
(අංජුල මහික වීරරත්න)
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 7ක් එකඟතාව පළ කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස එළැඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බව කී ජනාධිපතිවරයා එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බව පැවසීය.
වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථ සාධක අරමුදල් ද ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් අද (10) මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක් වෙමිනි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති සඳුදා පඩි පාලක සභාව කැඳවයි
NDF Leade Saturday, 10 August 2024 05:25 PM
තව පෝය දෙකයිනේ. ඕනෑම කෙබරයක් කෙළලා අන්තිම තුරුම්පුවත් ගහලා පුළුවන් නම් ඇපේ (12%) බේරා ගන්නකෝ. වයස 73 වෙනකල් පැරදුණු වැරදුණු කෙනාට එකපාරටම හරියන්න ලැබුණු වාජිකරණය මොකක්ද?
නාමල් Saturday, 10 August 2024 05:54 PM
නීති ගේන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ 113 නැතිවුණා නේද? දැන් කියන්නේ මොනවාද කියලා මතකත් නැතිවෙලා. සීයා පව්...
Prabha Saturday, 10 August 2024 06:54 PM
යන යකා කොරහත් බිඳගෙන යන්න වගේ හදන්නේ...!
ජයනාත් Saturday, 10 August 2024 08:53 PM
ඔය සභා කැඳවුනාට දැන් 1700 පඩි ගෙවන්න කියන්න බැහැ . විශ්‍රාමික අයට ගෙවන්න කියපු 3000 ගෙවීම් තහනම් කලා. ඕක ගෙවන්න බැහැ . මේව විකාර ඡන්ද කතා බව වතුකරයේ ජනතාව පිලිගන්නවා .
B Amarasinghe Sunday, 11 August 2024 02:30 PM
විශ්‍රාමිකයින්ගේ වැටුප් වැඩිකිරීම ඡන්දය අවසන් වනතුරු කල් දැමූ මැතිවරණ කොමිසම ඕකටත් ඉඩ දෙන්නේ නෑ...!