හිටි ගමන් රැකියා අහිමි විම නිසා දින කිහිපයක් තිස්සේ බත්තරමුල්ල සෙත්සිරි පාය අසල පාරේ සිටි දෙසිය විසි අට දෙනෙකුට වහාම රැකියා සපයන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (17) මහා මාර්ග ලේකම්ට නියෝග කළේය.
මහාමාර්ග දෙපාර්තුමේන්තුවේ සේවය කළ 135 දෙනෙක් ද ආයෝජන මණ්ඩලයේ 93 දෙනෙක් ද එහි වුහ. මහින්ද අමරවීර හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන ඇමතිවරු ජනපතිට ඔවුන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දන්නේ නැහැ මෙච්චර ප්‍රමාදවුණේ? (නි)
සංදර්ශන වැඩක් නැහැ. එතකොට මේ අයව එළියට දැම්මේ කවුද? (නි)
මේ අයව එළියටදාද්දි හිත උණුවුණේ නැද්ද? (නි)
දුප්පතාගේ දුක දන්නා යහපාලනය. (නි)
මෙරටේ දේශපාලනය වෙනස් වෙනකොට සමහර අයට රස්සාව නැතිවෙනවා. සමහර අයට දුර පළාත් වලට යන්න වෙනවා. සමහර අයට කොන්ත්‍රාත් ලැබෙනවා. මේක නොවෙයි රටක පාලනය කියන්නේ. මෙය ඉතාම පහත් පූර්වාදර්ශයක්. රටකට නිවැරදි වැඩළිවෙලක් අවශ්‍යයි. එහෙම නැතුව එක එක පුද්ගලයන්ගේ මතයට හිතන හිතන දේ කරන නිසා තමයි අපේ රට අනාථවෙලා තියෙන්නේ.කොහොම වුණත් එතුමා කළ දේ හොඳයි (නි)
රස්සාවෙන් එලියට දමල රස්තියාදු කරලා ආයෙමත් රස්සාව දුන්නත් එකත් "යහපාලනේ". හරියට අලුතෙන්රස්සවල් දුන්න වගෙඉ කතාව. මේකෙන් ඔප්පුවෙන්නේ යහපාලනයෙන් රස්සාවෙන් එලියට දාපු එක වැරදි කියල පිළිගත්තා කියන එකඊ.(ස)
නිමල් ....ඔව් ඔව් අවුරුදු විස්සක්ම නැතුව ඉඳල ....රැකියාවක් දුන්නට පව් නෑ...එත්..මෙතන රැකියා තිබුණු එවය් නැතිකලේ...මේ අහිංසක මිනිස්සු..පින් දෙන්න ඇති රැකියා ලැබුණුවිට .මීට කලකට පෙර ...අදත් ...පින්දේවි ජනාධිපති තුමාට ..නැවත සේවය ලබාදීම පිලිබදව....හිටපු ජනාධිපති තුමාගේ කාලෙත් හිටිය සමහර තැන්වල, හිටිය ,වලන් කඩවලට පැනපු පින් ගොන්නු වගේ .වැඩ කරපු පොරවල්.... .මේ....එහෙමදෙවල් දැන් නම්දින සීය පටන් ගත්තු ගමන් වගේ හැම තැනම වෙනවා...අනික පක්ෂ පාට විතරක් නොවේ ....ජාති ආලෙත් .?.. හැරෙන හැරෙන පැත්තට වැඩකරනවා ....(.මේ මිනිස්සු කාගේවත් රෙජිමයක මිනිස්සුනොවේ). (ස)
අපේ ජනපති මෛත්‍රී සැමදා දිනේවා. මහින්ද මහත්තයාගේ කාලේ හිතුමතේ රැකියා දුන්න මිනිස්සු අසරණ නොකර මේ කල දේ ඉතා වටිනවා. (ස)
පහත දැක්වෙන අදහස මගේ නමින් මෙම පුවතේ පල කර ඇතත් එය මගේ අදහසක් නොවන බව ත් මෙය යහ පාලන මාධ්‍ය මාෆියාවේ විලි ලජ්ජා නැති තවත් වැඩක් බවත් රට සතුරන්ට පාවා දෙන ද්‍රෝහියෙකු ගැන මා ප්‍රශස්ති නොලියන බවත් කරුණාවෙන් දැනුම් දෙමි. එමෙන් ම මෙම නිවැරදි කිරිම පළ කරන මෙන් ද ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. "2015-04-23 11:22:10-අපේ ජනපති මෛත්‍රී සැමදා දිනේවා. මහින්ද මහත්තයාගේ කාලේ හිතුමතේ රැකියා දුන්න මිනිස්සු අසරණ නොකර මේ කල දේ ඉතා වටිනවා. (ස)
ඒක නම් හොඳයි (නි)
මෛත්‍රී ජනපති සැමදා දිනේවා කියන්නේ අපේ රට සැමදා භංග වේවා කීම මිස අන් යමක් නොවෙන හෙයින් මගේ මුවින් නම් එවැන්නක් කිසි සේත් නොකියැවේ. (ස)
ඡන්දෙ දීපල්ලා හොරුන්ට. (ස)
මෛත්‍රී මහත්තයා හිත උණුවෙන නායකයෙක්. අපි මොන පක්ෂයේ වුණත් ඒක පිළිගන්න වෙනවා. ගමේ මනුස්සයෙක්නේ. (නි)
දින 100 න් පස්සෙ ජනතාව ගැන හිතනවා කියලා එහෙම අර තුණ්ඩුවේ තිබුනද? (ස)
නැති බැරිකම් හඳුනන මනුස්සයෙක්නේ. ඉතින් අනුකම්පාසහගතයි. මම කාට සහයෝගය දැක්වුවත් මෛත්‍රී මහත්තයා හොඳ හදවතක් තිබෙන කෙනෙක් කියන දේ පිළිගන්නවා. (නි)
මේකේ අදහස් දාන හැමෝම දේශපාලන ඇසකින් තමා ඔක්කොම දකින්නේ. මනුස්සකමින් සහ බුද්ධියෙන් දකින අය අඩුයි. (නි)
රටක් වටිනා ජනපති කෙනෙක් (නදී)
නොදන්නා කතා කියන්න එපා. මේ අයට රැකියා අහිමි වුනේ යහපාලනෙන් තමයි. කරපු රස්සාවෙන් එලියට දැම්මේ කවුද කියල හොයල කොමේන්ට්ස් කරන්න (නදී)
ජගත්, අම්මපා ඔයාගේ කටට මසුරන් දාන්න වටිනවා (නි)
රටට අවාසි යහ පාලනය දැන් ඇත.(නදී)
මේක රාජ්‍ය ආයතනවල පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීමක් නොවෙන්නේ කෙසේද? (නදී)
රා.....ජ් .....දේසපාලන හිතකින් හිතල ...දේසපාලන නෙතකින් බලල ..දේසපාලන සුරතක තෙලිතුඩකින්...අත්සන්කර දේසපාලන හෙන්චෛයන් ගේ අත් වලින් මේ මිනිස්සුන්ට ලැබෙන්න සලස්වල..ඊටපසු එක එක නාලිකාවලින් රග දක්වපු නාටකයේ ...කුරිරු කුහක බව ...මනුස්ස කමින් සහ බුද්ධියෙන් තේරුම්ගත් නිසා තමා...එතුමාගේ කාරුණික අවදානය මේ මිනිසුන් කෙරේ යොමු උනේ කියල මද්යස්ත මත ධාරීන් දන්නා ප්‍රසිද්ධ රහසක්....මහත්වරුනේ....බඩගින්නට....ජාතියක් ,ජන්මයක්,.කුලයක් තරාතිරමක්,ලොකුපොඩි බේදයක්, හෝ කිසිම වර්ගීකරණයක් නැතිබව තේරුම් ගනු මැනවි. (ස).
මේකේ ඇත්ත තත්වය දැනගන්න නම් ඔය කියන 235 දෙනාගෙන් එක්කෙනෙකුවත් මුණගැහිලා කතා කර බලන්ට ඕනෑ.(නදී)
මා යළිදු ඔබට කියන්නේ මෛත්‍රිය පාලනය කරමින් ද වෛරය වර්ධනය කරමින් ද විදේශීය බලවේග වලට රට පවා දීමට කටයුතු කරන්නකුට මා ප්‍රශස්ති නොලියන බවත් මෛත්‍රී ගමේ මිනිසකු වීම පවා පසුගිය ජනපතිවරණයේදී රටේ අයහපතට ම හේතු වුණු බවත් ය. ගමෙන් පැමිණි මෛත්‍රී යනු තමන්ගේ ම වරිගය නහන්නට බටහිර බලවේග අතෙහි පොරෝ මිටක් බවට පත් වුණු ගසකි. තම රටෙහි මිනිසුන් කෙරෙහි ඔහුගේ ඇති තෙතක් මෙතක් හෝ ලෙහි පපුකමක් මට නම් නොපෙනෙයි. (අ)
වැරදිලාවත් එහෙම නම් වෙන්නේ නැතිවෙයි වසන්ත. (අ)
2015-04-18 21:26:37 අදහස මගේ අදහසක් නොවන බව කරුණාවෙන් සළකන්න. (නි)
රැකියා දුන්නට නම් කමක් නැහැ.හැබැයි අවශ්‍ය සුදුසුකම් තියනවාද කියලා බැලුවොත් හොඳයි. නැත්නම් අහිංසක ඉගෙනගත්ත අම්මලා තාත්තාලාගේ ළමයින්ට හැමදාම අසාධාරණය තමයි. (නි)
සුමුදු හේවා ඔබ හරි. (ස)
දිව්‍යා, කොහොමද හරියටම දන්නේ? අපිටත් දැනගන්න කියන්නකෝ. (නි)
මෛත්‍රී ගේ යහපාලන බොරු පොරොන්දු! දෙනවයි කිව්වට තවම ලැබුණු රැකියාවක් නම් නැතිලු- ඒ කට්ටිය තාම මහා පාරේ සත්‍යග්‍රහ කරනවලු ! (අ)
නොයෙක් වගපල දෙසුවත් හැමෝටම අමතකවුණු කාරණයක් ඇත. හිටපු ජනපතිතුමාට ජනපතිවරණ නිල ප්‍රතිඵල නිකුත්වීමටද පෙරාතුව සිය පවුලද කැටුව දස වසක් විසු ජනපති නිල නිවාසය හැරදා ගියේ නව රජයට එය පාවිච්චි කිරීමේ පහසුව සළසමිනි. එසේ කළ එතුමාට හිටපු ජනපතිවරයෙක් හැටියට රජයෙන් නිවාස කාර්යාල පහසුකම් සමඟ නිල නිවසක් ලැබිමට හිමිකම ඇතත් වර්තමාන රජය මෙතෙක් එය ලබාදීමේ වගකීම පැහැරහැර තිබීම මෙම සිදුවීමෙහි මූල හේතුව ලෙස මම දකිමි. (නි)
මේක නම් ඉතාම හොඳ දෙයක් (නි)
අනේ පරිස්සමින්. ඡන්දෙන් පස්සෙ ආයෙම එළියට දාවිද දන්නෙ නැහැනෙ. (ස)
ඡන්දෙ කාලෙක රැකියා දෙන්න තහනම්.ඒකයි එළියට දැම්මේ (නි)
යහපාලනය මහජනතාවගේ දුක හඳුනාගෙන ඇතැයි සිතිය හැක.ඡන්දය කුමන පක්ෂයට දුන්නද කුමන හෝ රැකියාවක් ලබාදීම අගය කළයුතුය. (නි)
මේතැන දැන් වැදගත් වෙන්නේ රැකියාව ලබුනු එක. අපි කවුරුත් මිනිස්සු. හැමෝම කැමතියි හොඳට ජීවත්වෙන්න. රැකියාව නැවත ලැබුණු එකට හරිම සතුටුයි. හැමකෙනෙකුටම යහපත් ජීවිතයක් ගතකිරීමට ශක්තිය වාසනාව ලැබේවා!! (නි)
සමහරු ටිකක් කැළඹිලා ඉන්නේ දිව්‍යා මේ දවස්වල. මොකද වුණේ මොකද වෙන්නේ කියලා තේරුමක් නැහැ (නි)
කෙනෙකුට රැකියාවක් ලබාදෙන එක තරම් පිනක් වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. ජනාධිපතිතුමනි, ඔබට පින්සිදු වේවා...! (නි)
ඔතන වාඩිවෙලා හිටපු දවස් 100 ටත් හිඟ වැටුප් දෙයිද? (නි)
ඉතා හොඳයි (නි)
දිව්‍යා, මතක නැද්ද සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් ජනාධිපතිතුමා ඇමතිව හිටපු අවසන් දිනයේදී පත්වීම් ලබපු අයට රැකියාව අහිමිවුණා. (නි)
ඒක නම් බොහොම හොඳයි (නි)