
(සුජිත් හේවාජුලිගේ)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ නැග ඇත.
පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ එකොළොස් දෙනෙක්ද වෙනත් දේශපාලන පක්ෂවලින් අයෙක්ද ඡන්ද හිමියකු විසින් නාම යෝජනා කෙරුණු අපේක්ෂකයෝ දොළොස් දෙනෙක්ද මීට ඇතුළත් වෙති.
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, සරත් කීර්තිරත්න, අනිල් හේරත්, ඒ.එස්.පී ලියනගේ, පී.ඩබ්ලිව් බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, බත්තරමුල්ලේ සීල රතන හිමි, අක්මීමන දයාරතන හිමි, සිරිපාල අමරසිංහ , කේආර් ක්‍රිෂාන්, පානි විජේසිරිවර්ධන, ඇන්ටනී වික්ටර්‍ර් පෙරේරා, මුහම්මත් ඉල්ලාස්, ප්‍රේමසිරි මානගේ, සිඩ්නි ජයරත්න සහ ඩී.එම් බණ්ඩාරනායක එම අපේක්ෂකයෝ වෙති.
අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාව ඒෆෝ කුලයක හැඩයට මුද්‍රණය කිරීමට සිදුවිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
එක කොලේ කොටස් දෙකකට බෙදා පත්‍රිකාව සකස් කරනු ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් මුද්‍රණාලාධිපතිනිය සමඟ සාකච්ඡා කළ බවද ප්‍රකාශ කළේය.
ඡන්ද පත්‍රිකාව දීර්ඝ වුවහොත් රටේ මුදල් වැය වැයවීම පමණක් නොව ප්‍රායෝගික ගැටලු රැසක් මතුවන බවද ඔහු කීවේය.
ඡන්ද ගණන් කිරීමේදීද ගැටලු ඇතිවන බවත් ඡන්දදායකයන්ද ඡන්ද පොළේදී මේ හේතුවෙන් අපහසුතාවයට පත්විය හැකි බවත් රත්නායක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප මුදල් ලක්ෂ 100ක් වත් කරන්න. නැත්නම් ඊළඟ ඡන්දෙට මොලේ අමාරුකාරයෝ සීයක් විතර ඉදිරිපත් වෙයි...!
රටටම සාපයක් වෙච්චි පරම්පරාවේ බූරුපුතා තාම ඇප බැඳලා නැද්ද?
ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි පුද්ගලයින් ගණන සීමා කිරීමට නීති සකස් කරන්න. 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වූවාට පසු රටේ බහුතරයක් දෙනා සිතන්න ගත්තා තමන්ටත් මේ රටේ ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන්නේ නම් ඇප මුදල ලක්ෂ 10ක් සහ ස්වාධීන අපේක්ෂකයෙක් නම් ලක්ෂ 25ක් ලෙස වෙනස් කරන්න. එක එකා ගන්න ආතල් වලට රටේ මහ ජනතාව වගකිව යුත්තේ ඇයි?
එහෙම අවස්ථා ඇතිවුණොත් පුද්ගලික ලාභ ප්‍රයෝජන හෝ විනෝදාශ්වාදය සඳහා ඉදිරිපත් වෙන රටේ සම්පත් නාස්තිය සඳහා දායකත්වය ගන්නා පිරිස් වෙනුවෙන් මැතිවරණ දිනයේ ලියාපදිංචි (මැතිවරණ දිනයේ පාවිච්චි නොකල ඒවාද සමග) මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 20%ක් නොලැබෙන අපේක්ෂකයින්ගෙන් සමානුපාතිකව මැතිවරණ වියදම් (සම්පූර්ණ වියදමින් - සාමාන්‍ය වියදම=අයකළයුතු මුදල) අයකර ගැනීමට නීතියක් නොපමාව ඇතිකළ යුතුයි. ගෙවීමට අපහසු නම් තරාතිරම නොබලා ඒ වෙනුවෙන් නිශ්චිත කාලයක් සිරගත කරන්න ඕනෑ මෙහෙම පිස්සෝ එක්ක රටක් හදන්නේ කොහොමද ඒ සමගම මැතිවරණ දෙපාර්තමේන්තුවේ වර්ෂ දහයක් තුළ පළාත් සභා හෝ පාර්ලිමේන්තුවේ එකම ආසනයක්වත් නොලැබූ පක්ෂ ලියාපදිංචිය අවලංගු කිරීමට කටයුතු කරන්න ඕනෑ වගේම යම්යම් අයගේ පුද්ගලික වාසියට අලුත් පක්ෂ ලියාපදිංචි කිරීමද නොකරනවා නම් හොඳයි...
මේක රටේ උත්රීතර තනතුරක් හෑල්ලුවට ලක්කිරීමක්. ඡන්ද වියදම වැඩි වෙනවා. මේ සෑම අපේක්ෂකයෙකුටම විශේෂ වරප්‍රසාද තියෙනවා. මේ නිසා ඉදිරියේදී ව්‍යවස්ථාව තුළින් ජනාධිපති අපේක්ෂකයින් සඳහා තිබිය යුතු නිර්ණායකයින් වෙනස් කිරීමට පත්වෙන රජයක් කටයුතු කරනු ඇතැයි සිතමි.