
සුජිත් හේවාජුලිගේ
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වුවත් මෙවර ද කාන්තාවන් කිසිවකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.
කාන්තාවක ජනාධිපතිවරණයකට අවසන් වතාවට ඉදිරිපත් ඇත්තේ 1999 වර්ෂයේදීය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.
ජනාධිපතිවරණයකට 2005 න් පසු කිසිදු අපේක්ෂිකාවක ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි.
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රීමා දිසානායක මහත්මීහු ( දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ) 1994 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ.
රටේ ජනගහනයෙන් සියයට 52 ක් නියෝජනය කරන්නෝ කාන්තාවෝය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ද කාන්තාවන් සිටින්නේ සියයට 5.8කි.
කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේලා දෙනමක් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටිති.
අක්මීමන දයාරතන සහ බත්තරමුල්ලේ සීලරතන එම ස්වාමීන් වහන්සේලා දෙදෙනා වෙති.
මැතිවරණයට ද්‍රවිඩ ජාතික සහ මුස්ලිම් ජාතික අපේක්ෂකයෝ සිවු දෙනෙක් ද ඉදිරිපත්ව සිටිති. පී අරියනේත්‍රන්, මොහොමඩ් ඉල්ලයාස්, අබුබකර් ඉන්ෆාස්, මයිලවාගනම් තිලකරාජා එම අපේක්ෂකයෝ සිවු දෙනා වෙති.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනෙක් සහ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු පස් දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, රොෂාන් රණසිංහ, විජයදාස රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු වෙති.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ සරත් කීර්තිරත්න,කේ.කේ පියදාස සිරිපාල අමරසිංහ, අනුර සිඩ්නි ජයරත්න සහ අනුරුද්ධ පොල්ගම්පලය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට දේශපාලනයෙන් අයින් වෙන එක හොඳයි. කිසිම උගත් දේශපාලකයෙක් මඩ ගහන්නේ නැහැ.
කාන්තා අයිතිවාසිකම් කිය කිය 35% නියෝජනය ඉල්ලනව. ඒත් ඉදිරිපත් වෙන්නෙ නැහැ . කාත්තාවන්ට කියන්න තියෙන්නේ එකම දෙයයි . බොරුවට කෑ ගහන්න එපා. කරලම පෙන්වන්න .
රටේ පාලනය සදහා සුදුසුකම් තිබුන ලංකාවෙ දැනට සිටින එකම කාන්තාව හරිනි අමරසූරිය පමණයි ඒත් ඇයට එම අවස්ථාව නොදීම රටේ ජනතාවගේ පාපකර්මයක් කියන්න පුළුවන්
අපේ රටේ දේශපාලනය ඇවිල්ලා කාන්තාවකට තියා සිහි බුද්ධියක්, ලැජ්ජාවක් භයක් තියෙන කිසිම පිරිමියෙකුටවත් සුදුසු තැනක් නෙවේ. එච්චරටම ජරාජීර්ණය වෙලා තියෙන්නේ.
ලොකු නින්දකින් පස්සේ ඇහැරිලා වගේ
අපේක්ෂකයින්ගේ ජාති ජන්ම බෙදා කතාකිරීම වැරදිය. සියල්ලෝම මනුෂ්‍ය අපේක්ෂකයෝය. කාන්තා අපේක්ෂකයෙක් නැහැයිකියා හඩා වැලපීමේ තේරුමක් නැත. අවශ්‍ය නම් කාන්තා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තිබුනා.ඒකට මැතිවරණ නීතියෙන් බාධාවක් නැත.
හෙළ බොදු සංස්කෘතියක් තියෙන රට නිසා තවම සමාජය තුළ හිරි-ඔත්තප්ප යම් ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා . රඟපෑම් ක්ෂේත්‍රය මෙන්ම දේශපාලනය ද කාන්තාව ට රැඳී සිටීමට අපහසු තැන්. සිරිමාවෝ මැතිණිය පවුල් පසුබිමකින් ආවේ. චන්ද්‍රිිකා මහත්මියත් එහෙමයි.රටටම මවක් විය හැකි කාන්තාවක් අවශ්‍යයි. පේන තෙක් මානෙක.නෑ. අවසන් මව සිරිමාවෝ මැතිණිය .
2019 ජනාධිපතිවරණයේ දී ආචාර්‍ය අජන්තා පෙරේරා මහත්මිය ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන් ඉදිරිපත් වෙලා ඡන්ද 27,572ක් ගත්තා.
කෝ මේ ඩයනා..?
මේ යන විදියට ක්ලබ් වසන්තයියා හිටියා නම් එයත් එකෙන්ම ඉල්ලනවා.
පුලුටු තියෙන කොට ප්‍රේතයෝ පිසාචයෝ කුම්භාන්ඩයෝ ඇවිල්ලා ප්‍රේත විමාන ඇතිවෙනවා. එහෙම පුලුටු නැතුව වුණත් රට ප්‍රේතයෝ පිසාචයෝ කාලා අවසන් කරන්න ආසන්න වෙලා තිබුණා දැන් කාලය වුණත් යහපත් නැහැ. ඒ නිසා පුලුටු නැතුව ඔහොම යන්...!
පිටිගල අයියේ ඡන්දෙන් පස්සේ ටැටුවා කියයි වසන්තයියේ අපි ඉවරායි කියලා…
ජනතාවට සේවය කරන්න සැදී පැහැදී ඉන්න ගීතා කුමාරසිංහටවත් අඩුම ගානේ ඉදිරිපත් වෙන්න තිබුණා...
කාන්තාවන්ගේ නායකත්වයක් අවශ්‍ය නිවැරැදි තීරණ ගන්න බැරි මෝඩගති තියෙන, ඒ වගේම ලැජ්ජාව නැති පිරිමින්ට...!