ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා හින්දු භක්තිකයන්ගේ පූජනීය සතකු වන ගවයා පිළිබඳ උත්සවයකදී අදහස් දැක්වීය. ගව ඝාතනය මෙරටින් තුරන් කිරීමට පිටරටින් ගවමස් ගෙන්වීමට මුදල් ඇමැතිවරයාට යෝජනා කරන බවත් ජනපති කී අතර පිටරට මැරවත් මෙරට මැරුවත් සත්ව හිංසනයට තමා විරුද්ධ බවත් මස් නොකන බවත් ජනපති එහිදී අවධාරණය කළේය.
එම කතාව දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම සඳහා පරිවර්තකයකු එහි සිටි අතර ඔහු දෙමළ භාෂාවෙන් කීවේ ජනපති ගවමස් නොකන බවයි. ‘නාන් ඉරච්චි සාප්පට නල්ල‘ ඒ ඇසූ ජනපති කීවේ තමා ගවමස් පමණක් නොව කිසිම මසක් නොකන බවයි. (ඉරච්චි නෙමෙයි හැම මසක්ම) වහා තම වරද නිවැරදි කරගත් පරිවර්තකයා වඩාත් උස් හඬින් ජනපති කී දේ යළි අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාපාල මහත්තයෝ, සිරිමල් කියන කතාවේ ඇත්තක් නැතුව නෙමෙයි. අද කිසිම මසක් හෝ සත්ව ආහාරයට නොගන්නා පිරිසක් බවට බටහිර ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් තිබෙනවා. (නි)
අපේ ජනාධිපති තුමා ගවයින්ට ගොඩක් ආදරෙයි. ඒ නිසා අපේ රටේ ජනතාව එතුමාට ආදරෙයි. මෙච්චර ගවයන් වෙසෙන රටේ ඉන්දියන් ට්‍රැක්ටර් ආනයනයත් නවත්වන්න ජනාධිපති තුමෙනි. (අ)
මස් කන එක නැති කරන්න ලේසිවෙන්නේ නැහැ. එ්ත් හරක් මරණ එකට මමත් විරුද්ධයි. හේතුව ගවයා කියන්නේ කිරි අම්මා වගේ සතෙක්. අඩුම තරමේ මරණ ක්‍රමය හෝ වෙනස්කරන්න: ඔලුවට මිටියෙන් ගහල දසවද දීල මරණ එක පාපයක්. (බ)
පිටරටින් හරක් මස් ලංකාවට ගේන්නේ ලංකාවේ මරන්න පවු නිසානේ. එතකොට එල්ලුම් ගහට නියමවෙලා ඉන්නේ මීටත් වැඩිය තිරිසන් වැඩ කළ අය? මේ අයවත් මැදපෙරදිග රටවල් වලට යවලා දඬුවම් දෙන්න ගිවිසුම් ගැහුවොත් නරකද? (නි)
පොඩි අතපසු වීමක් වුණා (බ)
කරුණාපාල මහත්තයෝ, සිරිමල් කියන කතාව හරියට කියවා බලන්න. බටහිර රටවල සමහරුන් මස් පමණක් නොවේ කිරි සහ කිරි අනුසාරයෙන් නිපදවන ආහාර පවා ගන්නේ නැහැ. ඔවුන් ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ "වීගන්" යනුවෙන්. බුදු දහම ගැන අවබෝධයක් නැතත් ඔවුන් සත්වයන්ට බෙහෙවින් අනුකම්පා කරනවා.එහෙත් මාංශ වෙළඳාම තහනම් කිරීමට හෝ සත්ව ඝාතනය තහනම් කිරීම ලොහසිපහසු ක්‍රියාවක් නොවේ. ඊට වඩා ලෙහෙසියි දුම්බීම තහනම් කරන එක. (නි)
ජනාධිපති බලතල අනුව ලංකාව තුළ ගව ඝාතනය එක රැයකින් නවත්වන්න පුළුවන්නේ. ඉති ඇයි ඒක නොකරන්නේ ? (බ)
සත්තු මැරුවේ නැත්නම් සත්තු වැඩිවෙනවා. (නි)
පිටිගල මිලානෝට පුදුම කලබලයක්නේ තියෙන්නේ (නි)
පිටිගල, ඒ කාලේ එහෙම කළාට යහපාලනය එක රැයට එහෙම කරන්නේ නැහැ (නි)
අපේ ජනපති ඔබයි. සැබෑ රජෙක්. ලක්දිව ශ්‍රේෂ්ඨම රජු ඔබ ලෙස ඔබ ඉතිහාසගත වනු ඇත. මම හරක් කීප දෙනෙක් නිදහස් කර තිබෙනවා. ඒ සතුන්ගේ ඇස් වල තිබෙන වේදනාව බය මම හොඳින් දැක තිබෙනවා. සාදු සාදු !! ඔබ සැබෑ බොදු බැතිමතෙක්. (නි)
මොහොමඩ් සහෝදරයා, වැරදියට තේරුම් ගන්න එපා. මට හිතෙන දේ මම කියන්නේ. වැරදි නම් නිවැරදි කරන්න. මට හිතෙන්නේ මුස්ලිම් ආගමේ හලාල් නොකර මස් කෑම තහනම් කළේ මස් කෑම සීමා කිරීමට යෙදු උපක්‍රමයක් ලෙසයි. මස් කඩෙන් අරගෙන එන ගවයෙක් ආපසු ඒ පැත්තට අරගෙන යන්න බලන්න. ඌ බිම නිදා ගන්නවා. ඒ සතාටත් මරණ බය දැනෙනවා. කතෝලික ආගම බහුලව පවතින රටවල පවා අද සත්ව ඝාතනයට විරුද්ධව ජනතාව පෙළගැසෙමින් සිටිනවා. (නි)
ඒ කියන්නේ ජනාධිපති තුමාට දෙමළ භාෂාවත් පුළුවන්ද?(හේ)
පිටිගල, එහෙම කළාම හරක් මස් කන, මස් පිණිස හරකුන් මැරීම පවක් නොවන අයට කරන අසාධාරනයක් නේද? (නි)
අපෙ ආදීවාසින් වනයේ සතුන් දඩයම් කර මස් කෑවේ නැද්ද? මස් නොකන කෙනා ඒවා නොකා ඉඳීවි. මස් කන කෙනා ඒවා කාවි. ඕවාට වැඩිය විසඳන්න කොයිතරම් දේවල් රටේ තිබෙනවද? (නි)
ඔබ මස් නොකෑම අගය කරනවා (නි)
මම නම් කියන්නේ ගව ඝාතනය, කුකුළන් ඝාතනය හා මත්ස්‍ය ඝාතනය යන සියල්ල නැවැත්විය යුතුයි. මොකද ගවයාට වඩා වැඩි ගණනක් කුකුළන් හා මත්ස්‍යයන් ලක්ෂ ගණනින් දිනකට ඝාතනය වෙනවා. (නි)
ඉති ඇයි ඒක නොකරන්නේ පිටිගල එතකොට මොහොමඩ් ලගේ චන්දයට මොකක්ද වෙන්නේ (රේ)
නූතන සමාජයේ ගවයින් වර්ග දෙකක් ඇත. ඒ සිව්පා හා දෙපා ගවයින්ය. (නි)
හෆීල්ගේ කතාවට මගේ උත්තමාචාරය! මිනිසත්බව ලද ඔබ ඇයි මළකුණු කන්නේ? (නි)
මේ අය කරන්නෙම ඇදගන නාන එකමයි.(ම)
බුදු දහමේ කියන්නේ ‘පර පණ නොනසන්නේ, ඝාතනයට අනුබල නොදෙන්නේ‘ කියායි. ඉතින් මාංශ අනුභවය ඝාතනයට අනුබල දීමක් නෙවේද? ගවයාට කළගුණ සැලකීම පිණිස සිංහල ඔබ ගවමස් නොකන්නේ නම් එය වෙනම කතාවක්. එහෙත් ගව ඝාතනය නවත්වන ලෙස බල කිරීමට අයිතියක් හෝ ඇත්තේ ජනපති මෙන්, සියලු මසින් වැළකී සිටින බෞද්ධයකුට හෝ අන්‍යාගමිකයකුට පමණයි. (බ)
අනේ,සිරිමල් මල්ලි කිසිම මසක් නොකන සමාජ සම්ප්‍රදාය තියන ඒ බටහිර රට මොකක්ද කියලා අපිට කියන්නකෝ...වැරදිලාවත් මැස්සෙක් වත් වත් මරන්නේ නැති, බහුතරයක් මදුරුවන් පවා ආදරයෙන් ඇති කරන, මස් හා මාළු ඉතාම අවම මට්ටමකින් අනුභව කර පින් පිණිස වැඩිපුර හොදි පමණක් ආහාරයට ගනිමින් ඉතාම අල්පේච්ච දිවියක් ඉතාම දැහැමින් ගත කරන අපි හැර වෙනත් ජනතාවක් මේ පොළෝ තලය මතුපිට සිටීද? (බ)
අපි නොදන්න රගපෑම් (ම)
ඇයි මේ කවුරුවත් අනෙක් සතුන් ගැන කතා නොකරන්නේ? (නි)
මම හිතන්නෙත් රෙජී සිඩ්නිගෙ කතාව හරි. මස් කන අයට කන්න කියලා, නොකන අයට නිකන් ඉන්න කියලා, බලධාරින් රටේ අනිත් වැදගත් ප්‍රශ්න වලට අත ගැහුවොත් හොඳයි. (නි)
මුශ්‍යය ශාක භාක්ෂකයකු සේම මාන්ෂ භාක්ෂකයකු ද වේ. මාන්ෂ්‍ය අනුභව නොකර පරම්පරා ගණනක් ගෙව්නොත් ඔවුන් මතක ශක්තිය අඩු ය විය හෙක. කිසිම සතකු දඩයම් කල නොහැකි ලංකාවේ අනවශ්‍ය සතුන් වැඩි වීම සම්බන්ධව එනම් වල උරන්,කිඹුලන් ගේ වර්ධනය ගොවි ජනතාවට බලවත් හිරිහෙරයක් වී ඇත. (අ)
පොළොන්නරු යුගයේ සතුන් වෙනුවෙන් ඉදිවුණ වෙනම රෝහල් පවා තිබුනා. (නි)
මේක හරිම විහිළුවක්,(බ)
අද බටහිර රටවල කිසිම මසක් අනුභව නොකරන එක සමාජ සම්ප්‍රදායක් වෙමින් පවතිනවා. අපේ රටේ මේ සම්ප්‍රදාය පැවතුනේ 2500 වසරක ඉතිහාසයක ඉඳලා. ඒ කාලේ මේ බටහිර රටවල් සත්තු මරාගෙන කෑවා. අද මේ රටවල් ශිෂ්ටසම්පන්න වෙනකොට අපි ගල් යුගයට යමින් ඉන්නවා. (නි)
ශ්‍රී ලංකාවේ පෝෂනය සඳහා මස් නොකෑවට ඕනේ තරම් දේවල් මිලත් අඩුවෙන් ගන්න තියෙනවා. හින්දු ළමයින්ට කවදාවත් මස් දෙන්නේ නැහැ. ඒ ළමයි මෝඩයෝ වෙලාද? (බ)
මිනිසුන් නැමැති සතුන් අඩු අප රටේ, සතුන් නැමැති සතුන් වැඩි අප රටේ, සතුන් සතුන්ව මරාගෙන කෑවාට කුමක් සිදුවේද?
ගමගේ ගේ කතාව හරි, හාල්මස්සෙක් වුණත් ජීවිතයක්! (ම)
නිවන් සුව ! (බ)
මස් කන නොකන් එක තමන්ගේ පුද්ගලික වැඩක් , එකට අනික් අය කලබල වෙන්න ඕනේ නෑ. (අ)
දැන් කාලේ සමහරු සත්තුත් හිතාගෙන ඉන්නේ මනුෂ්‍යයෝ ජිවත් වෙන්න ඕනා මේ සත්තු කියන විදිහටයි කියලයි. ඕකනේ ප්‍රශ්නේ? උත්සවයක් දවසට ගව මස් ටිකක් කෑවත්, බලු මස් නම් කන්නෙම නැහැ. ඒ හින්ද ඒ අය ඒ ගැන වැඩිය කලබල විය යුතු නැහැ. (අ)
හරක් මස් විතරක් නෙමෙයි, පුලුවන් නම් අනෙක් මසුත් ආනයනය කරන්න බලන්න. (නි)
මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සුන්ට උල් දත් ස්වභාවයෙන්ම ලැබිලා තියෙන්නේ ඇයි කියලයි. (ර)
කිසිම සත්ව කොට්ඨාශයක් තම වර්ගයාගේම මස් නොකන බව සහතිකයි. මමත් නිතරම ගවයින්ගේ අදහස් වලට හා සිතුම් පැතුම් වලට ගරු කරන මස් නොකන කෙනෙක්. ඔවුන් හා අප සැමදෙනාම මෙලොව සතුටින් සිටිය යුතුයි නේද? ඉතින් ඇයි මේ මිනිස්සු ගව ඝාතනය කරමින් තමන්ගේම පරපුර මෙසේ විනාශ කරගන්න දඟලන්නේ? (නි)
ඉල්ලුමට තමයි සැපයුම.... කිසිම සත්වයෙක් නිකම් මරන්නේ නෑනේ කව්රුත් ගන්නේ නැත්නම්... සියලුම දේනා මස් මංස කන එක සුරා පානය නතර කලොත් ඔය කවුරැත් ඕනේ නෑ ඕව නතර කරන්න... ඉබේටම අඩු වෙලා යයි (අ)
යන්නේ කොහෙද මල්ලෙපොල් නොවැ ගමගේ උන්නැහේ (බ)
මොහොමඩ් ගේ ඡන්ද ටික ගන්න ගිහින් තමයි රටට මේ වල කැපුනේ. (බ)
එතකොට වගා ආරක්ෂා කරන්න කෘමියෝ මරණ එක ....මදුරුවෝ බෝවෙන තැන් විනාශ කිරීම ...(බ)
මුස්ලිම් ඡන්ද ටිකත් නැති කර ගන්න දගලන්නේ. (බ)
අනේ මන්දා, නායකයට කරන්න , කියන්න වෙන කිසිම වැඩක් නැතුව වගේ දසත් රණසිංහ හරි (බ)
වෙච්ච දෙයක්.(හේ)
මෙතන කාටවත් හරි දේ තේරිලා නැති පාටයි. (නි)
චන්දන කොලුවා විතරයි විද්‍යාත්මක පැත්තෙන් උත්තරයක් හොයන්න මහන්සිවෙලා තියෙන්නේ. මානව විද්‍යාවට අනුව උල් දත් පිහිටන්නේ මාංශ භක්ෂක සත්ත්වයින්ට. කෘෂිකාර්මික භෝග වගාවට මිනිසා අවතීර්ණවූ යුගයේ සිට මාංශ භක්ෂණයට වඩා ධාන්‍ය සහ එළවලු ගින්නෙන් පිස කෑමට වැඩියෙන් පුරුදු වීම හේතුකොටගෙන පරිණාමවාදයේ නියමයන්ට අනුව දත්වල උල් ස්වභාවයත් ආමාශයේ ජීරණ පද්ධතියත් මාංශ අනුභවය පහසුවෙන් කළ නොහැකි ආකාරයට පරිනාමය වී ඇත. (බ)
සචිත්‍ර මහත්තයෝ, නිකම් බොරු කතා වපුරන්න හදන්න එපා. අපිට කන්න තියෙන්නේ, මසුයි, මාලුයි, මැල්ලුමයි, බතුයි උනාට ඔය කියන බටහිර රටවල අයට කන්න ඕනා තරම්, චීස්, හැම්, බේකන්, කිරිවලින් නිෂ්පාදිත කැම වර්ග ඕනෑතරම් තියනවා. හැබැයි ඒ රටවල අය අපි කන විදිහේ අව්වට තැම්බෙන්න හා ප්‍රදර්ශනයට මැස්සන් හා දුවිලි වදින්න ගාත් පිටින් එල්ලා තබා ඇති අපිරිසිදු හා ප්‍රමිතියෙන් තොර මස් නම් කීයටවත් නොකනවා ඇති තමයි. ඉතින් මහත්තයෝ නිවනට හරි සුවර්ගයටම හරි ඔච්චරටම යන්නම ඕනාම නම්, පොල් සම්බෝලෙකට තව එලවලුවකුත් එකතු කරගෙන බත් ටිකක් කෑවා නම්, ඉවරනේ. මෙතන තව බොරුත් කියලා පව් පුරෝ ගන්නේ නැතිව. (ර)
මෙහෙම ගියොත් අපිට කන්න ඉතුරු වෙන්නේ ඉබි මස් තමයි. මමත් මස් කෑම නැවැත්තුවා. (නි)
ඉන්දියාව තමයි ලෝකයේම වැඩියෙන්ම හරක්මස් පිටරට යවන්නේ. (නි)
අපේ රටේ දැනට පවතින වඩාත් දැවෙන ප්‍රශ්නය මෙයයි! කරන්න ඕන තරම් දේවල් අඩු මිලට ඉන්ධන ලෝක වෙළඳපොළටත් වඩා අඩුවෙන්, ඉතින් තව වෙන මොනවද මේවා කියා කියා ඉන්නවා ඇරෙන්න? (බ)
පිටරටින් මස් ගෙනෙන කොන්ත්‍රාත් එක කොහොම වෙයිද දන්නෙ නැහැ (නි)
මෙය උතුම් ආදර්ශයක්. අද කී දෙනාටද මස් නැතුව වේලක්වත් කන්න පුළුවන්? (නි)
මේවට කවුරුත් වැඩිය කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)
ඕවා කරන්න පුළුවන් වැඩද? හරකුන්ගේ ප්‍රශ්න වලට වඩා මිනිසුන්ට තිබෙන ප්‍රශ්න ගැන හොයලා බලලා වැඩකළොත් නරකද? (නි)
ගව ඝාතනය නොකරනවා නම් හොඳයි. ඒත් ලංකාවෙ සාමාන්‍යයෙන් හරක් 5000 ඝාතනය කරනවා නම් මාසෙකට 150000 වෙනවා. අවුරුද්දට 1800000 වෙනවා. උන් පැටව් දාන එකත් එකතුකරද්දි අවු 10කින් ලංකාවෙ ජනගහණයට වඩා හරක් ගහණය වැඩිවෙනවා. එතකොට වගාපාලු කරනවා. ඒවට මොකද කරනනේ? (නි)
මස් නොකෑවට මිනිසුන්ට කෑමට වෙන ඕනෑතරම් දේ තිබෙනවා. ලෝකයේ ශක්තිමත් සතුන් බොහොමයක් මස් නොකති. (නි)
බුදු හාමුදුරුවන්ගේ කාලෙත් සතුන් මරන එක තිබිලනේ. ඇයි ඌරන්ට නිදහසක් නැද්ද? (නි)
කලබල වෙන්න එපා. හරක්මස් රපිටරටින් ගෙන්වනවලුනේ (නි)
ලංකාවේ දුප්පත් දරුවන්න්ට පෝෂණයක් ලැබෙන්නේ ඉඳලා හිටලා හරි මස් හරි මාළු හරි ටිකක් බඩට වැටුනොත් තමා. (ර)
එතුමාට සියළු භාෂා ගැන දැනීමක් තිබෙන නිසා හොඳයි (නි)
මස් නොකා ඉන්න තරමට ලෙඩ අඩුයි (නි)
ජනපතිට හිස නමා ආචාර කරමි (නි)