IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ජනපති- කොළඹ හෝටල් ප්‍රදර්ශනය අරඹයි

(අංජුල මහික වීරරත්න)

Hotel Show Colombo – 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී අද (25)ආරම්භ වූ අතර, එම සමාරම්භක අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් විය. 

ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරී සංගමය, රාජ්‍ය  සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 17 වන වරටය.

1998 වසරේ ඇරැඹි කොළඹ හෝටල් ප්‍රදර්ශනය මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ විශාලතම වෙළෙඳ ප්‍රදර්ශනයකි.

Hotel Show Colombo – 2025 ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමටද එක් වූ අතර, එහිදී රැස්ව සිටි පිරිස සමඟ සුහද කතාබහකද නිරත විය. 

මෙම උත්සව සභාව ඇමතූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ මේ වන විට මෙරට සංචාරක කර්මාන්තය දිනෙන් දින දියුණුවෙමින් පවතින බවයි.  එබැවින් ඒ පිළිබඳ සියලුදෙනාට සුභවාදී අපේක්ෂා තබාගත හැකි බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කෙරෙන ප්‍රධාන සාධකයක් බවට සංචාරක කර්මාන්තය පත්වනු ඇති බවද සඳහන් කළේය. 

Hotel Show Colombo සංවිධාන කමිටුවේ සභාපති ට්‍රෙවින් ගෝමස්, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති පැට්‍රික් පෙරේරා  මහත්වරු ඇතුළු හෝටල්, හොටල් ආශ්‍රිත සැපයුම් සහ සේවා ආදී සංචාරක ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

ජනපති- කොළඹ හෝටල් ප්‍රදර්ශනය අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 95 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 346 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site