කතරගම බස් නැවතුම්පොළේ ඔරලෝසු කණුව අභියස ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කවන්ධ රුවක් ද ඊට පහළින් ඌව ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ රුව ද ,දෙපසින් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ සහ කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතාගේ රුව ද සහිත කටවුට් මීට බොහෝ කලකට පෙර සිට ප්‍රදර්ශනය කැරේ. ජනපති රුවට වී ඇති විකෘතිය කිසිවකුටත් පෙනී නැති සැටියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔරලෝසු කණු තියෙන්නේ පෝස්ටර් අලවන්න නෙමෙයි. මේවා දකින විදේශිකයින්ට මොනවා හිතෙනවා ඇත්ද?(නදී)
ලංකාදීපයට ස්තුති මේ වගේ දේවල් ලෝකෙටම පෙන්නුවට (දී)
මට නම් ඔය ඔරලෝසු කනුව පෙන්නේ ගෙදරක වතුර ටැංකියක් වගේ. කිසිම ලස්සනක් නැ. නිකන් මුදල් නාස්තියක් විතරයි. අඩු වියදමෙන් උස යකඩ බම්බුවක ඔය ඔරලෝසු රාමුව හයිකලානම් ඔයිට වඩා ලස්සනයි.(නදී)
පුවරු ප්‍රදර්ශනය සඳහා වෙනම තැන් හදුන්වාදෙන්න (දී)
මේ වැඩ වලින් පෙනෙන්නේ එකම දෙයයි.. එනම් අපේ රට දේශපාලන වශයෙන් 3 වන ලෝකයේත් අන්තිම පහල අඩියේ සිටිනා රටක් බවයි ... (දී)
මේක පත්තරේ දාන්න ඕනේ දෙයක්ද ? (දී)
මෙවන් නීති වෙනස් කරන්න (දී)
මෙවන් පක්ෂ බෙධයක් නැහැ මම නම් කැමති නැහැ පාර පුරා පෝස්ටර් එල්ලනවාට (දී)
මේ ගැන මම කනගාටු වෙනවා (දී)
ඔරලෝසුව වැහුවේ නැති එක පුදුමයි! (*දී)
ජනාධිපතිතුමාව ඉහලින් තියලා එතුමාට ගරු කරලා පින්තුර පෙට්ටියේ ගිරිය කඩාගෙන කෑගැහුවට විතරක් මදි දේසපාලන මහත්වරුනේ. ඒවා ක්‍රියාවෙනුත් කරලා පෙන්වන්න. (ස)
දේශපාලන ප්‍රචාර කටයුතු පාරවල් වලට ගෙන්න එපා (දී)
අයියෝ සල්ලි කියුවලු (දී)
තාප්ප ඉවරයි මේ දවස් වල
පෝස්ටර් වල බැනර් වල ජනාධිපතිතුමාගේ පින්තුරේ මැකිලා ගියාට මේ පුංචි ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේ ..එතුමාගේ රූපය සදාකල් නොමැකී තියෙනවා. (ස)
ආයු බෝ වේවා මහා රජාණෙනි!!! මේ පුංචි ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේ ඔබ තුමාගේ රූපය සදාකල් නොමැකී තියෙනවා.ඔබඑතුමා ජාතියේ පිනට පහළ වූ මහා රජෙක් .ඔබතුමා විශිෂ්ට නායකයෙක්. ඔබතුමාගේ පින්තූර එල්ලන්න ඕනේ ගෞරවනීය ස්ථානවල පමණයි.ජනාධිපතිතුමනි ඔබතුමා සැමදා කලගුණදත් අපගේ හිත් වල ඉන්නවා. සමහර හොරු ඔබ තුමාගේ පහනෙන් එළිය බලනවා. (ස)
ලංකාවේ දේශපාලනයට ගිය කල (දී)
මේවා නවත්තන්න ඕනේ හැම තැනම පෝස්ටර් ගහන එක
ජනාධිපතිතුමනි, ඔබතුමාව මතක් වෙන්න කටවුට් ඕන නෑ . ලංකාවේ කොහේ ගියත් කාර්පට් පාරවල් , අහස උසට ගොඩනැගිලි, පිරිසිදු නගර , ටික ටික දියුණු වන රජයේ සේවය, ඔබගේ දුර දර්ශි යහ පාලනය මොනවට පැහෙදිලි වේ. (ස)
ලක්ෂ්මන් ඔබ හරියට හරි.......ඒ ගැන තව කිව යුතු දෙයක් නෑ. (ස)
නාමේ නොදිරනා කුණු කය දිරනා අරුමැති සොබා සංසාරේ (ස)
හැම තැනම පෝස්ටර් ගහන්න එපා මින් පසු (දී)
මෙහි පළකරන්නේ ජනාධිපතිට කඩේ යන පුතිචාර විතරද.(නදී)
මේවා ජනාධිපති තුමාට අපහාසයක්, වහාම ගලවන්න (දී)
පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලුනේ.(නදී)
මේවා දියුණු සමාජයක දැකිය නොහැකි බාල දේශපාලනයක ලක්ෂණයක්.(නදී)
මෙය ආරම්බයක් පමණි. අදට වඩා හෙට හොඳ වෙයි කියන ආදර්ශයම සංකේතයක් විය නොහැකිද? (නදී)
මේවා මහා මෝඩ වැඩ. ජනාධිපතිතුමාව හෑල්ලු වෙනවා මේ වගේ හන්දියක් හන්දියක් ගානේ එතුමාගේ පින්තුර එල්ලනකොට. එතුමාගේ පින්තුර එල්ලන්න ඕනේ ගෞරවනීය ස්ථානවල පමණයි. (ස)
අපරාද සල්ලි කරලා පෝස්ටර් ගහලා රටේ නායකයාට අගෞරව කරනවා (දී)
මම කනගාටුවෙනවා.(නදී)
ජනාධිපතිගේ රුව හැල්ලු කරලා
සිල්වා, ඔයා සිහින ලෝකෙම පාවෙවී ඉන්න. අපිට ඔය දකින සිහිනයට බාදා කරන්න බැහැනේ.(නදී)
කොහොමත් එතුමාගේ වැඩ අපි දන්නවා. පින්තූර වලින් ඒ දේවල් වෙනස් කරන්න බැහැ. එතුමා විශිෂ්ට නායකයෙක්. එතුමා රටට කල සේවය සදා අමරණීයයි. මේ පුංචි ශ්‍රී ලංකාව දියුණු කරලා තමයි පස්ස බලන්නේ! "සමහර හොරු එතුමාගේ පහනෙන් එළිය බලනවා" (ස)
යුද්ධයට නායකත්වය දුන්නු ජනරාල් සරත් ෆොන්සේකාගේ එකම පිලිරුවක්වත් අද ලංකාවේ නැහැ. සියල්ලම කඩලා බිදලා විනාස කලා. කනගාටුව ප්‍රකාස කරනවා.(නදී)
අපේ ජනාධිපති තුමාට ජයවේවා (දී)
වහාම ඉවත් කරන්න දැන්වත් (දී)
ජනාධිපති තුමනි ඔබ තුමා සැමදා අපගේ හිත් වල ඉන්නවා.මේවගේ පෝස්ටර් ඕන නැත ........ (දී)
ලංකාදීප පුවතින් පසු එම රුව සහිත කටවුට් එක ගලවා දමා ඇත ලංකාදීපයට ස්තුති (දී)
ලක්ෂ්මන්,නීල්, කමල්, සහ ඔබ හැමදෙනාගේම අදහස් වලට මම ගරු කරනවා. ජනාදිපති තුමා මතක් වෙන්න පෝස්ටර් අවශ්‍ය නෑ කල ගුණ දන්නා මිනිස්සුන්ට. (දී)
කටවුට් බැනර් මිට කලින් දැකල නැද්ද වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න (දී)
අයියෝ රටකට ගිය කල (දී)
මෙච්චර කාලයක් නිසි උදවිය (දී)
මේවා නිවුස්ද
පෝස්ටර් අලවන්න හෙදම තැන දේශපාලනය කරන අයගේ ගෙදර මල පහකරන තැන.(නදී)
පෝස්ටර් අලවන්න හොදදම තැන දේශපාලනය කරන අයගේ ගෙදර මල පහකරන තැන.(නදී)
වැඩ බැරි දේශපාලකයෝ හදන්නේ කොහොම හරි ජනාධිපති තුමාගේ පිහිටෙන් ගොඩ වෙන්න. වංචාකාරයෝ හදන්නේ ජනාධිපති රුපයට මුව වෙලා වංචා කරන්න , ඔහොම යමු.(නදී)
තිලක් ඩුබායි ඔයා ඩුබායි වල පුරවැසියෙක්ද? ඔයා දන්නවද වසර 30 කට ඉස්සල්ලා ඩුබායි කොහොමද කියලා. තිබුනේ එක බිල්දිනේකයි අර මිමැසි පෙට්ටිය විතරයි. ජබෙල් අලි වාරයත් හැදුවේ 2008 දී ඔයා හිටියට මදි ඉගන ගන්න රට කොහොමද හැදුවේ කියලා. ඔහෙත් පාරවල් තමයි මුලින්ම හැදුවේ. ඊට පසේ ජුමෙර හැදුවා මම ඔය රට ගැන හොදට දන්නවා. ඔයා නිකන් බොරු චරිතයක් විතරයි. ඉගෙන ගන්න දේශීය දේ අගය කරන්න. නැත්නම් ඔයාට ෆාම් දූපතේ මාලු බාන්න වෙන්නේ හැමදාම. ලංකාවේ මිනිස්සු ඔයිට වඩා උගත් දැනුම තියනවා. ඔයා නිකන් ඩුබායි ......... විතරයි තව ලෝකේ රටවල් තියනවා බලන්න ඔය සයිඩ් පාරවල් දිහා ඉගෙන ගන්න හරි දේ. හොදයි කියන්න කඩේ යන්න පලුවන් ඊට පස්සේ.(දී)
රූප ගැසීමේ සම්ප්‍රදාය මහජන ඇසට හරි වදයක්.(නදී)
පෝස්ටර් අලවන්න වෙන තැනක් තිබුනෙම නැද්ද? (නදී)
මේ තුලින් ඇතිවෙන පරිසර දුෂණය ගැන කිසිම කෙනෙකුට අවබෝධයක් නැති හැටි. (නදී)
ආයු බෝ වේවා මහා රජාණෙනි!!!ඔබ තුමා වැනි සිංහල ජාතියේ පිනට පහල වූ මහා රජෙකුගේ ගුණ සුවඳ සැමදා කලගුනදත් සිංහලයන්ගේ මතකයේ ඉර හඳ පවතින තුරා රැදී පවතී. (දී)
නිසි දඩුවම් දෙන්න තියෙන්නේ මේ කරනා වැඩ වලට (දී)