ජනපතිවරණ සමයේ දේශපාලන වැඩට ලංගම බස් ගැනීම වෙනුවෙන් අය විය යුතු රුපියල් කෝටි 14ක් ඉල්ලා ලංකා ගමණාගමන මණ්ඩලය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ හත් දෙනෙකුට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පැවරීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප හිටපු ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී සෙනරත්, අමල් සේනාධිලංකාර ඇතුළු හත් දෙනෙක් වගඋත්තරකරුවන් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිවරණයට බස් ගත්තාට මහින්දටත් නඩු
ඉලුක්පිටිය Friday, 21 August 2015 04:20 AM
වරදක් කළා නම් දඬුවම් විඳිය යුතුයි (නි)
මුර්ශීධ් Friday, 21 August 2015 04:23 AM
මේ ගොල්ලෝ බස් ගත්තේ පුද්ගලික ප්‍රවාහනයට නෙමෙයි නේ. (ම)
වජිර Friday, 21 August 2015 04:41 AM
බස් කුලියට ගන්නකොට ඒවාට මුදල් ගෙවිය යුතුයි. මහින්ද රාජපක්ෂගේ බුදලෙන් නෙමෙයිනේ බස් අරගෙන තියෙන්නේ. මහජන මුදලින්. පෞද්ගලික බස් ගන්න තිබුණානේ හොඳම රාජ්‍ය නායකයාගේ රැස්වීම් වලට. (නි)
ටිරෝන් Friday, 21 August 2015 04:43 AM
අහන්න තිබුණු හොඳම එෆ් එම් නාලිකාවත් විනාශ කළා ඡන්ද වැඩ වලට යොදාගෙන. නව රජයෙන් අපි ඉල්ලන්නේ එම නාලිකාව නැවත පිහිටුවන්න කියායි (නි)
දිලිප් Friday, 21 August 2015 04:58 AM
හා හොඳයි. එහෙනම් ඔප්පු කරලා පෙන්වන්නකො බස් ගත්තා කියලා (නි)
ද සිල්වා බෙර්ලින් Thursday, 20 August 2015 05:29 PM
මේගොල්ලෝ බස් ගත්තේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන්ගෙන් , ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගන්න, මිනිස්සු පෙළ ගස්සවන්න. නැතුව පුද්ගලික ගමන් බිමන් වලට නොවේ. එමනිසා මේක අතහැර දමමු (නි)
චන්න බුවනක Friday, 21 August 2015 04:59 AM
ලංකා ගමනාගමන මණ්ඩලය මහජන දේපලක්. එය කාගෙවත් බූදලයක් නොවේ. එය බංකොලොත් වුණොත් පාඩුව සාමාන්‍ය ජනතාවටයි.එමනිසා මේ මුදල් ඔවුන්ගෙන් අයකළ යුතුය. මෙම නඩු පැවරීම ගැන හරිහැටි නොදත් අය තමයි මේවාට එරෙහි වෙන්නේ. (නි)
තිමල් Friday, 21 August 2015 05:02 AM
කරන කලට පව් මිහිරිය මී සේ... (නි)
අනුර Thursday, 20 August 2015 06:20 PM
ඔහොම යමුකෝ... (නි)
පද්මිණී Friday, 21 August 2015 05:17 AM
දැන් මේ අයට තිබෙන නඩු වල හැටියට නඩු දිනයන් ඇරලා පාර්ලිමේන්තුව පවත්වන දින පළකරන්න වෙයි වගේ. (නි)
අජිත් Saturday, 22 August 2015 02:16 PM
එතකොට මහ බැංකු මහා හොරකම? ඒවා ජනතාවගේ මුදල් නෙමෙයිද? (නි)
දුමින්ද Friday, 21 August 2015 06:03 AM
නඩු වගේම වැඩත් රටට ඕනේ (ම)
අජන්ත Friday, 21 August 2015 06:14 AM
මේ මුදල අයකර ගම් පළාත් වලට යන්න බස් දැම්මොත් හොඳයි නේද? (බ)
සත්‍යයා Friday, 21 August 2015 01:58 AM
මම හිතන්නේ මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් හැම මුලාවූ මිනිහෙකුගෙන්ම කීය කීය හරි අය කරගන්න ඕනෑ මේ සොරකමට වක්‍රව හෝ හවුල්වුණාට. එතකොට අනාගතයේදීවත් මෙහෙම දේශපාලකයින් සුදානම් කරන රැස්වීම් වලට යන්න බස් වලට නඟින්නේ නැතුව ඉන්න පුළුවන්. (නි)
ලාල් Friday, 21 August 2015 01:16 PM
ජනපතිවරණ සමයේ ලංගම බස් ගන්න ණයවෙලා තිබෙන කෝටී 14 ගෙවලා දාලා කළගුණ සැළකීම ලක්ෂ 58ටේ කට්ටියගේ යුතුකම නොවේද? (නි)
විජේසිංහ Friday, 21 August 2015 06:52 AM
අනිවාර්යෙන්ම ගමනාගමන මණ්ඩලයට මෙම මුදල් අයකර දිය යුතුය (ම)
රේණු Friday, 21 August 2015 07:25 AM
යම් කිසි අගතියක් වීනම් එය නිවැරදි විය යුතුය. ගරාවැටුණු ලංගමට පන දුන්නු මහින්ද මහතාගෙන් අයකරගනවා වගේම ලංගම ගිනිතියපු අයගෙනුත් ඒසදහා වන්දි අයකළ යුතුය (අ)
පෙරේරා Friday, 21 August 2015 07:31 AM
මම හිතන් හිටියේ රටේ ජනාධිපති වුණාම රටේ දේපල සියල්ල ජනාධිපතිට ඕනා ඕනා විදිහට පරිහරණය කරන්න පුළුවන් කියලයි. එහෙම බැහැ වගේ නේද (අ)