මේ දිනවල විකාශය වන "ළබැඳියේ" ටෙලි නාට්‍යයේ "අචලා" ලෙසත්, "අංකල් සෑම්" ටෙලි නාට්‍යයේ "ප්‍රමිලා" ලෙසත් ඔබේ ආලින්දයට ගොඩවදින ඉමායා ලියනගේ නව පරපුරේ ජනප්‍රිය යොවුන් නිළියකි. ඉදිරියේදී ප්‍රදර්ශනයවීමට සූදානම් කර ඇති අලුත්ම සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයකටද පණ පොවන ඉමායා ඒ පිළිබඳව හා සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව "සාරවිට" ට මෙසේ පවසා සිටියාය.
ඔබට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබුණා කියලා ආරංචියි?
ඔව්, ඒ කතාව ඇත්ත. අර්ජුන් කමල්නාත් අයියගෙ අලුත් චිත්‍රපටයකට මම සම්බන්ධ වුණා. එහි %නදී^ කියන චරිතය තමයි මම කරන්නෙ. ඒක චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතයක්. හැබැයි තව ප්‍රධාන චරිත කිහිපයක්ම මෙහි තියෙනවා. ඒ චරිතවලට අමිෂා කාවින්දි, දෙනුවන් සේනාධීර, හර්ෂණ බෙත්මගේ, චිලී තිවංක, මේනකා මධුවන්ති හා වොල්ගා කල්පනී රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය අද්භූත කතා තේමාවක් ඇතුළත් චිත්‍රපටයක්.
ඉමායාව බොහෝදෙනෙක් දන්නේ නිරූපිකාවක් විදිහට. දැන් ඒ වෘත්තියෙ නිරතවෙන්නේ නැද්ද?
යොමුවෙනවා. හැබැයි ඉඩ ලැබෙන පරිදි තමා. පසුගිය කාලයේ "අංකල් සෑම්", "ළබැඳියේ" වගේම අර්ජුන් අයියාගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතුවලට මැදිවෙලා හිටියා. ඉඩ ලැබෙන පරිදි ෆොටෝ ෂූට්වලටත් යොමු වුණා. ඒ නිසා නිරූපිකාවක විදහට ගොඩක් ඒ පැත්තට යොමුවෙන්න නොහැකි වුණා. නමුත්, මම නිරූපණය පැත්ත අමතක කර නැහැ. ඉදිරියටත් ඒ පැත්තට දිගින් දිගටම යොමුවෙනවා.
රංගනය පැත්තට යොමු වුණේ කොහොමද?
2014 අවුරුද්දෙ පැවති දෙරණ %මිස් ශ්‍රී ලංකා^ තරගයේ කිරුළ දිනාගැනීමත් එක්ක තමයි රංගනය පැත්තට යොමුවෙන්න ආරාධනා ලැබුණෙ. මුලින්ම රඟපෑවේ දෙරණ නාළිකාවෙම දැනට විකාශය වන "අංකල් සෑම්" ටෙලි නාට්‍යයේ. කැමරාවට මුහුණ දෙන්න හුරුවෙලා හිටිය නිසා ලොකු චකිතයක් වගේම බයක් තිබුණෙ නැහැ රඟපාන කොට. නමුත්, රංගනය ගැන මම හදාරලා තිබුණෙ නැති නිසා ටිකක් විතර බයක් තිබුණා මේ දේ හරියට මට කරගන්න පුළුවන් වේවි කියලා. මාත් එක්ක වැඩකළ ප්‍රවීණ හා නවක හැමදෙනාම මට උදවු කළා. තවමත් මම හිතන්නෙ රංගනය පැත්තට මම ආධුනිකයි කියලා. ඒ පැත්තෙන් තව ගොඩක් දේ මට ඉගෙන ගන්න තියෙනවා.
ඉලක්ක තියෙනවාද?
මම "මිස් ශ්‍රී ලංකා" කිරුළ දිනාගත්තා. නමුත්, මගේ ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ කිරුළක් ලංකාවට ගේන්න. ඒ වගේම රංගනය පැත්තෙන් ජනප්‍රිය වගේම හොඳම නිළි සම්මාන දිනාගන්නටත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා.
නිළියක්, නිරූපිකාවක් වුණ එක ගැන සතුටුද?
ගොඩක් සතුටු වෙනවා. මොකද, නිරූපිකාවක් වුණ මම රූප රාජිනියක් බවට පත් වුණා. අද වෙනකොට නිළියක් විදිහටත් රංගනය පැත්තට යොමුවෙලා යම් පිරිසක් අඳුනගෙන තියෙනවා.
බුද්ධික සේනාධීර / ඡායාරූප - දිෂ්න ධර්මරත්න
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජනප්‍රිය වගේම දක්ෂ නිළිය විදිහට සම්මාන ලබන්න කැමතියි