හිටපු ජනපති කාර්ය මණ්ඩලය භාවිතා කළ වාහන ගැන හොයන්න පේන අහන්න සිදුව ඇති බවත් ඒ ගැන ගාල්ලේ සුමනදාසගෙන් හෝ අහන්නට සිදුවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දි කීවේය.
අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හිටපු ජනාධිපතිවරයා විසින් පරිහරණය කළ වාහන පිළිබඳ කරණ ලද විමසීමකට පිළිතුරු දෙමිනි.
“රජයේ නිලධාරියකු වුවත් තම තනතුරු වලින් ඉවත්ව යනවිට පරිහරණය කළ සියළු දේ බාර දි යනවා. මේ හිටපු ජනාධිපතිතුමාගේ වාහන ගස් ගල් යටින් ගරාජ් යටින් ලැබෙන්නේ ඇයි. එතන වාහන කොපමණ තිබුණාද ? ඒවායේ ලිපිගොනු නැද්ද ?“ දිසානායක මන්ත්‍රීවරයා විමසුවේය.
වික්‍රමසිංහ මහතා එය පිළිතුරු දුන්නේ වාහන ගැන නිසි ලේඛණ නැති බව පවසමිනි.
‘‘වාහන හැමතැනින්ම ලැබෙනවා. අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ වාහන කීයක් තිබුණා ද කියා. වාහන සීයක් ද ? දාහක් ද ? ලක්ෂයක් ද ? කියා කිසිකෙනෙක් දන්නේ නැහැ. අපි හැමෝම එකතුවෙලා මේවා හොයන්න ඕනෑ. මේ වාහන ගැන ලිපිගොනු නැහැ මන්ත්‍රීතුමෝ. පේනයක්වත් අහන්න වෙනවා. නැත්නම් අර සුමනදාසගෙන් අහල බලමු “ යැයි ද අගමැතිවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අපේ අර යෝගීතුමාගෙන් අහන්නකො. (නි)
සුමනදාසය ජනපති ලගට ළං උනේ එයා මල්ල තරකරගන්න. ජනපති තුමාත් ජනතාවට වඩා සුමන දාසයගෙ බේගල් විශ්වාසකරලා. අවු 2 කට කලින් ජනපතිවරණය තිබ්බා. ඊට වඩා නරකද ඒ වසර දෙකත් රට දැහැමින් කරලා ජනතාවට සහනය දිලා ඡන්දයකට ගියා නම්. එතුමා අදත් ජනපති. (නදී)
සුමනදාස ළඟ මහින්ද මහතාගේ වාහන කීයක් තිබුණද කියලා අපි තාම දන්නෙත් නැති එකේ එයාගෙන් පේන අහන්න ඕනෑද? (නි)
හැබැයි ඇහුවා නම් එයා කියයි හරියටම (නි)
අපේ බන්දුල පෙරේරා පඬිතුමා දන්නවා ඇති මේ පිළිබඳ සියලු විස්තර. (නි)
මෝඩ මිනිස්සු යන්නේ කොහෙද මල්ලේ පොල් අදහස් දාන්නේ. අවුරුදු 20 ක් විතර පරණ කතා ඇදගෙන අද ඇති ප්‍රශ්නයට උත්තර සෙවීම යටගහනවා. බටලන්දක් දැන් හොයන්න ගියාම මේ කෝටි ගණනක නාස්තිය ගැන හොයන්නේ කොහොමද? (නි)
අදටත් සංස්ථා, කාර්යාංශ වල ලොකු ලොක්කෝ අසීමිතව රජයේ වාහන, ඉන්ධන පාවිච්චි කරනවා තමන්ගේ පුද්ගලික පරිහරණයට. මේවාත් එකතු කරලා බැලුවාම මහා පරිමාණ දූෂණ. ඒවාත් හොයලා බලන්න. ඒවාත් රටේ දුප්පත් මිනිසුන්ට සහනයක් දෙන්න පුළුවන් සම්පත් තමයි. (නි)
ප්‍රනාන්දු, ඔබ හරියටම හරි. ඔය කියන කට්ටිය මොන රජයකන් ආවත් පෙරලුන පැත්තට හැරිලා තමන්ගේ වරප්‍රසාද හා අයිති නැති වරප්‍රසාද කිසිම අඩුවක් නැතුව භුක්ති විඳින අය. සෘජුවම දේශපාලනය නොකරන නිසා කැපිලා පේන්නෙත් නැහැ. හැබැයි රටේ සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින්නේ මොවුනුයි. මෙය සැඟවී ඇති ලොකු ප්‍රශ්නයක් රටේ තිබෙන. (නි)
ප්‍රනාන්දු හරි. ජනාධිපතිට වඩා වාහන පාවිච්චි කරන "රථගාය" තියෙන නිලධාරින් තමයි වැඩිහරියක් අපේ රටේ ඉන්නේ. ඒවාත් හොයන්න කියලා නව ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. නොසිතන ගානක් ඉතිරි කරගන්න පුළුවන්වෙනවා සහතිකයි. එක මාසයක් හරියට අධීක්ෂණය කරලා බලන්න. (නි)
සුමනදාසටත් රාජ්‍ය බැංකුවක සභාපතිකමක් දිලා තිබුනනේ. එයා වාහන කියක් පාවිච්චි කළාද දන්නේ නැහැ. අනේ රටට වෙලා තිබුනු විපතක මහත? (නි)
සුමනදාස මොකක්ද දන්නේ නැහැ සමත්වෙලා තිබෙන ලොකුම විභාගය? අපිට දෙන්න ඉතින් රස්සා කොහෙද? සුමනදාසලටනේ බැංකුවල රස්සා දීලා තිබිලා තියෙන්නේ. (නි)
දින 30ක් ඉවරයි. තාම කිසිම ප්‍රගතියක් පෙන්නලා නැහැ . තවම හොරබඩු හොයනවා විතරයි හම්බුවෙලත් නැහැ . කහ කුඩුයි කොත්තමල්ලියි ගණන් අඩුවෙලත් නැහැ දින 100 න් එහාට යන්න කල්පනාවක් නැහැ වගෙයි.(නදී)
රාජ්‍ය ආයතන වල රියදුරු මහත්තුරුන්ගෙන් ඇහුවා නම් කියයි කොච්චර රජයේ වාහන අයතා ලෙස නිලධාරින් පාවිච්චි කරනවද කියලා. (නදී)
ඇයි රනිල් මහත්තයෝ එල්ලාවල මේධංකර හාමුදුරුවන්ගේ බෙන්ස් කාරෙක හෙව්වා ඔය වාහනත් හොයන්නකෝ . සමහර විට ඔබතුමාගේ රථ ගාලේ තිබිලා හම්බු වෙන්නත් බැරි නැහැ. දැන් වත් විකට වැඩසටහන් නවත්වලා ජනාධිපති තුමාට උදව්කරන්න. (නදී)
ඔය වාහනත් අර ලැම්බෝගිනියි, හෙලිකොප්ටරුයි වගේ වාහනද දන්නේ නැහැ. (නි)
දැන් දැන් ගොඩක් දෙනාට අර මතක නැතිවෙන ලෙඩේ හැදීගෙන එනවා වගෙයි (නි)
අගමැතිතුමනි, අපේ රටේ සිදුව ඇති සියලු වංචා සහ දුෂිත වැඩ කර රටේ මුදල් කොල්ලකෑ හොරු ටික අල්ලා නීතිය ඉදිරියට පමුණුවන්න. ඔය වාහන වලට වැයකළේ අපේ මුදල්. තවත් ඔවැනි දුෂිත වැඩවලට ඉඩදෙන්න ජනතාව සුදානම් නැහැ. අවුරුදු 19 කට පස්සේ බලය ආ අවස්ථාවේ, වරද්දාගන්න එපා. බලය තාවකාලිකයි. (නි)
විමල් , විකටයන් මතක්කර ගන්න ඕනෑ ඕන නම් පසුගිය මැතිවරණ වේදිකා දිවා රාත්‍රී ස්මරණය කරන්න. ඔයගොල්ලන්ට බොහොම අමාරුයි සමහර උපාසක අප්පුලාගේ වැරදි මතුවෙනකොට. (නි)
පැතුම් , බැංකු වල රැකියා වලට ඔයගොල්ලන්ට සුදුසුකම් තිබුනත් කොහේ ලැබෙන්නද? ඒවා ඔක්කොම අසවල් අයටනේ. ඈනුම් යවමින් ඉන්න හැටියෙන්ම පේනවා කොහොමද පත්වුණේ කියලා. (නි)
මේ ප්‍රශ්ණය විසදන්න නව අගමැතිට බැරිනම් ඡන්දෙන් වෙන කෙනෙක් පත්කරමු. (නදී)
මහජනයා පත්කළ අගමැති නෙ මේ . විහිළු කාරයෙක් . (ස)
වයිකෝ ගේ ගෙදර උන්දෑව අපි පත් කර ගමු. (ස)
ගනන් ගන්න එපා 88-89 නැති උන රත්තරන් බඩු, හැදුනුම් පත් ගැනත් කියපු දේවල් බොරු උනේ (නදී)
ඇත්ත එළි වෙද්දී කාටත් හිතට අමාරුයි (දිල්)
දේශපාලනයම කළා මිසක් ජනතාවගේ බදු වලින් ගත් වාහන ටිකවත් ලේඛනගත කරලා නැහැ (නි)
රනිල් සහ මහින්ද අතර ලොකු අවබෝධයක් තියනවා . වාහන හම්බවුණාට කිසි කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නෑ නේද මේ වෙනකල් (දිල්)
ජනවාරි 9 වෙනිදා උදේ පාන්දරම රනිල්ව අරලිය ගහ මන්දිරයට ගෙන්න ගත්තේ මෙවැනි දේ කරන හැටි කියන්න වෙන්න ඇති. (නදී)
මම නම් හිතන්නේ සුමනදාසගේ අනාවැකිය වැරදියට ගියේ මහින්ද මහතාගේ ප්‍රධාන කථිකයාගේ හරි උපන්දිනය සහ වේලාව නොදන්නා නිසා ඇතිවු ගැටලුවකින් බවයි (නි)
ගාල්ලේ සුමනදාසගෙන් අහලා වැඩක් නැහැ. පේන කියන්න සුදුසුම කෙනා හිටපු අගමැති. (නදී)
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන නිලධාරීන් කියලා තිබුන සියලු වාහන කාටද නිකුත් කරලා තියෙන්නේ කියලා ලේඛන වල තයෙනවා කියලා. ඔබේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව පිළිගන්නේ නැතිව පේන අහන වගේ බොලඳ වචන කීම ඔබට අගමැති වශයෙන් කැතයිනේ. (නදී)
අගමැතිත් දැන් විහිළු කරන්න පටන් අරන් හැබැයි පාර්ලිමේන්තුව විහිළු සපයන තැනක් නොවේ (නදී)
තමන්ගේ කාර්යාලයට අයත් වාහන ටිකවත් ලේඛනගත කරන්න බැරි උන ලේකම්ලා හැට හුටාමාරක් හිටපු කාර්යාලයක් නේද මේක ? කාර්යාල කළමනාකරණය බින්දුවටම බැහැලද තිබුනේ (නදී)
පවතින රජය මෙතරම් අසරණ මොකද? වග කිවයුතු කෙනෙක් ඇත්තෙම නැද්ද? නැත්නම් ප්‍රස්ණය යටගහන්ඩද කල්පනාව? (නදී)
"රනිල් ජෝක් " (නදී)
මහින්දගේ වාහන ගැන කියනකොට මහින්දගේ හරකුන්ට කුලප්පුව හැදෙනවා (නදී)
හරි එතකොට හම්බුන වාහන ජනාධිපති කාර්යාලයේ කියල අඳුනගත්තෙ කොහොමද? හම්බ උන ඒවාට විතරද ලිපි ගොනු තිබ්බේ? ලිපි ගොනු වල තියන ඔක්කොම හම්බුණා නම් තව හොයන්නේ මොනවද? ඔය පෙන්නන වාහන ජනාධිපති කාර්යාලයේ කියල හරියටම කියන්න බෑනේ එහෙනම් (නදී)
වාහන ටික තොග පොත් වලට ඇතුල් නොකළ ලේකම්ලා ඔපිස් වල මගුල් නැටුවද? (නදී)
රටේ නීතිය විහිලුවකට අරගෙන තියෙන බවයි මේකෙන් පේන්නේ. අගමැති තුමෝ ඔනෑම රජයේ දේපලක් බඩු වට්ටෝරු ලේඛනවල සදහන් කරන්න ඕනා. බඩු වට්ටෝරු ලේඛන නඩත්තු කිරීම නිලධාරීන්ගේ වගකීමක්. ඒ රාජකාරී හරියට කරල නැත්නම් ඒවාට දඩුවම් කරල මහජන දේපලවලට මොකද වුනේ කියල හොයන්න. විහිලු කතා කියන්නේ නැතිව. (නදී)
සත්‍යා, ඔයාගෙ ප්‍රශ්ණය ගැන කනගාටුයි. සැකයක් හරි මොනයම් හෝ දෙයක් තියෙනවනම් පැමිනිල්ලක් දාලා නීතිමය වශයෙන් කරගන්න. මඩ ගැසීම ඉතා පිලිකුලෙන් හෙලා දකිමි. අගමැතිතුමා ඒකෙන් නිදොස් කොට නිදහස් මම දන්න විදියට. (නදී)
සත්‍යා. ඔයාගේ අම්මගෙන් අහල බලමු බටලන්ද ගැන (නදී)
සත්‍යා, බටලන්ද පිළිබඳව චන්ද්‍රිකා ආණ්ඩුවෙන් කොමිසන් පත්කරලා රනිල් නිර්දොෂ උනා. නමුත් පහුගිය ආණ්ඩුව කොමිසන් වාර්තාව ඇයි හෙලිකලේ නැත්තේ? (නදී)
කිව්වොත් කියන්නේ රට්ටු හිනස්සන කතාවක්. බටලන්ද , අතුරුගිරිය ගැනත් පේන අහමුද? (නදී)
රාජ්‍ය පාලකයන්ට අවශ්‍ය ලෙස කටයුතු කළ ප්‍රවාහන නිලධාරියාගෙන් විමසන්න. මහින්දට අනුයුක්ත කළත් වාහන භාරව රජයේ නිලධාරියෙකු සිටිනවා. වාහන පිළිබඳ විස්තර හා ලිපිගොනු නැත්නම් ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කරන්න. ජවිපෙ හා යූඑන්පී මාධ්‍ය සංදර්ශන මගින් ජනතාව නොමග යවනවා. (නදී)
බටලන්දේ එක ගැන ඉස්සර රජයෙන් ඇහුවා මතක නැද්ද ? (නදී)
ගරු අගමැතිතුමනි, මෙවැනි ප්‍රකාශ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කොට ඔබගේ සාමාන්‍ය දැනීමේ අගය රටටටම ඉදිරිපත් නොකරන්න. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ නව පත්වීම්ලද රාජ්‍ය සේවකයන් වැඩ බැරි දාසලා ලෙස ඉදිරිපත් කිරීම නවතන්න. මෙම කාර්යාලයේ රථවාහන භාරව සිටි නිලධාරියා (ප්‍රවාහන අධ්‍යක්ෂක) හා දැනට එම තනතුර දරන නිලධාරියා සතුව සියලු විස්තර පවතියි. මීට අමතරව ඔබතුමාට නියම ආකාරයෙන් විස්තරයක් අවශ්‍ය නම් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමාගෙන් හෝ බස්නාහිර පළාත් සභාවේ අදායම් බලපත් අංශයෙන් ලබාගත හැක. (නදී)
අගමැතිතුමාත් මාර ජෝක් දාන්නේ නේද.? එක අහල ඉල අැදුනා අප්පා (නදී)
සත්‍යාට මතක නැති වුනාට මට නම් මතකයි බටලන්ද ගැන ඔක්කොම නඩුව ඇහුවා රනිල් මහත්තයව උසාවි ගෙනෙල්ලා. චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ ඒක උනේ. එ් වෙලාවේ සත්‍යා කොහෙද හිටියේ ? ළමයි ගැන අහන්න තිබුනනේ (නදී)
සත්‍යා, ඔබ පසුගිය කාලේ අවුරුදු ගණනක් නිදාගෙනද හිටියේ. (නදී)
අනේ එයාලගේ අනාවැකි! (නි)
බටලන්දේ උන දේවල් ගැන කාගෙන්ද මහත්තයෝ අහන්න ඕනේ. අපේ ළමයත් එ්කට අරන් ගියා . ඒ ගැනත් පැමිණිල්ලක් දාන්න බැරිද ? (නදී)