ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරී මාසයේ දිනක පැවැත්වීම ස්ථිර බව විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා බලපිටියේදී පැවසීය.
ඉදිරි ජනපතිවරණයේදී හැකි නම් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කරන බවද ගුණවර්ධන මහතා පැවසීය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එසේ මෙසේ පක්ෂයක් නොවේ.පැරැණි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් මොන ප්‍රශ්න ආවත් පක්ෂය හැරදා යන්නේ නෑ.තාම බලපිටියේ ඉන්නවා.අද අපි මැතිවරණ එන විට එපා බයයි කියලා කෑ ගහනවා.ජවිපෙ තමයි ඒක පටන් ගත්තේ .අනුරකුමාර දිසානායක මහතාට මම ප්‍රසිද්ධියේ අභියෝග කරනවා අපේක්ෂකයකු ලෙස ජනපතිවරණයට තරග කරන්න කියලා.එතකොට ලැබෙන ඡන්ද ගණන ගණන් කරන්න බැරි තරමට ලැජ්ජා හිතේවි.ඒකයි රට වටේ සම්මන්ත්‍රන තියාගෙන යන්නේ.‘
‘ජවිපෙට දැන් හිටපු අගවිනිසුරුතුමාත් එකතු කරගෙන.එතුමා හොඳ නිලධාරියෙක් ඒ ගැන මම මුකුත් කියන්නේ නෑ.හැබැයි මම මේවා කියනකොට මට හොරා කියලා ගහයි කමක් නෑ.හිටපු අග විනිසුරුතුමා ජනාධිපතිතුමා ගැන මේ රැස්වීම් වලදී කතා කරේ ඉතාම පහත් අන්දමින් .හෙල්පින් හම්බන්තොට ගණු දෙනුවට ජනපති මහින්ද හිරේ නොදැම්මාට ජනතාවගෙන් සමාව ඉල්ලුවා.මේ රටේ මිනිස්සු ජනාධිපතිතුමා හිරේ දාන්න ඉඩ දෙයිද?සිංහල,දෙමළ,මුස්ලිම් දේශපාලනඥයන් මරපු අයගෙන් රට නිදහස් කරගත්තේ චන්ද්‍රිකාද?,රනිල්ද? නැතිනම් මොන නායකයාද?රුධිර ගංගාවක් නවත්තපු රට නිදහස් කරපු ජනපති මහින්ද හිරේ දාන්න ජනතාවට ඉඩ දෙයිද?මේ රටේ මිනිසුන් ඒකට සමාව දෙයිද?‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ කවුද දිනන්නේ කියලා (නි)
මම නම් කියන්නේ සාක්ෂි අනුව කතාකරනවා නම් රට බේරාගත් ෆොන්සේකා මහතාට තමයි වැඩි ගෞරවය හිමිවියයුතු . එතුමා තමයි කිව්වේ ඊළඟ හමුදාපතිට මේ යුද්ධය ඉතුරු කරන්නේ නැහැ කියලා. (නි)
මෙහෙම එකිනෙකාට දොස් පවරා ගැනීමෙන් වැඩක් තිබේද? (නි)
මම දේශපාලන පුවත් නොලියන එක හේතුවක් වන්නේ ලංකා තිලක් වැන්නවුන් ගේ ඉතා පහත් පෙලේ වාග් මාලාවයි. විශේෂයෙන්ම ප්‍රසිද්ධ පත්‍රයක මෙවැනි වචන ඉතා අශෝබනයි. කාන්තාවක් ලිව්වත් මේ සතා ගේ ගෑනු සතාගේ නමින් ඒ පුද්ගලයා ඒ අයව අමතනු ඇත. තමන්ගේ වචන හසුරුවා ගැනීමට බැරි කෙනා කිසිම දේශපාලන පක්ෂයකට වැඩක් නැත. (බ)
අපි මොන දේශපාලන අදහස් දරුවත් විරුද්ධ දේශපාලන මත දරන අනෙක් පුද්ගලයන්ව මේ සභාවේ සත්තුන්ගේ නම් වලින් අඳුන්වන්නේ නැහැ. ඒ නිසා මේ ලංකා තිලක් නම් පුදගලය ප්‍රථමික ශ්‍රේණිය ශ්‍රේණිය සඳහා පාසලක් සොයා ඇතුලත් කිරීමට කතු තුමාගේ ද සහය පතමු . (බ)
මේක නම් වැදගත් ආරංචියක් (නි)
ලංකා තිලක්ගේ පහත් පෙලේ සත්ව නම් වලින් මිනිසුන් හඳුන්වන අදහස් පලවීම ගැන මගේ බලවත් අප්‍රසාදය. මේ තීරයේ කවුරු මොන දේ ලිව්වත් මෙහෙම කැත භාෂා විලාසයක් කාටවත් නැති බව කනගාටුවෙන් වුනත් කියන්න ඕන. (බ)
මම ලංකා තිලක්ට ඔබ ඇතුලත් වන සත්ව කුලකය කොටලු කුලකය බව මෙයින් සාදරයෙන් මතක් කර දෙමි. අනෙකුත් පුරවැසියන් ඔබ කියන ඔය සත්ව කුලකයේ නම් ඔබේ කුලකයත් මතක් කර දීම පාඨක අපේ වගකීමකි. (බ)
මේ ලංකා තිලක් කියන පුද්ගලයා මේ සභාවට සුදුසුද කියල මම අනෙකුත් පාඨක භවතුන්ගෙන් අහන්න කැමතියි. මේ මනුස්සය ගෙදර පාවිච්චි කරන සත්තුන්ගේ නම් මෙතන ඇවිල්ල කියවනවා. (බ)
දිව මොනතරම් නම් අගේට.... අනේ අම්මපා! (නි)
මම කියන්නේ මේ විලි ලැජ්ජාවක් නැති නොසරුප් වචන කියන ලංකා තිලක් කියන කෙනා මේ සභාවෙන් අයින් විය යුතුයි. මම වැඩිය අදහස් ලියන කෙනෙක් නෙවෙයි කියවනවා පමණයි. මෙහෙම තුට්ටු දෙකේ වචන සෙට් එකක තියෙන්නේ මේ මනුස්සයාට විතරයි. (බ)
කරුණාකර ශිෂ්ඨ සම්පන්නව වචන පාවිච්චි කරන්න ලංකා තිලක්. මම කවදාවත් ජේ වී පි එකට ඡන්දෙ දීල නැහැ. නමුත් ඔය විදියේ වචන වලින් ඒ අයගේ චන්ද දායකන් අමතනවට තදින්ම විරුද්ධයි. (බ)
මෙතන සමහර අදහස් වලට මට හිනායනවා (නි)
රට ඉඳලා අදහස් දාන අයියලා ඡන්දෙ දාන්න යන්නම වගෙයි කතාව. (නි)
ලංකා තිලක් මේ තීරයේ තමන්ගේ අදහස් ලියන්න ප්‍රජාතාන්ත්‍රික අයිතියක් තිබුන පලියට ඒක තමුන්නැහෙගේ පහත් භාෂා විලාශය ප්‍රදර්ශනය් කරන වේදිකාවක් කරගන්න එපා. මොනවද මේ මිනිස්සුන්ට කියන නම් ? (බ)
මේ වගේ කතා කියද්දී ටිකක් හිතලා බලන්න (නි)
ලංකා තිලක් කියන්නේ බඩ ගෝස්තරවාදී දේශපාලන ඉත්තෙක් . එයාගෙන් මේ සභාවේ සභ්‍ය වචන භාවිතයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? (බ)
ජනාධිපතිතුමාගේ අවාසනාවට තමා තමුන් වගේ අය එතුමා ලගට එන්නේ .(බ)
මී හරක් ගාල් කරලා තියෙන්නේ ලංකා තිලක්ගේ ගෙදර ඉස්සරහින්ම බව අපි දන්නවා. (බ)
ජනවාරි මාසයේ තියනවා නම් හොඳයි (නි)
"මොන නායකයාද?"යන්න අපිටත් ගැටලුවකි. (නි)
මම හිතන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා ඔය කතා එච්චර ගණන් ගන්නෙ නැතුව ඇති. (නි)
පාර්ලිමේන්තුවේ අයවැය විවාදේදි අනුර කුමාර දිසානායක මහතාගේ කථාවට සමහරුන්ගේ හිත හොඳටම රිදිලා වගේ. (නි)
සියලු බාධක මැඩගෙන අවසානයේදී ජයගන්නේ කුද කියලා බලමුකෝ.... (නි)
ශබ්දය පමණි. හබන් කුකුළෝ මඟුල් කති. ජනතාව ඉල්ලන් කති. (නි)
එතකොට මැතිවරණ දින තීන්දු කරන්නේ කොමසාරිස් නෙවේද? (නදී)
ඔය කාගෙන්වත් දුප්පත් ජනතාවට පිහිටක් ඇද්ද? (නි)
අනුර මහත්තයාට අපි කවුරුත් කැමතියි (නි)
ජනපතිවරණයට වියදම කීයක්ද කියලා දන්නවද? තව අවුරුදු දෙකක් තියෙද්දී මෙහෙම වියදම් කරන එක හරිද? (නි)
පුළුවන් තරම් ඉක්මණට ඕක තියන එක හොඳයි (නි)
ජනාධිපතිවරණයක් 2015 දී එනවා. එයින් මහින්ද රාජපක්ෂ මැතිඳුන් නැවත දිනනවා. ඒ මන්ද? අපේ මාතෘභුමිය වෙනුවෙන් කිසිම ජගතෙකුට බියනොවී කෙළින් සිටගෙන කතා කිරීම ලෙසින් මම දකිනවා. අප රටට විනකටින්න ඩයස්පෝරාව සමඟ එකතු වූ පිල්ලේට අපේ නායකයාගේ මඟපෙන්වීම යටතේ දුන් පිළිතුරු නිසා අද අපි නිවහල්ව ඉන්නවා. රට තුළ ඇති කළ සංවර්ධනයද එලෙසමයි. අනුර කුමාර මැතිතුමාලාට මේවා හිතන්නටවත් බැරි දේවල් කියා අපේ ගම්පළාත් වල ජනතාව නම් දන්නවා. (නි)
කවුරු කොහොම හිතුවත් හෙල්පිං හම්බන්තොට කතාව නම් සහතික ඇත්ත. (නදී)
ආන්ඩුව කෑමති ඈති ජේ වී පී ඉල්ලනවනම් මොකද දන්නවද විරුද්ද පක්ෂ ඡන්ද තව ලක්ෂ 5 විතර කඩල වෙන් කල හෑකි හින්ද (බ)
අපි බලමුකෝ (බ)
මේ වගේ නූගතුන් පාර්ලිමන්තුවේ ඉන්නකම් මේ රට ගොඩගන්න කොහෙත්ම බැහැ (බ)
අවුරුදු පහක් යන්න කලින් මිනිස්සුන්ට හැම දෙයක්ක්ම අමතක වෙලා. අවුරුදු තිහක් තිස්සේ පවතී යුද්දේ ඉවර කරපු එක ඇති මෙතුමාට ජීවත් වෙන තුර ජනපති කම කරන්න. වෙන මොනවත් එපා ජනපතිදුනි ඔබ කරපු ඒ දේම ඇති. (හේ)
යුද්දේ දිනපු බව ඇත්ත ඒත් ඔය යුද්දයට මුව වෙලා අපේ මුදල් වලට ගහන ගැහිල්ල පේන්නේ නැද්ද ..මමත් හමුදාවේ සේවය කරපු කෙනෙක් ඒ දවස්වල යුද්දෙට වියදම් කළ මුදල් වලට අද මොනවද වෙන්නේ ?රටේ ජනතාවට හොදටම ඇති ඒ මුදලින් සුපොපබෝගී ජිවිතයක් නොවුනත් හොද හැටි කළ ඇදල ජිවිතේ ගතකරන්න ...ඒත් මහා ඇත්තෝ ..ඒවා ඔක්කොම පවුලේ අයට පමණක් සිමා කරලා ...ඒ ඔක්කොම යුද්දෙන් වසන් කරලා (හේ)
අධිකරණයට විමසීම සදහා යොමු කරපු කරුණක් කොහොමද මෙය නිර්වචනය කරන්නේ.(හේ)
කොටින්ගෙන් ගලවා ගත්තට තාම ගුස්ති කාරයන්ගෙන් ගලවා ගන්න බැරි වුනා නේ. (හේ)
මෙවැනි ප්‍රකාශ නිකුත් විය යුත්තේ අඩු ගානේ ප්‍රසිද්ධියෙවත් වැදගත් විදියට හැසිරෙන්න දන්නා අයගෙනුයි. (හේ)
එතකොට ජෙනරල් ෆොන්සේකාව හිරේ දැම්මෙ කොහොමද? එයානෙ නියම යුද්ධෙ කලේ. සුදු ඇදුම් ඇදගෙන ඡන්ද තියපු අය නෙවෙයිනේ. (නදී)
මෙදාපාර ඡන්දෙ දෙවන මහා ලෝක යුද්දේ වගේ වෙයිද දන්නේ නැහැ මේ යන විදිහට. ජනතාවට කවදත් ඔය සීනිබෝල කතා කියනවා ඡන්දයක් කිට්ටු වෙද්දී කවුරු කවුරුත්. කවුරු පත් උනත් කාරී නැහැ මටනම් රටේ දියුණුවත් ජනතාවගේ සුබසිද්දිය ගැනත් හිතල වැඩ කරන කෙනෙක් නම් (නදී)
ඒ ගොල්ලොම ඡන්දෙ තියාගන්නවා. ඒ ගොල්ලොම දිනාගන්නවා හරි අපුරුයි. අපිටත් මොනවා හරි බෙදල දෙන්ඩකෝ. තනියම කන එක හොඳ නැහැ මහත්තයෝ. (නදී)
තව කොච්චර කාලයක් මේ විදිහට ඉන්න පුළුවන් වෙයිද කියන එක නම් ප්‍රශ්නයක්. ඒක පුද්ගල ණය ලක්ෂ 4 ට කිට්ටුයි දැන්. තව අවුරුදු 10 කින් විතර අපි ආයෙත් යටත් විජිතයක් වෙයි ණය ගෙවා ගන්න බැරි වුනාම.(හේ)
හැබැයි ඉතින් ඔය ජනාධිපතිවරණය තියෙන දිනය හරියටම දන්නේ රාජකීය දෛවඥයා පමණයි. (බ)
දෙහිවල ගෝරිල්ල කූඩුවෙන් ගෝරිල්ලෙක් පැනලලු. කවුරුහරි දැක්කොත් කියන්න. (බ)
හෙල්පින් හම්බන්තොට ගණු දෙනුවට අද රටම විදවනවනේ. එ්කට නම් සමාවක් නැහැ. (නදී)
රුධිර ගංගාවක් නවත්තපු රට නිදහස් කරපු ජනපති මහින්ද හිරේ දාන්න ජනතාවට ඉඩ දෙයිද? (නදී)
කවුද අපේක්ෂකයින්.(හේ)
ජනාධිපතිවරණය නිසැකවම එනවා නම් තමයි. එ්ත් එය ජනවාරියේදී වේවිද යන්න සැක සහිතයි. කොහොම ආවත් අද ජනපති ඡන්දෙන් පසුවත් ජනපතිම තමයි. වාස් ගුණවර්ධන මහතා කියන දෙයම අපි මේ ලඟදි කතා උනා. පරණ දේශපාලන පක්ෂයක් වෙලත් විජේවීර මහතා ඉල්ලුවාට පසු ජවිපෙන් කව්රුත් ඉල්ලුවේ නැහැනේ. හැමදාම අඬ අඬා දොස් කියා කියා ඉන්නේ නැතුව රටේ නායකත්වය ලබන්න ඡන්දෙට එන්නේ නැත්තේ අැයි කියල අපි කතා උනා. බය නිසා පමණක් නොවෙයි පරාද උනොත් කිසිවෙක් ගණන් ගන්නේ නැති බව දන්නා නිසා කියලා අපි දැනගත්තා. (නදී)
මැතිවරණය තියන්නේ විදේශ අමාත්‍යාංශයෙන්. එහි අදීක්ෂණ මන්ත්‍රී කරපු අදීක්ෂනයක් අනුව ඔහුට තේරුම් ගියා මැතිවරණය තියෙන්නේ ජනවාරියේ කියලා. එ්ක එහෙම උනාට වැරද්දක් නැහැ. (නදී)
ඇයි මේ හදිසියේ ජනපතිවරණයක්.(හේ)
ලක්ෂ පහක්...???.හෙට්ටිආරච්චි මහත්තයාගේ හිතේ තියෙන දේවල්. පවු අප්පා..එච්චර මි හරක් මේ රටේ නැහැ..ඉන්දියාවෙන් තමයි ගෙන්නන්න වෙන්නේ..(බ)
අපිට අපේ ජනපතිම එන බව 100% ක්ම විශ්වාසයි. එතුමා ඉන්නාතුරු නැවත කොටින්ට නැඟිටින්න බැහැ. ජයවේවා. (නි)
ඒක හොදයි.(හේ)
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අපි ඉතා සාදරයෙන් පිළිගන්නවා. එතුමා අවංක බුද්ධිමත් නායකයෙක්. ඒ වගේම අද අපේ රට ගොඩගන්න පුළුවන් බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. (නි)
ලංකා තිලක්, තමන්ගේ මතයට විරුද්ධ අය මීහරක් කියලා හදුන්වන්න තරම් ඔබ පිරිහීම ගැන කනගාටු වෙන අතර ලංකාදීප පුවත්පතේ මෙවැනි අදහසක් පලකිරීමට ඉඩදීම සම්බන්ධයෙන් අප්‍රසාදය පලකරන අතර,2004 මහා මැත්වරණයේදී මනාප චන්ද ලක්ෂ 20 කට වැඩියෙන් දී ජ.වී. පෙ.මන්ත්‍රීවරු 39 දෙනෙකු පාර්ලිමේන්තුවට යැව්වේ මෙරටේ ඒ තරමටම මි හරක් ඉන්නා බවට පෙන්විමටදැයි මම ඔබගෙන් අසන්නට කැමතියි. (බ)
කවුරු අාවත් අපි ඡන්දේ දෙනවා.(හේ)
හෙල්පින්ග් හම්බන්තොට කතාව උනේ යුධය අවසානෙට ගොඩක් කලින් (නදී)
අනේ ඒ පරණ හරක් විකුණුව නේ අය්යේ. (බ)
ඇත්තටම ජනපතිවරණයක් අවශ්‍ය නෑ (දිල්)
මේ අභියෝග කරන කෙනා දේශපාලන විවාදයකට කැඳවන්න. අදහස් බලාගන්න. (දිල්)
තව ගුවන් යානයක් ගිලිමුද? (නදී)
යුද්ධ කාලයේ තදකරගත් පටි තවමත් සමහරුන්ගේ බුරුල්වෙලා නැතුවා වගෙයි (නි)
ටිකිරිබණ්ඩා, රෝහණ, ඔයාලා ළඟ ඔප්පුකළ හැකි චෝදනා තියනවා නම් ඔයාලා නිකන් විඳව විඳවා ඉන්න ඕනෑ නැහැ. ජනතාවට ප්‍රසිද්ධියේ සාධක සහිතව ඒවා ඉදිරිපත් කරන්න. එවිට ජනතාව ඒවා සළකා බලා මීළඟ ජනාධිපතිවරණයේදී තීරණයක් ගනීවි. එසේ නැතුව නිකන් පදනමක් නැතුව චෝදනා කිරීම අනුමත කරන්න බැහැ. (නි)
මට තේරෙන එකක් තියෙනවා, ජනාදිපතිවරනෙන් පස්සේ , මහාමැතිවරනයක් ඒවි. එතනින් පස්සේ අපි කාටත් රත්වෙයි. හදිස්සියට හේතුව මාස 6කින් සියලු බඩු මිල ඉහල ගොස් රටේ ජීවත් වීමට අපහසු තත්වයක් මතුවේවි. එ්කයි අවුරුදු 2ත කලින් හදිස්සිය. අපිට ආදරේට. (නදී)
ආණ්ඩුවට හිසරදය එක්සත් ජාතික පක්ෂය නෙවේ, ජනතා විමුක්ති පෙරමුණයි. අනුර කුමාර ඡන්දෙ ඉල්ලුවොත් ඡන්ද ලක්ෂ 5ක් අතේ. (නදී)
අනේ මේ බලාගෙන ඔය කොමෙන්ට් දාන්නේ. කනේ පාරක් වැදෙන කල් ඉන්නේ. මැ.කෝ විශ්‍රාම ඇරලා වාගේ. (නදී)
ජනාධිපති තුමා යුද්දේ කරනකොට, සජින් වාස් හිටියේ යු.එන්.පී එකේ. දැන් ඇවිල්ලා යුද්දෙට උදව් කරපු නෝනිස් මහත්තයලට ගහලා, මහින්ද මහත්තයාගේ තියන ඡන්ද ටිකත් කඩනවා (නදී)
මේ ජනාධිපතිවරණට කෝටි 275ක් යනවලු.(හේ)
මෙයා ගැන අපි දන්නවා හොදටම (නදී)
ඔබතුමාට මොකුත් කියන්න බයයි ගැහුවොත් එහෙම, මොකද ඔයාගෙන් ගුටිකාපු අය ජාත්‍යන්තරෙත් ඉන්නවනේ. අනේ මේවට අත්පුඩි ගහන අයත් අපේ රටේ ඉන්නවනේ.(නදී)
ජනනි ලොකු හේවා කියන්නේ විපර්යාසයක් උණු බන්දුල පෙරේරා නෙවේ නේද? (නදී)
යුද්දේ නැති කලාට ප්‍රණාමය, දුෂණ,අපරාද,කුඩු,අවනීතිය ගැන කනගාටුව ප්‍රකාශ කරමු.(හේ)
දැන් විදේශ කටයුතු තිතටම කරලා වෙන්ඩ ඇති මෙතුමා මැතිවරණ රාජකාරි බාර අරන් තියෙන්නේ. (නදී)
ආයේ මොනවා කියන්නද?(හේ)
වාස් මහත්තයාට ජයවේවා! (නි)