මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ රනිල් වික්‍රමසිංහ අගමැති එක්ව විදුලි පුටුවක් පිළිබඳ වූ භීතියත් රට බෙදන බවට ඇති කර තිබූ භීතියත් අවසන් කළ බව අක්කරෙයිපත්තුව ආලෛයඩිවෙම්බු ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පරාජිත සන්ධානය විසින් පතුරවා තිබූ අසත්‍යය මේ වන විට මුළු ලෝකයටම විවර වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂය හා රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් සනාථ කර ගැනීමට එජාප ආණ්ඩුව සමත්ව ඇති බවත් ඔහු කීවේය.
මේ අතර ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පැමිණි සිටි පිරිස අමතමින් කීවේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේ නාම යෝජනා සකස් කිරීමේ දී 25%ක් කාන්තාවන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කරගෙන යන බවයි. එසේම රැකියාවක් ලබා ගැනීමට හෝ වෙනත් යම් සේවාවක් ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට කිසිදු සන්තෝසමක් හෝ අල්ලසක් ලබා දීමෙන් වළකින ලෙස ද අනෝමා ගමගේ මහත්මිය ඉල්ලීමක් කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයා ගමගේ මැතිතුමාට ජයවේවා! (නි)
ජාත්‍යන්තර අධිකරණයක් මඟින් කාවවත් විදුලි පුටුවට යවනවාට අපි විරුද්ධයි. එ් වුණාට දේශීය අධිකරණයක් මඟින් කමක් නැහැ. (නි)
මට මෙතුමාව මුණගැහිලා තිබෙනවා. ඉතාමත් නිහතමානී චරිතයක්. (නි)
ජනපතියි අගමැතියි විදුලි පුටු භීතිය නැති කළා ඊට කලින් මහින්ද මහතා ත්‍රස්තවාදය නැතිකළා. ත්‍රස්ත වාදය නැතිකළ නිසානේ ඔය විදුලි පුටු භීතිය ආවේ. ඒගොල්ලන්ට ත්‍රස්ත වාදය නැති කොරන්න බැරි වුනානේ. (බ)
දැන් රටේ ජනතාව බුද්ධිමත්.... (නි)
ලංකාවේ මිනිස්සු ගැන මොනවද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)
මුව සිනහවෙන් බර... හදවත දයාවෙන් පිරි... මනුස්සයෙක් ඔබ දයා... (නි)
ඉස්සරහට බලමු මොනවද කරන්නේ කියලා (නි)
දැන් රටේ ජනතාව බුද්ධිමත් කියලා කිවුවට ඒ කවදා ඉඳලද දන්නෙ නැහැ (නි)
ජය වේවා! (නි)
දේශීය අධිකරණයක් මඟින් කමක් නැත්නම් ඒකට එතකොට කාවද යවන්න හදන්නේ? (නි)
කුමාර්, සදාම් හුසේන් වගේ අය ගැන එහෙම පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
දැන් රට සුබ මාවතක යන බව පැහැදිලියි (නි)
ඔහොම යමුකෝ! (නි)
රාජපක්ෂ ආණ්ඩුව සමඟ ජාත්‍යන්තරයට තිබුන ලොකුම තරහව යුද්ධය ජයගැනීම බව ජනතාව දන්නවා. (ම)
ඔබතුමාට ජයවේවා! (නි)
ජාත්‍යන්තර අධිකරණය කිසිම කෙනෙකුට මරණ දණ්ඩනය දෙන්නේ නැහැ. අපි ඒ ගැන දැනුවත් (නි)
අපිටද මේවා කියන්නේ? (නි)
රටක් දරුවන්ට ඉතිරි වේ නම් ඕනෑම දෙයක් කැපකරමු (නි)
කතාවල් පස්සට දාලා වැඩට බැස්සනම් තමයි හොඳ. (බ)
ඒ වුනාට පහුගිය කාලේ අපිව බිය වද්දපු හැටියට, ඔය විදුලි පුටුව කියන නම ඇහෙද්දීත් තවම මාව බයටම වෙව්ලනවා...දැන්වත් ඔය මරබිය දැනෙන වචන භාවිතයෙන් ඉවත් වෙන්න අපි උත්සහ කරමු. (බ)