IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපති හිත උණු වේ : පාරේ හිටි 235 කට යළි රැකියා

හිටි ගමන් රැකියා අහිමි  විම නිසා දින කිහිපයක්  තිස්සේ  බත්තරමුල්ල සෙත්සිරි පාය  අසල පාරේ සිටි දෙසිය විසි අට දෙනෙකුට වහාම රැකියා  සපයන  ලෙස  මෛත්‍රීපාල  සිරිසේන  ජනපති  අද (17) මහා මාර්ග  ලේකම්ට නියෝග කළේය.

මහාමාර්ග දෙපාර්තුමේන්තුවේ  සේවය කළ  135 දෙනෙක්  ද ආයෝජන  මණ්ඩලයේ   93 දෙනෙක්  ද  එහි  වුහ.   මහින්ද අමරවීර   හා  ලක්ෂ්මන්  යාපා   අබේවර්ධන  යන  ඇමතිවරු  ජනපතිට ඔවුන්ගේ  දුක් ගැනවිල්ල ඉදිරිපත්  කළහ.

 



අදහස් (0)

ජනපති හිත උණු වේ : පාරේ හිටි 235 කට යළි රැකියා

අප්පුහාමි Friday, 24 April 2015 02:45 AM

ඇයි දන්නේ නැහැ මෙච්චර ප්‍රමාදවුණේ? (නි)

:       0       0

ප්‍රකාශ් Saturday, 18 April 2015 10:49 AM

සංදර්ශන වැඩක් නැහැ. එතකොට මේ අයව එළියට දැම්මේ කවුද? (නි)

:       0       0

කලණි Saturday, 18 April 2015 12:28 PM

මේ අයව එළියටදාද්දි හිත උණුවුණේ නැද්ද? (නි)

:       0       0

ජගත් Friday, 17 April 2015 06:16 PM

දුප්පතාගේ දුක දන්නා යහපාලනය. (නි)

:       0       0

අතුල Saturday, 18 April 2015 01:30 PM

මෙරටේ දේශපාලනය වෙනස් වෙනකොට සමහර අයට රස්සාව නැතිවෙනවා. සමහර අයට දුර පළාත් වලට යන්න වෙනවා. සමහර අයට කොන්ත්‍රාත් ලැබෙනවා. මේක නොවෙයි රටක පාලනය කියන්නේ. මෙය ඉතාම පහත් පූර්වාදර්ශයක්. රටකට නිවැරදි වැඩළිවෙලක් අවශ්‍යයි. එහෙම නැතුව එක එක පුද්ගලයන්ගේ මතයට හිතන හිතන දේ කරන නිසා තමයි අපේ රට අනාථවෙලා තියෙන්නේ.කොහොම වුණත් එතුමා කළ දේ හොඳයි (නි)

:       0       0

සෙනරත් Saturday, 18 April 2015 04:20 PM

රස්සාවෙන් එලියට දමල රස්තියාදු කරලා ආයෙමත් රස්සාව දුන්නත් එකත් "යහපාලනේ". හරියට අලුතෙන්රස්සවල් දුන්න වගෙඉ කතාව. මේකෙන් ඔප්පුවෙන්නේ යහපාලනයෙන් රස්සාවෙන් එලියට දාපු එක වැරදි කියල පිළිගත්තා කියන එකඊ.(ස)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 18 April 2015 05:59 PM

නිමල් ....ඔව් ඔව් අවුරුදු විස්සක්ම නැතුව ඉඳල ....රැකියාවක් දුන්නට පව් නෑ...එත්..මෙතන රැකියා තිබුණු එවය් නැතිකලේ...මේ අහිංසක මිනිස්සු..පින් දෙන්න ඇති රැකියා ලැබුණුවිට .මීට කලකට පෙර ...අදත් ...පින්දේවි ජනාධිපති තුමාට ..නැවත සේවය ලබාදීම පිලිබදව....හිටපු ජනාධිපති තුමාගේ කාලෙත් හිටිය සමහර තැන්වල, හිටිය ,වලන් කඩවලට පැනපු පින් ගොන්නු වගේ .වැඩ කරපු පොරවල්.... .මේ....එහෙමදෙවල් දැන් නම්දින සීය පටන් ගත්තු ගමන් වගේ හැම තැනම වෙනවා...අනික පක්ෂ පාට විතරක් නොවේ ....ජාති ආලෙත් .?.. හැරෙන හැරෙන පැත්තට වැඩකරනවා ....(.මේ මිනිස්සු කාගේවත් රෙජිමයක මිනිස්සුනොවේ). (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 23 April 2015 11:22 AM

අපේ ජනපති මෛත්‍රී සැමදා දිනේවා. මහින්ද මහත්තයාගේ කාලේ හිතුමතේ රැකියා දුන්න මිනිස්සු අසරණ නොකර මේ කල දේ ඉතා වටිනවා. (ස)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 10:37 AM

පහත දැක්වෙන අදහස මගේ නමින් මෙම පුවතේ පල කර ඇතත් එය මගේ අදහසක් නොවන බව ත් මෙය යහ පාලන මාධ්‍ය මාෆියාවේ විලි ලජ්ජා නැති තවත් වැඩක් බවත් රට සතුරන්ට පාවා දෙන ද්‍රෝහියෙකු ගැන මා ප්‍රශස්ති නොලියන බවත් කරුණාවෙන් දැනුම් දෙමි. එමෙන් ම මෙම නිවැරදි කිරිම පළ කරන මෙන් ද ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. "2015-04-23 11:22:10-අපේ ජනපති මෛත්‍රී සැමදා දිනේවා. මහින්ද මහත්තයාගේ කාලේ හිතුමතේ රැකියා දුන්න මිනිස්සු අසරණ නොකර මේ කල දේ ඉතා වටිනවා. (ස)

:       0       0

කමල් Friday, 17 April 2015 10:39 PM

ඒක නම් හොඳයි (නි)

:       0       0

සුමුදු Friday, 24 April 2015 10:50 AM

මෛත්‍රී ජනපති සැමදා දිනේවා කියන්නේ අපේ රට සැමදා භංග වේවා කීම මිස අන් යමක් නොවෙන හෙයින් මගේ මුවින් නම් එවැන්නක් කිසි සේත් නොකියැවේ. (ස)

:       0       0

රාජපක්ෂ Wednesday, 22 April 2015 08:39 AM

ඡන්දෙ දීපල්ලා හොරුන්ට. (ස)

:       0       0

සුමුදු හේවා Saturday, 18 April 2015 09:26 PM

මෛත්‍රී මහත්තයා හිත උණුවෙන නායකයෙක්. අපි මොන පක්ෂයේ වුණත් ඒක පිළිගන්න වෙනවා. ගමේ මනුස්සයෙක්නේ. (නි)

:       0       0

වසන්ත Friday, 24 April 2015 10:54 AM

දින 100 න් පස්සෙ ජනතාව ගැන හිතනවා කියලා එහෙම අර තුණ්ඩුවේ තිබුනද? (ස)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 18 April 2015 09:31 PM

නැති බැරිකම් හඳුනන මනුස්සයෙක්නේ. ඉතින් අනුකම්පාසහගතයි. මම කාට සහයෝගය දැක්වුවත් මෛත්‍රී මහත්තයා හොඳ හදවතක් තිබෙන කෙනෙක් කියන දේ පිළිගන්නවා. (නි)

:       0       0

රාජ් Sunday, 19 April 2015 01:03 AM

මේකේ අදහස් දාන හැමෝම දේශපාලන ඇසකින් තමා ඔක්කොම දකින්නේ. මනුස්සකමින් සහ බුද්ධියෙන් දකින අය අඩුයි. (නි)

:       0       0

දිසා Saturday, 18 April 2015 01:51 AM

රටක් වටිනා ජනපති කෙනෙක් (නදී)

:       0       0

දිව්‍යා Saturday, 18 April 2015 02:00 AM

නොදන්නා කතා කියන්න එපා. මේ අයට රැකියා අහිමි වුනේ යහපාලනෙන් තමයි. කරපු රස්සාවෙන් එලියට දැම්මේ කවුද කියල හොයල කොමේන්ට්ස් කරන්න (නදී)

:       0       0

අනුර Saturday, 18 April 2015 02:24 AM

ජගත්, අම්මපා ඔයාගේ කටට මසුරන් දාන්න වටිනවා (නි)

:       0       0

ලාලනී Saturday, 18 April 2015 02:39 AM

රටට අවාසි යහ පාලනය දැන් ඇත.(නදී)

:       0       0

ආපොන්සු Saturday, 18 April 2015 02:56 AM

මේක රාජ්‍ය ආයතනවල පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීමක් නොවෙන්නේ කෙසේද? (නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 19 April 2015 06:02 PM

රා.....ජ් .....දේසපාලන හිතකින් හිතල ...දේසපාලන නෙතකින් බලල ..දේසපාලන සුරතක තෙලිතුඩකින්...අත්සන්කර දේසපාලන හෙන්චෛයන් ගේ අත් වලින් මේ මිනිස්සුන්ට ලැබෙන්න සලස්වල..ඊටපසු එක එක නාලිකාවලින් රග දක්වපු නාටකයේ ...කුරිරු කුහක බව ...මනුස්ස කමින් සහ බුද්ධියෙන් තේරුම්ගත් නිසා තමා...එතුමාගේ කාරුණික අවදානය මේ මිනිසුන් කෙරේ යොමු උනේ කියල මද්යස්ත මත ධාරීන් දන්නා ප්‍රසිද්ධ රහසක්....මහත්වරුනේ....බඩගින්නට....ජාතියක් ,ජන්මයක්,.කුලයක්‌ තරාතිරමක්,ලොකුපොඩි බේදයක්, හෝ කිසිම වර්ගීකරණයක් නැතිබව තේරුම් ගනු මැනවි. (ස).

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Saturday, 18 April 2015 04:44 AM

මේකේ ඇත්ත තත්වය දැනගන්න නම් ඔය කියන 235 දෙනාගෙන් එක්කෙනෙකුවත් මුණගැහිලා කතා කර බලන්ට ඕනෑ.(නදී)

:       0       0

සුමුදු හේවා Monday, 20 April 2015 09:05 PM

මා යළිදු ඔබට කියන්නේ මෛත්‍රිය පාලනය කරමින් ද වෛරය වර්ධනය කරමින් ද විදේශීය බලවේග වලට රට පවා දීමට කටයුතු කරන්නකුට මා ප්‍රශස්ති නොලියන බවත් මෛත්‍රී ගමේ මිනිසකු වීම පවා පසුගිය ජනපතිවරණයේදී රටේ අයහපතට ම හේතු වුණු බවත් ය. ගමෙන් පැමිණි මෛත්‍රී යනු තමන්ගේ ම වරිගය නහන්නට බටහිර බලවේග අතෙහි පොරෝ මිටක් බවට පත් වුණු ගසකි. තම රටෙහි මිනිසුන් කෙරෙහි ඔහුගේ ඇති තෙතක් මෙතක් හෝ ලෙහි පපුකමක් මට නම් නොපෙනෙයි. (අ)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 01:13 PM

වැරදිලාවත් එහෙම නම් වෙන්නේ නැතිවෙයි වසන්ත. (අ)

:       0       0

සුමුදු හේවා Sunday, 19 April 2015 11:33 PM

2015-04-18 21:26:37 අදහස මගේ අදහසක් නොවන බව කරුණාවෙන් සළකන්න. (නි)

:       0       0

සචිනි කොඩිතුවක්කු Saturday, 18 April 2015 06:13 AM

රැකියා දුන්නට නම් කමක් නැහැ.හැබැයි අවශ්‍ය සුදුසුකම් තියනවාද කියලා බැලුවොත් හොඳයි. නැත්නම් අහිංසක ඉගෙනගත්ත අම්මලා තාත්තාලාගේ ළමයින්ට හැමදාම අසාධාරණය තමයි. (නි)

:       0       0

කමනි Thursday, 23 April 2015 02:46 AM

සුමුදු හේවා ඔබ හරි. (ස)

:       0       0

පුබුදු Saturday, 18 April 2015 06:26 AM

දිව්‍යා, කොහොමද හරියටම දන්නේ? අපිටත් දැනගන්න කියන්නකෝ. (නි)

:       0       0

සුමුදු හේවා Monday, 20 April 2015 10:55 PM

මෛත්‍රී ගේ යහපාලන බොරු පොරොන්දු! දෙනවයි කිව්වට තවම ලැබුණු රැකියාවක් නම් නැතිලු- ඒ කට්ටිය තාම මහා පාරේ සත්‍යග්‍රහ කරනවලු ! (අ)

:       0       0

සුමුදු හේවා Tuesday, 21 April 2015 12:33 AM

නොයෙක් වගපල දෙසුවත් හැමෝටම අමතකවුණු කාරණයක් ඇත. හිටපු ජනපතිතුමාට ජනපතිවරණ නිල ප්‍රතිඵල නිකුත්වීමටද පෙරාතුව සිය පවුලද කැටුව දස වසක් විසු ජනපති නිල නිවාසය හැරදා ගියේ නව රජයට එය පාවිච්චි කිරීමේ පහසුව සළසමිනි. එසේ කළ එතුමාට හිටපු ජනපතිවරයෙක් හැටියට රජයෙන් නිවාස කාර්යාල පහසුකම් සමඟ නිල නිවසක් ලැබිමට හිමිකම ඇතත් වර්තමාන රජය මෙතෙක් එය ලබාදීමේ වගකීම පැහැරහැර තිබීම මෙම සිදුවීමෙහි මූල හේතුව ලෙස මම දකිමි. (නි)

:       0       0

නිවන්තක Friday, 17 April 2015 02:17 PM

මේක නම් ඉතාම හොඳ දෙයක් (නි)

:       0       0

ඉෂානි Thursday, 23 April 2015 02:10 PM

අනේ පරිස්සමින්. ඡන්දෙන් පස්සෙ ආයෙම එළියට දාවිද දන්නෙ නැහැනෙ. (ස)

:       0       0

මාගලී ෆොන්සේකා Saturday, 18 April 2015 07:11 AM

ඡන්දෙ කාලෙක රැකියා දෙන්න තහනම්.ඒකයි එළියට දැම්මේ (නි)

:       0       0

විකී Saturday, 18 April 2015 07:11 AM

යහපාලනය මහජනතාවගේ දුක හඳුනාගෙන ඇතැයි සිතිය හැක.ඡන්දය කුමන පක්ෂයට දුන්නද කුමන හෝ රැකියාවක් ලබාදීම අගය කළයුතුය. (නි)

:       0       0

අනුර Saturday, 18 April 2015 07:15 AM

මේතැන දැන් වැදගත් වෙන්නේ රැකියාව ලබුනු එක. අපි කවුරුත් මිනිස්සු. හැමෝම කැමතියි හොඳට ජීවත්වෙන්න. රැකියාව නැවත ලැබුණු එකට හරිම සතුටුයි. හැමකෙනෙකුටම යහපත් ජීවිතයක් ගතකිරීමට ශක්තිය වාසනාව ලැබේවා!! (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Saturday, 18 April 2015 07:24 AM

සමහරු ටිකක් කැළඹිලා ඉන්නේ දිව්‍යා මේ දවස්වල. මොකද වුණේ මොකද වෙන්නේ කියලා තේරුමක් නැහැ (නි)

:       0       0

නිමල් Friday, 17 April 2015 03:07 PM

කෙනෙකුට රැකියාවක් ලබාදෙන එක තරම් පිනක් වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. ජනාධිපතිතුමනි, ඔබට පින්සිදු වේවා...! (නි)

:       0       0

ඇසළ Friday, 17 April 2015 03:34 PM

ඔතන වාඩිවෙලා හිටපු දවස් 100 ටත් හිඟ වැටුප් දෙයිද? (නි)

:       0       0

මුදියන්සේ Saturday, 18 April 2015 08:13 AM

ඉතා හොඳයි (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 18 April 2015 08:41 AM

දිව්‍යා, මතක නැද්ද සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් ජනාධිපතිතුමා ඇමතිව හිටපු අවසන් දිනයේදී පත්වීම් ලබපු අයට රැකියාව අහිමිවුණා. (නි)

:       0       0

තිස්ස Saturday, 18 April 2015 08:44 AM

ඒක නම් බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site