ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාට තවත් වාරයක් ජනාධිපතිවරණයට තරග කිරීමට නීතිමය බාධාවක් නැතැ බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇතැයි සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ දස පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභානායකවරයා එම ප්‍රකාශය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (3) ඒ (1) (1) ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් තවත් වාරයක් තෝරා පත් වීමට, තරග කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැති බව තීන්දුවේ සඳහන් වන්යේ යැයි ද සභානායක කීවේය.
එසේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ද, මැතිවරණයක් කැඳවීමට ද අයිතියක් ඇති බව ද එම තීන්දුවේ සඳහන් බව ඇමැතිවරයා පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන් වරක් තරග කළ නොහැකි බවට කවරකුට හෝ සැකයක් සංකාවක් තිබුණා නම් ඒ සියල්ල දුරු කර නිර්භයව ඕනෑම වේලාවක මැතිවරණයකට ඉදිරිපත් වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකි බව ද සභානායකවරයා කීවේය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දී ඇති බලතල අනුව මෙය කළ හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කැරුණු තීන්දුවේ පැහැදිලිව සඳහන් බව ද හෙතෙම කීවේය.
මේ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන් වැනි වාරයටත් ජනාධිපතිවරණයට තරග කළ හැකි බවට යහපත් තීන්දුවක් දී ඇතැයි සභා නායකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අදහස් පල වෙන්නේ නැහැනේ. (ර)
අනේ අපේ අනුර දිසානායක මහත්තයා, තරඟයට ඉදිරිපත්වෙලා තමන්ට රටේ තිබෙන තැන තහවුරු කරලා පෙන්වන්න සුදානම් වෙන්න. (නි)
ඇයි මහත්මය මම ලියපු ගීතයක කොටස පලකලේ නැත්තේ? ඊට වඩා බරපතල දේවල් කියක් නම් පලවෙලා තියෙනවද? (ර)
ඒක ඉර හඳ වගේ විශ්වාසයි (නි)
මේ අදහස් දාන සමහර අය ගැන මට තරහත් යනවා (නි)
මෙම තීරණය ගැන මට පුදුමයක් නැහැ.(දිල්)
ජයවේවා අපේ ජනපතිට! (නි) .
ඔබයි අප සැමගේ එකම බලාපොරොත්තුව! (නි)
ඔබතුමාට බුදු සරණයි! (නි)
මේ අදහස් වලින් නම් 99%කින්ම ජයග්‍රහණය කරනවා.එත් "ජනතා අධිකරණය" මොන තීරණයක් ගනීවිද දන්නේ නැහැ.(දිල්)
ජය වේවා මහා රජ (දිල්)
අනුර කුමාර මහත්තයගේ තුරුම්පුව වතුරේද? දැන් වත් අර වෛරය බේරෙන මුහුණ සැහැල්ලු පෙනුම තියෙන ප්‍රසන්න මුහුණක් වෙයිද ? (නදී)
ගරු ජනාධිපති තුමනි..තෙවන වරටත් ඔබ තුමා සටනකින් තොරව බහුතරය ලබා ගන්න බව හෙට ඉර පායනවා වගේ විශ්වාසයි. නමුත් ඔබ තුමාටත් හිතන්න සැලකිල්ලට ගන්න දෙයක් මේ සිදුවුණු සිදුවීම් සමග ඉතිරි වෙලා තියෙනවා. ඒ තමන් වටේ ඉන්න තමන්ගේ පානෙන් එලිය බලන ඒ පානෙන් එලිය බලන ගමන් තමන්ටම වල කපන මල පෙරේතයෝ ගැන. ඔබ තුමාට තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ විශ්වාසය ආදරය ගෞරවය මිසක් ඔබ තුමාගේ පැවැත්ම රදා පවතින්නේ ඒ මත මිසක් ඔය මලපෙරේත දොල පිදේනි කාරයින් මත නෙමෙයි කියලා කරුණා කරලා වටහා ගෙන යම්තාක් දුරකට හෝ බිදිලා තියෙන මධ්‍යස්ත ජනතාවගේ හිත් ආයෙත් ඔබ තුමා වෙතට ආකර්ෂණය කරගන්න ඔය වටේ ඉන්න මල පෙරේතයින්ව අදුනගෙන පස්සට පයින් ගහල දොට්ට දාන්න. එන්න හදනවයි කියන ලොකුම මල පෙරේතයා ලංකරගත්තොත් ඒ එක්ක ඔබ තුමාට අපේ හිත්වල තියෙන ගෞරවයත් ආදරයත් අවසන් බව හිත තබා ගන්න. (නදී)
නිල් මැණික් යට ගිහින් "තිරිවාන,බොරළු,කබොක් ගල්" මතු වෙනවා කියන්නේ මෙන්න මේවට තමයි. (බ)
එක හොද තීන්දුවක් අපිත් ඉන්නවා ඔබ තුමත් එක්ක ඕනේ දෙකට (බ)
අපේ ශ්‍රී ලංකාවම ඔබතුමා එක්සේසත් කරනවා නොඅනුමානයි (නි)
ඔය පැත්තේ වෙන වැදගත් මහත්තයෙක් ඇත්තෙම නැතිද (බ)
ඔබතුමාට තුන්පාරක් නෙමෙයි දහපාරක් වුණත් පුළුවන් (නි)
අප මවුබිමේ ස්වෛරීභාවයට කැමති රටට ආදරේ බුද්ධිමත් ජනතාව ඔබතුමාට ගෞරවාදරයෙන් සිරස නමා ආචාර කරනවා. ඒ වෙන කිසිවක් නිසාවත් නොවෙයි. රට බෙදන්නට වලිකන අලුගෝසුවන් ඉදිරියේ අභිතව කෙළින් සිට ගනිමින් අනාගත දුවා දරුවා වෙනුවෙන් රටක් ඉතිරි කරන්නට දරන ඍජු උත්සාහය නිසාමය. රටේ ජනතාව ඔබ තුමා ඇති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් දිනවනවා. ඒක සහතිකයි.(බ)
අද පාර්ලිමේන්තුවේ ඉන්න උදවියගෙන් රාජයෝගයක් තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන අමතිතුමාටලු ? (ර)
පිදෙල් ක්‍රස්ත්‍රෝ වගේ (නදී)
හැබැයි ජනාධිපති තුමෝ..ඔබ තුමා ඔය වටේ පිටේ ඉන්න දොළ පිදේනි ඉල්ලන මල පෙරේතයෝ එලවන්නේ නැතුව යුධ ජයග්‍රහණයට ප්‍රසිද්ධියේ අපහාස කළ කුරුදු පොලු කාරයව පාමංකඩ ගිය එකාව, ගොන්නු යුද්දෙට යවපු එකාව වගේ තව තවත් මලපෙරේතයෝ ලැජ්ජාවක් නැතුව කිට්ටු කර ගන්න හැදුවොත් මාත් දුප්පත් පන් මල්ල බිම තියල කඩේ යාම නවත්තල දෙයියනේ කියල මගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා.අම්මප සත්තයි..(අ)
ශේෂ්ඨාධිකරණ තීන්දුව මෙය නම් එය අප පිළිගත යුතුයි. දැන් ජේ වී පිය මොනවද කියන්නේ. 'නීති විරෝධී ජනපතිවරණය ගැන‘ (නදී)
අතිගරු ජනාධිපතිතුමනි. අපේ කැමැත්ත ඔබතුමාටයි. විධායකය ඉවත් කරන්න නම් බෙදුම්වාදය අත්හරින්න යයි ඔබතුමාගේ වටිනා දේශප්‍රේමී වචනය අපව ඔබ තුමා වෙත තව තවත් ලං කළා. අද දෙමළ සන්ධානය කියන්නේ "උතුරේ හමුදා ඉවත්කරන්නට පොරොන්දුවන පොදු අපේක්ෂකයාට දෙමළ ජනතාවගේ ඡන්දය ලබා දෙන බවයි". අපි බලා සිටින්නේ එයට එකඟ වන පොදු අපේක්ෂකයා හෙවත් "වීරයා" ඉදිරිපත්වන තුරුයි. ඔබ තුමා මෙවර ජය ගන්නේ ලංකාවේ විශාල අන්තගාමි නාදයක් වට්ටමින් බව පැහැදිළියි. ඔබ තුමාට දෙවි පිහිටයි.(අ)
සිරිය මෙසාරා නැගේවි හද මෝරා. ජොලිය වැඩි කමටම පරණ සිංදුවක කෑල්ලක් කියා උනා. (නදී)
අන්න පබාට අදික්‍ෂණ මන්ත්‍රී ධුරයක් දීලා. ජයවේවා. !(අ)
කෝ මේ ඉසුරන්දි, මිලානෝ ජයන්ත, තිලක් බණ්ඩා -ඩුබායි ? මේ මහත්වරු අද අහලකවත් නැහැනේ.(අ)
මුළු රටම ඔබ තුමාට බාරයි . (අ)
නීත්‍ියයි ජනමතයයි අතර පරතරය බොහෝ වෙනස්. (නදී)
බලය අතාරින්න බැරි නායකයෝ හිටපු ලිබියා,ඉරාක,එජිපතු,සිරිය , රටවලට මොකද වුණේ (දිල්)
ජයම වේවා......තෙරුවන් සරණයි. (බ)
මම නම් දේශපාලනයට ඒ තරම් කැමැත්තක් නැහැ (දී)
මමනම් අන්තිම මොහොතේ හරි පාර්ලිමේන්තුවට බලය දීල විධායක ජනාධිපතික්‍රමය වෙනස්කරයි කියල හිතනවා. (දී)
10 දෙනාගේම එකගත්වයෙන් තීන්දුව ඒකමතික වීම හරිම වටිනවා. (ර)
රටක නීතියට අපි ගරු කරන්න ඕනේ (දී)
යකාගේ හැටියටලු විමානේ කියලා කතාවක් තියනවා,මට මතක් වුණේ එක විතරයි මොකද මන්දා ?(දිල්)
ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලීම කළේ බදාදා. බ්‍රහස්පතින්දා පෝය ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා නිවාඩු දවස් තුනට නීතිමය කරුණු විමසීමටයි තීන්දුව දීමට පැය 12 යි (දිල්)
ජයවේවා ජනාධිපතිතුමනි ජයවේවා එංගලන්තේ කොටි නඩේ කුලප්පු වෙලා ජයවේවා (බ)
ජය වේවා!(දිල්)
ඔබ හැමදාම අපේ ජනාධිපතිතුමා බෙදුම්වාදය පරාජය විය යුතුයි.(දිල්)
එහෙනම් ඉතුරු අවුරුදු දෙකත් ඉදලම ජනපති වරණය තියන්න, කලින් තියල මොකටද නිකන් මහජන මුදල් විනාශ කරන්නේ, සමහරුන්ට නම් හරි ජොලියක් දැනෙනවා වගේ. ඒත් ඡන්දෙන් පස්සේ ඒ වියදමත් දුප්පත් අපේ කරපිට. (බ)
ඔය ඇමරිකාව, එංගලන්තය වැනි රටවල තුන්වරක් තරඟ කරන්න බැරිවුණාට, වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධිත රටවල ඕනෑතරම් වාරයක් පුළුවන්. (නි)
18 වැනි සංශෝධනය ගැන හරියට කියවා තිබුණු අයට මේ තීරණය ගැන පුදුමවෙන්න දෙයක් නැහැ.මහින්ද මැතිතුමා තරම් පොදු අපේක්ෂකයෙක් කොහෙවත් නැහැ. (නි)
ඔබ තුමාට ජයම වේවා.අපේ ජනපති ඔබම පමණි. ඔබතුමාට සමාන කරන්න හිතන්නවත් පුළුවන් කෙනෙක් දකුණු ආසියාවෙම නෑ. රැකියා නැතිව දුක් විඳවපු,රැකියාව නැතිව විවාහ වීමට නොහැකිව,ණයක් අරගනවත් ගෙයක් හදා ගන්න බැරුව හිටපු උපාධිධාරීන් 52000 ට වැඩි පිරිසකට, ඒ සියල්ල ඉෂ්ට කර ගැනීමට අවස්ථාව ලබා දීපු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට තුන් පාරක් නෙමෙයි තව 10 වතාවක් ජනාධිපති වෙන්න අවස්ථාව ලැබෙන්න ඒ පිනම ඇති.හැබැයි කලගුණ දන්න මිනිසුන් හිටියොත් ජනාධිපති තුමා ගොඩ.ජයෙන් ජයම වේවා.(බ)
දෙවියන්ට ස්තූති වේවා! (නි)
ඔබතුමාට ජයෙන් ජයම වේවා! (නි)
ජනපතිට අපේ මනාපය! (නි)
මේ රටට ආදරේ මිනිස්සු මේ තීරණය ගැන ගොඩක් ආඩම්බර වෙන්න ඕනේ. මෙතුමා ඉන්නකන් රට සුරක්ෂිත වේවි. වෙන එකෙක් අවොත් ඉවර වෙයි මගේ අහිංසක රට. (බ)
තීන්දුව දුන් සියල්ලන්ටම අපගේ ආචාරය! (නි)
ජයවේවා! (නි)
ඉදිරි පරපුර සඳහා දියුණු රටක් , ඔබ තුමාට දිගාසිරි(දිල්)
ගරු ජනාධිපතිතුමනි, තෙවන වරටත් ඔබතුමා බහුතරය ලබාගන්නා බව හෙට ඉර පායනවා වගේ විශ්වාසයි. නමුත් ඔබතුමාටත් හිතන්න සැළකිල්ලට ගන්න දෙයක් මේ සිදුවුණු සිදුවීම් සමඟ ඉතුරුවෙලා තියෙනවා. ඒ තමන් වටේ ඉන්න සමහර අය ගැන. ඔබතුමාට තියෙන මේ රටේ මිනිසුන්ගේ විශ්වාසය ආදරය සහ ගෞරවය ඔවුන් නිසා නැතිකරගන්න එපා. (නි)
ගොඩක් වැදගත් තීරණයක්. දැන් ජනතාවට පුළුවන් රටට ආදරේ නායකයෙක් තෝරාගන්න.(දිල්)
වටේ පිටේ කිට්ටු වෙලා ඉන්න නුසුදුස්සන් එලවන්න ඕන තරම් කල් තිබුණා. එහෙම කලේ නැත්තේ ඇයි කියන එක තමයි අපිට ප්‍රශ්නේ. (දිල්)
කරුණාකර ඉදිරි ධුර කාලය සඳහා ,උපරිම ඇමති ධුර ගණන් ප්‍රකාශයට පත් කර ඒ වචනයට ගරු කරන්න. (දිල්)
මම රටේ නායකයා වුණා නම් එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කරනවා (නි)
බොරුවට කෑගහපු අයට දැන් මොනවද දන්නෙ නැහැ කියන්න තියෙන්නේ? (නි)
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැ (නි)
යුද බිය නැති කළ මහින්ද ජනපති දිගුකල් වැජබේවා (දිල්)
රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් යමක් කරන්න බලන්න. ඔබට සදා ජය! (නි)
අපේ රට දියුණුවේ ස්වර්ණමය මාවතට ඇතුළත්වීමේ මේ තීරණයට අපේ ආචාරය! (නි)
නිහාල්, හොඳින් හිතාබලා කතා කරන්න (නි)
ඔබතුමාට මුළු හදවතින්ම සුබපතමි (නි)
ඉදිරියේදී අපේ රට සියළු ආකාරයෙන් සංවර්ධනය වෙන බව අපිට විශ්වාසයි (නි)
ස්වාධීන අධිකරණ සේවා කොමිසම හැකි පමණින් ස්ථාපිත කරන්න (දිල්)
අපි මෙවර ඔබතුමාට අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා (නි)
රටේ දියුණුව වෙනුවෙන්, සියළු දෙනාගේ යහපත් හෙට දිනය වෙනුවෙන් අපිට ඔබගේ නැවත පත්වීම අවශ්‍යයි. ඔබට ජය .(දිල්)
මහින්ද රජතුමන්ට දීර්ඝ ආයුෂ වේවා! අපේ රටත් අපිත් එක සේ වාසනවන්තයි (දිල්)
රටට අමතක නොවෙන වැඩක් කරපු ජනාධිපතිතුමා හැමදාම රට පාලනය කරන්න ඕනි (දිල්)
බන්දුල පෙරේරා, නොයෙල්, ජයසිරි මනිමේන්ද්‍ර ඇතුළු සියලු දෙනාගේ අදහස්වලට එකඟයි.අපේ රටේ ඉන්නෙ කළගුණ සලකන මිනිස්සු ඒකෙ දෙකක් නැහැ.එත් වැඩේ තියෙන්නෙ ජනාධිපතිතුමා කළගුණ සලකන විදියේ වැරැද්දකුයි. (දිල්)
සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)
ඔය කතා වලට අපේ රටේ බුද්ධිමත් මිනිස්සු දැන් රැවටෙන්නේ නැත (දිල්)
ජනාධිපතිතුමනි, ඔබේ අභීත නායකත්වයේ අගය වැටහෙන්නේ පිටරටක ජිවත්වනවිටයි .ඔබට සදා ජය සහ ආයු බල! (නි)
මෙවර අපිට හොඳ වෙනසක් දැකබලාගන්න පුළුවන් වෙයි (නි)
මහජනතාව ගැන හැඟීමක් ඇති අපේ ජනපති ඔබයි (නි)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
ඉදුනිල්, ඔයාගේ අදහස හරි. දැන් මොකටද ඔයතරම් හදිස්සි? (නි)
මම කාටවත් ආවට ගියාට ජය ඝෝෂා කරන කෙනෙක් නෙවෙයි . මගේ නමිනුත් ජය ඝෝෂා කරලා අනේ හොඳයි. කවුරු හරි නමක් නැති කෙනෙක්නෙ. (දිල්)
මේ ඇරඹුනේ අනාගතයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයයි (නි)
මහින්ද මහතාට සමානකළ හැකි කිසිවෙකු සිටීද? සත්තකින්ම මුළු ලෝකයෙන්ම හොයාගන්න බැහැ. (නි)
ඔබතුමාට සියළු දෙවි පිහිටයි! ඔබතුමා මෙවරත් වැඩිම ඡන්දයෙන් මගේ රටේ ජනපති වෙන්න (නි)
ඡන්දයෙන් පසු විශාල ලෙස බඩු මිල ඉහළ යනවා කියලා ඇතැම් පිරිස් කියනවා. ඒක ඇත්තද? (නි)
අපේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාව බුද්ධිමත් තීරණයක් ගන්නා බව විශ්වාසයි (නි)
දැන් මෙතුමාට විතරක් ද තුන් වෙනි වතාව වලංගු. අනෙක් අපේක්ෂකයන්ටත් හැකිද ? යම් කෙනෙකුට දෙවතාවකට වඩා ඉල්ලන්න බැරි නම් ඒ කුමන කාරණා නිසාද ? උගත් පාඨක භවතෙක් කාරුණිකව පැහැදිලි කළ මැනවි. මෙය මගේ පුද්ගලික සාමාන්‍ය දැනුම සඳහා පමණක් නිසා මෙයට උත්තර දීමට බන්දුල පෙරේරා කලබල විය යුතු නොවේ. (බ)
මම දේශපාලනයට කැමති නැහැ (දී)
අනුර කුමාර උන්නැහේ දැන් කොහෙද දන්නේ නැහැ ඉන්නේ.? ජනාධිපතිතුමාට අධිකරණයෙන් විමසන්නට ව්‍යවස්ථාවෙන් ඉඩක් සලසා නැති බවක් කිවුවා නේද.? එහෙම නම් උසාවිය එහෙම එකක් මතු කෙරුවේ නැහැනේ. මෙහෙම කතා විජේවීර මහත්තයා නම් කිවේ නැහැ. (ස)
ඔබට ජය! කොන්ද පන නැති නායකයන්ට වඩා ඔබ අපිට ආඩම්බරයක්! (ස)
ජය වේවා.......තවම ජනමතය ඔබට. (ස)
තන්හාය ජායති සෝකෝ කියල තියෙනව, ප්‍රවේසමෙන් ! (ස)
අදිකරණ සේවා කොමිසම් සභාව පත්කරන්න. (දී)
අපේ ජනාධිපති තුමාට ජය වේවා. (ස)
තුන්පාරක් නෙමෙයි දහපාරක් හරි ඉල්ලන්න. අපි ඡන්දය දෙනවා ඔබතුමාට. ජය වේවා! (නි)
සුබ පැතුම්! (නි)
ඉදුනිල්ගේ අදහසට මමත් එකගයි.එමෙන්ම මෙම ජනාධිපති ක්‍රමය වෙනස්විය යුතුයි.පාර්ලිමේන්තුව හරහා රටේ පාලනය තහවුරු විය යුතුයි. (දිල්)
ඔබයි අප පැතුම මහින්ද උතුමාණෙනි. සදා ජය ඔබට!! ඔබ අපට ජාතික වීරයෙකි (නි)
ජයවේවා පියාණෙනි, ඔබට අපේ රටට දළදා සමිඳු පිහිටයි! (නි)
දුක් සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා .ඔබ තුමා කවදත් අපේ රජතුමා .(දිල්)
ඔබතුමාට සියළු දෙවියන් ආශිර්වාද කරනවා. ඔබට කිසිදිනෙක වරදින්නේ නැහැ (නි)
ඔබයි අපගේ ගැළවුම්කරු! ඔබට දෙවි පිහිටයි! (නි)
ඇයි තුසිත තාමත් ඉස්සරහට හොඳ වේවි කියලද හිතන්නේ. ගත වුන කාලයට මොකද වුනේ ?(දිල්)
මේ තීරණය ලැබෙනතුරු මම බොහොම විශ්වාසයෙන් බලාගෙන හිටියා (නි)
මේ තීරණය ලැබෙන බව බුද්ධිමත් බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. රටක ජනාධිපතිවරයෙක් ඒ වගේ නීතිමය ප්‍රතිපාදන නැතුව නැවත ජනාධිපතිවරණයකට යන්නේ නැහැ. (නි)
මේ වැදගත් තීරණයට හේතු වූ නීතිමය කරුණු ප්‍රකාශයට පත් කිරීම වැදගත් නේද . ඒක කාටත් හොඳයි. (දිල්)
ඔබතුමා සියළු බලවේග බිඳගෙන ඉදිරියටම එන බව මට විශ්වාසයි (නි)
මේ වැදගත් තීරණයට හේතු වූ නීතිමය කරුණු ප්‍රකාශයට පත් කිරීම වැදගත් නේද . ඒක කාටත් හොඳයි. (දිල්)
අසංක,ඔය කියන ඒවා ලියලාම තියාගන්නකො. (නි)
ජය වේවා මහරජාණෙනි,ජය වේවා! රටේ ජනතාව වහලුන් වෙන්නට ඉඩනොදී කොටින්ට සහ ජාත්‍යන්තරයට ගැතිකම් කළ බංකොලොත් දේශපාලුවන්ගේ බලාපොරොත්තු ඉටුකරගන්නට ඉඩනොදී බිය නොවී ජාත්‍යන්තරයෙන් ආ තර්ජන ගර්ජන වලට අබමල් රේණුවක තරම්වත් බිය නොවී, අපේ ත්‍රිවිධ හමුදාවටම කිසිදු බියකින් තොරව මිනීමරු කොටි ත්‍රස්ත්‍රවාදීන් සහමුලින්ම අතුගා දමන්නට නායකත්වය දුන් මහා සෙන්පතියනි, අප රටේ ජනගහණයෙන් 75% පමණ ජනතාව කළගුණ හොඳට දන්නා හොඳට මතක තිබෙන ජනතාවක්. ඔවුන් සියලුම දෙනා ඔබ සමඟයි (නි)
ඔබගේ දෑතට මේ රට දියුණු කිරීමට තවත් ශක්තිය ලැබේවා! (නි)
අධිකරණය එසේ තීරණය කරයිනම් අපි කෙසේ එරෙහි වන්නද (දී)
ඔබතුමා බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබගේ ජයග්‍රහණය ස්ථිරයි (නි)
කවුරුත් බලාගෙන හිටියේ මේ තීරණය දෙනතුරු තමයි. බලමු දැන් මොකද වෙන්නේ කියලා. (නි)
බත් බැලයෝ කොපමණ ඉන්නවද කියා ගණන් කළහැකී (බ)
ඔබතුමා තමයි මේ රට ගළවාගත හැකි එකම සුදුස්සා (නි)
මෙතුමාට පමණද තුන් වරක් ඉල්ලුව හැක්කේ ? අනෙක් යම් අපේක්ෂකයෙකුට බැරි නම් ඒ කුමන කාරණා මතද ? මේ කරුණ අධිකරණ සහ ව්‍යවස්ථා නීතිය දත් උගත් පාඨක භවතෙක් පැහැදිලි කර දෙනු මැනවි.මගේ පුද්ගලික දැනීම පිණිස අසන නිසා බන්දුල පෙරේරා උත්තර දීමට කලබල විය යුතු නැත. (දිල්)
හොඳ තීරණයක්, රට තවත් දියුණු කරන්න අවස්ථාවක්. (ර)
රටේ ජනතාවගේ පොදු අපේක්ෂකයා ඔබයි. අපි ඔබ නම්කර හමාරය (නි)
ස්වාධින කොමිෂන් සභා පිහිටවලා ඉදිරි ජනාධිපතිවරණය තියල බලන්නකෝ (දිල්)
ඔබතුමා බයනැතුව ඉල්ලන්න. නිතරඟයෙන්ම ජයග්‍රහණය ලැබෙන බව සිකුරුයි (නි)
අපි අපේ රට ගැන මීටවැඩිය හිතන්න ඕනෑ (නි)
ඔය තීන්දුව ගැන අපිනම් කලින්ම දැනගෙන තමා හිටියේ. (බ)
දැන් බලාගන්න පුලුවන් බහුතර ජනතා කැමැත්ත මොකක්ද කියලා (නි)
ඔබතුමාට සියළු දෙවි පිහිට ලැබේවා! (නි)
අපි ගොන්නු වගේ පේනවද මන්දා? (බ)
හොඳ අදහසක්. සතුටුයි. (ර)
ඔබතුමා සියළු බාධක මැඩගෙන ඉදිරියටම යන්න. අපිත් එනවා ඔබතුමා සමඟම (නි)
දැන් අර කෑගහපු කට්ටිය මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
ඕක අපි දැනගෙන හිටිය. තුන් වරක් නෙවේ මැරෙනකන්ම පුළුවන්. (බ)
ජයවෙිවා..ජයවෙිවා අපි ඔබ සමගයි (බ)
ඕක අපි නම් කල් තියාම දන්නවා.නීතියේ සාධාරණත්වයට දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා (බ)
තුන නෙමෙයි ජීවිත කාලෙටම තමා. දැන් ඉතින් පොදු අපේක්ෂකය කවදාවත් ජනාධිපතිකම් වෙනස් කරන්නේ නැහැ. (බ)
සමස්ත ජනතාවගේම ඒකමතික තීරණයද මෙයයි (නි)
ජයවේවා ජනාධිපතිතුමනි, ජයවේවා !! (නි)
ලංකාවේ මිනිස්සු හිතන විදිහ වෙනස් වෙනකන් ලංකාවේ දියුණු වෙන්නේ නැ. (දිල්)
මිනිස්සුන්ට ඇත්ත තේරෙන කන් අපේ ලංකාව වෙනස් වෙන්නේ නැ. තව අවරුදු 100 ක් ගියත් ලංකාව දියුණු වෙන එකක් නැ. (බ)
රටේම ජනතාව දෙන්නෙත් ඔය තීන්දුව තමයි. පොදු අපේක්ෂකයො ගැන දන්නනෙ කොළඹ අය විතරයි. (ර)
රට රකිමු, ජනපතිට අපේ මනාපය, ජය වේවා.! (ර)
මගේ රටට දළදා හිමි සරණයි! (නි)
මම මේ තීරණය බලපොරොත්තුවෙන් සිටියා. දැන් මට හරිම සතුටුයි (නි)
අපි ඔබ සමඟයි! (නි)
බොහොම වැදගත් මධ්‍යස්ත තීරණයක් දස පුග්ගල විනිසුරුවරුන් දීල තියෙන්නේ. යුද්ධය නිම කොට ලබපු සංවර්ධනය ඉදිරියට ගෙන යන්නට ඔබ තුමා නැවතත් ජනාධිපති වන්න, අපේ ආශිර්වාදය ඔබට.! (ර)
ජයවේවා ජනපතිතුමනි ඔබට ජය.! (ර)
ක්‍රිස් ඉන්නේ ලංකාවේද? (නි)
වෙන මොන විකල්ප ඉදිරිපත් කෙරුනද අපි සැමදා ඔබතුමා සමඟයි (නි)
අපේ ජනාධිපතිතුමා බලයට තණ්හාවෙන් මෙම තනතුරට පැමිණෙනවා කියලා හිතන්න එපා. එතුමා ඇත්තටම රටට ආදරෙයි (නි)
ඇති යන්තම්. දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ! (නි)
මගේ මිතුරනි, මෙකල මහින්දට සමාන කළහැකි කිසිවෙකු සිටීද? කරුණාකර මට කියන්න. (ර)
ඔබ මේ තනතුරට සදාකාලික සුදුස්සෙක් (නි)
මොකද කවුරුත් හරියට පැහැදිලි කරලා කියන්නේ නැත්තේ, පුළුවන් වෙන්නේ හෝ බැරිවෙන්නේ කොහොමද කියලා. (නි)
හැමෝගෙම තීරණය ඕක තමයි ජය වේවා.! (ර)
ඔබතුමා පරදවන්න ලැබෙන්නේ නැහැ. සමස්ත ජනතාවම ඔබතුමා සමඟයි (නි)
ලංකාවේ වෙනත් නායකයෙක් හැදෙන්න ඕන නැද්ද? මටනම් ලංකාවේ සිද්දවෙන දෙවල්ගැන පුදුමයි (දිල්)
රට නැවතත් සුබ මාවතකට වැටෙන පෙරනිමිති පහළවෙලා! (නි)
කවුරු කාට පක්ෂපාත වුනත් ප්‍රශ්නයක් නැහැ. මෙතන කවුරුවත් සත්තුන්ගේ නම් වලින් අනෙක් පාක්ෂිකයා අමතල නැහැනේ. ලංකාව දියුණු වේගෙන යන බවට ඒකම සාක්කියක්. (ර)
රට බේරාගත් ඔබතුමාට හැර ත්‍රස්තවාදීන්ගේ සහකරු දෙමළ සන්ධානය සහයදෙන අපේක්ෂකයෙකුට අපි ඡන්දය නොදෙමු. (බ)
ඔබයි අපේ එකම බලාපොරොත්තුව! (නි)
සියලු කරදර බාධක ජයගෙන ඉදිරියට යන්න ඔබතුමාට සුබ පැතුම්! (නි)
ජය වේවා ! (ර)
ඇත්තෙන්ම හීනෙකින්වත් හිතුවේ නැහැ ඉතා ඉක්මනින් මෙවැනි ඉතාම සාධාරණ තීන්දුවක් මේ විදිහට ලැබෙයි කියලා. ඇත්තෙන්ම සහෝදරවරුනි, එතුමා කවදාවත් බලෙන් බලය ලබාගන්න නායකයෙක් නෙමෙයි. එතුමා ජනතාව ලබාදෙන මේ ජනතා පරමාධිපත්‍ය බලය ලබාගතයුතු වෙනවා. (නි)
එහෙම කලොත් අවෑමෙන් පත් වෙන්න බලා ගෙන ඉන්න අයට ප්‍රශ්නයක්නේ සංජීව. (ර)
ජනාදිපති තුමනි ඔබට ජය. මහපාර දෙපැත්තෙන් මිනිස්සුන්ට මරබියෙන් තොරව ඇවිද යන්න පදික වේදිකා හදල දෙනවනම් ඔබට තවත් ජය. (ර)
හොඳ අදහසක්. සතුටුයි. (ර)
ඔබතුමා තමයි නියම සුදුස්සා.... (නි)
කිසිම තනතුරකට සදාකාලික සුදුස්සන් නැත (නි)
මුළුමහත් ශ්‍රී ලාංකීය ජනතාව එකාවන්ව ඔබතුමාට සහයෝගය දෙන බව ස්ථිරයි (නි)
පොදු අපේක්ෂකයාටත් අනිවාර්යයෙන්ම තුන්වරක් පොදු අපේක්ෂකයා වියහැකියි නේද? (නි)
ආණ්ඩුවට බැන බැන හිටි අපේ අම්මා මේ පාර විදුලි බිල දැකලා මහින්ද මහත්තයාටමයි දෙන්නේ කියලා කියනවා. ජයවේවා! (නි)
කීපාරක් ඉල්ලුවත් අපිට කමක් නැහැ. හැබැයි තුන්ගුණයක් විතර වැඩි කළ ඇමති මණ්ඩලයක් එහෙම නම් අපිට එපා (නි)
ජනතාව මේ ගැන මුළු හදවතින්ම සතුටු වෙනවා (නි)
ඔබතුමාට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි! (නි)
ජයම වේවා......තෙරුවන් සරණයි. (දී)
තුන්වන වාරයේ දිනන එක නෙමෙයි, දිනලා කරන්න යන වැඩ ටික තමයි වැදගත්. කට්ටිය උඩපනිනවා අසවලා සුදුස්සා කියලා. ඒක හරි. නමුත් තනතුර නිසා රටට සිදුකරන්න පුළුවන් සේවය තමයි වැදගත්. (නි)
අපි ඒක කොහොමත් දැනගෙන හිටියා (නි)
මගේ අදහසේ හැටියට තුන්වැනි වර ඇවිල්ලා මුලින්ම කරන්න ඕනෑ දේ තමයි රාජ්‍ය තාන්ත්‍රික සේවාව නිවැරදි කරන එක. කරුණාකර සුදුස්සන් කවුදැයි හඳුනාගෙන පත්කරන්න. (නි)
මෙම තීරණය ගැන මට පුදුමයක් නැහැ (නි)
මහින්ද රාජපක්ෂ තරම් වෙනත් අසහාය නායකයෙක් මේ වනතෙක් ශ්‍රී ලංකාවේ බිහිවී නැහැ. එම නිසා තවත් වරක් ඔහු ජනාධිපති වියයුතුමයි. අතීතය හැමටම දැන් අමතකයි නේද? (නි)
අනේ, විජේසුන්දර ඒ දෙවියාට සමාන කළ හැකි දෙයියෙක් මෙලොවත්,එලොවත් නැහැ. අනේ! අපේ රටට ඉතින් මේ දෙයියන්වහන්සේ ගේම පිහිටයි!! (අ)
ඔබට සියළු දෙවි රැකවරණයි! (නි)
තුන්වැනි වරට මෙතුමා එන එක අපිට නම් ප්‍රශ්නයක් නෙමෙයි (නි)
ජයවේවා! ඔබගේ ජයග්‍රහණය අපේ පැතුමයි! (නි)
අපි නම් තීන්දුව කලින්ම අනුමාන කළා. ජයවේවා. අපිට දීමනා මදි ඡන්දෙ දෙන්ඩ යන්ඩ, අපි පෞද්ගලික අංශයේ වැඩ. අපිව හැම පැත්තෙන්ම සුරා කනවා. ඡන්දෙට කලින් 50000 බයිසිකලයක් දුන්නොත් ඡන්දෙ වැටෙයි. නැත්නම් ලබු තමා.(ිඅ)
මං හීනෙකින්වත් හිතන්නේ නෑ තුන්වර දිනයි කියලා.(හේ)
පුළුවන්ද බැරිද කියලා ජනතාව තීන්දු කරයි.(හේ)
අපි කොහොමත් දන්නවා තුන් පාරත් ඉල්ලන්න පුළුවන් කියලා.(හේ)
අපි බලමුකෝ මොකක්ද ඉදිරියේදී වෙන්නේ කියලා (නි)
මෙවරත් ජය නියතයි.(හේ)
සියළු බලවේග පරදා අපේ වීරයා ජයමඟ පෙරමුණේ! (නි)
තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණයෙන් සියලුම බාධක ජයගෙන රට රැකගනිමින් සංවර්ධනය කිරීමට ඔබට ඒකාන්ත ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරමි.(හේ)
තිලකරත්න ඉතිහාසය ගැන හොඳින් දන්නවා වගෙයි. (නි)
ඡය වෙිවා.මහ රඡ .අපගේ ආශිර්වාදය ඔබටයි .(දිල්)
ඡයවෙිවා .......මහරඡ.....අපගේ ආශිර්වාදයඔබටයි (අ).
ජනාධිපති මැතිවරණයක් එනවා කියපුගමන් ඉදිරිපත්වෙන්න එන අය ගැන සලකා බැලුවම මොනවවුනත් තවමත් නියම සුදුසුම කෙනා ඔබය, ජයවේවා!....(අ)
ජය වේවා මහා රජාණනි.! (ර)
හැමෝටම ජය වේවා! සුබ ගමනක පෙරනිමිති.... (නි)
රටේත් ජනතාවගේත් ආරක්ෂාවට, ස්ත්‍රී සහ මහජන ප්‍රශ්න වලට අහුම්කම්දෙන අමාත්‍ය මණ්ඩලයකුත් පත්කළොත් ඔබයි සදාකල් අපේ රටේ නායකයා (නි)
රටේ දියුණුව වෙනුවෙන්, සියළු දෙනාගේ යහපත් හෙට දිනය වෙනුවෙන් අපිට ඔබගේ නැවත පත්වීම අවශ්‍යයි (නි)
අපේ ජනාධිපතිතුමා රටට ජනතාවට ද්‍රෝහිව කිසිම වැරද්දක් කරන්නේ නැහැ. ඒ බව දන්නා විරුද්ධ පක්ෂයේ සියල්ලොමත් "තුන්වරක් බැරි" කතාව අරගෙන මාද්‍ය හරහා බය ගැන්වීමක් කරන්න හැදුවා. නමුත් කවුරුවත් අධිකරණයට ගියේ නැහැ. මහජනතාවගේ සැකය දුරු කිරීම ජනාධිපතිතුමාගේ හොඳ ගතියක් නිසා එතුමාම අධිකරණයෙන් ඒ ගැන පැහැදිළි කිරීමක් විමසුවා. අනුර කුමාර දිසානායක මහත්තයා දැන්වත් බොරු වපුරන්ට එපා කියලා මට කියන්ට හිතෙන්නේ මෙන්න මේ වෙලාවටයි. ජනාධිපතිතුමාට ශ්‍රේෂ්ටාධිකරණයෙන් විමසන්නට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නැහැ කිවුව පචය ලත් තැනම ලොප් වෙලා. මෙහෙමත් මිනිස්සුන්ට නායකයෝ කියලා කියනවද අප්පා. (අ)
ජය වේවා! ජය වේවා! (නි)
තිලකරත්නට වර්තමානයවත් පෙනෙන්නේ නැහැ. අනිත් මිනිසුන්ට අතීතය මතක් කරලා දෙන්න හදනවා. (නි)
ඔබතුමාට පුළුවන් තුන්පාරක් නෙමෙයි සියපාරක් වුණත් දිනන්න (නි)
සිංහලයාගේ චින්තනය මේ තරම් ඔද්දල් උනේ කොහොමද කියලා මම මේ කල්පනා කරන්නේ. (බ)
දැන් එහෙනම් අනෙකුත් අපේක්ෂකයන් එක එක්කෙනාට කරන මඩ ගැසිල්ල නවත්වන්න. හැමෝටම තුන්පාරක් පුළුවන් ඇතිනේ. (නි)
වැඩි පිරිසක් මීට වඩා බුද්ධිමත් නිසා කලබල වියයුතු නැහැ කියලයි මම නම් හිතන්නේ (නදී)
රට බේරාගත් අභීත විරුවාණන්ට යළිත් වරක් මේ රට බාරයි (නි)
අපි මේ තීරණය බලාපොරොත්තුවෙන් සිටියා. ඔබට බුදු සරණයි! (නි)
අතිගරු ජනාධිපතිතුමනි, ජයවේවා! අපි ඔබ සමඟයි (නි)
කවුරු ආවත් කමක් නැහැ, අපේ රටට සෙතක් වෙනවා නම් එච්චරයි (නි)
අද නම් මට හරිම සතුටු දවසක් (නි)
ඔබ මෙවර නම් දිනනවා දිනනවාමයි. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.(අ)
රාමා : අනේ අපිට කියන්නකෝ රට දියුණු වෙලා තියෙන්නේ කොහෙන්ද කියා ? හෙට ඉපදෙන්න ඉන්න දරුවා පටන් ලෝකෙට ණයයි කියා ඔබ නොදනිද ?(අ)
ඉහලම ප්‍රතිශතයකින් යුධ බිය නැති කල ජනපති දිනවමු. ජයවේවා! (අ)
දැන් හැමෝටම හරිම සතුටු ඇති (නි)
ඡන්දය ඉල්ලන්නකෝ එතකොට අපි අපේ තීන්දුව හරි පුද්ගලයෙකුට දෙන්නම්. ලංකාවේ ඉන්න දුප්පත් මිනිසුන්ට පරිගණක නැහැ තිබුන නම් කියයි කොහොමද එක වේලක් කාල කහට උගුර බිල දැන් කැලේ දුක විඳ විඳ ඉන්න හැටි(අ)
මේක අපිටනම් ප්‍රවෘත්තියක් නෙවේ. (අ)
මම කැමතියි ඔබතුමා හැමදාටම මගේ රට පාලනය කරනවා නම් (නි)
ඔබතුමා ඉල්ලන්න. ඡන්දය මිනිස්සු දෙයි (නි)
වැදගත්, මහත්මා ගතිගුණ වලින් හෙබි ඔබතුමාට රටේ ජනතාවගේ කැමැත්ත ඉහළින්ම ලැබෙනවා (නි)
ඔබතුමාට අපේ උපරිම සහයෝගය දෙනවා අපි (නි)
අනේ අපොයි කියලා හිතෙනවා සමහර අදහස් දෑක්කහම. (නි)