මහ බැංකු අධිපතිගේ ධුර කාලය ජුනි 30 වැනිදායින් අවසන් වන බව දැන දැනත් එම තනතුර සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුව තවමත් අපහොසත් වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද මරදාන සීඑස්ආර්හිදි පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
පුරවැසි බලය සංවිධානය එම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
තිස්වැනිදායින් හිටපු මහ බැංකු අධිපතිගේ ධුරකාලය අවසන් වූ බැවින් මේ වන විට එම ධුරය හිස්ව පවතින බවත්, පැය කිහිපයක් ඇතුළත අධිපතිවරයකු පත් කරන බව බදාදා පැවසුවත් බ්‍රහස්පතින්දා වන විට එය දින කිහිපයක් දක්වා කල් ගොස් තිබූ බවත් ස්ටාලින් මහතා කීවේය.
මීට පෙර මහ බැංකු අධිපතිවරුන් මෙන් දේශපාලන පත්වීමක් නොකර සුදුස්සකු වහා එම තනතුරට පත් කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ සහ දිලිප් රෝහණ මහත්වරු ද මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඇඟේ ලේ රත්වෙනවා මේවා දකිද්දී (නි)
අර “වෙලේ සුදා, කන්ගැට්ටා“ මට මතක්වෙනවා. රට යන හැටියට ගැළපෙන්නේ මේ වගේ මිනිස්සු. (නි)
ස්ටාර්ලින් මහත්තයෝ, තේරෙන්නේ නැත්ද මේ තෙපරබාන්නේ මොකටද කියලා. (නි)
බාලගිරි දෝෂය අද නොවෙයි හෙට... (නි)
"ලංකා ගුරු සංගමය" කියන්නේ මහ බැංකුවේ කටයුතු ගැන අධීක්ෂණය කරන්න තියන සංගමයක්ද?? (නි)
අනේ මන්දා මොනවද කියලා මේ රජයේ කතා (නි)
මහින්ද මහතාණෙනි, සූදානම් වෙන්න. වාරය පැමිණ තිබේ (නි)
පැයකට දින කීයද කියලා තමයි දැන් අහන්න වෙන්නේ... (ර)
සමහරු දැන් වෘත්තිය සමිති අධිපතිලා වගෙයිනේ හැසිරෙන්නේ (නි)
බදු ගහන එක ගැන, ඖෂධ ප්‍රතිපත්තිය ගැන, කුඩු ගැන, පලිබෝධනාශක ගැන මොනවද ඒ දවස් වල කිව්වේ? (නි)
කියන දේවල් වෙන්නේ කොහොමද දැන් වෙන දේවල් දිහා බලනකොට (නි)
බන්දනය තදයි. ඒ නිසා හිතුමතේ වැඩ කරන්න බැහැ. (ම)
රනිල් ඉස්සර වුණොත් හරි නැත්නම් 2004 දේ වෙයි (බ)
අපි දන්නේ නෑනේ යහපාලන පැයකට විනාඩි කියක් තියෙනවද කියල..ඒ නිසා මොනවත් කියන්න බැහැ..(බ)
රටේ හැම දෙයක්ම දැන් මෙහෙම තමා! එය අරුමයක් නොව යහපාලනයයයි සිතමු! ලිචඡවී ක්‍රමය ටිකක් පරක්කු වෙනවා, මොකද හැමෝගෙම අදහස් ගැලපෙන්න එපැයි (බ)
මහින්ද මොනවා කළත් කොන්දක් ඇතිව වැඩ කළා (බ)
මහින්ද මහත්තයාගේ අගය නොදන්නා අයට ඔහොම වෙලා මදි. තවත් රට සොබාව ධර්මය දඬුවම් කරයි. (නි)
අනේ රටට යන කලක්....! අරහේ සීසීටීවී දානවට ගුවන්තොටුපලේ රාජකාරි කරන අය විරුද්ධ වෙනවා. මෙහෙන් මහබැංකු අධිපති පත්කරගන්න බැරුව ලතවෙනවා. (නි)
එ් පැය ඉලාස්ටික් වෙන්න ඇති (නි)
මහින්ද ගැන දැන්ද වැටහෙන්නේ? තව තව වැටහෙයි පහු පහු වෙනකොට. (නි)
කිසියම් හේතුවක් නිසා අමතක වෙන්න ඇති. (ර)
වැඩ කරන්න පළපුරුද්ද තියෙන්න ඕන. (ර)
එහෙම කිවුවද කියලා දන්නේ නැතිව ඇති, මේ පත්තරේ බැලුවම දැන ගනියි? (ර)
අර සොඳුරු ආඥාදායකයාට නම් අපි මීට වඩා කැමතියි (නි)
ලංකා ගුරු සංගමයට ඇති කැක්කුම විය යුත්තේ දරුවන්ට නිවැරදි විෂය සහ අධ්‍යාත්මික ඉගැන්වීම. (ර)
පිටසක්වල ඔරලෝසුවට අනුවද වැඩ කරන්නේ? (නි)
කොටස් වෙළඳපලට වගේම අන්තර්ජාතික වෙළදාමට මෙය අහිතකර ලෙස බලපාන්න පුළුවන් නේද? (ර)
ඔය දෙන පොරොන්දු ඔක්කොම ඡන්දෙට කලින් දුන් පොරොන්දු වාගෙමයි, ගොඩක් බලාපොරොත්තු තියා ගන්න එපා, අපි ඡන්ද දායකයා තමා සැමදා රැවටෙන්නේ... (ර)
මහින්ද මහතා කවදත් කොන්ද කෙලින් තියාගෙන තීරණ ගත් කෙනෙක්. (ර)