ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සමග සම්බන්ධවෙමින් එම කටයුතු සිදුකිරීමට කැපවන බව ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ගැන අද (30)අදහස් දක්වමින් හෙතෙම පැවසීය.
මෙම කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සභාගත කළ යෝජනාව පිළිබඳව විවාදය අද පැවැතියේය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා මෙසේ ද කීවේය.
‘රටක් ලෙස ශ්‍රී ලංකාව අද එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් අපේක්ෂා කරන්නේ මානව හිමිකම් ආරක්ෂා කරමින් සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැඟීමටයි.
ජගත් සංවිධානයේ වගකිව යුතු සාමාජික රටක් ලෙස නිදහස පිළිබඳ විශ්වීය වටිනාකම්, සමානාත්මතාවය හා යුක්තිය ආරක්ෂා කිරීමට බැඳීසිටිනවා.
අපේ නව දැක්ම අප මෙම කවුන්සිලයේ කටයුතු කරන ආකාරයෙන් පෙන්නුම් කරනවා.
පසුගිය මහමැතිවරණයෙන් පසු ජනපති හා අගමැති එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනඟමින් සංහිඳියාව සඳහා පියවර තැබුවා. ජනාධිපති හා අගමැති රජයේ උසස්ම ප්‍රමුඛතාවය ලෙස සංහිඳියාව මෙන්ම සංවර්ධනය ගැන අවධානය යොමු කර තිබෙනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හරිම සන්තෝෂයි (නි)
වෛරය වෙනුවට සංහිඳියාව ගොඩනගමින් දරුවනට රටක් ඉතිරි කිරීමට ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම ගොඩක් පින්. බඩු මිලත් පහත දැම්මොත් තවත් ගොඩාක් පින්. (නි)
බටහිරයන්ගේ ඔය සියලු සෙල්ලම් රට බෙදා දෙමල අයට ස්වයං පාලනය දෙන තුරු පමණ යි .මෙය මහා ප්‍රෝඩාකාරී වැඩ පිළිවෙලකි .අවසානයේ සිංහලයා තම රට තුලම අනාථ භාවයට පත්වනු ඇත (අ)
බොහොම සන්තෝෂයි (නි)
සියලු දෙයට පෙර රට පෙරට. (ර)
කතා වලින් වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ රට සිංහල අයිතිය බොදු අයිතිය විනාශ කිරීමට ගන්නා පියවරයන් වළක්වන්න. මේ රටේ සියලුම පුරවැසියන්ට එකම නීතියක් යටතේ ජීවත්වීමට සළස්වන්න. (නි)
මරේ මරු
දෙන්නම එකතුවෙලා බඩු මිල පහත දානවද? (ස)
අපිටත් ඕනෑ කොහොමහරි මේ ප්‍රශ්න වල අවසානයක් දකින්න (නි)