ආචාර්ය අමරදේවයන්ගේ ආදාහන උත්සවයට මාධ්‍යවේදීයකු ලෙසින් පැමිණ ජනපතිට අගමැතිට ළං වීමට තැත් කළැයි රිමාන්ඩ් බාරයේ සිටි සපුමල් දේවින්ද කුමාර රුපියල් ලක්ෂ පහක ශරිර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (17) නියෝග කළේය.