මහින්ද රාජපක්ෂ ජනපතිට තෙවැනිවරටත් තරග කළ හැකිද නැද්ද පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස අරලියගහ මන්දිරයට යැවීය.
පක්ෂව හා විපක්ෂව ලිඛිත දේශන 38 ක් ගොනු කැර තිබිණි.මොහාන් පීරිස් අගවිනිසුරු ,කේ ශ්‍රී පවාන්,චන්ද්‍රා ඒකනායක,ප්‍රියසාත් ඩෙප් ,ඊවා වනසුන්දර,රෝහීණි මාරසිංහ,බුවනෙක අළුවිහාරේ ,සිසිර ද ආබෘ,සරත් ද ආබෘ හා ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දස දෙනා හමුවේ මහින්ද රාජපක්ෂ ජනපති විසින් ඉදිරිපත් කැරුණු ප්‍රශ්නය සලකා බැලිණි.
විනිසුරු මඩුල්ලට නොසිටියේ විදෙස්ගත වු සලීම් මර්ෂුක් විනිසුරු පමණි.
අගමැති දිමු ජයරත්න ,ගෝමීන් දයාසිරි ,ක්ෂණිකා හිරිඹුරේගම,ජේ සී වැලිඅමුණ,මහාචාර්ය සුදන්ත ලියනගේ,මහාචාර්ය සම්පත් බණ්ඩාර අමරතුංග ,ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු,සුනිල් වටගල ,මාධ්‍යවේදී කේ.ඩබ්ලිව් ජනරංජන, ආචාර්ය එන් එල් කේ කරුණාරත්න ලිඛිත දේශන කළ 38 දෙනා අතර වුහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ගන්න තීරණ වල ප්‍රතිඵල එන්නේ තව අවුරුදු ගණනකට පසුවයි. (නි)
අපිට තිබෙන ප්‍රශ්නය මෙතුමා ගැන නෙමෙයි (නි)
මහින්ද මහත්තය තමයි ඊළග වතාවටත් අපේ ජනපති.පොදු අපේක්ෂකයෙක් දිව්‍ය ලෝකෙන් ගෙනාවත් අපායෙන් ගෙනාවත් ඒක එහෙම්මම තමයි..(දිල්)
උදිත, ඔයා දන්නවද ජනාධිපති කෙනෙකුට ඉල්ලුවොත් ඕනෑම රටක වීසා ලැබෙනවා කියලා. ඔයා කරන විදිහට කළොත් ලංකාවේ ඉන්න ඔක්කොම ජනාධිපතිකමට ඉල්ලලා වෙන රටවලට යයි (නි)
බලන්න,එක්කෙනෙක් යුද්ධය ඇතිකළා. තවෙකෙක් යුද්ධය පෝෂණය කළා. තවත් කෙනෙක් යුද්ධයෙන් ජීවත්වුණා. මෙතුමා යුද්ධය අවසන් කළා. බුද්ධිමත් ඔබ කියන්න කවුද හරි? (නි)
මරණ බියෙන් මේ රට නිදහස් කළානේ.ඉස්සර ලංකාවට ආවාම බස්වල යන්නෙ හරිම බයෙන්. තුන්පාරක් හරි 10 පාරක් හරි ඉල්ලුවොත් ඡන්දෙ දෙන්නේ මහජනයා. නමුත් අපේ රටේ ඒ ඡන්දයට වටිනාකමක් ලැබිලා නැහැ. හේතුව මහජන ඡන්දෙන් පත්වෙන අය පිල් මාරුකරනවා.වාසි පෑත්තට. ඒ නිසා මහජන ඡන්දයෙන් පත්වෙන කිසිම නියෝජිතයකුට පනින්න බැරි විදියට නීතියෙ වැටත් බඳිනවා නම් තමා හොඳ. (නි)
කවුරු කොච්චරකල් හිටියත් කමක් නැහැ, හරියට නීතිය ඇතුළු අනෙක් මානුෂික අයිතිවාසිකම් උල්ලංගනය වෙන්නේ නැත්නම්. විධායක ජනාධිපතිකම තියාගන්න ඕනෑ මොකටද කියන එක මුලින්ම රටට පැහැදිලි කරලා කියන්න ඕනෑ. ඊළගට හොරකම් ජඩකම් නැති සාධාරන මැතිවරණයක් තියන්න ඕනෑ. එච්චරයි රටට වෙන්න ඕනෑ (නි)
අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ බී.එම්.ඩබ්ලිව්, අවුඩි, බෙන්ස් වැනි රථ 20000ක් ගෙනවිත් හැම ආගමික නායකයෙක්ටම බෙදා දුන්නොත් හොඳයි. මෝටර් බයිසිකල් බෙදනවට වඩා ප්‍රයෝජනවත් වේවි. ලංකා තිලක් ගේ සහ බන්දුල මාමගේ අදහස දැනගන්ඩ කැමතියි. (නදී)
අගය කරන්නේ නැතුව කියන්නකෝ! (නි)
ගාමිණී - එ්ක තමයි යුද්දේ ඉවර කරනවයි කියල එහෙම කරපු සෙන්පතියත් හිරේ දැම්ම නේද?. (නදී)
බැරි උනත් පුළුවන් (නදී)
දැන් නම් එන පොට හොඳ නැහැ වගේ. මාස දෙක තුනකට කල්දාලා ආයේ හොඳ කාලයක් එනතුරු ඉවසාගෙන ඉඳිමුද? අපල කාලය ගෙවිලා ගිහින් සුබ නැකතක් එයි (නි)
මේ ගැන මොකටද අනෙක් මිනිස්සු වද වෙන්නේමෙච්චර (දිල්)
මොකද ඕක හොරෙන් අහන්නේ.එළිපිට විභාග කරනම් ඉවරනේ. විරුද්ද අයටත් එන්න කියලා.(දිල්)
කෙනකු සිටින විට එහි අගය දැනෙන්නේ නැහැ නැති විට සිහිපත් කර පලක් නැහැ ඒ ටික වෙන්න නොදී අපේ ජනාදිපති තුමා රක ගනිමු (අ)
එතුමාට නැවත බලයට පැමිණිමට නීතිමය බාධාවක් නැති බව මගේ අදහසයි. එකම බාධාව එතුමාගෙ කීර්ති නාමය කැත කරන වටේට ඉන්න උදවියයි. (අ)
කොහොම වුණත් ඉල්ලන එක අනිවාර්යයි. කොන්ද පණ ඇති විපක්ෂයක් නැතිකම තමා මේ හැම දෙයකටම මුල (නි)
මෙතන ප්‍රතිචාර දක්වන අය වැඩි හරියක් ආත්මාර්ථකාමී අය . තමන්ගේ පුද්ගලික මතය ඉස්මතු කරන්න හදනවා මිසක් රට ගැන හිතන්නේ නෑ.මම කියන්නේ ඕන කෙනෙකුට ඉල්ලන්න ඉඩ දෙන්න ඕන තනිවම. දේශපාලන පක්ෂකින් ඉල්ලන්නේ නැතිව.එකම පක්ෂෙන් ඕනනම් කිහිප දෙනෙකුට හරි ඉල්ලන්න පුළුවන්. මහජනයා කැමතිනම් ඡන්දෙ දෙවී. මේ පක්ෂ ක්‍රමේ තම අපේ රට වැනසුවේ. (අ)
මම යුද්ධයෙන් දිනුව යන්න මැතිවරණ ප්‍රචාරක පාඨයක් ලෙස ගැනීම සාධාරණයි. නමුත් මගේ අහවලා යුද්දෙන් රට බේරා ගත්තා. ඒ නිසා මේ නෑකම නිසා මටත් තනතුරට උරුමය තිබෙනවා කියාගෙන ආවොත් නම් අපි හිතන්නේ වෙනත් විදියකට. (අ)
ගියවර දුන් පොරොන්දු තවම හරියටම ඉටුකළෙත් නැතුව, බලය තව ඉදිරියට වසර දෙකකුත් තිබියදී, දැන් මේ හදිසියෙන් ඉල්ලන්න හැදීමේ තේරුම කුමක්ද? (නි)
ඉස්සර එක කාලයක "විධායක ජනපති ක්‍රමය අහෝසි කරනු" කියලා බිම පෙරළි පෙරළි කියපු අය අද....?? (නි)
කොහොමත් ජනාධිපතිවරණය ඉල්ලන්න සුදුසුකම ලැබෙනවා.(හේ)
තුන්වන වතාවට මෙතුමා එනවා නම් ඉතා හොඳයි. ඉදිරියට වැඩ ටික ගානට කරගෙන යන්න (නි)
ඉතින් කියන්නකෝ ඔය තීන්දුව මොකක්ද කියලා (නි)
රට ගසාකන අයට නම් ළඟට එන්න දෙන්න එපා. රටට වැඩක් වෙන කට්ටිය විතරක් කිට්ටුකර ගනු මැනවි. (නි)
හොඳින් හිතාමතා තීරණයක් ගත්තොත් හොඳයි. (නි)
ඔය ළඟට වෙලා ඉන්න සමහරු ගැන නම් අපේ කිසිම පැහැදීමක් නැහැ. (නි)
ඇමතිධූර සංඛ්‍යාව ගැන ප්‍රතිපත්තිය මොකද්ද දන්නේ නැහැ. (නි)
දැන් කවද්ද ප්‍රචාරක වැඩ කටයුතු පටන් ගන්නේ ? මෙතන නම් පටන් අරන් ඉවරයි නේ. (අ)
මේක මොකක්ද කියලා දැනගන්නාතුරු හිතට ඉස්පාසුවක් නැහැ (නි)
තීන්දුව මොකක්ද කියලා අපි දන්නේ නෑනේ.(හේ)
අර සමහරු ගැන තීරණයක් ගන්නේ නැද්ද? ඒ අයත් මේ එක්කම තුන්වෙනි පාරටත් පත්කරගන්න වගේද මන්දා හදන්නේ. (නි)
නොගැළපෙන්නන්ට තනතුරු නොදෙන තාක්කල් මම එකඟයි. (නි)
මට නම් ප්‍රශ්නය තිබෙන්නේ, මේ සමඟම එල්ලී එන සමහර අය ගැනයි. මෙතුමා ගැන නෙමෙයි. (නි)
තුන්වන පාරට ඇවිල්ලා, ඔය රට හිනස්සන සමහරුන්ගේ චණ්ඩි පුතාලා ටික මට්ටු කරන්න පුලුවන් නම් අපිට ඒකම ඇති (නි)
මෙතන වැදගත්කම, කුමන තනතුරක් හෝ වේවා තමන්ගේ බුදලයක් නොවන බව සිහි තබාගෙන වැඩ කිරීමයි. (නි)
මේක දඩමීමා කරගෙන අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න උදවිය තමයි දැන් වැඩියෙන් කරළියට නගින්නේ. (නි)
අපේ රටෙ සැමදෙයටම පලවෙනි වචනය යුද්දය නිමවා ,එයට අපගෙ නමස් කරය !! නමුත් නිදහස් කරදුන් අපේ රටෙ දැන් නිදහසෙ ඉන්නේ ,බුත්තිය විදින්නේ ටික දෙනෙක් පමණි යුද බංකර වල වින්ද දුක් අපිටම දුකක් (අ)
මට නම් කවුරු ආවත් කමක් නැහැ, රටට හොඳක් වෙනවා නම් (නි)
වටේට ඉඳගෙන ගසා කන උදවිය ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ. ඒ දේවල් නොදැක්ක ගානට ඉඳීම ලොකු අඩුපාඩුවක්. (අ)
කවුරු කොහොම ආවත් සමහර කට්ටිය තමන්ගේ වැඩ නවත්වන්නේ නැහැ. (නි)
වසර ගණනාවක් අප රට ත්‍රස්තවාදයෙන් පීඩාවින්ඳා. නායකයන් කීදෙනෙක් බලයට ආවාද? ඒ අය මොනවාද කළේ? රට අගාදයට ගිය එක විතරයි සිදුවුණේ. අද අපිට නිදහස තිබෙනවා. රට දියුණුවේ මාවතේ ගමන්කරනවා. කොයි රටේද ප්‍රශ්න නැත්තේ? ඉදිරියට වැඩ ටික කරගෙන යන්න නැවතත් මෙතුමා පත්විය යුතුයි. (නි)
කවුරු ළඟ වුනත් බලයට කෑදරකම අඩු වැඩි වශයෙන් තිබෙනවා. ඒක එහෙම නෙවෙයි කිව්වොත් ඉතින් දේශපාලනය කරන අස්සේ මාර්ග පල ලබාලා ද කියල තමයි අහන්න වෙන්නේ. (අ)
රෙජී මහතා නිවාඩුවට ඇවිල්ල යනකොට පේන ටික තමයි ඔය ලියල තියෙන්නේ. කොටින් ගෙන් නම් බේරුනා තමයි. ඇවිල්ල තුන් වේල කන්න හම්බ කරමින් මාස් තුන හතරක් පවුලත් නඩත්තු කරගෙන ලංකාවේ ජීවත් වෙලා බලන්නකෝ. (නදී)
ඉතින් මෙච්චර හොඳ රටක් දාලා රෙජි මහතා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ මොකටද? (නි)
රෙජි සිඩ්නි ඔපෙරා හවුස් එකේ ඉඳන් මෙතන තත්වය දකින්නේ. ඔබ තුමා කොයි කාලයේ පිටරට පැන ගත්තද මම දන්නේ නැහැ. හැබැයි මෙහෙ පසුගිය අවුරුදු 30 ක් 35 ක් තිස්සේ ජීවත් වෙන මිනිස්සු දන්නවා පශ්චාත් යුධ සමය ගැන ඔබතුමාට වැඩියි. (නදී)
පිටරට ඉන්න උදවිය නිවාඩුවට ඇවිත් ආකේඩ් එකෙන් කාල, නුවර එළියේ සැප අරගෙන නිලාවේලියේ නාල අන්තිමට ඔඩෙල් එකෙන් ෂොපින් කරගෙන යනවා. හැබැයි නෑදෑයන් ඒ ගොල්ලන්ට සංග්‍රහයක් කරන්න ගෙදර සීනි බෝතලේ ඉඳල හුරලා අරගෙන සතුටු මුනෙන් කතා කරන බව දන්නේ නැහැ. (නදී)
තීන්දුව දැනගෙන නඩු දානවා වගේ වැඩක්.(හේ)
වැදගත් වෙන්නේ තනතුරේ මනා පැවැත්ම සඳහා අවශ්‍ය කවුරුන්ද යන්න මිසක් අසවලාගේ පැවැත්ම සඳහා අවශ්‍ය තනතුර මොකද්ද යන්න නොවේ. (හේ)
තුන් වෙනි පාරට පත් වුනාට කමක් නැහැ අර තුන් ලෝකෙටම වැඩක් නැති සමහර ඇමතියෝ ටික හලලා. (නදී)
එතුමාට පුළුවන් බව අපි දන්නවා (නි)
රෙජී මහතා අපේ රට දැකලා තියෙන්නේ නිවාඩුවට ආ දවසක රාත්‍රියක වගෙයි. පාට පාට ලයිට් දැක්කම ඔහොම හිතෙනවා. දැන් අපේ රට තියෙන්නේ අගාධයේ පතුළටම වැටිලා. තව වැටෙන්න තැනක් නැහැ. මලික් මහතා කිව්වා වගේ ඔයා හම්බ කරගෙන එන මුදල් වලින් 4 දෙනෙක්ගේ පවුලක් මාසයක් ජීවත්කරවන්න බැරිවෙයි. ඒකනේ මෙහෙ නොසිට එන පිරිස ආපසු රට රැකියා වලට යන්නේ. ඔච්චර හොඳ නම් දරු පවුලත් එක්ක උපන් රටේම ඉන්න පුළුවන්නේ. (නි)
යුද්ධය ජයගත් මෙතුමා තමයි සැමදා අපේ ජනපති (නි)
බලමුකෝ තීන්දුව මොකක්ද කියලා (නි)
මහින්ද මහත්තය තමයි ජනපති.(හේ)
ඔය තරඟ කරන හැමෝම මුලින්ම කියන්න ඕනෑ තමන් ඇමති මණ්ඩලයට කී දෙනෙක් පත්කරනවද කියලා.ඒක තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව කියලා නැත්නම් මම නම් ඡන්දෙ දෙන්නේ නැහැ. (නි)
අපේ ජනාධිපතිතුමාට 3 වරක් නෙමෙයි ඕන තරම් වාරයක් ඉල්ලන්න පුළුවන්.. ඇත්තටම මට හරිම කණගාටුවක් තියෙන්නේ අපේ සිංහල ජාතියට අපිම වල කැප ගැනීම ගෙන.. රට බේරාගෙන ඒ රටේ අබිමානය ලෝකෙටම ගෙනියපු ඒ අබීත නායකයට කියන කතා ධක්කම ඔය ගරහන හැමෝම තමන්ගේ අම්ම තාත්තටවත් නැති උදවිය.. එකේ කිසි වෙනසක් නැහැ.. හැබයි මතක තිය ගන්න 3 වෙනි වරත් ජනපති අපේ ජනපතිතුමා....(අ)
රෙජී, මාසයකට ලංකාවට ඇවිල්ලා මෙරට ගැන තීරණය කරන්න එපා. (නි)
අධිකරණය මොකටද ඕකත් අර අල්ලේ නටවන ජප බෝලෙන්ම ඇහුවනම් කියයි. (නදී)
රෙජි මහත්තයා ලංකාවට නිවාඩුවට එන්නේ වෙසක් කාලේ දන්සල් දෙන කාල වකවානුවේ වෙන්න ඇති. (නි)
තන්හාය ජායතී ශෝකෝ කිව්වලු (නදී)
රෙජි, ඕස්ට්‍රේලියාවේ මේ දවස් වල රැකියා අර්බුධයක්ලු නේද? අනේ අම්මේ! මෙහෙ කට්ටියට පින පෑදිලා ඇති හැටි තාම රෙජි දැකලා නැහැ. පත්වීම් උතුරනවා. වැඩේ තියෙන්නේ මේවා පසුගිය කාලේ, අර මිනිස්සු උපාධිය තිබිලත් රැකියා නැහැ කියූ කාලයේ මතුනොවුණ එක. (නි)
අනේ රෙජි ඔය රටේ වේකන්සි එහෙම නැද්ද මේ තුන් වෙනි හතරවෙනි පාරට ඉල්ලාගෙන එන අයට අවස්තාවක් ලබා දෙන්න. (නදී)
සාත්තරේටත් කළින් දෙයියෝ බලති කිව්වලු. (නදී)
මට පෙනෙන්නේ රෙජි මීට අවුරුදු 35 කට විතර උඩදී පිටරට ගියාට පසු ලංකාවට තුන්වෙනි පාරට නිවාඩුවට එනවාද කොහෙද? ඒකනේ තුන්වෙනි පාර ගැන මේ තරම් පැහැදිලි අදහසක් තිබෙන්නේ. (නි)
කලින් හිටපු අගවිනිසුරු කියපු කතාවක් දික් ගැස්සිලා "පුලුවන්ද ~ බැරිද " ප්‍රශ්නය මතු උනා. මේ ගැන ප්‍රවීන නීතිවේදී ගෝමින් දයාසිරි මහතා විසින් ලරන ලද ප්‍රකාශයක් අහපු කාට උනත් ජනාධිපතිතුමාට තුන්වරක් ඉල්ලන්ට පුළුවන් කියලා පැහැදිළි උනා. අපේ ජනාධිපතිතුමාට තරඟයක් දෙන්න තරම් සුදුස්සෙක් සෝභිත හාමුදුරුවන්ගේ ඉඳන් අනුර කුමාර මහත්මයා දක්වා කට්ටියම හොයාගන්ට බැරිවෙනකොට "පුලුවන්ද බැරිද " කෑල්ල ආයුධයක් කරගන්ට බොළඳ උත්සාහයක යෙදුණා. අනේ පවු කියලා හිතෙන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කරපු දවසෙන් පස්සේ ආණ්ඩුවට එකතුවන කට්ටිය ගැන ආරංචි වෙනකොටයි. (නදී)
තීන්දුව ඉක්මණින්ම අපිටත් දැනගන්න කියන්න (නි)
රෙජිට නිදහස තේරේවි නිවාඩුවට ආවාම නෝනාගේ අත් බෑග් එක හයියෙන් අල්ලාගෙන ඉන්න වුණාම. ඇහැට කනට පෙනෙන දුවෙක් ඉන්නවා නම් අසවල් පළාතේ සංචාරයට නම් එක්ක යන්න එපා. (නි)
බැරිවුණත් පුළුවන්, නමුත් පුළුවන් වුණත් බැහැ වගේ අය නම් ගන්න එපා (නි)
නීතිමය බාධාවක් නෑ.ජනතා තීන්දුව කුමක් වෙයිද?(හේ)
අහන්නත් ඕනෑ ප්‍රශ්නයක්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. (නි)
ඇයි දන්නේ නැහැ පාර්ලිමේන්තු කාරක සභාවකින් අහලා බැලුවේ නැත්තේ? (නි)
මේවා රට්ටු හිනස්සවන වැඩ.(හේ)
තීන්දුව මොකක්ද කියලා මට හරිම බයයි (නි)
මුළු සිරිලකේම ජීවය ඔබයි.... (නි)
අපි සැමදා අපේ ජනපති සමඟයි (නි)
අපේ එකම බලාපොරොත්තුව ඔබයි (නි)
සිරිලක එකසේසත් කළ විරුවාණන්ට කළ නොහැකි දෙයක් නැත. රට වෙනුවෙන් නිහතමානිව තෙවන වරටත් ඔබ හැර අන් විකල්පයක් නැත. (නි)
ඔරොත්තු නොදෙන සංඡ්‍යාවක ඇමති මණ්ඩලයක් නම් තුන්වෙනි පාරට එපා. නිකම් වැඩක් නොකර ඉන්න සමහරු නඩත්තු කරන්න නෙමෙයි අපි ඡන්දෙ දෙන්නේ. (නි)
මහින්ද ජනපති නැවත ආවත් කමක් නැහැ. විධායක බලතල ඔහොමම තිබුනත් කමක් නැහැ. විධායක බලය අතට ගන්න පොරකන ජරාම ජරා දේශපාලනඥයෝයි නිලධාරියෝයි දූශකයොයි ඉවත් කරන්න අමාරුම නම් අපිට තව හිතන්න වෙනවා ! (නදී)
මොන පිළිතුර ලැබුණත් මම නම් හැමදාමත් මගේ සහයෝගය දෙන්නේ එතුමාටයි (නි)
දැනගත්ත ගමන් අපිටත් කියන්න තීන්දුව මොකක්ද කියලා (නි)
අනිවාර්යයෙන්ම පුළුවන්.(හේ)
බැහැ කියලා කිව්වාලු.(හේ)
මහින්ද මහත්තයාට නීතිමය බාධාවක් නැති බව පැහැදිලියි .(හේ)
අපිට අවශ්‍ය නිදහස්,සාමකාමී රටක් (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(හේ)
මලික්,ඔයා කියන විදිහට මිනිස්සු ඉන්නේ බඩගින්නේද? (නි)
අපිට නම් මේ මොනවා වෙනස් වුණත් කමක් නැහැ. අපි හැමදාම එකම තැන තමයි (නි)
මම සිතන්නේ නැහැ , අපේ මහින්ද ජනාධීපති තුමා වාගේ නිර්භිතයෙක් තවත් එයි කියලා.(හේ)
තීන්දුව අපිටත් කියන්නකෝ! (නි)
කවුරු මොන කතා කිවුවත් අවසාන ප්‍රතිඵලය අපි දන්නවා (නි)
කවුරු මොන දේ කිවුවත් එතුමා දිනන බව විශ්වාසයි (නි)
ජනතා අධිකරණය විසින් තීන්දු කරයි.(හේ).
රටට අබ සරණ වේවා! (ස)
රෙජි-සිඩ්නි, රටේ තත්වය කොහොමද කියලා තේරෙන්න මෙහෙටම වෙලා ඉන්න ඕනෑ (නි)
නිවැරදි තීන්දුවකට අපේ ආචාරය! (නි)
ජනාධිපතිට පුළුවන්. ඇයි බයද?(හේ)
දැන් රටේ තත්ත්වය භයානක වෙලා.ඇස් දෙකක් තිබෙන,හිතන්න මොළයක් කියලා දෙයක් තිබෙන ඕනෑම කෙනෙකුට ඒ වෙනස තේරෙනවා. (නි)
අරයට පුළුවන්......මට බැහැ....අපේ පක්සේටත් බැහැ.ආසයි අනේ...ඒත් බයයි...ගිය පාරත් කැවා මේ පාරත් කාවි. (අ)
ක්‍රිස්, ඉන්නේ කොහෙද? මේක කේතුමතී රාජධානිය කියලා දැක්කේ හීනෙන්ද? (නි)
අපි ජනවාරියේ නව සඳ බලනවා. ඩිලාන්, ටිකිරි බණ්ඩාර, ඔයාලට ඉතින් සොරිම තමයි.... (නි)
මෙතන අදහස් දක්වන සමහරු ඉන්නේ ලංකාවේ නෙමෙයිද මන්දා? (නි)
දැන් අධිකරණය තීන්දු දෙන්නේ රහසින්ද ? (දී)
බැරි වෙයි මම හිතන්නේ.(හේ)
රෙජි මහත්තයෝ..මම ඉන්නේ මේ රටේ.මේ රටේ සිදු වන දේ අපි හොදින් දන්නවා.(දිල්)
මේ සැරේනම් ඔන්න හරියට රටට ජනතාවට දැනෙන්න නීතිය හැමට එක හා සමානව ක්‍රියාත්මක කරවන්න ඕනෑ. එහෙම නැත්නම් මහජනයා තම තමන්ට ඕනෑ විදියට,මේ දැනට කරගෙන යන ආකාරයට එල්ලුම් ගස් සිටුවාගනීවි. අපිට ජීවත්වෙන්න ඕනෑ මරණ බිය නැතුවයි. මිනිසුන් හැටියට මේ රටේ ජීවත්වෙන්න අපිට අපේ නිදහස ආපසු ඕනෑ (නි)
ආ ! ඉර මුදුන් සමයම සමගම බන්දුලාගමනය සිද්ධ වෙලා. දැන් ඉතින් මෙතෙක් මෙතන විවිධ දේශපාලන අදහස් දරපු උදවිය ශිෂ්ට භාෂාවෙන් කරගෙන ආපු සංවාදය මෙතෙකින් නිමයි. (බ)
නව සඳ නොබලා කොහොමද ? රාහු ගිල්ලට පසුව ඒකේ බලන්න දෙයක් නැහැනේ. (බ)
මේක හරියට 2010 ඡන්දෙ ප්‍රතිපල වාගේ!.(හේ)
දේශපාලන අැම්බැට්ටයන් නම් තුන් වේල කාල ඇති. අපි යුද්දේ තියන කාලයේ තුන් වේලක් කෑවා. දැන් අපිට යන්තම් දෙවේලක් හදා ගන්නේ දරුවන්ට විතරක් තුන් වේලක් දීල. දැන් ඉතින් කට්ටිය කියනවා දෙවේලක් කන්න හරි පණ බේරුනේ යුද්ධය දිනපු නිසා කියල. ඒ කතාවත් ඇත්ත නිසා කට වහගෙන ඉන්නවා. (බ)
ජිලාන් මහත්තය ,ඇත්තෙන්ම ලංකාව හොඳ රටක්. ත්‍රස්තවාදයෙන් ඇති උන ජාති වාදී කෝලහාල නිසා සියලු දේ නැති උනා. එම නිසා තමා රටෙන් පිට උනේ. (ස)
ගිය වතාවේ දුන්නු පොරොන්දුව මට තාමත් මතකයි ..මනාප ක්‍රමය අහෝසි කරනවා කීවේ දිනුවගමන්මයි..දැන් තුන් වෙනි පාරත් ඉල්ලන්නේ ඒ පොරොන්දුව තාමත් එක තැන පල්වෙනවා..මට නම් ලැජ්ජයි..?මම වගේනම් මහජනයාට මුහුණ දෙන්නේ ..මම කියුව පොරොන්දු ටික සේරම ඉෂ්ට කරලා ඉවරවෙලයි ...? ඒ වගේ වැඩ කලානම් මේ දේශපාලනය කරන හැමෝටම හොද ජනතා විශ්වාසයක් රැකගන්න තිබුනාරට පුරාවටම ජීවිතකාලේටම ඇතිවෙන්න ..හැමදාම ..! රටේ දියුණුවත් ඉර පායනවා සේ අපිට දකින්න තිබුනා ..! (අ)
බන්දුල, ඔය බලන්න හදන නව සඳ පරණ එකම තමයි. ඕවට අහුවෙන්නේ ඔය වගේ කට්ටිය තමයි.(අ)
තීරණය කලින්ම අරන් නේ තියෙන්නේ. අපරාදේ මේවට යන වියදම.(අ)
නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේද? (නදී)
රැකියා නැතිව දුක් විඳවපු,රැකියාව නැතව විවාහ වීමට නොහැකිව,ණයක් අරගනවත් ගෙයක් හදා ගන්න බැරුව හිටපු උපාධිධාරී න් 52000 ට වැඩි පිරිසකට, ඒ සියල්ල ඉෂ්ඨ කර ගැනීමට අවස්ථාව ලබා දීපු මහින්ද රාජපකෂ ජනාධිපති තුමා ට තුන් පාරක් නෙමෙයි තව 10 වතාවක් ජනාධිපති වෙන්න අවස්ථාව ලැබෙන්න ඒ පිනම ඇති.හැබැයි කලගුණ දන්න මිනිසුන් හිටියොත් ජනාධිපති තුමා ගොඩ.ජයෙන් ජයම වේවා.(අ)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කිව්වලු (නදී)
ජනපතිට පුළුවන් (නදී)
මොකද බැරි ...ජයවර්ධන ජනාදිධිති අටවපු උගුල හරිද.. රනිල්ට බැරි වුණාට අපි මොනවා කරන්නද. රට යන දිසාව බලන විට තව කී සැරයක් ජනපති වුණත් මොකද. එ්ත් රටේ සදිසාවම එක සමානව බලනු. සබරගමුවට එක හොද බස් නැවතුමක් නැහැ, එක දුම්රියක් නැහැ. සුපිරි මගක් නැහැ. සුවිමින් ෆූල් එකක් නැහැ, ක්‍රිකට් ක්‍රීඩාංගනයක් නැහැ. තව කොතරම් දේ නැතිද. එ්ත් අපි තාමත් ඔබ සමගය..(අ)..
කරුණාකර මේ පුවතට ප්‍රතිචාර ලියනවිට සත්තුන්ගේ නම් වලින් අනෙකුත් මත දරන්නන්ට ඇමතිය හැක්කේ කොටලු කුලකයට අයත් උදවියට පමණක් බව සලකන්න. (නදී)
මහින්ද මහත්තයාට බාධාවක් නැති බව පැහැදිලියි. පුන්සඳ මෝදුවෙනවා කඳු අතරින්. බල්ලෝ උඩු බුරලනවා.කදු පාත්වෙන්නෙත් නැහැ, සඳ කඩා වැටෙන්නෙත් නැහැ. අපි ජනවාරියේ නව සඳ බලනවා.කැමති අය එන්න. (නි)
කොහොමත් පුළුවන්.(හේ)
3න් පාර නෙමේ 10පාරක් වුණත් පුළුවන් අපේ උත්තමය. අපිට දුකක් තියෙනවා රටේ යුද්ධේ දිනපු හමුදා බටයන්ට මෝටර් රථ දෙන්නේ නෑ, අනිත් හැමෝටම දෙනවා. අපේ ඡන්දෙ වටින්නේ නැත්ද? අපි තමා කුණු කානු අදින්ඩයි,ගොඩනැගිලි හදන්ඩයි,එළවලු විකුනන්ඩයි සේරම වැඩ ගන්නේ. කොකාට වාරයක් අාවොත් තිත්තයටත් වාරයක් තියෙනවා. (අ)
ජනපති මහින්ද හැර වෙනත් විකල්පයක් නොමැත. (නි)
රටේ තත්ත්වේ දැනගන්ඩ අර ඇමතිතුමාගේ පුතා නයිට් ක්ලබ් එකට ගිහිල්ල කොරපු හදිය පේනවනේ. ගෑනියෙකුට මිනිහෙකුට නිදහසේ විනෝද වෙනද ඉඩකුත් නැති රටක්. නීතිය ඒ ගොල්ල අතේ. ජනාධිපතිතුමාට ඕවා මෙල්ලකරන්ඩ පුළුවන් එත් වුනේ නෑ දෙවියනේ. (බ)
අපේක්‍ෂකයාට බය උන විපක්‍ෂයක ඉරණම. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තමයි මේ විධියට පුද්ගලයෙක් අපේක්‍ෂකත්වයට එනවට බයවෙලා ඒක වලක්වා ගන්න මේ තරම් උත්සාහයක් අරගෙන තියෙන්නේ. විධායක ජනධිපති තනතුර නොතිබුනා නම් ඕනම කෙනෙකුට අගමැති විධියට ඕන තරම් වාර සංඛ්‍යාවක් රට පාලනය කරන්න තිබුනා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජනතාව අතර පිරිහිලා තිබිලා වෙන අපේක්‍ෂකයෙක් පක්‍ෂයෙන් දාන්න හැදුව නම් දිසානායක මහත්තයාලා අහාවි ඇයි බයද කියලා? ප්‍රතිපලය දන්න නිසා සහ එයට මූණ දෙන්න නොහැකියාව නිසා තමයි විපක්‍ෂෙයේ සියළු චෝදනා. (නදී)
රූපවති, කොයි අපේක්ෂකයාද ඔය ඡන්දෙට කලින් දුන් පොරොන්දු ඉටුකළේ? දේශපාලකයෝ කියන්නේ කවුරුත් බලයට එන්නට බොරු පොරොන්දු දෙන කොටසක්. බලයට ආවිට තියෙන බලයට වඩා බලයක් තව සොයන්නේ. ඕක තේරුම් ගත්තහම හිතට සැහැල්ලුයි (නි)
රන්ජන් බණ්ඩාර පැරිසිය, අනේ ඔයා ඔහෙටම වෙලා ඉන්න. (නි)
බන්දුල මල්ලියෝ. අපිත් කිරී පැණි කනවා. ඒ විතරක් නොවෙයි අපි දැන්ම ඉඳන් සුදානම් වෙලා ඉන්නේ කිලෝ මීටරයක් දිගට හයිවේ එකේ කිරිබතක් හදලා ගමටම කවන්නයි. (අ)
දැන් තමයි කොටලු කුලකය අදාළ කාටද කියල තේරුනේ. (අ)
ඔබතුමාට පුළුවන්. ඒකේ කතා දෙකක් නැහැ (නි)
කව්රු ආවත් දිනන්නේ මහින්ද.(අ)
එතකොට මීට කලකට පෙර හිටපු උපාධිදාරියෝ ගෙවල් හදා ගත්තේ විවාහ වුනේ නැද්ද ? මලසේක අපේ අල්ලපු ගෙදර ඉන්න උපාධිදාරී මැදි වියේ ජෝඩුව එහෙනම් කසාදෙට අත්සන් කරලා නැතිවද ඔය එක ගෙදර ඉන්නේ ? (අ)
ඩිලාන් අපේ පඩිතුමාට ඔබින වදන් පේලියක් කියලා තියෙන්නේ නියමයි. ඔහොම කිව්වේ නැත්නම් කඩේ යන්නා මේ පුවත, ඔහුගේ කානු කට ඇරලා විනාස කරලා දානවා. (නදී)
බල ගෙන යනකොට උපාධිදාරීන්ගේ උපන්දා සිට ඔක්කොම කරලා දීල තියෙන්නේ දෙමව්පියන් නෙවෙයි වගේ. (අ)
ජනපතිට පුළුවන්නේ. මම නම් කියන්නේ හැමදාම් ජනපති උනාවේ. එතුමාගේ ආසාවට මගේ මනාපය. එක පවුලක් හරි සන්තෝසෙන් ඉඳල සගයන්ටත් ටිකක් උදව් කරලා හැමදාම හිටපුවාවේ. දිනේවා, ශාන්තිවේවා (නදී)
දැන් එතකොට මීට කලින් මේ රටේ උපාධිදාරියෝ කසාද බැන්දේ නැද්ද ? දන්නේ නැති හින්දයි අහන්නේ ?(අ)
අපි නම් තීන්දුවත් දන්නවා ජනාදිපතිවරනය ප්‍රකාශ කරන දවසත් දන්නවා. තියන දවසත් දන්නවා. (නදී)
ඡන්දෙ කිට්ටු වුණාම උපාධිධාරීන්ගේ දුක වැඩියෙන් පේන එක ලොකු දෙයක්. (අ)
මම අදයි ඇහැව්වේ කොටලු කුලයකුත් අපේ සම්භවය තුල තියනවයි කියලා. කරුණාකර ඒ ගැන දන්නා විශාරද භවතෙක් ඉන්නවා නම් කෙටි හැදින්වීමක් කලොත් අපේ දැන ගැනීම පිණිස (නදී)
පුළුවන් ඔව් (නදී)
අපහැදිලි පිළිතුර අපිට නම් දැන් පැහැදිලියි. (නදී)
කවුරුත් එපා. මහජනයාටම දෙන්න. එයාලා තීරණය කරාවි. මහජනයා කැමති නම් අනිත් අය තරහ ගන්නේ මොකටද නේද? (නි)
ආයුබෝවේවා මහරජාණනි.... හොඳ වෙලාවට වෙන රටක ඉන්නේ (බ)
පුළුවන් වෙන්නත් පුළුවන් , බැරි වෙන්නත් පුළුවන්. ඒ උනාට ශ්‍රී ල නි ප යේ තව ජ්‍යෙෂ්ඨයෝ ඉද්දි එක දිගටම ඉන්න එක " හරි නැහැ " නේද (නදී)
හරියට වැඩ කරලා තිබුණා නම් ඔබතුමාට තුන්වෙනි පාර ඉල්ලන්න පුලුවන්ද බැයිද කියලා වදවෙන්න දෙයක් නැහැ. මහජනතාව එක හඬින් කෑ ගහලා කියනවා "යන්න එපා, ආයෙත් ඉල්ලන්න, ඔබ තමයි අපේ ජනපති" කියලා. (නි)
බයවෙන්න එපා. අනිත් අය සියයට විසිපහක්වත් ගනීද දන්නේ නැහැ (නි)
මොනවා බලන්නද පුළුවන් කියල එවල ඇති. (නදී)
'තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයන්' (නදී)
පායා එයි නව සඳ ජනවාරියේ.(හේ)
මේකට දාන කොමෙන්ට්ස් කීයක් ඉවත දමනවා ඇත්ද ? (බ)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (නදී)
වැඩක් නැහැ මගේ කවියේ ඉතිරි ටික නැහැනේ. (ස)
ඉල්ලන්න පුළුවන් කියලා කීවේ නැති නම් විදායකයෙනුත් වැඩක් නැහැ (නදී)
බියෙන් සැකෙන් තොර සමාජයක් සලසා දුන් ඔබතුමාට දීර්ග කාලයක් රටේ බලය ලැබේවා. අතීතයේ තිබු භීෂණ කාලයක් නැවත නොඑන්න (නදී)
අපි අහල තියෙනවා කතාවක් "වැළක්විය නොහැකි දේ සමග එකග වන්න " කියලා. පිළිතුර කවුරුත් දන්නවනේ. (නදී)
ඕක කියන්න ඔච්චර වෙලා යනවද?. බැහැයි කියලද? (නදී)
මට නම් හිතාගන්න පුලුවන් ඉදිරියට වෙන්න යන දේ ගැන (නි)
පුද්ගලික සේවකයන්ගේ බලය වැඩියි. අපට සහන නැත්තම් තුන්වෙනිවර හීනෙන් තමයි. (ස)
මෙතුමා නීතිය දන්න නීතියට ගරුකරන උසස් පුද්ගලයෙක් බව කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි. අනිත් කාරණය තමයි මෙතුමා බලයට ආවේ මහජන කැමැත්තෙන්. මෙතුමා මෙම තීරණය ගත්තේ තමා බලයට පත්කළ ජනතාව දැනුවත් කිරිමට බව දැනගත යුතුයි. (නි)
කොහොමත් පුළුවන් බැහැ කියලා තීන්දුව එන්නේ නෑ.(හේ)
එහෙනම් නඩු තීන්දුවත් ගෙදරටම ගෙනල්ල දෙනවා. (දිල්)
මෙවැනි රටට ආදරයකරන ජනපතිවරයෙක් එදිරියට එන්නේ නැහැ. (ර)
ඉතින් කියන්නකෝ අපිව කුතුහලයෙන් නොතියා. (ර)
අපිට නම් හිතාගන්න පුලුවන් තීන්දුව මොකක්ද කියලා (නි)
තීන්දුව මොකක්ද කියලා කියන්නකෝ ? (ර)
බැහැයි කියලා කිව්වොත් මොකද වෙන්නේ.(හේ)
දැන්නම් අපේ ඉවසීමේ සීමාව පනින්න ළඟයි (නි)
ඇයි ඉතින් ඉක්මනට නොකියන්නේ? අපි මෙහෙ බලාගෙන ඉන්නවා. (නි)
ගාමිණි මහතා, 'ආදරේ රටටද පවුලටද?' (නදී)
ඔන්න ඕක කෙළින්ම කියලා දාන්නකෝ. එතකොට ඉවරයිනේ කතාව! (නි)
මම නම් මගේ හදවතින්ම එතුමාට ආශිර්වාද කරනවා (නි)
පවුකාර යුද්ධයෙන් රට මුදාගත් කෙනා ආර්ථික යුද්ධයද ජයගන්නා බව විශ්වාස නිසා එතුමා ඉල්ලපුදෙන්. නමුත් එතුමාගේ දැක්මට අභියෝග කළ හැකි පුද්ගලයෙක් ඉන්නවද? (නි)
ඉන්දික, එකම කාරණාවක් නිසා හැම වෙලාවේම හැමෝටම කටේ මුකවාඩම් බැඳලා වගේ ඉන්නද කියන්නේ.දැන් වටේට ඉන්න කට්ටිය කරන වැරදිදේත් අනුමත කරගෙන කට වහගෙන ඉන්න නම් මේක ප්‍රජාතාන්ත්‍රික රටක්ද? කෙනෙකුට විරුද්ධ මතයක් ලියන්න බැහැ. එක කෙළෙහිගුණ දන්නෙ නැතිකමක්ලු. මතක තියාගන්න රට බේරාගැනීමේ උදාර කර්තව්‍යයට කළගුණ සළකන්න ගියාම අදාළ අයට විතරක් නෙමෙයි, නිකන් වටේට ඉඳගෙන ඒ පානෙන් එළිය බලන අයටත් වාසි සැළසෙන බව (නි)
තිස් වසරක යුද්ධය නිමකළ ඔබ සැමදා අප ජනපති විය යුතුමයි. ඔබට ජය පිට ජය. (නි)
සමහරු නම් වේලාසනින්ම අනාවැකි ප්‍රකාශ කරනවා (නි)
දැන් ඔන්න මම මේ ලියන්නේ මොනවද කියලා කට්ටිය හිතාවි. අර මට වඩා පසුව මගේ නමින් ලියන්න ගත් කෙනා උඩින් අදහසක් ලියූ නිසා, මම කියන්නේ. වෙනත් මතයක් ලියූ පළියට අනිත් අයට කළගුණ අමතකයි වැනි ප්‍රාථමික චෝදනා කරන එක වැරදියි. (නි)
රූපවතීගේ කතාවට මාත් එකඟයි. (නි)