
(ඩයනා උදයංගනී සහ තිළිණි ද සිල්වා)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවන සැමරුම සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට (18)ට යෙදී ඇත.
ඉකුත් 2019 වසරේ නොවැම්බර් මස 16 වැනිදා පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දුන්නේ එම වසරේ නොවැම්බර් 18 වැනිදාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තරඟ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ස 69,24,255ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 52.25කි.
මෙරට පස්වැනි විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් 30 වසරක යුද්ධය අවසන් කිරීමේ මානුෂික මෙහෙයුමට ද නායකත්වය දුන්නේය.
තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන්ට උපහාරයක් ලෙස අනුරාධපුර පුජා නගරයේ ඉදිකෙරුණු ‘සඳ හිරු සෑය’ වන්දනා මාන කටයුතු වෙනුවෙන් විවෘත කරමින්, සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදුකෙරේ.
මෙහි ඉදිකිරීම් 2010 වසරේ දී ආරම්භ වූයේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී ඔවුන්ගේ මූලිකත්වයෙනි.
මානුෂීය මෙහෙයුම 2009 වසරේ මැයි මස 19 වනදා නිමා කරමින් යුද්ධය නිම කිරීම තෙක් සිදුකළ තිස් වසරක යුද මෙහෙයුම්වලදී රට වෙනුවෙන් දිවි පිදූ 29,000 ක් වන රණවිරුවන් සහ තුවාල ලැබූ සහ ආබාධිත තත්වයට පත් 37,000 ක පමණ රණවිරුවන් කළ අමිල කැපකිරීම සදා අනුස්මරණය කිරීම සඳහිරු සෑය ඉදිකිරීමේ අරමුණ විය.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් නිල ගිණුම ඔස්සේ සුවිශේෂී සටහනක් තබමින් සුබ පැතුම් එක් කර තිබේ.
ලාංකේය දේශපාලනයේ නොමැකෙන සලකුණක් තැබු මහින්ද රාජපක්ෂ මහතාට සුබ ජන්ම දිනයක් වේවායි ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ
"කුඩා කල සිට ම ඔබ ඇසුරෙහි හැදී වැඩුණු අපට ඔබේ මානව හිතවාදී ඇවතුම්පැවතුම් අරුමයක් නොවේ.
එදාමෙදාතුර සුවහසක් ජනයාගේ සාතිශය ගෞරවාදරයට පත් ව ඇත්තේ ඔබ තුළ ඇති ජනහිතකාමීත්වය නිසා යැයි කීම අතිශයෝක්තියක් ද නොවේ. එවන් යුග පුරුෂයෙකුගේ ගුරුහරුකම් ලැබීම ද මා ලද භාග්‍යයකි.
ලාංකේය දේශපාලනයේ නො මැකෙන සලකුණක් තැබූ විශිෂ්ටයාණෙනි, සටන්කාමියාණෙනි, මගේ දයාබර සොයුරාණෙනි, ඔබට සුබ ජන්ම දිනයක් වේවා!" යැයි සදහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්න ගැන ලියන්න දෙයක් අපට ඉතුරුවෙලා නෑ
බල කාමයෙන් වියරු වැටුණු දේශපාලකයන්
අද මුළු ලංකාවටම මූසල දවසක්
මේ දෙන්නාට පදවි ප්‍රාප්ති ,අපිට පෝලිම්
නොදෝකින්
අපේ රටට අවාසනාව ගෙනා දෙන්නෙක්.
පදවි ප්‍රාප්තිය සමරන්න ලැජ්ජාවක් තියන්න එපැයි. හොඳටම කරලා තියනව නේ. ඒ නිසා හොඳටම සමරන්න. ගොවීන් මහ පාරේ, මහ බැංකු හොරුන් නිදැල්ලේ, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවෙලා නැහැ, චීන කුණු නැව රටේ වටේ කැරකනවා, රටේ සම්පත් විකුනනවා .
ලාංකේය දේශපාලනයේ 2015 වසරේ ජනෙල් කූරු වල එල්ලී නො මැකෙන සලකුණක් තැබූ විශිෂ්ටයාණෙනි.
රටම මුසල වී අදට දෙවසරක්
අද මුළු රටම අඳුරු අගාධයක වැටි සිටින මොහොතක, රාජපක්ෂ පවුල සවුදිය පුරන මොහොතක 69 ලක්ෂය ගැන වගක්වත් නොවන බව නම් සහතිකයි.
1948 පසු අපේ රටේ පහළ වූ බලලෝබි ,බඩගොස්තරවාදි ,දූෂිතම පාලකයෝ.මේ දෙන්නාගේ පැටිකිරිය ගැන කියන්ඩ වචන නැහැ.
රටට අපලම දවසක්......! වීරයා ඇවිල්ලා අවුරුදු දෙකක් කරපු කෙරුවාව ඒ අයගේ නෑයොන්ටයි යාලුවන්ටයි විතරයි. මිනීමරුවෝ හිරෙන් නිදහස් කර සභාපතිකම් දීම, අන්දරේට බිලියන් ගනනක සීනි කන්න ඉඩ දීම, පොල්තෙල් බිලියන ගානක බීම, නිරූපමාගේ බිලියන් ගාන ලිස්සා හැරීම රටරකින විරුවාගේ වීර වැඩ වලින් කොටසක්.
MR ගේ උපන්දින උත්සවය අභයාරාමයේදී අපි දැක්කා. එහි වියදම් දැරුවේ කවුද?
කාලකන්නි හිනාව