IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ජනපති/අගමැති සංහිඳියාවට මුල් තැන දෙනවා‘

ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සමග සම්බන්ධවෙමින් එම කටයුතු සිදුකිරීමට කැපවන බව ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ගැන අද (30)අදහස් දක්වමින් හෙතෙම   පැවසීය.

මෙම කවුන්සිලයේ ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් සභාගත කළ යෝජනාව පිළිබඳව විවාදය අද පැවැතියේය.

එහිදී අදහස්  දැක්වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා මෙසේ ද කීවේය.

‘රටක් ලෙස ශ්‍රී ලංකාව අද එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් අපේක්ෂා කරන්නේ මානව හිමිකම් ආරක්ෂා කරමින් සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැඟීමටයි.

ජගත් සංවිධානයේ වගකිව යුතු සාමාජික රටක් ලෙස නිදහස පිළිබඳ විශ්වීය වටිනාකම්, සමානාත්මතාවය හා යුක්තිය ආරක්ෂා කිරීමට බැඳීසිටිනවා.

 අපේ නව දැක්ම අප මෙම කවුන්සිලයේ කටයුතු කරන ආකාරයෙන් පෙන්නුම් කරනවා. 

පසුගිය මහමැතිවරණයෙන් පසු ජනපති හා අගමැති එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනඟමින් සංහිඳියාව සඳහා පියවර තැබුවා.  ජනාධිපති හා අගමැති රජයේ උසස්ම ප්‍රමුඛතාවය ලෙස සංහිඳියාව මෙන්ම සංවර්ධනය ගැන අවධානය යොමු කර තිබෙනවා.‘‘



අදහස් (0)

‘ජනපති/අගමැති සංහිඳියාවට මුල් තැන දෙනවා‘

මාලික Wednesday, 30 September 2015 04:28 PM

අපිට හරිම සන්තෝෂයි (නි)

:       0       0

හේමන්ත Wednesday, 30 September 2015 09:28 PM

වෛරය වෙනුවට සංහිඳියාව ගොඩනගමින් දරුවනට රටක් ඉතිරි කිරීමට ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම ගොඩක් පින්. බඩු මිලත් පහත දැම්මොත් තවත් ගොඩාක් පින්. (නි)

:       0       0

සේන Thursday, 01 October 2015 08:48 AM

බටහිරයන්ගේ ඔය සියලු සෙල්ලම් රට බෙදා දෙමල අයට ස්වයං පාලනය දෙන තුරු පමණ යි .මෙය මහා ප්‍රෝඩාකාරී වැඩ පිළිවෙලකි .අවසානයේ සිංහලයා තම රට තුලම අනාථ භාවයට පත්වනු ඇත (අ)

:       0       0

සම්පත් Wednesday, 30 September 2015 11:04 PM

බොහොම සන්තෝෂයි (නි)

:       0       0

දුමින්ද Thursday, 01 October 2015 09:07 AM

සියලු දෙයට පෙර රට පෙරට. (ර)

:       0       0

නිමල් ලාලිත Thursday, 01 October 2015 02:07 AM

කතා වලින් වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ රට සිංහල අයිතිය බොදු අයිතිය විනාශ කිරීමට ගන්නා පියවරයන් වළක්වන්න. මේ රටේ සියලුම පුරවැසියන්ට එකම නීතියක් යටතේ ජීවත්වීමට සළස්වන්න. (නි)

:       0       0

අවිශ්ක Thursday, 01 October 2015 03:06 AM

මරේ මරු

:       0       0

රුවන් Thursday, 01 October 2015 04:29 AM

දෙන්නම එකතුවෙලා බඩු මිල පහත දානවද? (ස)

:       0       0

කිත්සිරි Thursday, 01 October 2015 04:40 AM

අපිටත් ඕනෑ කොහොමහරි මේ ප්‍රශ්න වල අවසානයක් දකින්න  (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site