“සමහරුන් අද අලුත් පක්ෂ හදන බව කියනවා. හදලා බලමු. ඔවුන් එදා කළ හොර, මැර, වංචා, දූෂණ වල තරම එදාට හෙළි කරනවා. මෙතෙක් කල් හංගාගෙන සිටි රහස් එදාට හෙළි කරනවා එතකොට ඒ ගොල්ලන්ට සිදු වන්නේ පාරේ ඇවිද ඇවිද සිටීම තමයි. අපේ කට්ටියට මම කියන්නෙත් හොරකම් කරන්න එපා. හොරකම් කරන්න දෙන්නෙත් නෑ. හොරකම් කරල අහුවුනොත් අරගොල්ලන්ට වඩා දඬුවම් දෙනවා දෙනවාමයි.“ යහපාලන රජයේ පළමු සංවත්සරය අමතමින් මාතර කොටුවේගොඩ සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ කීවේය.
“සමහරු හීන දකිනවා අළුත් ආණ්ඩුවක් හදන්න. ඒක නම් හැබෑ වෙන්නේ නෑ. සම්මුති ආණ්ඩුව අවුරුදු 5 ම කරගෙන යාම ස්ථීරයි. 2020 න් පස්සේ ආණ්ඩු කරන්නේ කවුද කියලා බලමු.. ඒ ගොල්ලන්ට ඉන්න වෙන්නේ පාරේ ඇවිද ඇවිද ආණ්ඩුවක් ගන්න නම් බැහැ.“ යැයි ද ජනපති කීවේය
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව අමතමින් මෙසේ කීවේය.
අපිට බාර ගන්න වුනේ මහා කුණු ගොඩක්. පවුලේ අයයි, ගෝලයොයි රට කෑවා. එවැනි රටක් තමයි අපට බාර වුනේ. ගිය රජය ශ්‍රී ලංකාව නැති කළා. රට හොඳටම වැටුණා. ජාතික ආණ්ඩුවක් හැදුවේ එසේ වැටුණු රට ගොඩගන්නයි. අද අපි අලුත් රටක් ගොඩනගනවා. එකම රටක් ගොඩනගනවා. යුද්ධයෙන් වැනසුණු රට ගොඩනගාගෙන යනවා. අපේ දෙවැනි සංවත්සරය වන විට රට මීට වඩා හොඳ මට්ටමකට ගෙන ඒමට හැකි වේවි.
(ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක්)
(ඡායාරූප - ශාන්ත රත්නායක)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සර් , ෆයිල් නම් අදින්න එපෝ. මමත් එන්නම් . දෙනවද මටත් රාජ්‍ය ඇමතිකමක් හෝ උපදේශක තනතුරක්. (රේ)
එතකොට ඔබතුමාගේ වටේ ඉන්න කිසිම මැති ඇමති කෙනෙකුට ෆයිල් එකක වත් ඇත්තෙම නැද්ද? . (රේ)
මැස්සෝ ඇහිරෙනවා මිනිස්සු නැහැ හරිම ලස්සන දර්ශනයක්(රේ)
සම්මුති ආණ්ඩුවට වසරයි ! පොන්ගු තමිල් ආයෙත් උතුරේ පටන්ගන්නවා !ඔන්න අපමණ වෙනසක අගය ! (රේ)
අපිට නම් මේවා අහලම එපා වෙලා කටින් බතල කොළ හිටවන කට්ටිය , කියුවේනම් යුරෝපය සල්ලි පොදි බැඳගෙන ඉන්නේ කියල එනකන් දෙන්න යුද්දෙට මහින්ද වුනාට ආර්ථිකයට රනිල් කීවා , හිනාම යන වැඩේ කියන්නේ දහවතාවකට වැඩිය පැරදුන කෙනෙක් කියනවා එකපාරක් පැරදුන කෙනාට පැරදුනානම් ගෙදර යන්නලු (බ)
කෑරගල චීනා, ගෝනවල සුනිල් , මරදන්කඩවල යකඩයා, කළු ඇල්බට් වගේ මිනිස්සුන්ව වීරයෝ කරන කට්ටිය තවමත් අපේ රටේ ඉන්නවා. ඉතින් තවත් මොන කතාද?(රේ)
රනිල් අගමැති තුමාගේ දුරක්දක්නා නුවන නිසා ජනාධිපති බලතල අඩු කරන්න හිතුවේ.එකත් බොහොම හොඳ දෙයක්. ,මේ කතාව හොදටම ඇති යහපාලනය තේරුම් ගන්න .
නීතියක් රීතියක් කියල දෙයක් තියෙනවනම් අලුතින් පක්ෂ හදන්න වෙන්නේ හිරේ තමයි.(රේ)
ඇයි දෙයියනේ මින් පසු ලංකාවේ අලුත් පක්ෂ හදන්න තහනම් ද ? අපිට ලජ්ජා හිතෙනවා අසල්වැසියන්ට මුහුණ දෙන්න. අපි මේ අය සුපිරි සාධාරණයි කියල ගමේ මිනිස්සුන්ට ප්‍රචාරේ කල අය මහින් ද මහත්තය කොච්චාර හොඳද කියල දැන් තමයි තේරෙන්නේ. (රේ)
පොදු අපේක්ෂකයෙක් හදාගත්තෙ කොහොම හරි බලය ලබා ගන්න නෙමෙයිද...? රට හදන්නම නම් පරමාර්ථය ඉතාම හොඳයි.(රේ)
ඔබතුමා බය කරලද දේශපාලන තීන්දු ගන්න හදන්නේ. එතකොට වෙනම පක්ෂයක් හැදුවේ නැත්නම් හොර මැරකම් එළිකරන්නේ නැද්ද? අනේ මන්දා අපිට නම් තේරෙන්නේ නැහැ මේ රටට මොකක්ද වෙන්න යන්නේ කියලා. (නි)
මාත් එක්ක ඉන්නවනම් ඕ කේ.....නැත්නම් හෙළි කරනවා .....කොහොම වටේට ඉන්න සෙනග දැක්කම අපිට යහපාලනය වෙන්නේ මොනාද කියල හිතා ගත්තහැකි...(රේ)
අපෝ ...මෛත්‍රී ඔයාගෙන් මේ වගේ දෙයක් අපි බලාපොරොත්තු උනේ නම් නෑ ...(රේ).
බඩු මිල අඩුද? කාර් ගත්තද? මෝටර් සයිකල් නිකම් ලැබුනද?රු. 50,000 ආපසු දුන්නද? මල්ලිලාට බ්‍රේස්ලට් ලැබුනද? ගොවියට පෝර ලැබුනද? ගොවියට චුවින්ගම් ලැබුනද? ඇමති ගණන අඩුද? හයිවේ අඩුවට හැදුවද? ගොවියට ඩෙනිම් ලැබුනද? රණවිරුවා කාණු හෝදන්නේ නැද්ද? රට ස්වයංපෝෂිතද? (නි)
මෙතන තියන ගැටළුව හොරකම් හෝ වෙනත් දෙයක් නොවේ.ඇත්තම නම් ක්‍රෝදය හා පලිගැනීමයි. අවංකවම බුදුදහමට ගරු කරනවානම් එයින් ඉවත්විය යුතුයි. තමන් නායකත්වය දරණ පක්ෂයට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පක්ෂයක් එක්ක එකතු වෙලා තම සගයින්ට චෝදනා හිරිහැර කිරීමෙන් වෙන්නේ පක්ෂය විනාශ වෙන එකයි. නායකත්වය බලෙන් ගත්තේ නැහැ කීවට ඒ වෙලාවේ දුන් දේ නොගත්තානම් සමහරවිට මේ වනවිට පක්ෂය හොඳ ස්ථාවරයක තියෙන්ඩ තිබුන. දැන් වෙලා තියෙන්නේ පක්ෂය පමණක් නොවෙයි රටත් අරමුණක් නැති ගමනක යාමයි. තීරණ ගැනීමේදී හොදින් හිතා බලා ගන්නවානම් හොදයි. මේ කරන වැඩවලින් අවාසිය වෙන්නේ සිංහල ජනතාවට බව අමතක කරන්න එපා. මෙහි අදහස් දක්වා ඇති හුඟ දෙනෙකුගේ අදහස නම් පක්ෂය රැකිය යුතු බවයි. තරඟ කිරීමට ඇමතිකම හා පක්ෂය හැරදා ගියා වගේ නැවත සිතා බැලීමට කාලය ඇවිත්.(රේ)
“යුද්ධයෙන් වැනසුණු රට ගොඩනගාගෙන යනවා. අපේ දෙවැනි සංවත්සරය වනවිට රට මීටවඩා හොඳ මට්ටමකට ගෙනඒමට හැකි වේවි“ නියම කියමන! ඊළඟ සැරේ අනිවාර්යෙන්ම කිල්ලිනොච්චියේ තමා ඕක තියන්න හොදම තැන කියලා අපිට හිතෙනවා (නි)
මහින්දගේ ඔඩොක්කුවේ ඉදලා, මහින්දටම ගරහනවා . මෙහෙමත් මිනිස්සු. (රේ)
ජනාධිපතිතුමනි, මේක නිදහස් රටක්. ඔබතුමාත් එ්කාධිපති වියරුවෙන් වගේද මේ කතාකරන්නේ? අනේ එහෙම නම් එපා. (නි)
නිල් පාට කොඩි 10 කට වැඩිය නැහැ. කොළපාට බැබළෙනවා. (නි)
ජනපතිතුමනි, පක්ෂය හදනකම් ඉන්න එපා. සතියට එක ගණනේවත් හොරකම් එළිකරන්න. (නි)
කාගෙ කාගේත් මඩිස්සලේ හුණු චුට්ටක් හරි තියෙන්න පුළුවන්. එත් තර්ජනය කිරීම මහත්මයෙකුගේ ගතියක් නොවේ. මොනවා කිවුවත් කලත් මහින්දට තියන ජන පදනම වෙනත් කිසිවෙකුට නැහැ.(රේ)
මහින්ද ෆයිල් හැංගුවේ තම තමන්ගේ උන්නතිය සඳහායි. නමුත් මෙතුමා හදන්නේ එයාලගේ පක්ෂය බේරගන්නයි කියන එක ගොඩක් දෙනෙකුට තේරිලා නැහැ. ජනපතිඳුනි, සැලෙන්න එපා. ඔබේ බලය පාවිච්චි කරන්න. (නි)
ජනපති තුමනි පක්ෂය හදනකම් ඉන්න එපා සතියට එක ගනනේ හොරකම් එලි කරන්න ජනතාවට මතක හිටින විදියට මහින්ද තවමත් යන්නේ නෙළුම් මලෙන් (අ)
දක්වා තියෙන අදහස් අනුව කරුණාකර විවෘත සමීක්ෂණයක් කරලා බලන්න, තර්ජනය නොකර.(රේ)
ඔබ තුමා එකාධිපති වියරුවෙන් පක්ෂ හදනවට බයද (රේ)
ප්‍රභාකරන් මහතා නැවත නැගිටලා කතා කරනවා වගේනේ අදහස් ටික.(රේ)
මොකද්ද එම කතාවේ තේරුම, මෙතෙක් කල් හංගගෙන හිටි රහස් මොනවද? එතකොට කරපු හොර දුෂණ එදාටද හෙහෙලිකරන්නේ ? මොනවටද එහෙම කලේ , එදාට හෙළිකරන්නයන්නේ මොනවද, ඔබ තුමා ශ්‍රී ලංකාවේ ජනාදිපති. මටනම් විස්වාස කරන්න බැහැ ඔබතුමා මේ වගේ දෙයක් කියාවි කියල. වැරදිලා ඔබතුමාගේ කතාව විකුර්තිවෙලාද?(අ)
හොරකම් කලොත් අරගොල්ලන්ට වඩා දඩුවම් දෙනවා. මොනවද අරගොල්ලන්ට දුන්න දඩුවම්? බඩුම තමා (අ)
අලුත් පක්ෂයක් ඇති වුනේ නැතිනම් ඔය කියන වංචා දුෂණ හෙළි වෙන්නේ නැතිද?ඒවා හෙළි වීමටත්, අලුත් පක්ෂයක් හැදෙන්නත් නැකත පැමිණෙන්නේ කවදාද කියා අපි බලා සිටින්නෙමු. (අ)
යු .එන් . පි . එකට කියන්නේ කුලල් කෑවත් මැතිවරණ වලදී .0. තමයි ....(රේ)
\"සමහරුන් අද අලුත් පක්ෂ හදන බව කියනවා. හදලා බලමු. ඔවුන් එදා කළ හොර, මැර, වංචා, දූෂණ වල තරම එදාට හෙළි කරනවා. මෙතෙක් කල් හංගාගෙන සිටි රහස් එදාට හෙළි කරනවා\" මෛත්‍රීපාල ජනපතිතුමනි, ඔබතුමාගේ මේ ප්‍රකාශයෙන් අපිට මතක් වෙන්නේ හිටපු ජනාධිපතිතුමාගේ ෆයිල් කතාව. ඒ නිසා අපිට පෙනී යන්නේ හිටපු ජනාධිපතිතුමාගේත් ඔබතුමාගේ කිසිම වෙනසක් නැති බවත්, තමාගේ වැඩ කර ගැනීමට හොරුන් රකිනා බවත්ය. (අ)
හොඳටම බයවෙලා. කියන්නේ මොනවද කියලා තේරුමක් නෑ වගේ. (අ)
රටේ වෙන වැඩ , පත්තර බලන්නේ නැති නිසා ඔබතුමා දන්නේ නැතිව ඇති (අ)
කොළඹින් බස් කියක් ගියාද ?ඒවා ඔක්කොම පාක් කරලා තිබුනේ පාරදිගට ඇයි ඒවගේ පින්තුර දැම්මේ නැත්තේ ?බත් පැකට් ගන්නනම් බොහොම වියදම් කළා සන්විධායකවරු ලාභ කෑම නෙවෙයි දුන්නේ (රේ)
අනේ මන්දා, දැන්නම් අපි හොඳටම කළකිරිලා ඉන්නේ (නි)
"අපිට බාර ගන්න වුණේ මහා කුණු ගොඩක්. පවුලේ අයයි, ගෝලයොයි රට කෑවා. එවැනි රටක් තමයි අපට බාර වුණේ. ගිය රජය ශ්‍රී ලංකාව නැති කළා. රට හොඳටම වැටුණා. ජාතික ආණ්ඩුවක් හැදුවේ එසේ වැටුණු රට ගොඩගන්නයි. අද අපි අලුත් රටක් ගොඩනගනවා". කම්බා හොරුන්ට දැඩි දඩුවම් දීල ඒ මුදල් රාජසන්තක කරනවා වෙනුවට, අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහල දැඩි දඩුවම් දීම ගැන යහපාලනය වෙනුවෙන් කඩේ ගිය මට තියෙන්නේ පුදුම කලකිරීමක්.(අ)
ෂූ ගාල දෙසීයක් විතර ඉන්නවා. ඒකයි ලොක්කට නැට්ටටම තරහා ගිහින් තියෙන්නෙ(රේ)
මොකටද පක්ෂ හදනකන් බලන් ඉන්නේ දැන් කියන්ඩකෝ දන්නා දේවල් මොකද කටින් බයකරන්නද? හදන්නේ එක පාරක් මෝඩ උනාට හැමදාම මෝඩයෝ කරන්ඩ පුලුවන්ද ?(රේ)
සෙට් එක අවුරුදු 10 කට විතර හිරේ දැම්ම නම් අලුත් පක්ෂ හදන්න වෙන්නේ හිර ගෙදර තමා......(රේ)
අැයි පක්ෂ හදනකන් ඉන්නේ? දැන්ම එළි කරන්නකෝ? කාටද දන්නේ නෑ ඔච්චර බය? රට බාර ගන්නකොට එ්ක කුණුගොඩක් කියල නොදැන හිටියේ කවුද? (අ)
ඔහොම තමි මහින්දත් කීවේ බලමුකෝ වෙනදේමේගොල්ලෝ මොනවද රටට කරලා තියෙන්නේ (අ)
වෙන පක්ෂයකින් ඡන්දෙ ඉල්ලලා ජනාධිපති උනාම කොහොමද නිදහස් පක්ෂේ නායකයා වෙන්නේ ?(රේ)
ප්‍රදාන පක්ෂ දෙක එකට එක්ව ඇතිවූ ආණ්ඩුව ලංකාවට අමුතු දෙයක්. මෙයින් පක්ෂ වලට සීමාවූ පටු දේශපාලන අරමුණු පසෙක ලා රට ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් ලැබෙනු ඇත. (අ)
වහල් කට්ටියට තවම වහල් කම හොඳා කියා සිතෙනවා වගේ (රේ)
ඔබ කියන දේවල් දැන් මිනිස්සු ගණන් ගන්නේ නැ..කොහොමත් අලුත් පක්ෂයක් බිහිවෙනවාමයි..හිතපු තරම් සෙනගත් නැනේ,(අ)
මේ කථාව ප්‍රජාතන්ත්‍රවාදයට මොනතරම් ගැලපෙනවද කියන එක ගැටළුවක්. අනික ඇයි ඔය කියන විදිහේ වැරදි හංගගෙන ඉන්නේ? ඒ සියළු දේ හෙළිකරනවා කියල නේද ඔතනට ආවේ. මේ කථාවේ කියන්නේ ඔය කියන විදිහේ අලුත් පක්ෂයක් හැදුවේ නැතිනම් එම වැරදි තවදුරටත් වසන් කරනවා කියන එක නේද? (අ)
සංදර්ශන නවත්තලා ජනතාවට වැඩ කරන්න. ඒකාබද්ධය නරක නැත (නි)
මේ කතාව නම් ඔබට ගැලපෙන්නේ නැහැ. ඕනෑම අයෙකුට තමන් කැමති ලෙස දේශපාලනය කරන්න අවකාශ තිබිය යුතුයි. (රේ)
කලින් කෙනාට වඩා අලුත් කට්ටිය බලයට පෙරේත වෙලා වගේ පෙනෙන්නේ . ආවේ මොනවා කියලද , මොනවා කරන්නද කියල එක අවුරුද්දෙන්ම අමතක වෙලා වගේ . බලය නැති කරන්න බලයට පැමිණි කෙනෙක් කියන කතාවක්ද මේ .. (රේ)
මෙතන ගොඩක් යට ජනාධිපතිතුමා කිව්ව දේ වැටහිලා නෑ. එතුමාට අයිතියක් තියෙනවා එහෙම කියන්න. පරාද උණු අය කකුලෙන් අදින්නේ නැතුව පැත්තකට වෙලා හිටියා නම් ඉවරයි. (රේ)
මහින්ද නම් බලය නැති උනත් කිසි ප්‍රශ්නයක් නැතුව රටේ හරි ඉන්න පුළුවන් වාතාවරණයක් හදාගත්ත . මේ අයට බලය නැති උනොත් ඉන්න වෙන්නේ ඇමරිකාවට එංගලන්තෙට යුරෝපෙට වෙලා තමයි . (රේ)
මෙයාල ඇයි මෙයාලගේ රැස්වීම වල ගුවන් වීඩියෝ අරගන්නේ නැත්තේ කියල මට නම් පුදුමයි . සමහර විට ගුවනින් වීඩියෝ කරනවා ඇති. පරික්ෂා කරලා බලද්දී මාධ්‍යට දෙන්න ලැජ්ජා හිතෙනවා ඇති . (රේ)
ප්‍රියන්ත, විමලගුණ, රටකට ගිය කලක්! අපේ දරුවන්ට අනාගතයක් තියේවිද මේ විදියට ගියොත්? බලන්න තිබුනා තව අවුරුදු 2 ක් හිටපු අයට බලයේ ඉන්න දුන්නා නම්. (නි)
කලින් කෙනාට වඩා අලුත් කට්ටිය බලයට පෙරේත වෙලා වගේ පෙනෙන්නේ . ආවේ මොනවා කියලද , මොනවා කරන්නද කියල එක අවුරුද්දෙන්ම අමතක වෙලා වගේ . බලය නැති කරන්න බලයට පැමිණි කෙනෙක් කියන කතාවක්ද මේ .. (රේ)
ජයසිරිලා කවදා නිල් කොළ පාට වලින් මිදෙයිද දන්නෙ නැහැ. හැබැයි එකක්. ෆයිල් හංගපු අයට වුණ දේ රහස් හංගන අයටත් වෙන්න බැරි නැහැ. රටට හානියක් වෙලා තියෙනවා නම් එ්වා හෙළිකරලා දඩුවම් දෙන එක තමයි යහපාලනයෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙතන අදහස් දාලා තියෙන බොහෝ අය එක පක්ෂයකට ආදරය කරන අය මිස රටට ආදරය කරන අය නොවීම රටේ අභාග්‍යයයි. (නි)
මහා රජාගේ මේ සැරේ පස්ස විතරක් නොවේ හොම්බම බිම ඇනිලයි නතර වෙන්නේ (අ)
සූ ගාල 200 ක් විතර සෙනඟ කොහේ අයද (අ)
මාතර ජනතාව මහානාම සමරවීර මහතා අගයන පිරිසක්. එජාප ආසනයක් කලකට පෙර රතු බලකොටුවක් සමගි පෙරමුණ සමග එක්ව මුළු දකුණම එක පෙරමුණක හිටියා (රේ)
ඒ කියන්නේ අලුත් පක්ෂයක් හැදුවේ නැත්නම් එදා කළ හොර, මැර, වංචා, දූෂණ හෙළි කරන්නේ නැහැ කියන එකනෙ. (අ)
ඒ කියන්නේ පක්ෂේ ඉන්නකම් හොරකම් හංගගෙන ඉන්නවා කියලද? (අ)
මිනිසුන්ට වඩා පුටුනම් තියෙනවා, අනේ පව්(අ)
වැඩියෙන් ඉන්නේ කාන්තාවන් නේ (අ)
බදු පිට බදු ගහල දඩුවම් කරන්න කරන්න සෙනඟ වැඩියි. (අ)
මටනම් ඔය කියන කිසිම දෙයක් සත පහකට විස්වාස නැහැ.(අ)
මේ සෙනඟ මදිද ? (අ)
ඒක නෙමෙයි, තිලක් ඩුබායි වල ඉඳල කවදද ලංකාවට අවේ?(අ)
ඔය කිසි දෙයක් නැහෙ ජනතා විමුක්ති පෙරමුණට බලය දුන්නනම් . මාස 6 න් හොරුටික අල්ලාවි . (රේ)
නම මෛත්‍රී වුනාට කතාවේ මුල ඉදන් අගටම වෛරය විතරයි..රටක ජනාදිපති කෙනෙක් කිසිම විටකත් නොකළ යුතු තරමේ කතාවක්..රට හදන ඉදිරි වැඩ පිළිවෙලක් ගැන එක වචනයක් කතා කළේ නෑ (අ)
ඔන්න ජනාධිපතිතුමා නියම තීරණයට එළඹුනා, හැබැයි දැනටත් ප්‍රමාද වැඩියි. ඔය තීරණය කලින් ප්‍රකාශ කළා නම් ඒකාබද්ධ විපක්ක්ෂයේ අයගෙන් 90%ක්ම දැනටමත් මැතිඅමති තනතුරු ලබාගෙන ඔබතුමාත් එක්ක. පක්ෂ නායකත්වයටත් අභියෝගයක් නැහැ. එෆ් සි අයි ඩී සහ අල්ලස් දුෂණ කොමිසම් වලටත් ලොකු විවේකයක්. වැට් පනත්, ඉට්කා ගිවිසුම, නව ව්‍යවස්ථා සම්මුතියට විශාල පිටිවහලක්. මෙලහටත් ඒවා ක්‍රියාත්මක වෙලා. ඉතින් තවත් ප්‍රමාද නොවී හෙටම වැඩ අරඹමු, ඒ අයට හැඩ ගැහෙන්න දීපු සහන කාලය හොඳටම ඇති. (අ)
සමහරු දැනටමත් හොරකම් කරනවා බලමු. (අ)
මොකද මේ තරම් ක්‍රෝධ ජනක කතා ප්‍රජාතන්ත්‍ර වාදී නිදහස් රටක ඕනෑම කෙනෙකුට පක්ෂ හදන්නත් පුළුවන් ආණ්ඩු කරන්නත් පුළුවන් මේ ගොල්ලෝ ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් මෝඩකමින් ඉහවහ ගිහිල්ල (අ)
සෙනග මදි වෙනකොට තම පුටු දුන්නේ එතකොට හිදැස් නැතුව වැඩිවෙලා ඉන්න අයගෙන් පිරියනවා නේ........මෙය දන්නවද දන්නේ නැ කිව්වේ මොනාද කියල...........දැන් පිස්සු වගේ (අ)
අහෝ කේදයකි යහාපලට කඩේයන බව තිලක් -ඩුබායි ප්‍රකාස කරාල ,මේ දේ තමයි මම අවුරුදු 2ක් තිස්සෙම කිවේ.(අ)
අරවින්ද දන්නා තරම.පක්ෂ දෙක එකතු වුණේ කරගන්න බැරි වෙන බව දන්නා නිසා.2002 වුණ දේ මේ පාරත් වෙනවා කියල දන්නා නිසා.එ්ක තමා අපුගමන්ම ජනාධිපතිගේ තටු කපල එ්ක කරන්න බැරි විදියට හදාගත්තේ .අනික දෙකම එකතු වුණම කන්න ලේසි නේ.හොයන්න කෙනෙක් නෑ නේ.මිනිස්සු හිතන්නේ මේ රටට ආදරේට එකතු වුණ කියල (අ)
ඩුබායි තිලක්ටත් මොනවදෝ කැවිලා වගෙයි. නීතියක් තිබෙයි නම්, අලුත් පක්ෂ හදන්නේ හිරේදී නම්, බණ්ඩාරනායක මහතාවත් හිරේ දානවාද? 1952දි යුඑන්පී එකෙන් අයින්වෙලා අලුත් පක්ෂයක් හැදුව නිසා. (නි)
ඔබ තුමාට භයක් එහෙම නැතිනම් පළාත් පාලන සභා ඡන්දෙ පවත්වන්නකෝ (අ)
මේ තර්ජන වලින් ප්‍රජාතන්ත්‍රය මර්දනය කිරීම යහපාලනය නොවෙයි ජනාධිපතිතුමනි. (අ)
මේවා බොහොම බාල බොළඳ කතා කියලයි අපිට නම් පෙනෙන්නේ. ඔබතුමා එකාධිපති වියරුවෙන් මේ කතාකරන්නේ. ඕනෑම අයෙකුට තමන් කැමති ලෙස දේශපාලනය කරන්න අවකාශ තිබිය යුතුයි. (රේ)
ඒ කියන්නේ මුළු රටම දැනගතයුතු රහස් ඔබතුමන්ලාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදාගන්නවා කියන එකද? (නි)
මේ පාලනයෙන් මේවගේ දේවල් තමයි බලාපොරොත්තු වියයුත්තේ. හොරු ඉන්නවා නම් පක්ෂ හදනකන්ම ඉන්න ඕනෑ නැහැ අල්ලන්න. (නි)
අපිට දැන්නේ තේරුනේ (නි)
මහින්ද රාජපක්ෂ මහතාණෙනි, ඔබතුමා අභියෝගය බාරගෙන මේ රට නැවත නිදහස් කිරීමට අලුත් පක්ෂයක් හැදිය යුතුයි. (නි)
වෙනස ඒකාධිපති වියරුව (රේ)
අයියෝ අපේ බලාපොරොත්තු! (නි)
තර්ජනාංගුලිය ඔසවා ඇති හෙයින් වහාම අවි පහත හෙළා නිහඬ වනු! (නි)
අපක්ෂපාතීව අදහස් දක්වනවා නම් පසුගිය රජය බොහෝ අපරාධ කළ බව ඒකාන්තයෙන්ම ඇත්ත. නමුත් මේ යහපාලන රජය ඊටවඩා ලංකාවට හානිකරන බව මට නිසැකයෙන්ම කිවහැක. (නි)
අපි කවදාවත් මෙවන් වෙනසක් නම් බලාපොරොත්තු වුණේ නැහැ (නි)
අයියෝ මේ මොනවද මේ කියන කතා? (නි)
ආණ්ඩුවට කකුල් මාට්ටු දාන්නේ කවුද කියලා දැන් අපි හොඳට හඳුනනවා (නි)
ජේ ආර් සිදු කළ දේශපාලන ප්‍රතිසංස්කරණ නිසා රටට අත්වුණ ඉරණම එක අතකින් ඛේදජනකය. එසේ වුව ඔහු රාජ්‍ය බලය අතට ගන්නේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධ යෙන් පූර්ව සූදානමකිනි. ඒ සඳහා සකස් කරගත් න්‍යාය පත්‍රයක් ඔහුගේ අතේ තිබුණි. ඉතා කෙටි කාලයක් තුළ ඔහු තමන්ට අභිමත වෙනස්කම් සිදු කළේය. ඒ සඳහා ඔහු ප්‍රබල කැබිනට් මණ්ඩලයක් පත් කර ගත්තේය. ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය පිරික්සන විට ප්‍රබලම චරිත මුණ ගැසෙන කැබිනට් මණ්ඩලය ජේ ආර්ගේ කැබිනට් මණ්ඩලයයි. ඒ කැබිනට් මණ්ඩලය විශාල යයි ද කිසි විටෙක පැවසුණේ නැත. ජේ ආර් රට අනෙක් පැත්තට හැරවීමට ඒ කැබිනට් මණ්ඩලයෙන් සමත් වන්නේය. එනමුදු මෙරටේ පවතින සංකීර්ණ හා සංවේදී ගැටලු අබිමුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පවා අද විදහාපාන්නේ හිතින් හිතා ගන්නටවත් බැරි අන්දමේ ආධුනික බවකි. එය අතිශයින් කනගාටුදායකය. ඔවුන් දෙදෙනාම රාජ තාන්ත්‍රික පරිනත බවක් නොපෙන්වයි. . ජේ ආර් ගේත් සිරිමා බණ්ඩාරණයක ගේත් තිබු පරිනත බව අදවන විට වෙන කිසිවෙකු වෙතින් දක්නට නැත. කඩා වැටුණු ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා යන්නට තිබෙන දුෂ්කර ගමනට, මොවුන් දෙදෙනාටම නිසි සැලසුමක් තිබුනේ නැත.තිබුන එකම දෙය රාජ්ජය බලය ලබා ගැනීමයි.ඒ කෙසේ උවද ලබාගත් දෙය හොදින් ඉදිරියට පවත්වා ගැන යාමටනම් නිසි අර්ථ ශාස්ත්‍රඥයන්ගෙන් අවශ්‍ය ආලෝකය ලබාගත යුතුමය. මාර්ගෝපදේශ නොලබා හිතුවක්කාර ලෙස දිගු ගමනක් යන්නට උත්සුකවීම අනතුරුදායකය.ජනාධිපතිවරයාගේ මේ බොලද ප්‍රකාශයද හිටපු ජනාධිපතිතුමාගේ ෆයිල් කතාවට වඩා වෙනසක් නැත (රේ)
ඇත්ත ඇති සැටියෙන් හෙවත් යථාර්ථය දකින්න හැකිවන තාක්කල් අන්ධානුකරණයෙන් ගැළවෙන්න බැහැ. පුද්ගලවාදින්ට සත්‍ය නොපෙනේ. එමනිසා පුද්ගලයෝ, පාට, පක්ෂ කරේ තියාගෙන යන්නේ නැතුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අයුරු බලා ඒ හා කටයුතු කරන්න පුරුදු වෙන්න. එය නැණවතුන්ගේ ලක්ෂණයයි. (නි)
හොරකම් වල රහස් හංගගෙන ඉන්නවා කියන්නේ තමනුත් හොරකමේ කොටස්කාරයෙක් වීම නොවේද? හොඳයි අපිට අහන්න තියෙන්නේ එහෙනම් යහපාලනේ ඉන්න සමහර හොරුන්ගේ රහස් කවදාවත්ම එළිකරන්නේ නැද්ද..? එයාලා නිදොස්කොට නිදහස්ද? (නි)
හොඳයි එහෙනම් කරලා බලමුකෝ (නි)
ඔබතුමා කවුද කියලා හොදටම පේනවා දැන්. ඇත්තටම අපි හිතුවා සෑහෙන වෙනසක් කරයි කියලා. වෙන කාටවත් දේශපාලන පක්ෂ හදන්න බැහැ. හිස නවාගෙන මෙතුමලා ළඟම ඉන්නද ඕනෑ? (නි)
මිනිස්සුට බලය ලැබුනහම කරන්නේ මොකද්ද කියන්නේ මොනවාද කියලා තේරෙන්නේ නැහැ (නි)
මේකද යහපාලනයේ ප්‍රජාතන්තවාදය? (නි)
මේ කතාව ගැන අපිට නම් ඇත්තටම ලැජ්ජයි (නි)
ජනාධිපතිවරයෙක් කියන කතාවක්ද මේ ? මෙයාට පක්ෂව වැඩ කරනවානම් සේරම හොර වැඩ හන්ඟනවලු. මෙයාට අවාසි වෙන වැඩක් කලොත් විතරක් හොර වැඩ එළි කරනවලු. ඒ කියන්නේ මෙපමන කලක් මෙයා ඇත්ත හංගා ගෙන හිටියා කියන එකද?(රේ)
රැස්වීමේ සෙනග නැති එක ඇත්ත. ඒ වුනාට රටේ නායකයට ඔහොම මළ පනින එක සවුත්තුව නේද? (බ)
අලුත් පක්ෂ හැදුවත් නැතත් අපි නිදහස් පක්ෂයට දෙන්නෙ නැහැ ඡන්දෙ. පක්ෂයක් නැත්නම් නිකන් ඉන්නවා. (නි)
මොකද මන්දා මේ විදියට කතා කරන්නේ (නි)
බීරන් සහ ගොළුවන් ඉදිරිපිට මේ කියන කතා දැන් ඇති ගරු ජනාධිපතිතුමනි (නි)
ඇයි මේ බයවෙලා? පවු! සෙනඟත් ගොඩක් ඉන්නේ (නි)
කරන්න හදන දේ හරි.(හේ)
ඉක්මනට අලුත් පක්ෂය හදන්නකෝ (හේ)
අයියෝ මොකද මේ බයවෙලා? (නි)
මෙතුමලාගේ පක්ෂය මොකක්ද කියලා මට තේරුම් ගන්නට නොහැක. (නි)
රටකට ගිය කලක්? අපේ දරුවන්ට අනාගතයක් තියේවිද මේ විදියට ගියොත්? (රේ)
ඉතා සරල බුදු වදනක් මතක් කිරීමට කැමැත්තෙමි. "වෛරයෙන් වෛරය නොසන්සිඳේ'. හොරුන්ගේ රහස් එදාට එළියට දානවා කියනවා වගේ ප්‍රකාශ බොහොම බාල බොළඳ කතා කියලයි අපිට නම් පෙනෙන්නේ. මෙවැනි කතා "උඩ බලාගෙන කෙළ ගැසීමක්" වැනියි නේද? (නි)
ලොක්කට හිටන්. පාගමනට බයවෙලා.(රේ)
මහින්ද රාජපක්ෂ මහත්තයා දෙවැනි පාලන සමයේ වැරදි කළා තමයි. එ්ත් එතුමා අපේ අතිඋතුම් ජන්ම භූමිය අපට හතුරුකම් කරන රට වලටවත් රට ඇතුළේ ඉන්න ජාතිවාදීන්ටවත් කවදාවත් පාවා දුන්නේ නැහැ. (නි)
අපි නම් ඉතින් ගණන් ගන්නේ නැහැ බයට කියන කතා (නි)
විනාශ කාලේන විපරීත බුද්ධි කියන කතාව මතක්වුණා (නි)
නීතියට අනුව කෙනෙක් කළ වරදක් දැන දැනම සඟවා සිටීම වරදක්. ඒ වගේම තමන් එය දන්නා බව ප්‍රසිද්ධියේ කීම සහ එම වරදට දඬුවම ලැබීම හෝ නොලැබීම බාහිර හේතු මත රඳා පවතින බව ප්‍රකාශ කිරීමත් නීතියේ ආධිපත්‍යයට කරන ලද අපහාසයක් නේද? (නි)
එදා කළ හොර, මැර, වංචා, දූෂණ කිසිවක් මෙතෙක් ඔප්පුකර නැති නිසා ඔවුන් හොරු යැයි කීම සුදුසු නැත. ඔවුන් ගැන දන්නා ඉතිරි රහස් හංගාගෙන සිටීමද සුදුසු නැත. අලුත් පක්ෂයක් හදනතෙක් බලාඉන්නේ කුමටද සියලු දේ වමාරන්න (නි)
ගරු ජනාධිපතිතුමා අර්ථ ශාස්ත්‍රය පොත කියවනවා තබා නිකමටවත් දැකලා නෑ වගේ . කෝ නායකත්ව ගුණාංග?.(රේ)
මේකේ කමෙන්ට් දාන අය දෙපැත්ත බෙදිලා මරා ගන්නවා ,එයාලා එකට එකතු වෙන්න අවේ නැත්නම් එලි කරනවා කියනවා .ලජ්ජා නැතිව ලබන පාරත් තමන්ට උදව් කරන මොකෙක් හරි කෙනෙකුට කතිරේ ගහල එනවා (රේ)
කාට කාටත් වැඩි කල් නොගිහින් පාරක් පාරක් ගානේ ඇවිදින්න වෙයි ළඟදීම, මගේ රටට කරපු සහ කරමින් සිටින විනාශයට වන්දි ගෙවන්න (නි)
මේ ප්‍රධාන පක්ෂ හා උන්ට හවුල් පක්ෂ රට දැයට ආදරේ නැහැ සබැ ලෙසම ,මේ සියල්ල්ලොම සිංහල ජාතිය ඔට්ටුවට වඳ කලා. 71-88-89 . මේ සියලු පක්ෂ වලින් තොර අලුත් පක්ෂයක් බිහි වෙන්නමයි ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක අලුත් පක්ෂ සැදිය නොහැකිද යන මේ පැනය? මම විමසමි. (රේ)
තිලක් ඩුබායි, කළකිරිලා නම් ඩුබායි වලටම වෙලා ඉන්න. (නි)
මේකත් හරියට අර “අත් ඔසවා යටත් වෙනු. නැත්නම් වෙනදේ බලාගත හැකියි“ කියනවා වගේනේ (නි)
සහල් ඒකාධිකාරයක් ගැන නරක කතාවක් තියෙනවා ජනපතිතුමනි. එ්කත් ටිකක් ඔයගමන්ම හොයලා බලන්න (නි)
ජනාධිපති මේ වෙලාවේ විශාල වරදක් කරනවා , මේ කරන ලද හොරකම් ගැන දැනගෙන සිටියත් නිහඬව සිටියේ ඇයි?හොරු, වංචා, දුෂණ වලට කිසිම සමාවක් නැහැ කියල නේද ඔබ තුමා කිව්වේ. ඇයි මෙච්චරකල් මේ අය ආරක්ෂා කලේ ඔබලාගේ පක්ෂයට අඩු පාඩුවක් වන නිසාද දැන් මේ වැනි ප්‍රකාශ කරන්නේ ඔබ තුමා කල්පනා කාරී විය යුතුයි , (රේ)
මම හිතන්නේ නිවැරදිම දේ හරියටම කියල තියෙන්නේ උපාලි (රේ)
මේවායේ තේරුම මොකක්ද? තමන්ට පක්ෂව ඉන්නවා නම් ඕනෑම දෙයක් හංගන්නම් කියන එකද? (නි)
ඔබතුමා කියන විදියට මේක යහපාලනයක් නොවේ. වැරදි කළ අයට දඬුවම් දෙන බව කියලා ඔබ ඡන්දය ගත්තේ. ඔබට පක්ෂ නම් දඬුවම් නොලැබන බවද මේ කියන්නේ? (නි)
ඔය ෆයිල් වගයක් ගැන තවත් එක්කෙනෙක් මහා ඡන්දෙ කාලේදී කිය කියා හිටියා නේද? එයාගෙන් ෆයිල් ටික ඉල්ලාගත්තා නම් වැඩේ හරියටම කරන්න තිබුනනේ. කාලය කා දමන්නේත් නැතුව. (නි)
රට තුළ පවතින සැබෑ තත්වය පැහැදිලිව දන්නේ රට තුළ ජීවත්වන අපය. දේශපාලකයින් ජනයා තවදුරටත් මෝඩයාට අන්දවමින් ඔවුන්ව පළිහක් සේ යොදාගෙන කරන මේ වැඩ සැබෑවටම අප්‍රසන්නය (නි)
පක්ෂ දෙකම එකතුවෙලා තියපු මේ මහා රැස්වීමට ඉන්නේ පුදුම සෙනඟක්නේ. අනේ....අපොයි! (නි)
හොඳටම බයවෙලානේ... ඇයි මේ? (නි)
එහෙනම් අහවලා යද්දී අරගෙන ගියා කියන ෆයිල් ටික ජනාධිපතිතුමා අතට පත්වෙලා වගෙයි. ඒක නම් හොඳ ලකුණක්. හොරකම් කරපු අපේ සල්ලි කන්දරාව ආපහු ගන්න තිබෙන මේ අවස්ථාව නම් මඟහරින්න එපා ජනපතිතුමනි (නි)
අනේ මන්දා මොනවා කරන්න යනවද කියලා (නි)
කෝ අනේ සෙනඟ. මෙහෙම කරනකොට සෙනඟ එයිද? (නි)
ඔබතුමා පක්ෂය වෙනුවෙන් හොරුන් බේරාගන්න ගිහින් රටට කරන්නේ මහා අහිතකර දෙයක්. මේ ක්‍රියා ඔබ වෙතම ආපසු හැරී එනු ඇත. පක්ෂයක් හදන්න දෙන්න. එතකොට හොරුන් ඉබේම පරාජවෙලා නැතිවී යයි. (නි)
මොවුන්ට ඇති ජන පදනමක් නැහැ. මිනිසුන්ට තර්ජනයකොට බියගන්වා පාලනය කළ නොහැකියි. රටේ නායකයා පත්කරන්නේ ජනතා ඡන්දයෙන්. කොහොමද එය නවත්වන්නේ? කවුද බලයක් දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්න. (නි)
හොඳටම බයවෙලා. මේ ප්‍රජාතන්ත්‍රවාදයද? (නි)
මේ වගේ රටක් පාලනය කරන, උගතුන් ඉන්න දේශයක අපි ඉපදෙන්න ගිය ආත්මයේ සෑහෙන පව් කරලා තියෙනවා කියලා හිතෙනවා දැන්නම් (නි)
ඔහොම කිවුවට චණ්ඩියෙක් වෙන්න බැහැ. ඒ වගේම අපි බය වෙන්නෙත් නැහැ (නි)
අනේ ජනාධිපතිතුමනි, තමන්ගේම පක්ෂයේ මිනිසුන්ට පාඩමක් උගන්වනවා කියන්නේ යූඑන්පී රැස්වීමකට ගිහිල්ලද? නිදහස් පාක්ෂිකයෝ පුදුම සන්තෝෂ ඇති මේ නායකත්වයට (නි)
ඉදිරියේදී ස්වේච්ඡා නව දේශපාලන පෙරමුණක් බිහිවෙනවා ඇත (සියලුම ජාති ආගම් වලින් සහ උගත් බුද්ධිමත් පිරිසකගෙන් සැදුම්ලත් ) (නි)
ප්‍රීතියි, ප්‍රීතියි , ප්‍රීතියි... උදේ පාන්දරම ජනමත විචාරණයක ප්‍රතිඵල දැක්කා වගේ දාලා තියෙන අදහස් ටික දැක්කම. (නි)
මේක බැලුවහම මට මතක් වෙන්නේ සිංහල පන්තියේ ඉගෙනගත් උපමාවක්. "පිරුනු කළේ දිය නොසැළේ" (නි)
හොඳටම බයවෙලා කියලා නම් පේනවා අපිට (නි)
මට නම් හිනාව නවත්වා ගන්න බැරිවුණා මේ කතාව අහලා (නි)
දැන්මම හිට්ලර් කෙනෙක් වෙන්න හදනවද? ඔය කළා කියන හොරකම් සිදුවෙනකොට එළියට නොබැස්සේ ඇයි එදා? පක්ෂයක් හැදුවොත් ඡන්දය දෙන මිනිසුන්ට මොනවා කරන්නද? හැකිනම් අඩුම වශයෙන් පළාත් පාලන ඡන්දයක් හෝ තබන්න. (නි)
නායකයෙක් වුණාම උගත්කමක් තියෙන්නම ඕනෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලකළ මරු පහරක්. එතුමලාට එකට ඉඳලා හොරෙන්ම මාරුවෙලා ගිහින් වෙනත් පක්ෂයකින් ඡන්දෙ ඉල්ලන්න පුළුවන් නම්, ඇයි අනිත් අයට බැරි අලුත් පක්ෂ හදන්න? (නි)
නමටයි තනතුරටයි නොගැළපෙන කතාවක් බවයි මට හිතෙන්නේ. සංවර්ධන වැඩපිළිවෙල ගැන එක වචනයක්වත් කතා කළේ නැහැනේ. සංවර්ධනය කියලා අදහස් කරන්නේ මහින්දට අපහාස කරන එකටද. ඊට එහා සංවර්ධනයක් ගැන දන්නේ නැහැ කියලයි දැන්නම් හිතෙන්නේ. (නි)
ඒක හොඳයි. ඔබතුමා දැන් පත්තරේ බලන්නෙත් නැතුවා වගෙයි අපිට හිතෙන්නේ. අර උතුරෙයි නැගෙනහිරයි පන්සල් ටික අයින්ම කරලා දාමු නේද? හමුදා කඳවුරුත් තේරුමක් නැහැනේ. යුද්දෙත් නැති එකේ හමුදාවක් ඕනෑම නැහැනේ. (නි)
ඔය රතු එළි වලට අපි දැන් බයවෙන්නේ නැහැ (නි)
අනේ ඔබතුමන්ලා ඡන්දයක් තියන්නකෝ. අපි නම් ලෑස්තියි. අපේ ගමේ උන්දැලා පොලු එහෙම තියාගෙන ඉන්නේ සළකන්න. (නි)
අපි ඉන්නේ මහින්ද සමඟයි. මහින්ද තමයි මිනිසා. මහින්ද තමයි නායකයා. මහින්ද තමයි සැබෑම ශ්‍රී ලාංකිකයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකුණේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නිසයි. (නි)