සන්නස් මගින් අලි පැටවු විවිධ පුද්ලයන්ට හෝ ආගමික ස්ථාන වෙත ලබා දීමට මෙරට ජනාධිපතිවරුන්ට කිසිදු බලයක් නොමැති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි. 1978 වර්ෂයේ සිට මෙරට ජනාධිපතිවරු සන්නස් මගින් අලි පැටවුන් පිරිනමා ඇතත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයකුට සන්නස්මගින් ලබාදිමට හැකියාව ඇත්තේ නිශ්චල දේපලක් හෝ ඉඩමක් හෝ පමණක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය. මෙරට හිපටු ජනාධිතිවරු විසින් අලි ඇතුන් රැසක් සන්නස් මගින් ලබා දී ඇති බැවින් දැනට ඔවුන් නීත්‍යානුකූල අලි ඇතුන් බව පිළිගැනීමට සිදුව ඇති බවත් ඉදිරියේ දී ඒ අලි ඇතුන් ගැන තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.