ජනපතිවරණ සමයේ දේශපාලන වැඩට ලංගම බස් ගැනීම වෙනුවෙන් අය විය යුතු රුපියල් කෝටි 14ක් ඉල්ලා ලංකා ගමණාගමන මණ්ඩලය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ හත් දෙනෙකුට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පැවරීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප හිටපු ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී සෙනරත්, අමල් සේනාධිලංකාර ඇතුළු හත් දෙනෙක් වගඋත්තරකරුවන් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කළා නම් දඬුවම් විඳිය යුතුයි (නි)
මේ ගොල්ලෝ බස් ගත්තේ පුද්ගලික ප්‍රවාහනයට නෙමෙයි නේ. (ම)
බස් කුලියට ගන්නකොට ඒවාට මුදල් ගෙවිය යුතුයි. මහින්ද රාජපක්ෂගේ බුදලෙන් නෙමෙයිනේ බස් අරගෙන තියෙන්නේ. මහජන මුදලින්. පෞද්ගලික බස් ගන්න තිබුණානේ හොඳම රාජ්‍ය නායකයාගේ රැස්වීම් වලට. (නි)
අහන්න තිබුණු හොඳම එෆ් එම් නාලිකාවත් විනාශ කළා ඡන්ද වැඩ වලට යොදාගෙන. නව රජයෙන් අපි ඉල්ලන්නේ එම නාලිකාව නැවත පිහිටුවන්න කියායි (නි)
හා හොඳයි. එහෙනම් ඔප්පු කරලා පෙන්වන්නකො බස් ගත්තා කියලා (නි)
මේගොල්ලෝ බස් ගත්තේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන්ගෙන් , ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගන්න, මිනිස්සු පෙළ ගස්සවන්න. නැතුව පුද්ගලික ගමන් බිමන් වලට නොවේ. එමනිසා මේක අතහැර දමමු (නි)
ලංකා ගමනාගමන මණ්ඩලය මහජන දේපලක්. එය කාගෙවත් බූදලයක් නොවේ. එය බංකොලොත් වුණොත් පාඩුව සාමාන්‍ය ජනතාවටයි.එමනිසා මේ මුදල් ඔවුන්ගෙන් අයකළ යුතුය. මෙම නඩු පැවරීම ගැන හරිහැටි නොදත් අය තමයි මේවාට එරෙහි වෙන්නේ. (නි)
කරන කලට පව් මිහිරිය මී සේ... (නි)
ඔහොම යමුකෝ... (නි)
දැන් මේ අයට තිබෙන නඩු වල හැටියට නඩු දිනයන් ඇරලා පාර්ලිමේන්තුව පවත්වන දින පළකරන්න වෙයි වගේ. (නි)
එතකොට මහ බැංකු මහා හොරකම? ඒවා ජනතාවගේ මුදල් නෙමෙයිද? (නි)
නඩු වගේම වැඩත් රටට ඕනේ (ම)
මේ මුදල අයකර ගම් පළාත් වලට යන්න බස් දැම්මොත් හොඳයි නේද? (බ)
මම හිතන්නේ මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් හැම මුලාවූ මිනිහෙකුගෙන්ම කීය කීය හරි අය කරගන්න ඕනෑ මේ සොරකමට වක්‍රව හෝ හවුල්වුණාට. එතකොට අනාගතයේදීවත් මෙහෙම දේශපාලකයින් සුදානම් කරන රැස්වීම් වලට යන්න බස් වලට නඟින්නේ නැතුව ඉන්න පුළුවන්. (නි)
ජනපතිවරණ සමයේ ලංගම බස් ගන්න ණයවෙලා තිබෙන කෝටී 14 ගෙවලා දාලා කළගුණ සැළකීම ලක්ෂ 58ටේ කට්ටියගේ යුතුකම නොවේද? (නි)
අනිවාර්යෙන්ම ගමනාගමන මණ්ඩලයට මෙම මුදල් අයකර දිය යුතුය (ම)
යම් කිසි අගතියක් වීනම් එය නිවැරදි විය යුතුය. ගරාවැටුණු ලංගමට පන දුන්නු මහින්ද මහතාගෙන් අයකරගනවා වගේම ලංගම ගිනිතියපු අයගෙනුත් ඒසදහා වන්දි අයකළ යුතුය (අ)
මම හිතන් හිටියේ රටේ ජනාධිපති වුණාම රටේ දේපල සියල්ල ජනාධිපතිට ඕනා ඕනා විදිහට පරිහරණය කරන්න පුළුවන් කියලයි. එහෙම බැහැ වගේ නේද (අ)