විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයකු පත් කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියෝ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය ලෙස අද(14) පැවති පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ ව්‍යවස්ථා කෙටුම්පත එළි දක්වමින් පැවසූහ.
මෙම පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ යෝජනා පිළිනොගෙන මහින්ද රාජපක්ෂ ජනපති ජනාධිපතිවරණය පැවැත්වුවහොත් ඔහු පරාජය කිරීමට කළ හැකි සියලුම දේ කරන බවද රතන හිමියෝ කීහ.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම අවස්ථාවට ආගමික නායකයන්ද , පක්ෂ විපක්ෂ දේශපාලකයන්ද , කලාකරුවන්ද ඇතුළු විශාල පිරිසක් එක්විය.
- ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර අගමැතිවරයා ආණ්ඩුවේ නායකයා විය යුතුයි.
- ජනාධිපතිවරයා තව දුරටත් දේශපාලන පක්ෂයක නායකයකු නොවී රටේ ඒකීය භාවයට හෝ ස්වාධිපත්‍යයට හෝ හානිකර තත්ත්වයක් උදාවන අවස්ථාවකදී රට සුරක්ෂිත කිරීමේ වගකීම හා බලය ජනාධිපතිවරයාට පැවරිය යුතුයි.
- කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 20 - 25 අතර සංඛ්‍යාවකට සීමා වන අතර නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව 35 කට නොවැඩි විය යුතුයි.
- අමාත්‍යංශ සඳහා විධායක කාරක සභා ක්‍රමය ස්ථාපනය කළ යුතුයි.
- පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය මනාප ක්‍රමය අහෝසි කිරීම සඳහා මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි.
- ව්‍යවස්ථාදායක සභාව තුළින් ස්වාධීන කොමිෂන් සභා නීතිගත කළ යුතුයි. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් විය යුත්තේ අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයා විසින් පත් කළ අයකු හා පාර්ලිමේන්තුව විසින් රහස් ඡන්දයකින් පත් කරනු ලබන 05 දෙනෙකුය.
- අල්ලස් හා දූෂණ පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතිය රට තුළ බලාත්මක කළ යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ප්‍රායෝගික හා විනිවිදවීමට නම් ඇමතිවරුන් හැටියට පත්වෙන සියලු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් ඉවත්විය යුතුයි. අමාත්‍යංශ සඳහා පත්කෙරෙන පාර්ලිමේන්තු විධායක කාරක සභා බලගැන්වෙන්නේ එතකොටයි. මෙම ක්‍රමය ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හොඳින් ක්‍රියාත්මක වුණ බව අහලා තියෙනවා. (නි)
ඒවගේම විධායක ක්‍රමය තුළින් දරදඩු පාලකයෙක් බලයෙන් පහකිරීමට 18 වන සංශෝධනය යටතේ අතිශයෙන් අපහසුය. කිසියම් හෙයකින් ඔහු මැතිවරණ නීති උල්ලංගනය කරමින් බලහත්කාරයෙන් බලයේ රැඳී සිටීමට උත්සාහ කළහොත් ඔහු බලයෙන් පහකිරීමට හැකියාවක් නොමැත. (නි)
බලමුකෝ එහෙනම් මේ නව වෙනස... (නි)
විධායක ක්‍රමයේ ඇති අවාසි පොතක් ලියා අවසන් කල නොහැක. විශේෂයෙන් විදේශරටවලට විධෘයක ජනාධිපති ක්‍රමයක් ඇති රටකට පුද්ගලවාදිව පහර ගැසීමට, රට අපහසුතාවයට පත් කිරීමට ඇති ඉඩකඩ එමටය. නමුත් බලය බෙදී ඇති රටකට මෙය සිදු කල නොහැක. (හේ)
විදායක ජනාදිපති ක්‍රමය යටතේ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරවරුන් ජනාධිපතිවරයෙකුගේ උපදෙස් මත පත්කෙරෙන හෙයින් තමන්ට විරුද්ධ නිවැරදි කරුවන්ට දඩුවම් ලබා දීමටත් දඩුවම් අඩක් හෝ සම්පුර්ණයෙන් අවලංගු කිරීමට ඇති හැකියාව යටතේ වැරදිකරුවන් නිදහස් කිරීමටත් හැකියාව ඇත. මේ නිසා විරුද්දවාදීන් මර්දනය කරමින් සදාකාලිකව බලයේ සිටීමට උත්සහ කරන පාලකයන් බිහිවීමේ අවදානමක් පවතී. මේ විධායක ක්‍රමය වහාම අහෝසි කරන්න. (හේ)
මෙතන අලුත් දෙයක් නෑ. 17 සංශෝදනය බලාත්මක කිරීමයි වෙන විදිහකට කියන්නේ.(හේ)
ව්‍යවස්ථා කියන වචනය සහ මහපොළවේ පයගහන කියන වචන අතර සමානාත්මතාවයක් මහජනතාවට දැනෙන්න සහ තේරෙන්න ඕනේ. කුමන දේවල් හරහා බලයට පත් වුනත් මහජනතාවට දැනෙන ශ්‍රිලංකාවේ අනාගතයට, අනාගත දරු පරපුරට සුබවාදීව දැනෙන නිදහස්, නිවහල්,සාධාරණ,සමාජයක් නිර්මාණය විය යුතුයි.. වචන හරඹ වලට පමණක් සීමාවූ දේවල් පමණක් දැකපු මිනිසුන්ට අලුත්ම ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ යුතුයි.(හේ)
වැඩේ කෙරෙනවනම් යෝජනා හොඳයි.(හේ)
යෝජනා හොදයි.අපිට යහපතක් වෙනවනම්.(හේ)
අනිවාර්යෙන්ම විධායක ජනපති ක්‍රමය වෙනස් වියයුතු අතරම මනාප ක්‍රමය අහෝසි විය යුතුයි ..මෙයින් මහජනයාට යහපතක් වේවි යැයි සිතන්න පුළුවනි.(හේ)
ටිකක් පසුවී හෝ අවශ්‍ය දේ කතා කිරීම හොඳය.ෙ(හේ)
ඉතාම විශිෂ්ඨ යෝජනාවක්.(හේ)
ඉතාම වීශිෂ්ඨ යෝජනාවක්. 17 හා 19 වැනි සංශෝධන බලාත්මක කර 13 හා 18 සංශෝධනය අවලංගු කල යුතුයි..(හේ)
මේ කුඩා දිවයිනට අගමැති වරයෙක් හොඳටම ඇති.(හේ)
මේක හොද යෝජනාවක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පුළුවන්නම් හොදයි.(හේ)
කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 20 - 25 අතර සංඛ්‍යාවකට සීමා වන අතර නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව 35 කට නොවැඩි විය යුතුයි. මේ දේ වෙන්නම ඕනි රට හදන්න.(හේ)
අදහස් හොදයි.. නමුත් මේ දේශපාලන රටාවේ මේවා ප්‍රයෝගික නැහැ.(හේ)
වැඩිපුර චන්ද හම්බවෙන්නේ දුප්පත් මිනිසුන්ගෙන්ග(හේ)
අදහස හොද නමුත් ප්‍රයෝගික නැහැ.(හේ)
අපිට මෙම කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳවද දැනගන්න පුලුවන් නම් හොඳයි. මේ අන්තර්ගතය දැන ගැනීමට අපි ඉතා කැමැත්තෙන් බලාසිටිමු. (නි)
රටේ ඒකීයභාවයට හානියක් වෙන අවස්ථාවකදී ජනාධිපත්වරයට බලය පැවරිය යුතුයි.එතනයි ප්‍රශ්නය.(හේ)
කතාව සුන්දරයි. ලියවිල්ලත් ගොඩක් හොඳයි. මේ හැම දෙයක්ම කළයුත්තේ කුමක් සඳහාද? රටේ ඉන්න ජනතාවගේ සුබ සිද්ධිය සහ රටේ යහපත් පැවැත්ම සඳහා නේද? රතන හිමියන්ට ස්තුතියි. හිමියනි, අපි තවමත් ප්‍රමාද නැත. ඔය කොයිකවුරු බලයට ආවත් හැමදාම වුණේ ඒ අයට අවශ්‍ය දෙය මිස ජනතාවට අවශ්‍ය දෙය නෙමෙයි. (නි)
අදහස හොඳ නම් මේක ක්‍රියාත්මක කරන්න. (නි)
මට නම් දැන් පැහැදිලි චිත්‍රයක් මැවිලයි තියෙන්නේ.සතිඅන්ත පුවත්පතකට කියලා තිබුනා එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. (නි)
මේක හොඳ යෝජනාවක් (නි)
නිහාල්, ගහලා බැන්ඳත් එකයි,බැඳලා ගැහුවත් එකයි කියනවා වගේ කතාවක්නේ කියන්නේ (නි)
මොනවා කිවුවත් අවසානය ඉතාම පැහැදිලියි.මට නම් මැවිලා පේනවා. (නි)
නිහාල්,මොළයක් කියලා දෙයක් තියෙනවා නම් ඔය වගන්තියම ඇති (නි)
සමාවන්න අපේ හාමුදුරුවනේ, 18 වැනි සංශෝධනයට අත උස්සනකොට ඇයි ඕවා හිතුවේ නැත්තේ? (නි)
සෝමරත්න මහතගේ අදහසට මම කැමති.(හේ)
අපි ඔබ සමඟයි (නි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට යාමේදී ප්‍රායෝගික ගැටළු මතුවීමද ස්වභාවිකය. (නි)
ගරුතර ස්වාමින් වහන්ස, ඔබගේ බලය බැබලුණ වෙලේ ඒ දෙවරෙහිම නොපෙනුන ඔයකියන දේවල් අද ඔබට පෙනුනේ ඔබගේත් ඡන්ද පදනම අඩුවුණ නිසා නේද? ඔයකියන දේවල් අපි දෙපාරක් හිතන්න ඕනෑ නේද අපේ හාමුදුරුවනේ? (නි)
බොදු බල සේනාවට හිටි මහ සෙනඟ ඔබ ළඟ නැතිවෙද්දී දුකයි . එදා සෝම හිමියන්ගේ කාලයේ සිටි මහ සෙනඟ කෝ අද? නැහැ නේද අපේ හාමුදුරුවනේ? (නි)
ඔක්කොම හොඳයි එකක් හැර. විධායක ජනපති ක්‍රමය අහෝසි කොට එන නව ක්‍රමයේදී පාර්ලිමේන්තුවට වග කියන අගමැති කෙනෙකුට බලය පවරුනාට මහජන ඡන්දෙන් ජනපති පත් කරනවලු. ඔහුට පත්වීම් කිරීමේ බලය තිබෙනවාලු. යම් විදියකින් අගමැති එක පක්ෂයකින් පත්වෙලා ජනපති වෙන පක්ෂයකින් පත් වුණොත් මොකද වෙන්නේ. නැවත රට අවුලකට යනවා නේද අගමැති වරයාටම අවශ්‍ය බලතල ලබාදී නාමික ජනපති වරයෙක් පත් කිරීම වඩා සුදුසුයි (අ)
අපි සැවොම ප්‍රථග්ජන උදවියනේ. හාමුදුරුවනේ, යෝජනාවලිය හොඳයි. හැබැයි ප්‍රායෝගික නැහැ. (නි)
හැමෝගෙම සහය මේ වෙනුවෙන් ලබාදෙන්න. අපේ රට බේරාගන්න. හැමෝම හදවතින්ම උදවු කරන්න.මෙය දුක්විඳින ජනතාවගේ එකම පැතුමයි (නි)
අන්තිමේදී මොනවා වෙයිද? (නි)
රතන හාමුදුරුවෝ කියන්නේත් අර නිතරම ජනතා විමුක්ති පෙරමුණෙන් පෙන්නලා දෙන ආණ්ඩුවේ ගැටලුනේ. පොළොවේ පයගහලා ඉන්න මිනිස්සු ලංකාව දියුණු කරන්න ඕනෑ. එහෙම නැතුව ඕනෑම දෙයක් කරද්දී ඔහේ කරබාගෙන වන්දි බට්ටකම් කරන මිනිස්සු වැඩක් නැහැ (නි)
බන්දුල පෙරේරා 2014-10-15 02:57:44...බන්දුල පෙරේරා 2014-10-15 04:27:58 මගේ අදහස් නෙමෙයි. ..මගේ නමින් වෙනත් අය අදහස් දාන එක මට වළක්වන්නත් බැහැ.එහෙම දැම්මත් ප්‍රශ්නයක් නැහැ..(අ)
පළමුව ජනතාව පෙළගැසිය යුතුයි (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ලෝකයේ ආණ්ඩු පෙරලන බලවතුන්ගෙන් බේරිලා ඉන්න තිබෙන අවස්ථාව විධායක ජනපති ක්‍රමයයි. (නි)
වැඩේ නම් හොඳයි. නමුත් කෙරෙයිද? නැත්නම් එදා සිටි ජනපතිනියට විරෝධයපෑම සඳහා පෙළපාලි ගියා සේ පෙළපාලි යාමටත් අධිකරණයට යාමටත් සිදුවේවිද? (නි)
ඇමරිකාවේ තියෙන්නේ විධායක ජනපති ක්‍රමයයි. ලංකාවට ගොඩක් සමානයි. (නි)
අපේ හාමුදුරුවනේ, මේ මුලපිරීම නිසා අපිට ඔබවහන්සේ වීරයෙක්, සක්විති රජෙක්. ඔබේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියැවේවි! (නි)
අපේ හාමුදුරුවනේ, අගමැතිවරයා පත්කිරීමේ වෙනසක් නැද්ද? ඒ කියන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා පත්කළාට කමක් නැද්ද? (නි)
විධායක ක්‍රමයේ ඇති භයානකම පැත්ත නම් කිසියම් දරදඩු පාලකයෙක් බලයට පත්වුණොත් ඔහුට නීතිවිරෝධී සංවිධාන සමඟ සන්ධානගතවී මන්ත්‍රීවරුන්ට අනතුරක් සිදුකර තමන්ට අවනත පිරිස් බලයට කැඳවා රට දෙකඩ කිරීමට ඇති හැකියාවයි. මන්ත්‍රී පුරප්පාඩු සදහා පක්ෂ මට්ටමින් නොව දෙවන වැඩිම මනාපගත් පුද්ගලයා බලයට ගෙනඒමේ ක්‍රමවේදයක් සකස් කළයුතුයි,.ඒ වගේම හැකි ඉක්මනින් මේ විධායක බලතල සහිත ජනපති ක්‍රමය අහෝසි කළයුතුයි. (නි)
අදහස් හොදයි. නමුත් මේ දේශපාලන රටාවේ මේවා ප්‍රායෝගික නැහැ.අපිට සුන්දර සිහින දකින්න පුළුවන්.නමුත් ඇහැරුනාම පොළොවේ පය ගහන්න වෙනවා. බලය ලබාගැනීමට වඩා බලය රැකගැනීම දුෂ්කරයි.අවසාන ප්‍රතිඵලය අකමැත්තෙන් වුණත් ඕනෑම ප්‍රධාන පක්ෂයකට බලය රැකගැනීම සඳහා යම් යම් මහජනයා අනුමත නොකරන තීරණ ගැනීමට සිදුවීම. එහෙම නොවුණොත් මේ රටේ මාස හයෙන් හයට මැතිවරණ තියන්න වේවි..රතන හාමුදුරුවෝ ජනාධිපතිතුමා පරද්දලා කාටද බලය අරගෙන දෙන්න හදන්නේ? ඒකට පිළිතුරු තියෙන්න ඕනෑ. (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ, එක්සත් ජාතික පක්ෂය වසර 17ක් පාලනය කළා, ශ්‍රීලනිප ඇතුළු සන්ධානය දැන් වසර 18ක් තිස්සේ ආණ්ඩු කරනවා. ඔබතුමා මොන පදනමක් යටතේද කියන්නේ බලය රැකගැනීම දුෂ්කරයි කියලා. මගේ අදහස අනුව නම් මැතිවරණ වැඩිවීම ජනතාවගේ පැත්තෙන් බලන කල හිතකරයි. මොකද පොළොවේ පයගහලා ඉන්න ඔබතුමා ඇතුළු කවුරුත් දන්නවා ජනතාවට වැඩිපුර සහන ලැබෙන්නේ මැතිවරණ කාලයේදී කියලා. (නි)
හොඳ වෙනසක් වෙනවා නම් අපිත් කැමතියි (නි)
කවුරු ආවත් අපිට කමක් නැහැ, යහපත් හෙට දවසක් උදාවෙනවා නම් (නි)
පාර්ලිමේන්තුවට වගකියන අගමැති කෙනෙකු පත්කිරීම හොඳයි. වැරදි කළ අයට සහ අනාගතයේදී මහජන සල්ලි කන අයට දඬුවම් කළ හැකි නීති අවශ්‍යයි. (නි)
ඉතාමත් කාලෝචිත පියවරක්. (නි)
රතන හාමුදුරුවනේ, ඔබ වහන්සේ පාර්ලිමේන්තුවෙන් අස්වෙනවා නම් තමයි අපි කැමති (නි)
හැමතැනම ඉන්න කට්ටිය නේද මෙතනත්? ඉතින් මොකක්ද දෙයියනේ වෙනස? (නි)
18 වැනි සංශෝධනයට අත උස්සනකොට ඇයි මේවා හිතුවේ නැත්තේ? (නි)
අවසර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සතු සියලු චංචල-නිශ්චල සියලු දේ ආපසු භාරදී පිරිසිදු අතින් පෙරමඟට වැඩියොත් ඔබ වහන්සේ පිටුපසින් මමද සිටගනිමි (නි)
බටහිරට නටවන්න බැරි කෙනෙක් තමා අපිට ඕනෑ. (නි)