IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපතිට දන්වන්න අල් සබාත් කුමරු ජෙට් යානයකින් දිවයිනට

ආසියානු ඔලිම්පික් සභාවේ සභාපති ෂේක් අහම්ඞ් ෆාඞ් අල්සබාත් රජකුමරා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා මෙම 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. කුවේට් රජ පවුලේ සාමාජික අල්සබාත් රජකුමරා ඔහුට අයත් පෞද්ගලික ජෙට් යානයකින් ආසියානු  ඔලිම්පික් සභාවේ නියෝජිතයන් පිරිසක් සමග දිවයිනට ළඟාවන්නේ වසර 2017 දී පැවැත්වෙන ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ප‍්‍රදානය කිරීම නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම  සඳහා බව ද වාර්තාවේ. එහිදී ඔහු  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම 14 වැනිදා  මුණ ගැසී විශේෂ සාකච්ඡාවකට ද සහභාගිවීමට සුදානමින් සිටින බව ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය ප‍්‍රකාශක බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි. එහි සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා කුවේට් රාජ්‍යයේ පිහිටි ආසියානු ඔලිම්පික් සභා මුලස්ථානයේ දී අල්සබාත් කුමරා ඇතුළු එහි විධායක සභාව සමග කළ සාකච්ඡාවකින් පසු ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයකට කැමැත්ත පළකර තිබේ. චිනයේ දී මෙම 16 වැනිදා ආරම්භ වන ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලට සහභාගිවීම සඳහා පිටත්ව යන ගමන් ඔහු මෙසේ ශ්‍රී ලංකාවේ දින දෙකක සංචාරයකට සහභාගිවීමට නියමිතය. අල්සබාත් කුමරා කුවේට් රජයේ අමාත්‍යධුර කීපයක් ද දරා ඇත. ඔහු ආසියානු කී‍්‍රඩා සභාවේ හා ආසියනු හැන්ඞ්බෝල් සංගමයේ සභාපති ධුරද දැනට උසුලයි.



අදහස් (0)

ජනපතිට දන්වන්න අල් සබාත් කුමරු ජෙට් යානයකින් දිවයිනට

සන්ජේ Friday, 08 June 2012 12:33 PM

අර මොකක්ද බොලිවුඩ් සීන් එකක් වගේ

:       0       0

ලක්මාල් Friday, 08 June 2012 10:16 PM

එන්න රජෝ ලංකාවට...

:       0       0

කොල්ලා Saturday, 09 June 2012 01:49 PM

රුවන් ඔයාල වගේ අය හින්ද තමයි L.T.T.E එක බිහිනවුණේ

:       0       0

SK Friday, 08 June 2012 12:32 PM

මේවා මාර කතා හලෝ.අපිට නම් පුදුම විහිලු

:       0       0

පිස්සු වෙදා Saturday, 09 June 2012 02:45 PM

එයා එන්නේ මොකටද දන්නේ නැහැ ..

:       0       0

ෆාරු Friday, 08 June 2012 01:50 PM

රජෙක්.... රජෙක්ව....හම්බෙන්න යනවෝ.....

:       0       0

කිරිමාටින් Friday, 08 June 2012 03:08 PM

එල කිරි...මේව වෙන රට වලට නොදී ලංකාවට ගන්න එක ඇත්තටම ජයග්‍රහණයක්...

:       0       0

රුවා Saturday, 09 June 2012 03:46 AM

සාකච්චාව බුද්දාගම තුරන් කරන්නද දන්නේ නෑ....මෙයා නේද ගුවන් තොටුපලේදි බුදු පිලිම පොලේ ගැහුවේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site