
(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සහ එහි බලපෑම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් සිදුව තිබේ.
මෙහිදී ජනාධිපතිවරයා කටාර් රාජ්‍යයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා සිටි අතර, විශේෂයෙන්ම එරට වෙසෙන 150,000කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.
පවතින කලාපීය වර්ධනයන් හමුවේ ශ්‍රී ලංකාවේ සහයෝගය කටාර් රාජ්‍යයට හිමිවන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එහි පවතින තත්ත්වය පැහැදිලි කළ කටාර් එමීර්වරයා ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට වෙසෙන සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සලසන බවට ජනාධිපතිවරයා වෙත සහතික වූයේය.
හෝමූස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන මුහුදු මාර්ග වලට එල්ල වී ඇති අවදානම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර, එමගින් ගෝලීය සැපයුම් දාමයන්ට සහ බලශක්ති වෙළෙඳපොළට එල්ල විය හැකි බාධා පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd