වසර 24කට පසු යාල් දේවී දුම්රිය අද  කොළඹ සිට යාපනය බලා පිටත් විය.

පලෙයි දුම්රිය ස්ථානයේදී  ජනපති අද පෙව 10.9 ට දුම්රියට ගොඩ වුයේ උතුරු ජනතාවගේ ඔල්වරසන් හා ප්‍රීති ඝෝෂා මැද්දේය.හින්දු සිරිතට නළලේ තිලක තබා ජනපති ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට දහස් ගණන් වැසියෝ  රැස්ව සිටියහ.

දුම්රිය මාර්ගය  අලුත් වැඩියා කරනු ලැබුයේ ඉන්දියා රජයේ අධාරයෙනි. ඒ සදහා ශ්‍රී ලංකා රුපියල් කෝටි  10400 ක් වැය විය.

ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කුමාර් සිංහද ජනපති සමග උතුරේ ගමනට එක් විය.

පලෙයි සිට යාපනය දක්වා දුර කිලෝමීටර් 38 කි.