මලයාසියාවේ සිට සමාජ ජාල වෙබ් අඩවියකින් ජනපති හා අගමැතිට මරණ තර්ජන කළැයි කියන වත්තල වීදියවත්තේ ලක්ෂ්මන්ආරච්චිගේ සුගත් කුමාර ලක්ෂ්මන් මැයි 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (28) නියෝග කළේය.
මලයාසියාවෙන් පිටුවහල් කැරුණු ඔහු කටුනායකදී රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාටම තමන්ගේ අනන්තාවයක් එත මෙසේ විවේචනය කිරීම සුදුසු නැත. (ර)
පොලිසියෙන් කරපු හොද වැඩක්. ඕන මිනිහෙක් තව කෙනෙකුට අපහාස නොකළ යුතුයි. (ර)
අපි මෙතුමාට රජ කාලේ දඩුවමක් දෙමු .ලෝකෙටම පෙන්න මෝඩකම ප්‍රදර්ශනය කලාට එතකොට තවත් මේ වගේ අය ඉන්නවනම් පාඩමක් ඉගෙන ගනීවි. කෙසේ වෙතත් අපේ ජනාදිපතිතුමාට අවමන් කිරිමට කිසිම කෙනෙකුට ඉඩක් නොදිය යුතුයි. වැරදි දේ අපි වරදක් ලෙස දකිම සහ එය නිවැරදි කරවීමට කටයුතු කිරීම අප කාගේත් වගකිමයි. (ර)
එහෙමනම් ඔබාමා කොච්චර මිනිස්සු හිරේ දන්නා ඕනද? (ර)
රටක ඉන්න නායකයට තමන් අකමැති උනත් මෙහෙම බනින්න ලජ්ජා නැද්ද. (ර)
මේක ලංකාවේ ජනාදිපති තුමාට බැනල මෙහෙම ඉන්නවා ... උතුරු කොරියාවේ ජනදිපතිට බැනපු කොරියන් එක්කනෙක්ට මොනාද උනේ තාම දන්නේ නෑ. (ර)
මේකනම් ඉල්ලගෙන පරිප්පු කෑමක්... (ර)
රාජ්‍ය නායකයෙකුට කතාකරන විදියක් තියෙනවා. අනිත් අයටත් පාඩමක් වෙන්න තදින්ම දඩුවම් කල යුතුය. (ර)
මේ වගේ අය එල්ලන්න ඕන. මමත් බැලුව මේ කථා (බ)
මහින්දට අමු කුණුහරුපෙන් බැන්නට කමක් නැත්තද ? (බ)
විඩියෝ එකේනම් කිව්වෙ මෙයා ලක්ෂ දෙකක් පාරට බස්සනවා කියලා. අන්තිමට බලද්දි මෙයාට කවුරුවත් ඉඳල නෑනෙ. (බ)
නීතිය තියෙන්නේ අාණ්ඩුවට විරුද්ධ අයට. විතරයි. (බ)
මෙතන අදහස් දාල තියන හැමෝගෙන්ම අහන්න තියෙන්නේ සිරිසේනට කළොත් විතරද අපහාසේ? (බ)
මැලේසියාවේ විතරක් නොවෙයි ඉතාලියෙත් ඉන්නව අගමැති තුමාගේ හිතවත් අයට දුරකතනයෙන් මරණ තර්ජන කරලා මැසේජ් තියනව අභූත චෝදනා කරලා ඉතින් නුදුරේදීම දවසක ඒ කරලා තියෙන චෝදනා වල සත්‍ය අසත්‍ය භාවය ඔප්පුකර පෙන්නන වෙයි උසාවියේදී (බ)
මොනා උනත් කතා කරන විදියක් තියනවා. එහෙම නැති උනාම මෙහෙම වෙනවා. (ර)
මු අර ෆේස් බූක් එකේ වීඩියෝ 1න් කෑ ගහපු කෙනා වෙන්න ඇති. (ර)
මේ වගේ කිසිම චාරයක් නැති මිනිස්සු නිසා තමයි මහින්ද මහත්තයා පැරදුනේ ... දැන් අඩුගානේ නීතියක් තියනවා රටේ. (ර)
කල්ක්‍රියාව හොදනම් මලයාසියාවෙන් එලවන්නෙ නැනේ. ප්‍රතිපත්ති විවෙචනය කරන එක එක දෙයක් ඒ වුනාට රටක නායකයෙකුට කතාකරන විදියක් තියෙනවා. අනිත් අයටත් පාඩමක් වෙන්න දඩුවම් කල යුතුය. (ර)
මේක කාට කාටත් පාඩමක්. (ර)
නොදැනුවත්කමට ස්මාර්ට් ෆොනේ අහු උනාම ඔහොම තමා.... (ර)
නායකයෙකුට කතාකරන විදියක් තියෙනවා තමා ,එත් අපි අමතක කරන්න හොද නැහැ ,ගරු ජනාදිපතිතුමා තමාව මරන්න ආපු කොටි ත්‍රස්තයයටත් සමාව දුන්නා කියලා. (ර)
රටක ජනපති කියන්නේ ප්‍රදාන පුරවැසියා. ඒ නිසා විවේචනය කලාට තමන් අසීලාචාර නොවී හිටියනම් අද මෙහෙම වෙන්නේ නැහැ. (ර)
අනුන් වෙනුවෙන් කඩේ ගියා බලමු මොහු වෙනුවෙන් කවුද කඩේ එන්නේ කියලා. (ර)
කවුරු උනත් ජාතික නායකයන්ට ගරහන මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ පක්ශ පාට නෙවෙයි ඔවුන් අපේ හිටපු ඉන්න නායකයෝ. (ර)
සුමාල් බම්බුවේ නිතිය, කෝ අර වත්තල ඇවිදින මන්තිරුව කඩන්න කියපු කෙනාට නිතිය. නිකන් චූන් එකට කමෙන්ට් දන්න එපා හලෝ. (බ)
දැන් කට්ටිය කෑගහන්න ගනියි ත්‍රස්තවාදී අයට නිදහස දුන්නනම් මෙආටත් දෙන්න කියලා. කිසිම අනුකම්පාවක් දෙන්න නරකයි තමන්ගේ ජාතිය ගැනවත් හිතුවද මේ වගේ අය තමයි තමන්ගේ පවුලේ කට්ටිය දුෂණය කරන්නේ. ගුටි කන. මුණක් තියෙන්නේ (බ)
අඩු තරමේ වැඩිහිටි කමටවත් සලකන්න මේ මිනිස්සු පුරුදුවෙලා නෑ. (ර)
මුහුණු පොතේ නම් හරියට කොටියෙක් වගේ ගෙරෙව්වා දැන්.... (ර)
පව් කියලත් හිතෙනවා කිසවක් නොදැන වීරයෙක් වෙන්න ගත් උත්සහයක් මොහුට සමාවක් දෙන්න ජනාදිපති තුමනි. (ර)
මේ වගේම මහින්ද මහතාටත් අපහාස කරන අය අල්ලනු. (ර)