෂය ලැබීම ඉතා ලොකු දෙයක් වුණා.
අන්ගාරා ගඟ නාට්‍යයේ වාල්යාගේ චරිතය ගැන හිතන්නෙ කොහොමද?
ස්වභාවයෙන් දෙවිදියකට ගලා යන නාට්‍යයක්. මුලින්ම දඟකාර සැහැල්ලූ චරිතයක්. පසුව, ජීවිතේ ගොඩාක් දුරට තේරුම් අරගෙන දියුණු කරගෙන යන කෙනෙක්. ප‍්‍රසන්නජිත් සර් එහෙම මට බොහෝ දේ කියා දුන්නා. ඒ අනුව මෙම චරිතය සාර්ථකව රඟපානවා කියලා මට හිතෙනවා.
”ඔව්... මට මතකයි එදා අපි හුඟාක් උදෙන්ම නැගිට්ටා, සර්ජි ගෙදරින් පිට වෙන්න කලින් මගේ අත් දෙකම අල්ලගෙන කතා කළා.”
වාල්යාගේ මෙම දෙබස් කියවද්දී, ඇත්තටම මට මේ සියල්ල සිහිනයක් වගේ නේද කියලා දැනෙන්න පටන් ගත්තා. එදා උසස් පෙළ විෂය නිර්දේශයට පොත් කියවපු මට මේ නාට්‍යයේ රඟපාන්න ලැබීමම කොච්චර ලොකු භාග්‍යයක්ද කියලා හිතුණා.
දැන් ඔබේ අරමුණ කුමක්ද?
මම කැමතිම වේදිකාවටයි.
ඇයි ඒ?
මට හිතෙන විදියට සිනමාව සහ ටෙලි නාට්‍යවලට වඩා ඒවාට සම්බන්ධව ජනප‍්‍රිය රැුල්ලට යනවාට වඩා වේදිකාව හරි අර්ථාන්විතයි.
වේදිකාවේ රඟපාලා ගොඩාක් මුදල් හොයන්න බැහැ නේද?
ඔව්, ඒක ඇත්ත. ඒත් ජීවිතය තේරුම් ගන්න සහ ජීවිතය සොයා ගන්න පුළුවන් තැන එතැනයි.
ඔබට ඕනෑ කරන්නෙ ජනප‍්‍රියත්වය සහ මුදල් නෙවෙයිද?
එහෙම ඕනෑ නම් මට ඕනෑ තරම් අවස්ථා ලැබුණා. නමුත් තවම මම අධ්‍යාපනය හදාරණ කෙනෙක්. ජනප‍්‍රියත්වය සහ මුදල් මත හඹා යාමට වඩා ජීවිතය අර්ථවත් කරගන්න තව බොහෝ දේ එකතු කර ගන්න තියෙනවා.
ජනප‍්‍රියත්වයට ඔබ අකමැතිද?
වෙලාවකට නම් හිතෙන්නෙ එය කරදරයක් කියලයි. ජනතාව දන්නා කියන කෙනෙක්වීම සතුටට කරුණක් තමයි. ඒත් ඒ ජනප‍්‍රියත්වයත් ඕනෑවට වඩා ඕනෑම නැහැ.
ජීවිතය තේරුම් ගන්න ඕනෑ කිව්වෙ? ඒ මොන විදියටද?
සෑම පැත්තකින්ම ජීවිතය තේරුම්ගත යුතුයි. තවම අපි මහ පොළවට පය තැබුවා විතරයි. ජීවිතයට දැන ගන්න තියෙන දේ බොහෝමයි. ප‍්‍රවීණ ශිල්පීන් සමග ජීවත් වන විට අපගේ ජීවිතත් අර්ථවත් වෙනවා.
අද වනවිට ජීවිතය තේරුම් අරන්ද තියෙන්නෙ?
දැනට දෙමාපියන් සමග ගෙවන ජීවිතය මහා බරපතලකමක් නොදැනුනාට, ජීවිතය රෝසමල් යහනාවක්ම නෙවෙයි, කටුකොහොලින් පිරුණු තැනක්. කකුලෙන් අදින අයත් ඉන්නවා.
ආදරය දැනෙන්නෙ කොහොමද?
ජීවිතය ගෙවන්න අත්‍යාවශ්‍ය දෙයක්. විඳින්න ඕන, ලැබෙන්න ඕන දෙයක්.
ඔබට ඔබ ගැන හැෙඟන්නෙ කොහොමද?
ජීවිතය නිවැරැදි අවබෝධයෙන් ගෙවන්න උත්සාහ ගන්න කෙනෙක්. රඟපෑම මුදල් මත හඹා යන දෙයක් කරගන්න කැමති නැහැ. ඒ නිසා වෙනත් වෘත්තියක නියැලේවි. රසිකා පීරිස්, නිෂා ප‍්‍රනාන්දු සහ සමන්තිමාලා ටීචර්ස්ලාව මේ මොහොතේ මතක් කරන්න කැමතියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම මහ පොළොවට පය තැබුවා විතරයි කියන්නේ මෙච්චර කල් පාවෙවීද හිටියේ? (නි)
දෙවෙනි පින්තුරේ හරිම ලස්සනයි (ත)
නංගී මේ ප්‍රතිචාර වලින් ඔයාට අදාල දේ විතරක් ගන්න, මොකද සාමාන්‍ය දැනුම නැති අය ඔයාට ප්‍රතිචාර දාලා, ඒවා දැකල මට ඒ අයගේ දැනුම ගැන දුකයි (අ)
නිලියන් ඉන්නේ රුපවාහිනියේ විතරක් නෙමේ. වේදිකාවේ ඔබේ රංගනය විශිෂ්ටයි. ඔබ සිංහල වේදිකාවට අලුත් ආලෝකයක්. "මකරට" චරිතය හරිම ජවයකින් රගපානවා. යන මග දැනගෙන ඉදිරියටම යන්න! සුබ පැතුම් !(නදී)
ඔයා ජනප්‍රියයි කිව්වට අපි ඔයාව දන්නේ නැහැනේ (නි)
මේ හැම දේකටම වඩා වටින්නේ ජීවිතය කියන්නේ මොකක්ද කියල හරියට තේරුම් ගැනීමයි. ඒක තේරුම් ගත් කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. මට හිතෙන්නේ මේ ළමයා ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගනිමින් ඉන්න කෙනෙක්. (නි)
අපි නම් ඔයාව දන්නෙවත් නැහැ.ඒත් ඔයා ඒවාට කැමැති නැත්නම් කමක් නැහැ. පාඩුවේ ඉන්න. (නි)
හොඳ තිරනයක් අරන් තියෙන්නේ. සෙමෙන් එහෙත් ස්ථිරව ඉදිරියට යාමට පුළුවන් ....සුබ පැතුම් ! (නි)
ඔයා හිතලා වැඩියි වගේ මට හිතෙන්නේ. ඔයාලම ඔයාලව තක්සේරු කරගෙන. මාලනි ෆොන්සේකාවත් ජනප්‍රියකම හිතට අරන් නැහැ. ඒ නිසා වැඩිය හිතට ගන්න එපා (නි)
රුපවාහිනියට ගොස් මෙගා සමග සිටිනවට වඩා, සිනමාවට ගිහින් ගස්වටේ දුවනවට වඩා ....වේදිකාවේ ඉඳන් ජීවිතේ කියවන්න ගත්ත තීරණේ නිවැරදියි.සුබ පතනවා (නි)
කවුද මේ? අදමයි දැකකේ (නි)
ඉතා හොදයි (නි)
ඇත්තටම ගොඩක් සතුටුයි ඔයා ගැන.ඔයාට සුබ අනාගතයක්.අපේ කෙනෙක් හොද තැනක ඉන්න එක ලොකු සතුටක්. (නි)
රුපවාහිනියේ මෙගා වලින් ඩෙගා නටන නිලියන්, වෙබ් අඩවි වල කෙල්ලෝ දුටු අය ඕනෑතරම් ඉන්නවා වගේ. එහෙත් හොඳ තීරණයක් ගත්ත ලස්සන කෙල්ලෙක් හුඟක් අය දැකල නැහැ වගේ (නි)
ඔයාල දන්නවද වැඩක්,සමහර නළු නිලියෝ පොඩ්ඩක් රුපවාහිනියට චිත්‍රපටියකට ඔලුව දාගත්තම හිතන්නේ එයාලා තමා පොරවල් කියලා. ඒ වගේම එයාලා කියන කතාවක් තමා වැඩ ගොඩක් ආවා, මම බැහැ කිව්වා කියලා. බලනකොට කවුරුත් අහලා නැහැ (නි)
අපි දිරිමත් කරන්න ඕනෑ මේ වගේ නිලියන්. ඉතා හොදයි. ලස්සනයි, සුබ පැතුම් ! (නි)
මොකද කියල නැත්තේ ජනප්‍රිය කම කරදරයක් කියල නිලියම කියල තියෙනවා, අනේ බොරු මායම්, ලස්සන ගෑනු දැකල නැතිනම් හොදයි , හිතට අරන් හුගක්, නිලියෝ කව්ද ගණන් ගන්නේ, තෙලේ බලන් මෝඩයනන්ට හොදයි ඔයාලව. අනෙක් දවසේ කල්පනා කරලා කතා කරන්න
හොඳ තිරනයක්. දක්ෂ නිලියක් වෙයි කවදාක හරි. (නි)
චාන්දනිලා, ජයනිලා, කෞශල්‍යලා නොමැති කලෙක ඒ අඩුව පුරවන්න කට්ටිය දැන්ම බිහිවෙන්න ඕනෑ.සුබ පැතුම්! (නි)
මම ඔයාව අදමයි දැක්කේ. ජනප්‍රියකම කරදරයක් වුනේ කොහොමද? ඔයාට වැඩිය ලස්සන නිලියෝ ඉන්නවා, එයාලා ඔයවගේ කතා කියන්නේ නැහැ. (නි)
පළමු සහ තෙවන පින්තූර ලස්සනයි (නි)
මෙයා කියලා නෑ ඒයා ජනප්‍රිය නිසා ඒක කරදරයක් කියලා ඒයා කියලා තියෙන්නේ ඕනෑවට වඩා ජනප්‍රිය වෙන ඒක කරදරයක් කියලා විතරයි.මෝඩ අදහස් පල කරන්නෙපා (අ)
ඔව් ඉතින්.රඟපාලා මුදල් නම් බලාපොරොත්තුවෙන්න අමාරුයි. (නි)