(තරිඳු ජයවර්ධන සහ තිලිණි ද සිලිවා)
පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමින් අධිකරණය එම නියෝගය කළේය.
අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිණි.
පෙත්සම් විභාගය දෙසැම්බර් 04,05 සහ 06 පැවැත්වීමට ද නියෝග කෙරිණි.
ඒ වන තෙක් මැතිවරණ කටයුතු අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළේය.
ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා
නඩු තීන්දුවෙන් පසු







COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.