ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට හොරෙන් ඇතුළුවී එහි දත්ත මකා ඉල්ලීම් සහිත පණිවිඩයක් ඇතුළු කළැයි සැකපිට කඩුගන්නාවේ පාසල් සිසුවෙක් (17) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය .
ඔහු පසුගිය දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ ලබාගත් සිසුවකු බවත් පොලිසිය කියයි.
ජනපති නිල වෙබ් අඩවිය සිකුරාදා සවස අක්‍රීය කරන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේම හැකරුන් කණ්ඩායමක් යැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මුලින්ම සැක පළ කළේය. රහස් පොලිසිය ද පරීක්ෂණ ආරම්භ කළේය. හැකර් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කළේය.
අගෝස්තු 25 වැනි සිකුරාදා මේ වෙබ් අඩවියේ පණිවුඩ මකා ශ්‍රී ලංකා තරුණයන් නමින් හඳුන්වාගත් පිරිසක් ඔවුන්ගේ පණිවිඩයක් සිංහලෙන් එහි ඇතුලත් කර තිබිණි. අපොස උසස්පෙළ අප්‍රේල් මාසයේ නොතබන ලෙසත් ජනපතිට රට පාලනය කළ නොහැකි නම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසත් සරසවි සිසුන්ගේ ප්‍රශ්න විසඳීමට වැඩිපුර අවධානය යොමු කරන ලෙසත් අගමැතිගේ ඇතැම් ක්‍රියා නවත්වන ලෙසත් එම කණ්ඩායම ජනපති වෙබ් අඩවියට බලෙන් ඇතුළු වී පළ කළ දැන්වීමේ සඳහන් විය.
ජනපති වෙබ් අඩවියට මුල් ප්‍රහාරය බ්‍රහස්පතින්දාත් දෙවැනි ප්‍රහාරය සිකුරාදාත් එල්ල වී ඇති බවත් එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්වයට පත් කළ බවත් පවසති.
එම පණිවිඩිය දැමූ පුද්ගලයා පරීක්ෂණ නොමග යැවීම සඳහා මෙය බංගලිදේශ හැකරකු සිදු කළ බවට ඒත්තු ගැන්වීමට ව්‍යාජ නමකින් සටහනක් දමමින් සටහනක් දමා තිබිණි. එහෙත් හදිසි ප්‍රතිචාර සංසදය කියා සිටියේ මෙය ලංකාවේ පුද්ගලයකු සිදු කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරලා තියෙන වැඩේ නම් ගොඩාක්ම වැරදි තමයි. නමුත් මේ දේ කරපු අවුරුදු 17 පාසල් සිසුවානම් හොද හැකියාවක් තියෙන සුපිරිම දක්ෂයෙක් වෙන්න ඕන. ඒ නිසා මොහුගේ දක්ෂකම් සහ හැකියාව හොද පැත්තට යොදාගන්න පුළුවන්නම් තොරතුරු තාක්ෂණය පැත්තෙන් ලොකු සේවයක් රටට ගන්න පුළුවන් වේවි. මොකද අංගුලිමාලලත් රහත් වුනානේ. (බ)
තිලක්, ඔබ දන්නා තරම තමා ඔය. ඇමරිකාවේ මේ වගේ දෙයක් කළා නම් මේ තරුණයාට වෙන දේ දෙවියෝ තමා දන්නේ. (නි)
දරුවන් දක්ෂයින් බව ඇත්ත. මේ දක්ෂකම් පෙන්විය යුත්තේ මෙවන් පහත් ක්‍රියාවන් තුළින් නොව මිනිස් ප්‍රජාවට සත්කාරයක් ලෙසිනි. මේ දරුවා තවත් දුර්ජනයන් පිරිසකගේ සුළු මුදලකට අතකොලුවක් වී ඇති බවයි ඔප්පු වී ඇත්තේ. (නි)
තව හොඳ වැඩ දෙකක් තුනක් පෙන්නුවා නම් විදේශිකයෝ පෝළිමේ එයි අපේ රටට (නි)
මොවුන් නොදන්නාකමට අන්තර්ජාලයේම තිබෙන ඇතැම් මෘදුකාංග අනිසි ලෙස අත්හදා බැලීමේ ක්‍රියාවන් නිසා තමයි මෙවැනි දේ සිදු කරගන්නේ. නීතියට අනුව දඬුවම් දිය යුතුයි. මෙවැනි ක්‍රියා ඇගයීමට තරම් උචිත දක්‍ෂතා නොවෙයි. පැනමා පේපර්ස් සඳහා කළ හැකරා එක දිගට සතියක් ඒ සඳහා කටයුතු කර ඇති බව සඳහන් වේ. (නි)
මේකට දඬුවම් කළයුත්තේ ජනාදිපති නිල වෙබ් අඩවි නිර්මාණකරුවන්ට. හැකරුන්ට ඇතුළුවෙන්න තරම් මේ වෙබ් අඩවිය දුර්වලයි. (නි)
හැක් කරන එක ඉන්ටර්නෙට් දන්නා ඕනෑම දක්ෂ කෙනෙකුට කරන්න පුළුවන්. එ්ත් මේ වගේ වැඩ කරන්න හොඳ නැහැ (නි)
ජනාධිපති උපදේශක තනතුරකට පත්කරගන්න වටිනා දක්ෂයෙක්. (නි)
වරදක් කළ මිනිස්සු අගය කරන්න එපා. මැතිවරණ වලදිත් අපි මේ වරදම කරනවා (නි)
මේ දරුවා අනාගතයේදී මහා ප්‍රාඥයෙකු වීමට ඉඩ ඇත (නි)
රජ කාලේ දඬුවම් දෙන්න වටින්නේ (නි)
මෙන්න සැබෑම දක්ෂයෙක්! (නි)
ළමයා දක්ෂයෙක් වුණත් ලැජ්ජාව, බය සහ යහපත් අරමුණු නැතුව ලෝකය දිනන්න බැහැ (නි)
විදේශ වල සිටින අපට පවා විශ්මයට කරුණක්. මේ දරුවාට දියයුතු හොඳම දඬුවම ඔහුට පරිගණක ශිෂ්‍යත්වයක් දී විදේශයකට යවා අපේ රටට පරිගණක නියමුවෙකු බිහි කිරීමයි (නි)
මහේෂ් ඩුබායි, පරිගණක ජාල අවුල් කිරීම ඉංග්‍රීසියෙන් කියන්නේ හැක් කරනවා කියලයි. ඒ නිසයි මෙතන හැකරා කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ (නි)
බාල වයස්කාර දරුවෙකු ලෙස සලකා සමාවක් ලබා දෙන්න . (ර)
දරුවා, ඔබගේ දක්ෂතාවයන් වැඩක් ඇති දෙයකට යොදවන්න. දේශපාලයන්ගේ අනාගතය අපට බාරදී, ඔබගේ අධ්‍යාපන කටයුතු හරියට කරගන්න. ඔබට සුබ අනාගතයක් වේවා! (නි)
ඔහුගේ දක්ෂතාවය තේරුම්ගෙන ඔහුව හරි මඟට යොමු කර ඔහුව දියුණු කරගෙන එයින් ප්‍රයෝජනයක් ගන්න (නි)
ජනාධිපතිතුමනි, මේ රජ වරදකරුවාට නිසි අධ්‍යාපනයක් දී රටට වැඩදායී පුද්ගලයෙකු කිරීම රජයේ වගකීම වේ. මෙතන අදහස් දමන හැමෝගෙම වගේම මුළු මහත් ජනතාවගේද අදහස එයම බව අපට පෙනේ (නි)
ජනපතිතුමනි, ඔබව ඝාතනය කරන්න ආ ත්‍රස්තවාදියාටත් සමාව දුන්නා වගේ මේ පොඩි කොලු ගැටයාටත් සමාව දී ඔහුගේ මේ තොරතුරු තාක්ෂණයේ දැනුම ප්‍රයෝජනවත් ලෙස යෙදවිය හැකි ව්‍යාපෘතියක් සකසා ඔහුගේ දක්ෂතාවයන් දියුණුකර යහමඟට ගන්න. (නි)
දක්ෂයෙක්. ඔබව අගය කරමි. මෙයාට නොව මොහු ලවා මෙය කරවූ දේශපාලන හස්තයට දඬුවම් කරන්න. ඔබ මරන්න ආ කොටියාටත් සමාව දුන් ජනපතිතුමනි, මොහුට සමාව දී දක්ෂතාවයෙන් ප්‍රයොජන ගන්න. ජනාධිපතිතුමාගේ වෙබ් අඩවියේ උපදේශකයෙක් කරගන්න වටිනවා (නි)
මේවා දානවා වගේ අර ඕස්ට්‍රේලියා වල චෝදනාව ගැන අපි දැනගන්නේ කවදාද. රටට ගිය කලක්! මේවා හංගන්න එපා. අපේ රට මෙහෙම හොරාකන්න දෙන්න එපා.කවුරුන් හෝ මේවාට හඬක් නඟන්න ඕනෑ. (නි)
මේ කුඩා වයසට මෙපමණ හපන්කමක්? (නි)
එ් වගේ වැඩක් ඇමරිකාවේදී වුණා නම් මේ වෙනකොට ඒ ළමයාව රටේ බුද්ධි අංශයට බඳවා ගන්නවා (නි)
පුතා, ඔයා සිංහලද? එහෙනම් ආණ්ඩුවේ බෝඩිමේ තපින්න බලාගෙන ඉන්න. වෙන ජාතිකයෙක් නම් සමාව ඔයාට ලැබෙයි. බය නැතුව ඉන්න. (නි)
මෙයාව දියුණු කරලා ගනිමු (අ)
හැක් කිරීම නොදන්නා...පිරිසක් තමන්ගේ පාට කන්නාඩියෙන් බලා විනිවිද කියයි මේ සා දක්ෂයයි ඔහු.... භාවිතයේ වැරදි ඇතොත් කියා දිය යුතුය සැමහට...ඇමරිකාවේ වෙනවයි කියන ගොඩක් දේවල් වෙන්නේ නැහැ (ම)
ලොකු මිනිස්සු කට අරින්න බයේ වෙව්ලන යුගයක, මොවැනි නිර්භිත දක්ෂ සිසුවෙකු සිටීම ජාතියේ වාසනාවක් (ම)
වැඩක් ගන්න පුළුවන් කොල්ලෙක් , හිරේ දන්නේ නැතුව ඔහුගේ දැනුමින් වැඩක් ගන්න (අ)
හැකියාවන් හොඳ පැත්තට යොමු කරනවානම් කොච්චර හොඳද (අ)
මේ සිසුව ට තාක්ෂණ පුහුණුවක් දී හොඳ මගට යොමුකළ යුතුයි. මොහුට දියයුතු දඩුවම එයයි. (අ)
පුතේ උබෙ හැකියාව අගයමි,,එය ඔබේ සහ අනාගත පරපුරටළුලදායි දෙයකට යොමු වේවා!!!! (ම)
ජනාධිපති තුමනි මෙවැනි පුද්ගලයන් රටට සම්පතකි හරි මගට ගත්තොත් එමනිසා ඔහුට සමවාදී රටට වැඩදායි පුද්ගලයකු කර රටට සේවයක් ලබාගන්න. ඔහුටත් රටටත් වැඩි පුද්ගලයකු වේවායි පතමි (හේ)
මෙම සිසුව කර ඇත්තේ වරදකි. වරදට සුදුසු දඬුවමක් දී මොහුගේ මෙම හැකියාව ඔප මට්ටම් කර රටට වැඩ ඇති ආකාරයෙන් ඔහුව හැසිරවීම බලධාරීන්ගේ වගකීමකි.ඉදිරියේදී මොහුගේ හැකියාවන් රටට වැඩක් ගැනීමට යොදාගැනීම වටි.(හේ)
මෙහෙම කොලු පැටවුන්ට පහසුකම් දීලා මෘදුකාංග නිෂ්පාදනය සම්බන්ධව වැඩිදුර අධ්‍යාපනයට අවස්තාව දෙන්න පුළුවන් නම් රට දියුණු කරන්න පුළුවන්.(හේ)
දක්ෂ කොල්ලෙක්.. හිරේ දාන්නේ නැතිව, හොදට උගන්නලා වැඩක් ගන්න බලන්න...(හේ)
මම දන්නා මෘදුකාංග සදහා ඉතා දක්ෂ පිලිපීන ජාතිකයකුට ඇමරිකන් කම්පැනියකින් රුපියල් ලක්ෂ 10 ක මාසික දිමනාක් දෙනවා .ඒ ඔහුගේ උගත්කම හා දක්ෂතාවය නිසයි.(ම)
කොල්ලව අර කලින් වැරදි කරපු අයව වගේ නිදහස් කරලා පුනුරුත්තාපනය කරලා කොම්පැනි එක්කක් දල දුන්නොත් නරකද?(ම)
මේ දරුවාට දියයුතු හොඳම දඬුවම ඔහුට පරිගණක ශිෂ්‍යත්වයක් දී විදේශයකට යවා අපේ රටට පරිගණක නියමුවෙකු බිහි කිරීමයි.ජනාධිපතිගේ වෙබ් අඩවියේ උසස් තනතුරක් දීමයි.(ම)
කොටි නිදහස් කරනවා වගේ මෙයාටත් නිදහස දෙන්න.(ම)
ඒ ඉල්ලීම්වල ලොකූ වරදක් මට නම් පෙන්නේ නැහැ. වරද අනුන්ගේ වෙබ් අඩවි අවුල් කිරීමයි. (අ)
එල කොල්ලෙක් (අ)
හොද මොලයක් තියෙන තරුණයෙක් මොනවා වුනත්. " හැකරා " කියන නම තමයි ටිකක් අවුල්. නැද්ද වෙන ලස්සන නමක් මේකට? (අ)
ජනපති මරන්න බෝම්බ තිබු අයට සමව දුන්න නම් අයි මේ ළමයෙක් අත් අඩංගුවට ගන්නේ?(අ)
තවම සැක පිට වුණත් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සිසුනට හොඳ නරක, හරි වැරදි, නීතිය, උගැන්වීම පාසලේ සිදු වන්නේ කොතනද?ලොකු අඩුවකි.(අ)
මොහු පාසල් සිසුවෙක් නම් නිවැරදි මගපෙන්වීමක් ලැබුනහොත් දීප්තිමත් අනාගතයකට හිමිකම් ඇත්තෙක්. (අ)
කරලා තියෙන වැඩේ පොඩි නෑ මිනිහගේ වයසට.හොදට අවවාද කරලා හරි පාරට අරගත්තොත් හොඳ වැඩ ගන්න පුළුවන් මොලයක් කියලයි මට නම් හිතෙන්නේ (අ)
සාගර, ඔය පාසල් සිසුවා ඉන්නේ ලංකාවේ. ලංකාවේ ආත්මෙකට මොළයක් තියෙන මනුස්සයෙක්ට තැනක් ලැබෙන්නේ නැහැ. (අ)
මේ හපන් කමක් නොවේ. සයිබර් අපරාධයකි. රටේ නීතියට ගරු කරමින් ඔහු නීතිය හමුවට පමුණුවන්න.(ම)
සාගර හරි, කරපු දෙය වැරදිතමයි. මෙවැනි මොලේ තියන අයගෙන් ඉතාම උසස් විදිහට රටට වැඩක් වෙන විදිහට වැඩ ගන්නට ආණ්ඩුව වගබලා ගත යුතුයි. ඇමෙරිකාව වගේ රට වලනම් එහෙමයි.(හේ)
ඇත්තටම හොඳ හැකියාවක් තියෙන සිසුවෙක් ඔබට සුබ අනාගතයක්.(හේ)
මේ සිසුවා මේ දේට යොමු කරන්න තවත් පිරිසක් මොහු වටා ඉන්න ඕනේ.(හේ)
පොඩි කමට නෙමෙයි වැඩ.(හේ)
දක්ෂ කොල්ලෙක් ??? හොදට උගන්නලා වැඩක් ගන්න බලන එක හරි. (හේ)
මට හරිම සතුටුයි මෙවැනි දක්ෂ කොල්ලෙක් ලංකාවේ සිටීම ගැන.මේ කොල්ලගේ දැනීම හොද දේකට යොදවා ගන්න බලන්න.(අ)
රටට ආදරය කරන රත්තරන් කොල්ලෙක් ජාතියේම උපහාරය පුදකළ යුතුයි
වැරැද්ද කවුරු කලත් එකයි. හැබැයි දඩුවම වෙනස්වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. ඒක තමා අපේ සංහිදියාවේ තියන වටිනාකම. (ම)
කල වරදට දඩුවම් කර ඔහුගෙන් රටට වැඩක් ගන්න හිරේ දමා ඔහුගේ ජීවිතය අදුරු කරන්න එපා. (අ)
අනුන්ගේ වෙබ් අඩවියකට හොරෙන් ඇතුළුවීම වරදක්. නමුත් මේ සිසුවා ඇතුලත් කරලා තිබෙන ඉල්ලීම් ගැනනම් සලකා බලන්න වෙනවා කියල මට හිතෙනවා. ජනපති තුමා මේ ගැන අවබෝධයෙන් කටයුතු කරනාවානම් අගය කොට සලකනවා. (අ)
"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට හොරෙන් ඇතුළුවී එහි දත්ත මකා ඉල්ලීම් සහිත පණිවිඩයක් ඇතුළු කළැයි සැකපිට කඩුගන්නාවේ පාසල් සිසුවෙක් (17) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය".... මෙවැනි දක්ෂ කොල්ලෙක් ඉපදෙන්න තිබුනේ ඇමරිකාව වගේ රටක.ලෝකෙම හොල්ලන්න පුළුවන් තරුණ දක්ෂ කොල්ලෙක්. (අ)
මෙවැනි කොල්ලෙක්ව ඉදිරියට ගත්තා නම් රාජපක්ෂලා ලෝකයේ හංගල තිබෙන දනස්කන්දය ගැනත් හොයා ගන්න තිබුණා.(අ)
මහින්ද ගේ කොල්ලෝ තුන් දෙනක් දක්ෂයෝ තමයි .හැබැයි මහජන මුදල් හොරා කන්න. (අ)
සමහර විට ඔහු හිතන්න නැහැ එය වරදක් කියල. ඔහුගේ දැනුමෙන් හා හැකියාවෙන් වැඩක් කරලා බලන්න ඔහු හිතන්නත් ඇති. මෙහිදී කලයුත්තේ ඒ ළමයාගේ මොරල් එක කුමක්ද කියා බලල කටයුතු කරන එකයි. අනෙක මෙයින් බරපතල හානියක් වෙලත් නැහැනේ. ඔහු කර ඇත්තේ ඔහුගේ හැකියාවෙන් ඉල්ලීමක් කිරීම බවයි පෙන්නේ. මෙවැනි දේ වලදී ඉවසිලි වන්ත ලෙස කටයුතු කලොත් වැඩිය හොදයි. (අ)
සාමාන්‍ය පෙළ ළමයින්ටත් හැක් කරන්න පුළුවන් ආණ්ඩුවෙ පරිගණක විශේෂඥයන්ගෙ වෙබ්සයිට්. පන්දමෙන් ගිය අය වෙන්න ඇති.(අ)
ලංකාවේ ඉන්නව ඔයිට වඩා දන්නා අය. ලංකාවේ ගල්කටස් හදන්න පුළුවන් අයගේ දැනුම දියුණු කරලා හමුදාවට ආයුධ හදන්න උදව් ගන්න පුළුවන් (අ)
දක්ෂයෙක්..ඔබව අගය කරමි..ඒ උනාට අනුන්ගේ ඒවාට රිංගන්න එපා..මේකටත් සමහරක් රාජපක්ෂලා ගාවගන්න හදනවනේ..අනේ අම්මප දැන් මහින්ද කියන්නේ මන්තරයක්ද හැම එකකටම මතුරන්න..
සීගිරියේ කුරුටු ගෑ තරුණියට සමාව දුන් අපේ ජනපති තුමා මේ සිසුවාට සමාවක් ප්‍රදානය කර ඔහුගේ හැකියාවට සාධාරණයක් කරයි කියල මගේ හිත කියනවා. (අ)
මේ හපන් කමක් නොවේ. සයිබර් අපරාධයකි. රටේ නීතියට ගරු කරමින් ඔහු නීතිය හමුවට පමුණුවන්න. චමිල කියන කතාව සම්පූර්ණ ඇත්ත. (ර)
ඇත්තටම දක්ෂ මල්ලියෙක්. අපේ රටෙත් හැකරෙක් ඉන්න එකත් අපේ වාසනාව. (ර)
මේක වැරදීමක් , තිබිච්ච ඉල්ලීම් වල හැටියට මොහුගේ වැඩක් වෙන්න බැහැ . වැරදි කෙන්ක්ව අල්ලාගෙන වගෙයි (අ)
ජනපති ළඟ ඉන්න පරිගණක විශේෂඥයෝන්ට වඩා මේ කොල්ලා දක්ෂයෙක්. ඒත් කරල තියෙන්නේ නීති විරෝධි වැඩක් ඒ නිසා පොඩි දඩුවමක් දීලා මෙයාගේ හැකියාව දියුණු කරන්න. එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ වෙබ් අඩවියේ උපදේශකයෙක් කරගන්න.(අ)
සුනිල් ගීකියනගේ අදහසට මමත් ගරු කරනවා. (නි)
යහපාලන කාලේදී මෙහෙම දෙයක් සිද්ධවුණ එක, එක අතකට මේ ළමයගේ වාසනාව. පසුගිය දශකයේදී හිටපු අයගේ වෙබ් අඩවියට ඇතුළු වුණා නම් සුදු වෑන් එකක රවුමක් යන්න තිබුණා (නි)
දක්ෂ ළමයෙක් හොඳ මග පෙන්වීමක් දුන්නොත් රටට වැඩක් කළ හැකි දරුවෙක්. (බ)