ආසියානු ඔලිම්පික් සභාවේ සභාපති ෂේක් අහම්ඞ් ෆාඞ් අල්සබාත් රජකුමරා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා මෙම 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
කුවේට් රජ පවුලේ සාමාජික අල්සබාත් රජකුමරා ඔහුට අයත් පෞද්ගලික ජෙට් යානයකින් ආසියානු ඔලිම්පික් සභාවේ නියෝජිතයන් පිරිසක් සමග දිවයිනට ළඟාවන්නේ වසර 2017 දී පැවැත්වෙන ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ප‍්‍රදානය කිරීම නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා බව ද වාර්තාවේ.
එහිදී ඔහු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම 14 වැනිදා මුණ ගැසී විශේෂ සාකච්ඡාවකට ද සහභාගිවීමට සුදානමින් සිටින බව ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය ප‍්‍රකාශක බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.
එහි සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා කුවේට් රාජ්‍යයේ පිහිටි ආසියානු ඔලිම්පික් සභා මුලස්ථානයේ දී අල්සබාත් කුමරා ඇතුළු එහි විධායක සභාව සමග කළ සාකච්ඡාවකින් පසු ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයකට කැමැත්ත පළකර තිබේ.
චිනයේ දී මෙම 16 වැනිදා ආරම්භ වන ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලට සහභාගිවීම සඳහා පිටත්ව යන ගමන් ඔහු මෙසේ ශ්‍රී ලංකාවේ දින දෙකක සංචාරයකට සහභාගිවීමට නියමිතය. අල්සබාත් කුමරා කුවේට් රජයේ අමාත්‍යධුර කීපයක් ද දරා ඇත. ඔහු ආසියානු කී‍්‍රඩා සභාවේ හා ආසියනු හැන්ඞ්බෝල් සංගමයේ සභාපති ධුරද දැනට උසුලයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මොකක්ද බොලිවුඩ් සීන් එකක් වගේ
එන්න රජෝ ලංකාවට...
රුවන් ඔයාල වගේ අය හින්ද තමයි L.T.T.E එක බිහිනවුණේ
මේවා මාර කතා හලෝ.අපිට නම් පුදුම විහිලු
එයා එන්නේ මොකටද දන්නේ නැහැ ..
රජෙක්.... රජෙක්ව....හම්බෙන්න යනවෝ.....
එල කිරි...මේව වෙන රට වලට නොදී ලංකාවට ගන්න එක ඇත්තටම ජයග්‍රහණයක්...
සාකච්චාව බුද්දාගම තුරන් කරන්නද දන්නේ නෑ....මෙයා නේද ගුවන් තොටුපලේදි බුදු පිලිම පොලේ ගැහුවේ.....