හිටපු ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය ජනපතිවරණයේ දී ඩබල් ගේමක් ගැසීයැයි ඔප්පු කළ හැකි සාධක තමන් සතුව ඇතැයි දඹුල්ල නගර සභාවේ සන්ධාන මන්ත්‍රී අනුර බණ්ඩාර පියරත්න මහතා අද රැස්වීමේ දී ප්‍රකාශ කළේය. තෙන්නකෝන් මහතා ඡන්දය දුන්නෙත් හංසයාට.
නගරාධිපති ජාලිය ඕපාත මහතා - ඔබ එහෙම කියන්නේ වගකීමක් ඇතිවද?
පියරත්න මහතා - ඔව්. හිටපු ඇමැතිතුමා ඒ ඡන්දෙදි ඩබල් ගේමක් ගැසූ බව ඔප්පු කළ හැකි සාධක අප ළඟ තිබෙනවා.
මෙම රැස්වීමේ දී උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න හා නාගරික මන්ත්‍රී එච් එම් රූපසිංහ මහත්වරු ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විවේචනයට ලක් කරමින් කතා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව ගැන නම් මට පොඩි සැකයක් දැනෙනවා (නි)
දැන් මෙයාට විතරක් එහෙම චෝදනා කරන්න පෙර අනිත් ඇත්තෝ හොර රහසේ ගහපු ඩබල් ගේම් ගැනත් හොයලා හිටියා නම් හොඳයි නේද? කවුරු කවුරුත් බඩල් ගේම් ගහලා අන්තිමට එක් කෙනෙකුට විතරක් මඩගහලා අනෙක් අය බේරෙන්න උත්සාහ කරන එක යහපත් සදාචාරාත්මක ක්‍රියාවක් නෙමෙයි නේද? (නි)
අනේ!අනෙක් අය ගැන හොයන්නේ නැතුව ජනතාවට සේවයක් කරන්න දැන්වත් හිතන්න (නි)
ද සිල්වා මහත්තයෝ, බඩු මිල අඩුවෙලා තියෙන්නේ කොහෙද කියන්නකෝ. සහල් එළවලු මිල දන්නවා නම් අපිට ඇහෙන්නත් එක්ක කියනවද? (නි)
ඔක්කොම ඉතින් ඩබල් ගේම් තමයි... (නි)
ඔක්කම ඩබල් ගේම් කාරයෝ. (නදී)
ජනක බණ්ඩාර මහත්මයාට මොළය තිබුණා. ඉතින් එයා ඒක පාවිච්චි කළා (නි)
ජනක විතරක් නොවෙයි. බොහෝ ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් මේ දේ කළා (දිල්)
ඒකනම් ඇත්ත කතාවක් බව මට සහතිකයි.(හේ)
මේ තම ජනතාව වෙනුවෙන්ද? (නි)
මොකකහරි කරලා හොරුන්ගෙන් රට බේරාදීමට ක්‍රියාකළ සැමදෙනට ස්තුති කරනවා. දැන් පාරේ බැහැලා නිදහසේ ගමනක්වත් යන්න පුළුවන්. වෙනද අමති ආරක්ෂක රථ අපිව යටකරගෙන යන්න හදනවා. පැට්‍රල් ඩීසල්, කෑම බීම මිල අඩුවෙලා. අපිට සැළකියයුතු සහනයක් දැනෙනවා. කරුණාකර ලබන ඡන්දෙදි පක්ෂය කුමක් වුණත් හොරුන්ට සහ මැරයන්ට මනාප දීමෙන් වළකින්න (නි)
මෙවැනි දේශපාලකයන්ට හැකි උපරිම දඬුවම් ලබාදිය යුුතුව තිබේ. (නි)