‘ලෝකයේ කිසිම රටක ජනාධිපතිවරයකුගේ නිල කාලය අවුරුදු හයක් නැහැ. මා ජනපති වූ වහාම ජනපතිගේ නිල කාලය අවුරුදු හතර දක්වා අඩු කරනවා.‘ යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වැලිවේරියේදී පැවසීය.
ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ නායක තුෂාර ලියනගේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිලන්ත පෙරේරා සහ ව්‍යාපාරික බන්දු ලියනගේ මහත්වරුන් විසින් මෙම රැලිය සංවිධානය කර තිබිණි.
‘ අපි හදන අලුත් ආණ්ඩුවේ පළමු තැන දෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ බඩගින්න නිවන්නයි. ඒක තමයි අපේ ආණ්ඩුව කරන පළමුවන කාරණය. මේ රටේ තරුණ පරපුර අද අසරණ වෙලයි ඉන්නේ. නව තාක්ෂණයත් එක්ක යන මේ තරුණ පරපුරට ඉදිරියට යන්න ප්‍රවේශයක් අද නැහැ. අපි ඒ සඳහා මංමාවත් විවර කරනවා.
සමහරුන් කියනවා මා බලයට ආවොත් නැවත යුද්ධය එනවලු. මේ රටේ දේශපාලන අස්තාවරත්යක් ඇති වෙනවලු. දේශපාලන අස්ථාවරත්වයක් දැනුයි ඇතිවෙලා තියෙන්නේ. එක පවුලක් විසින් සියල්ල පාලනය කරන නිසයි දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙලා තියෙන්නේ. මා කිසි දිනක නැවත යුද්ධයකට ඉඩ තියන්නේ නෑ. නැවත එල්ටීටීයට හිස ඔසවන්න දෙන්නේ නෑ. යුද්ධය නිමා වෙන අන්තිම සති දෙකේ මේ රටේ ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළේ මමයි. මා කොටි බෝම්බ පහකට ලක්වෙලා තිබෙනවා.‘
වැලිවේරිය, රතුපස්වල, ඌරුවල, නැඳුන්ගමුව යන ප්‍රදේශ වල ජනතාව විශාල පිරිසක් මෙයට සහභාගී වුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද සම්පත් මහත්තයෝ, කවුද එහෙම කිව්වේ? මීයක් කඩන්න හදන්නේ අත ලෙවකන්න නෙමෙයිනේ. හැබැයි මීය කැඩිල්ල කෙසේවෙතත් සමහරු 9 වෙනිදාට ගහෙන් පතබෑවෙයිද කියලයි මට බය (නි)
දෙබිඩි කතා නිසා ජනතා විශ්වාසය ගිලිහෙනවා.. කතාකරන්න පෙර සිතා බලන්න. (නි)
විධායක ක්‍රමයත් නිල කාලයත් දෙකම කියන්නේ?? අනේ මන්දා! (නි)
තීරණය හොඳයි. ජයවේවා! (නි)
කලබල නැතුව ඉන්නකෝ. දින 100යේ වැඩපිළිවෙළේ මේ හැමදේම අඩංගු වෙනවා (නි)
සමහරුන්ට ප්‍රශ්න ගොඩක්. ඉවසන්න.... (නි)
මට තේරුණ විදියට නම් විදායක බලතල නැති ජනාධිපති කෙනෙක් ගැන තමයි මුලදී කිවුවේ. මොකද විධායක බලතල හිමිවෙන්නේ ව්‍යවස්ථාදායකයට වගකියන අගමැතිට නිසා, ජනාධිපතිගේ නිල කාලය අවුරුදු හතරකට සීමාකරන එකත් හොඳයි. මොනවා වුණත් කතාවක් කරද්දී බහුතරයකට තේරුම් ගන්න පුළුවන් විදියකට කතාව කළා නම් මිනිසුන්ගේ හිත් වල කුකුසක් ඇතිවෙන්නේ නැහැ (නි)
ධර්මේ, සුජිත්, සම්පත් ශ්‍රී, ඔබතුමන්ලා තිදෙනෙක්ද එක්කෙනෙක්ද කියා මා දන්නේ නැත. නමුත් තිදෙනෙක් නම් ඔබ තිදෙනාම ඇසෙන වදන් වල අරුත තේරුම්ගැනීමේ යම් නොහැකියාවකින් පෙළෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති ධූරය අහෝසි කරනවා කියා නැත. සිදුකරනුයේ ජනාධිපති ධූරයේ ඇති විධායක බලතල අහෝසි කිරීමයි. විධායක බලතල අහෝසි කිරීමෙන් පසුව වුවද ජනාධිපතිවරයෙක් මෙරට සිටිනවා. ඔහුගේ ධූර කාලය වසර 4ක් ලෙස අඩුකරන බවක් මෙහිදී සඳහන් කර තිබෙනවා. කරුණාකර මීට වඩා අවධානයෙන් සවන් දෙන්න. (නි)
අනවශ්‍ය ප්‍රශ්න එපා. ජනාධිපති ධුර කාලය අවුරුදු 4 ක් කරනවා කියන්නේ, විධායක බලතල ඉවත් කරන්නෙ නැහැ කියන එක නෙමෙයිනේ (නි)
බලයට අවොතින්. කරන දේ ඉතාම පැහැදිලි කියන කොට එහෙමයි , කරන කොට මෙහෙමයි.(හේ)
කොහොමහරි කරයි. (හේ)
දැන් තව 1ක් කියනවා. කොහොමත් අපේ ජනාදිපතිතුමත් අවුරුදු 4න් ඡන්දෙ තිබ්බනේ. (නදී)
සුජිත්, ධර්මේ! විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරත් ජනාධිපති කෙනෙක් නමට ඉන්නවා. ඒ ජනපතිගේ කාලය තමයි අවුරුදු 4කට සීමා කරන්නේ (නදී)
ලංකාවේ මිනිස්සු මෝඩයට අන්දන්න එපා. (නදී)
ඔයා මාසෙන් යනවා කිව්වනේ. ඉතින් මොකටද අවුරුදු හතරක් (නදි)
ජනාදිපති නාම මාත්‍රික නම් අවුරුදු 6 උනාම මොකද? පාර්ලිමේන්තුව 6. ජනාධිපති 4. එල ගොනයි. මී ගොනයි.(නදී)
විකාර කියනවා (නදී)
අවුරුදු කෙසේ වෙතත් තව දින 4 යි. ඊට පස්සෙ...ගෙදර (නදී)
මොනවද මේ දවසින් දවස එක එක අලුත් දේවල් කියන්නේ මොනම සැලසුමක් නැතුව. තේ කඩයක්වත් පාලනය කරන්න බැහැ පෙර සුදානමක් නැතිව. (නදී)
මොනවද මේ කියන්නේ? දැන් මුලින් කිව්වේ ජනාධිපති තනතුර ඉවත්කරනවා කියලා නේද? (නි)
විධායක බලතල නැති ජනාධිපතිවරයෙක් නම් මොකටද අවුරුදු හතරෙන් හතරට මැතිවරණ තියලා මුදල් විනාශ කරන්නෙ.දැන් පේනවා නේද මෙතන බලාපොරොත්තු වන විධායක අගමැතිකම හෝ අහෝසි කිරීම් සිදුවෙන්නෙ නැති බව. (නි)
ඒත් ජනතාවට ඕනෑ පෞද්ගලික උවමනා වලට අටවාගත් පුංචි පක්ෂයකට රජයක් හසුරුවන්න බලය ලැබෙන අනුපාත ක්‍රමය සහ මේ රට කෑලි නවයකට කඩපු 13 වන සංශෝධනය දෙකම අහෝසි කරන්නයි. මේ දෙක කරනවා කියලා කිසිම අපේක්ෂකයෙක් කියන්නේ නැහැනේ. (නි)
ඒක හොඳ අදහසක්. (නි)
සියලුම පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා වල කාලයත්, ජනපතිගේ සහ පාර්ලිමේන්තුවේ කාලයත් වසර 4 දක්වා අඩුකොට, සියලු මැතිවරණ දින දෙකක් ඇතුළත තබා අවසන් කර ජන ජීවිතය යථා තත්වයට ගෙන ඒමට කටයුතු කළයුතුයි. මෙලෙස කඩින්කඩ මැතිවරණ පැවැත්වීමෙන් ජන ජීවිතය අඩාළවනවා. එපමණක් නොව, විශාල මුදල් නාස්තියක්ද සිදුවේ (නි)
නියමයි.(හේ)
දින100න් විධායක ජනධිපති ක්‍රමය අහෝසි කරනවා කියපු කෙනා දැන් කියනවා නිල කාලය අවුරුදු 4 දක්වා අඩුකරනවලු.(හේ)
එතකොට අහෝසි කරන්නේ නැද්ද?(හේ)
එතකොට විධායකය ඉවත් කරන්නේ නැද්ද ?(හේ)
මෛත්‍රී අපේ නායකයායි (නි)
ජනාධිපති කෙනෙක් කොහොමත් ඉන්නවා. විධායක බලෙත් අඩුවෙනවා. අලුත් අයට අවස්ථාව තියෙනවා. වෙනසකට එක්වෙමු (නි)
විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළොත් මොනවා වෙයිද? (නි)
එතකොට කිසිම දෙයක් රටේ දියුණුවට කරන්න වෙලාවක් නැහැනේ. ඡන්දය තියන්න සල්ලි? මේවා අහන්න යන මෝඩයොත් ඉන්නවනේ? (නි)
බුදු අම්මෝ! අවුරුදු හතරෙන් හතරට ඡන්ද ආවොත්? (නි)
අනිවාර්යයෙන් දිනනවා අපේ පොදු අපේක්ෂකයා (නි)
එතුමා කියලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියලා පමණයි. විධායක ජනාධිපති ධුරය නැතිකළ පමණින් ජනපතිධුරය නැතිවෙන්නේ නැහැ. මතක ඇතිනේ කලින් විලියම් ගොපල්ලව ජනාධිපති වෙලා සිටියා. (නි)
අලුතෙන් ඇතිකරන විධායක නොවන එහෙත් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ උපරිම බලතල තිබෙන ජනාධිපතිවරයාගේ කාලය ගැනයි මේ කියන්නේ. හරියට තේරුම් ගන්න මහත්වරුනේ. (නි)
සුජිත්, නිකන් නොදන්නා දේ කතාකරන්න එපා. (නි)
සජිත්, ධර්මේ , සම්පත්, මෝඩ ප්‍රශ්න අහන්න එපා (නි)