(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු සොයා බැලීම සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් මගින් කෝටි 130 ක් වෙන්කර ඇති හෙයින් එම මුදල් වියදම් කළ ආකාරය ගැන මේ සභාවට කරුණු ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
එම ඇස්තමේන්තුවේම ජනාධිපතිවරයා සඳහා අතිරේක වියදම් ලෙස කෝටි විස්සක් විදේශ සංචාර ඉන්ධන සහ වාහන නඩත්තුව සඳහා වෙන්කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා පළමුවෙන්ම මූල්‍ය විනය රැකිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා තමා දන්නා අන්දමට එංගලන්තයට හතර පාරක්ද ජපානයට දෙපාරක් ඔහු ගොස් ඇතැයි සඳහන් කළේය.
දැන් ඔහු දින දොළහක දීර්ඝම සංචාරයට සූදානම් වන බවද දිසානායක මහතා කීවේය.
පාසල් දරුවන්ගේ ආහාර වේල් සඳහා නිල ඇඳුම සඳහා මුදල් තවම දී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට මේ මුදල වෙන්කර ඇත්තේ අයවැයෙන් වෙන් කළ මුදලට අමතර වශයෙන් බවද ප්‍රකාශ කළේය.
මෙතුමා නඩත්තු කළ යුතු කෙනෙක් දැයි ඔහු ප්‍රශ්න කළේය.
හාල් ටිකට කිරි වීදුරුවට වැට් ගහලා එකතු කරගන්න මුදල ජනාධිපතිවරයා රට සවාරි යෑමට යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ ඉඳලා පාර්ලිමේන්තුවට එනකොට ගිලන් රථයක් පසුපස එන බවත් ඔහු ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමේ සිට පාර්ලිමේන්තුවට එද්දී ගිලන් රථයක් පසුපසින් එන බවද සමහර රෝහල්වලට ගිලන් රථ නැති බවද ප්‍රකාශ කළේය.
මේවා ලෙඩ කදන්දැයි ඔහු ප්‍රශ්න කළේය.
මේවා මහජනතාවගේ ධනය බවත් බදු මුදල්වලට වෙනදේ පාරේ ජනතාව දකින ව්‍යාපාරිකයන් දකින බවද අනුර කුමාර දිසානායක මහතා කීය.
නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ගෙදරක සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා පුතත් ආණ්ඩුවේ ගෙදරක තාත්තත් ආණ්ඩුවේ ගෙදරක බාප්පත් ආණ්ඩුවෙ ගෙදරක පොඩි බාප්පත් ආණ්ඩුවෙ ගෙදරක යයිද ඔහු කීවේය.
මේ ගැන ලැජ්ජා විය යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.
සමහරු ඇවිදින්න බැරුව ඉඳිද්දී රෑට රෑට වරායේ නිරීක්ෂණ චාරිකා යන බව පැවසු දිසානායක මහතා රෑට යන නිරීක්ෂණ චාරිකා මොනවාදැයි තමා දන්නා බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම බලනවිට රනිල් රාජපක්ෂ පවුල තමයි... රටේ ඉන්න දුප්පත්ම පවුල... අර හිඟවිදුලි බිල ගෙව්වා වගේ මොන බොරුවක් හරි, මේ පවුලට ගෙවලුත්, ගිලන් රථයත් අරන් දුන්නා නම්..!
ඔබගෙ පාලන ආගමනයත් සමගම පලමුව කල යුත්තේ , අපෙ හොරා කාපු සල්ලි රාජපක්ශලගෙන් , කෙහෙලියලගෙන් ,මහින්දලගෙන් , චන්දුසේනලගෙන්, රෝහිත ,ජොනි ලගෙන් , ප්‍රසන්නලගෙන් , සිරිසෙන ,විමල් ,වජිර ,රවි නෙල්සන් .ළොකුගෙ ,සාගර අයගෙන් අය කරගන්න වැඩ පිලිවෙලක් සකස් කරගන්ඩ.
කිසිම ජනවරමක් නැති පවුකාරයින් මහජනතාවට බදුපිට බදු ගහලා සුරසැප විඳිනවා. රටේ මිනිස්සුන්ගෙන් බහුතරයකට තුන් වේලෙන් එක වේලක්වත් හරියට කන්න නැහැ... ලෙඩ්ඩු ඉස්පිරිතාලවල අවශ්‍ය ඖෂධ නැතුව, නිසි ප්‍රතිකාර නැතුව මියයමින් ඉන්නවා. රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා නිසි අහාර වේලක් නැතුව දරුවන් මන්ද පෝෂණයට ගොදුරුවෙලා, රටේ අනාගත පරම්පරාව විනාශ වෙමින් පවතිනවා. ඒවා ගැන කිසිම හැගීමක් දැනීමක් නැති මෘග පාලකයින් ලෝකය වටේ රවුම් ගසමින් ආතල් ගන්නවා. ඊළග ආණ්ඩුවෙන් මෙයාගේ මේ තිරිසන් වැඩට අනවාර්යෙන්ම දඬුවම් කළ යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13) පිටත්ව යයි. ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයින් සහ ජාත්‍යන්තර ආයෝජකයින්ද හමුවීමට නියමිතව ඇත. රට බංකොළොත් වීම නිසා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූ අතර මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව පවතියි. ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. ජනාධිපතිවරයා ලබන 24 වැනිදා නැවත දිවයිනට පැමිණෙයි....
කටක්වත් ඇරියද? සල්ලි හිතු හිතූ අයුරින් බෙදාගත්තාට...
මේවා දැකදැකත් තවම කාලකණ්ණි රාජපක්ෂ වන්දනාවේ යන අය මනුෂ්‍ය ආහාර ගන්න එපා. තණකොළ හරි, අසූචි හරි කන්න.
වෙන හොයාගන්නම දෙයක් මේ සතියේ තිබිලා නෑ...
පිටරට සමුළුවලට යාම සාමාන්‍ය දෙයක්... නමුත් නිතර නිතර සමුළුයි, අරකයි, මේකයි කියලා දවස්ගණන් ඒ රටවල හෝටල්වල නතරවෙලා ලංකාවේ සල්ලි කෝටි ගණන් වියදම්කිරීම අනුමත කළහැකි දෙයක් නොවේ. මේවා ජනාධිපතිවරයා ගෙදරින් ගේන සල්ලි නොව මිනිසුන් නොමරා මරමින් බදුපිට බදුගසා ගෙවන මුදල්ය. ඔය කොයිකවුරු මොන සමුළුවට ගියත් රට ඇත්තේ වලපල්ලේය. මේ නිසා රටේ යහපතට යෙදවිය යුතු මුදල් එක් පුද්ගලයකුගේ සුඛ විහරණයට යොදාගැනීම කිසිසේත් යුක්ති සහගත නොවේ...!
අනුර ජනාධිපති වුනොත් ජනාධිපති වෙනුවෙන් මුදල් වෙනකිරීමක් නැතුව අති නේද? එතකොට එයාට නිල නිවෙස් නැහැ, වාහන නැහැ, ආරක්ෂාකයෝ නැහැ, රට සවාරි නැහැ, නැහැ නැහැ නැහැ. එහෙමද වෙන්නේ?