ව්‍යවස්ථා දායක සභාව තෝරාගත් නියෝජිතයන් අතර සිටින විජිත හේරත්ගේ පත්වීම වහා අහෝසි කරන්නැයිද එසේ නොකළොත් කථානායක හා ජනපතිට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
අගමැතිවරයා හා විරුද්ධ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද ඉවත් කර සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය කැමැති අයකු ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු බවත් ඔහු කීවේය.
පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මේ බව පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට මිනිසුන්ට හැම විටම සේවයක් කරන්ඩ , හැම දේකම වැරැදයි හොයනවාට වඩා යමක් වැදගත් සමාජයට කරන්ඩ. ඔබ තුමා ගැන කනගාටුයි (අ)
එතකොට ඒකද දීපිකාගේ යහපාලානය? කොහෙන්ද පාත්වුණේ?අටවෙනිදා යහපාලනෙත් එක්කද? සන්ධානේවත් ශ්‍රී ලංකා එකවත් ඔය කාගේවත් බුදල් නෙමෙයි.ඒක පාක්ෂිකයින් මත රැඳෙන එකක්. අපි දෙන්න ඕනෑ පිළිතුර වෙලාවට දෙන්නම් දීපිකා නංගිට මහසෝනා ගැහුවා වගේ වෙන්න. (නි)
දේශපාලනය කළාට ජනාධිපතිට නඩු දාන්න බැහැ කියලාවත් තවම දන්නේ නැති හැඩයි. (නි)
කරන්න පුළුවන් දෙයක්ද මහත්තයෝ ඔය කියන්නේ? (නි)
කමක් නැහැ මෙය හැප්පෙන්න හදන්නේ ලොකු ලොකු අයත් එක්කනේ.අනේ හොදා මොනා හරි කරලා ගොඩ එනවනම්.(හේ)
බුරන අය නොකයි. නිකම් බුරන්න එපා. (අ)
නඩු දාන එකට වඩා, මේ රටට වෙන්න යන දේ මොලේ පිටිපස්සට ගිය කට්ටිය, කල්පනා කරලා බැලුවොත් හොදේ. (අ)
බල්ලන් බිරුවා කියල සඳ පායන එක බැබලෙන එක නවතින්නෙ නැහැ කියල කතාවක් නම් තියන්නවා...(බ)
අනේ මන්දා.... (ර)
2015 හොඳම විකටයා. මහත්තයෝ ඔයාට දැන් ඔහොමවත් කතා කරන්න පුළුවන් වුණේ යහපලානේ නිසයි. (අ)
යහපාලන ජාති ද්‍රෝහීන් (අ)
ඔය කතා ඔච්චර ගණන් ගන්න එපා. කවුරු කවුරුත් දේශපාලනය කරන්න ඕනෑ (නි)
කොප්පයේත් කිඹුලන් දකිනවා. (ර)
මොනවද මේ කියවන්නේ? (නි)
හැම දෙකම අඩුවක්මයි දකින්නේ... (ර)
මේ වගේ මනුස්සයෙක්නම් මම ජීවිතේට දැකලා නෑ, නීතීඥයෙක් කියලත් කියා ගන්නවා. ලංකාවේ ජනාධිපතිට නඩු දාන්න බෑ, ලඟදි සංශෝධනය අනුව මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් දාන්න පුළුවන්. ඒත් මේ පාලිමන්ට් වැඩවලදි අධිකරණ මැදිහත්වීම අවමයි. මේ මනුස්සයගෙ කතා අනුව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ගැටුමකට යා යුතුයි. නමුත් එහෙම වෙන්නෙ නෑ, අධිකරණය මේකට මැදිහත් වෙන්නෙ නෑ. තව ටික දවසකින් කියයි මට පාලිමන්ට් එකේ කථා කරන්න දුන්නෙ නෑ, ඒ නිසා කතානායකට නඩු දානව කියල. මේවා විහිළු. (ස)
මෙයා නම් මුල්ලේරියාවට හොඳටම කිට්ටුයි වගේ. (ස)
පිවිතුරුය පළමු පෙම (බ)
මෙයාට හැදිලා තියන අමාරුවට බේත් නෑ. අපි කියල මොනා කරන්නද ? (ම)
ගම්මන්පිල මහත්තය බුදු බණ දේශනා කළත් ඒකත් වැරදියි කියන්න බලාගෙන ඉන්න මේ තීරුවේ යහපාලන ටෝයියන්ගෙන් එතුමාට ප්‍රශංසා ලැබෙන්නේ නැති බව අපි දන්නවා..ලක්ෂ 48 ජනමතය අද නියෝජනය කරන්නේ මෛත්‍රී මහත්තයවත් ඔය එතුමාගෙන් ඇමතිකම් ගත් ටිකවත් නෙමෙයි.මේ විපක්ෂයේ වාඩි වෙලා ඉන්නේ ඒ ජනමතයේ සැබෑ නියෝජනය..යහපාලනෙට කඩේ ගිය එව්වෝ මිසක් ඒ මතයට විරුද්ධ එකෙක් ඔය සභාවේ ඉන්නවද..ඉන්නවනම් ඔප්පු කරලා පෙන්නන්න..ඔය ඔක්කොම තඩි හංසයෝ..මේකට යහපාලන හංස සභාව කියල නම දාගන්න..එතකොට අහවරයි..තව අවුරුද්දෙන් දෙකෙන් රටත් අහවරයි.. (බ)
තේ කොප්පයේත් කිඹුල්ලු දකින මේ දේශපාලන අනාථයන් දැක්කම පවු කියල හිතෙනවා. (බ)
රටේ නායකයත් ආණ්ඩුවේ නායකයත් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයත් මෛත්‍රිපාල සිරිසේන මහත්මය..ආණ්ඩුවට හා සන්ධානයට විරුද්ධ මොහුගේ මන්ත්‍රී ධූරය අවලංගු කරන්න විනය පරීක්ෂණයක් පවත්වා. (බ)
ඔන්න, හැමෝම එකතුවෙලා යහපාල කියන දේ කරලා පෙන්නන්නකෝ වෙන වැඩ ඔක්කොම නවත්තලා.(හේ)
මේ ජාතිවාදී -ආගම්වාදී කල්ලිය කිසිම දවසක කිසිම දෙයකින්වත් සෑහීමට පත්වෙන අය නෙමෙයි .මොනම දෙයක් කලත් කීවත් එහි නරක පමණක් දකින මෙයාල එක අතකින් බලනකොට මානසික ව්‍යාධියකින් පෙලෙන අය . කවදාවත් මොනම හරි දෙයක හොඳක් කියනවා අපි අහල නැහැ . මොවුන්ට ඡන්දය දීපු මේ රටේ අහිංසක ජනතාව මෙය තේරුම් ගත යුතුයි . (අ)
මොලේ ඇති මිනිහෙක්ට තේරෙන්නේ නැද්ද ජනාධිපතිට නඩු දාන්න බෑ කියලා. (ර)
හෙළයේ උරුමය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතිව "පිවිතුරු හෙළ උරුමය" කියල ලේබලයක් අලවාගෙන බිහිවෙච්චි ස්වයන් ජාතකයෙක්. (අ)
අනේ පව් මෙයා කියන දේවල් බලනකොට. (ර)
රට ගැන හිතලා කතා කලොත් ජාතිවාදියා කියලා හංවඩු ගහනවා. (ර)
මොකක්ද දැන් වෙලා තියෙන්නේ.? (ර)
හැම දෙයකටම විරුද්ධවිමෙන් මාධ්‍ය අවධානය දිනාගැනීම හැරෙන්න හරවත් දේශපාලන කියවීමක් නැහැ. ව්‍යවස්ථා සභාවට පත්කළ යුතු දහදෙනා නම් කර කතානායක තුමාට දෙන්න. එය පිළිගත්තේ නැත්නම් නඩු දමන්න. (ර)
ඉදලා හිටලා මොකක්හරි කියලා මාද්‍ය හමු පවත්වනවා. (ර)
ගම්මන්පිල මහත්තයාට ගිය කලක්.(හේ)
විපක්ෂ කියන නමට හරි කතා කරන්න මනුස්සයෙක් ඉන්න එක ලොකු දෙයක් (හේ)