යළිත් මේ රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රීක කර ස්වයංපෝෂිත රටක් ලෙස නැගී සිටීම සඳහා රජය විසින් ක්‍රියාවට නංවා ඇති ගොවි ජනතාව සවිබල ගැන්වීම , දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල, මත් ද්‍රව්‍ය නිවාරණය සහ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන පිළිබදව දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරිමේ සාකච්ඡාවක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
ජනතාව ජනවාරි 8 වනදා ලද ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් කිරීමට රජය ක්‍රියාත්මක කර ඇති ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සියළු දෙනාම සාමූහිකව ක්‍රියාත්මක විය යුතු බව ජනපතිවරයා මෙහිදී දිසාපතිවරුන් හමුවේ අවධාරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි නායකත්වය, නිවැරදි මඟපෙන්වීම, බඩගෝස්තරවාදයෙන් තොරව 'රටට හෙණ ගැහුවත් මගේ පවුල සහ පිරිවර ගොඩ' කියන න්‍යායෙන් බැහැරව ඉදිරියට යන ජනපතිතුමනි, ඔබට ජය! (නි)
සුබ අනාගතයක්! (නි)
මට තේරෙන විදියට අප රටේ ගොවිතැනට ඇති ලොකුම බාධාව නම් ගොවින් සතුව දැනුම හා තාක්ෂණය නොමැති බවය. දියුණු රටවල ගොවින් සුරසැප විඳිද්දී අපේ ගොවින් අපාදුක් විඳින්නෙත් ඒ නිසාය. තාක්ෂණය නොමැති නිසා ඵලදාව අඩුය.පිරිවැය අධිකය. ලාබය අඩුය.ගොවිකම බාරව රාජ්‍ය නිලධාරීන් ඕනෑතරම් සෑම ගමකම සිටිති. ඔහුන් රාජකාරිය නිසි ලෙස කරනවාද? පළමුව මේ නිලධාරීන් අරමුණු ගතකළ යුතුය.කාර්යක්ෂමතාවය ඉහළ දෙමිම සඳහා යන්ත සුත්‍ර හඳුන්වා දියයුතුය. එවිට කම්කරුවා ඉහළ වැඩ කොටසක් කිරීම නිසා ඉහළ වැටුපක් හිමිවේ. එසේම ගොවියාද ආරක්ෂා වේ. (නි)
මම මෙයට බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාලගෙන් අදහසක් බලාපොරොත්තු වෙමි. (නි)
මහේෂ් -සෞදි දරන මතය මම අනුමත කරනවා. (නි)
ජනාධිපතිතුමනි, පරිසරය ආරක්ෂා කිරීම පිළබඳව ඔබතුමා දරන උත්සාහය ඉතා අගය කරමි. ආයෝජන කලාප වලට අයත් කර්මාන්තශාලා වලින් ඉවත් කරන අබලි ද්‍රව්‍ය සමඟ මුදාහරින නොදිරන ද්‍රව්‍ය( රබර් මිශ්‍රිත නිෂ්පාදන) රසායනික දියර වර්ග සහ පවුඩර් වර්ග කිසිදු සීමාවකින් තොරව පරිසරයට එක්වීම නොකඩවාම සිදුවේ. මෙම රසායනික ද්‍රව සහ උකුකළ රබර් යොදා ගෘහ කර්මාන්තයක් ලෙස නීතියට සැඟවී අත්වැසුම් නිපදවීමද බහුලව කෙරේ. එම ස්ථානවලින් ඉවත් කරන රසායනික ද්‍රව්‍ය අතර පිළිකාකාරක රසායනික ද්‍රව්‍යයද ඇතිබැවින් මෙසේ ඉවක් බවක් නොමැතිව අබලි ද්‍රව්‍ය හරහා ජනතාවට අහිතකර දේ පිටකිරීම වහාම නැවත්වීමටත් , ආරක්‍ෂිත වැඩපිළිවෙලක් නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන පරිසරයට හානිකරන වැඩපළවල් වැටලීම් කර නීතිය හමුවට පැමිණවීමත් ඉතා කාලෝචිත වේ. (නි)
රට දියුණු කිරීමට ඔබට ධෛර්යය සහ ශක්තිය නොඅඩුවම ලැබේවා! (නි)
ජනාධිපති තුමෙනි මම ඔබට ඡන්දය දුන් කෙනෙක් , මගේ පැතුම ඔබ මේ රටින් සියලු කෘෂිරසායනික බෙහෙත් , මත් කුඩු සහමුලින්ම නැතිකරලා දී කියල අපේ හෙට ඉපෙදෙන්න ඉන්න දරුවට හොදේ බත් පතක් කවන්නේ පුළුවන් වෙන්න එතෙකොට ඔබට මම කවදත් මනාප දෙනව (බ)
කාබනික කෘෂිකර්මය වකුගඩු රෝග වැලක්වීමට විකල්පයකි-ජීව වායු උත්පාදනය දියර කොම්පෝස්ට් නිසරු පසට වෙදකමකි (බ)
ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දියත්කළ දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට ඔබට දැන් අවස්ථාව උදාවී ඇත. එකල එයට විරුද්ධ වූ පිරිස් අද ඔබ සමඟ සිටින නිසා බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවේවි. (නි)
යළිත් මේ රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රීක කර ස්වයංපෝෂිත රටක් ලෙස නැගී සිටීම සඳහා රජය විසින් ක්‍රියාවට නංවා ඇති ගොවි ජනතාව සවිබල ගැන්වීම , දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල..අපිට හොඳ පසක් තිබෙනවා.මහන්සි වී වැඩ කරන්න පුළුවන් හොඳ ගොවියන් පිරිසක් ඉන්නවා. ඔවුන්ට කොම්පෝස්ට් නිෂ්පාදනය සදහා ණය සහනාධාර දෙන්න.අපේ රට කෘෂිකර්මාන්තයෙන් දියුණු කරන්න පුළුවන්. (බ)
මැදපෙරදිගට එළවලු සහ පලතුරු වෙළදාමෙන් ඉදිරියන්ම සිටින්නේ ඉන්දියාව, පකිස්ථානය සහ පිලිපිනයයි. (බ)
ලංකාවේ සිකුරාදාට පමණක් ගුවනින් එවන දබල,කොහිල,කටු ආත්තා ,අළු කෙසෙල්,බට්ටර් බෝංචි,මාළු මිරිස්,රතු හාල් ටික ගන්න බලන් ඉන්නවා.ඒකවත් කලට වෙලාවට එවන්න බැහැ. (බ)
මොනවා වුණත් පොළවේ පයගහලා ඉන්න ජනාධිපති කෙනෙක් ඉන්නවා කියන සතුට අපිට දැන් තිබෙනවා. (නි)
තවත් බතල කොළ හිටවීමක් (ම)
මේ අය හරියට ඉන්නවා නම් රට ගොඩ. (නි)
සැළසුමක් ඇතුව වැඩකරන එක බොහොම හොඳයි (නි)