හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, කදුරුවෙල ජයන්ති විහාරයේදී පැවැත්විණි.
හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරමින් අද පෙ.ව 9.06 ට යෙදුනු සුබ නැකැතට අනුව උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක, කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නායක හිමියෝ නැකතට ජනපතිගේ හිසතෙල් ගැල්වීම සිදු කළහ.
එම අවස්ථාවේ මහා සංඝරත්නය ජය පිරිත් සජ්ජායනා කරමින් ජනපතිට ආශිර්වාද කළහ.
අනතුරුව සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මංගල හස්ථී රාජයා වෙත හිසතෙල් ගැල්වූ ජනාධිපතිවරයා හස්ථී රාජයා වෙත පළතුරු සංග්‍රහයක්ද කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදාකල් අපේ ජනපති ඔබයි චිරන් ජයතු (නදී)
ආයුබෝ වේවා! (නි)