
(අංජුල මහික වීරරත්න)
ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (8)පැවැත්වේ.
අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාර ගත කෙරුණු ගලගොඩ අත්තේ ඤාණසාර හිමි ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් මෙහිදී කථිකා කිරීමට නියමිතව තිබේ. එම සාකච්ඡාව අද ප.ව.1.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රෛ කියන්නේ හතරට කියල අද ඉගෙනගත්ත. පොටෝ කෑලි හතර තුන් පාරක් ගැන්න තුනද, හතරද කියල බලන්න.
සාප වෙනව, සාපයෙන් ගැලවෙන්න බෑ. සිංහල බෞද්ධයන් අනාථයි.
හාමුදුරුවෝ ඔය පොඩි මිනිහට කියල දීල ගන්න මිනිහ රටේ අයිතිකාරය නෙමේ කියලා
සිල්වත් ගුණවත් නැණවත් භික්ෂූන් වහන්සේලාගේ හදවත් කම්පනය කෙරුනට පස්සෙ මොනව කලත් වැඩක් නෑ රටටම සාප වෙනව. සිංහල බෞද්ධයන් කම්පා වෙලා තියෙන්නේ.
නීතියෙන් වැරදිකරුවෙක් වුණු භික්ෂුවක් වෙනුවෙන් කරුණු දක්වන්න ගිහින් ශාසනය තවත් පහළට දාන්න එපා. දළදා මාලිගාව වටේ රේස් පදිනකොටවත් ඔහොම හමුවක් තිබුණේ නෑ.
ඕක ඥානසාර හාමුදුරුවෝ හිතාමතා කරපු වැඩක්. රජය අපහසුතාවයට පත් කරන්න. ගිහි ඇඳුම් අඳින්න අකමැත්තක් දක්වලා නැහැ. හරිනම් ඒ වගේ වෙලාවක කියන්න කටයුතු කරන්න ඕනේ, නිකායෙන් විනයානුකූලව උපදෙස් ගන්න ඕනේ කියලා. එහෙම නොකියා, සද්ද නැතුව ඇඳුම් ඇඳලා කෙළින්ම රජය අපහසුතාවයට පත් කරන්න...
මේගොල්ලට තියෙන්නෙ ගරැ අධිකරණයෙන් දුන්න දඩුවම් නවත්තන්න යන එක නෙවෙයි, තම තමන්ගෙ නිකායවල හාමුදුරැවරැ ඒ වගේ දඩුවම් නොලබන තත්ත්වයට විනයධර කිරීම.
අනුරට හෙන හත වැදීයං
කෝ අදහස්