ජනපති නිල වෙබ් අඩවිය සිකුරාදා සවස අක්‍රීය කරන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේම හැකරුන් කණ්ඩායමක් යැයි රහස් පොලිසිය හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියයි. හැකර් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කළ බවත් එය දැන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවත් ජනපති කාර්යයාලය කියයි.
අගෝස්තු 25 වැනි සිකුරාදා මේ වෙබ් අඩවියේ පණිවුඩ මකා ශ්‍රී ලංකා තරුණයන් නමින් හඳුන්වාගත් පිරිසක් ඔවුන්ගේ පණිවිඩයක් සිංහලෙන් එහි ඇතුලත් කර ඇතැයි ද මෙම වෙබ් අඩිවිය හැකර් ප්‍රහාරයකට ලක් වී ඇතැයි දැනගත් වහාම ජනපති කාර්යයාලය නිසි පියවර ගෙන ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් කියයි.
අපොස උසස්පෙළ අප්‍රේල් මාසයේ නොතබන ලෙසත් ජනපතිට රට පාලනය කළ නොහැකි නම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසත් සරසවි සිසුන්ගේ ප්‍රශ්න විසඳීමට වැඩිපුර අවධානය යොමු කරන ලෙසත් අගමැතිගේ ඇතැම් ක්‍රියා නවත්වන ලෙසත් එම කණ්ඩායම ජනපති වෙබ් අඩවියට බලෙන් ඇතුළු වී පළ කළ දැන්වීමේ සඳහන් වේ.
ජනපති වෙබ් අඩවියට මුල් ප්‍රහාරය බ්‍රහස්පතින්දාත් දෙවැනි ප්‍රහාරය සිකුරාදාත් එල්ල වී ඇති බවත් එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්වයට පත් කළ බවත් රජයේ සයිබර් විශේෂඥයෝ පවසති.
බංගලිදේශයේ හැකරකු පැය කිහිපයක් ජනපති වෙබ් අඩවිය තම පාලනයේ නතු කර ගෙන ඉන් පසු ඔහු ඉවත්ව ගිය බව සඳහන්ව ඇතත් එය නොමග යැවීමක් සඳහා සිදු කරන ලද්දක් බව ජනාධිපති කාර්යයාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා මේ ආරංචිය ඉක්මණින් දැනගත් එක හොඳයි (නි)
ෂා නියමයිනේ! අපෙත් ඉන්නවා එහෙනම් හොඳ වැඩකාරයෝ. කවුරු වුණත් හොඳ හැකරුන් කණ්ඩායමක්. (නි)
ඉල්ලීම් වල හැටියට නම් මේක මොන කට්ටියගේ වැඩක්ද කියලා අපිට යම් හැඟීමක් ඇතිවෙනවා (නි)
ඔය බහුතර රජයේ වෙබ් අඩවි කොහොමත් අක්‍රියයි වගේ තමයි! (නි)
ඔය සමහර රජයේ වෙබ් අඩවි නම් ඉතින් තිබුනත් නැහැ වගේනේ (නි)
බලාගෙන යනකොට පුදුම වැඩකාරයොනේ මෙහේ ඉන්නේ (නි)
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මම ඊමේල් 45ක් යැව්වා. ස්කයිප් මැසේජ් 23ක් යැව්වා. මට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නෑ (බ)
අයියෝ! මේ හැකරුන් බොහොම දක්ෂ කට්ටියක් වගෙයි (නි)
සිරිසේන, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ නමට පමණයි දුරකථන අංක, ෆැක්ස් අංක, ඊමේල් ලිපින, ස්කයිප් ආදී බොහොමයක් සම්බන්ධ කරගත හැකි ක්‍රම එම වෙබ් අඩවිය ලස්සන කරන්න පමණයි හදුන්වල දීල තියෙන්නේ. ඒවට ලියන එක වගේ ගොන් කමක් තවත් නැහැ. මේ කතා කරන්නේ ඉන්දියන් සාගරේ අමුතු ඇටේ නම් සිරි ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගැනයි. මාලිගාවත්තටම ගිහින් බලන්න. තුන්වෙනි තට්ටුවේ එක අංශයක් තියනවා 50% කටත් වැඩියේ ද්‍රවිඩ ජාතිකයන් වැඩ කරන සිංහල කොහොමටත් බැරි සංහිදියාව නිසා. (බ)