
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් මහනුවර දී අද (29) පස්වරුවේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ අතර මහ නාහිමියෝ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම මල්වතු අනුනා හිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි මහා නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.ඓතිහාසික මුතියංගන රාජමහා විහාර භාරකාර, ආචාර්ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නා හිමි ද එම අවස්ථාවට වැඩම කර සිටියහ.
ආණමඩුවේ ධම්මදස්සී සහ වෙඬරුවේ උපාලි අස්ගිරි අනුනාහිමිවරුන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙටි පිළිසඳරක නිරත විය.
හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, ජනාධිපති අතිරේක ලේකම් කමල් පුෂ්පකුමාර මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහනායකවරුන්ට අටපිරිකරක් ලැබුනොත් ඇති බුදුසසුනට හෙනගැහුවත් කතා නෑ…!
නිතර පල්ලි, පන්සල් යන මෙවැනි සැදැහැවත් දේශපාලන නායකයින් සිටින ලෝකයේ එකම රට ලෙස, අපි කොතරම් නම්, වාසනා වන්තද...? ඒ අනුහසින් සශ්‍රීක බවෙන් සෞභාගයෙන් සපිරිනු රටක ජීවත් වීමට ලැබීමට තරම් අපි කොතරම් නම් පින්වන්තද...? ලෝකයේ අනෙක් රටවල හොර තක්කඩි පාලකයින්ට ඇයි අපේ රටේ මේ දැහැමි පාලකයින්ව ආදර්ශයට ගන්න බැරි... එහෙම උනා නම්, ලෝකයෙන්ම හිඟාකමින් ආර්ථිකය හසුරුවන, මිහිපිට අපායන් වැනි ජනතාව දුක් විඳින ඔවුන්ගේ රටවලුත්, ලංකාව වැනි ආර්ථික අතින් ස්වයංපෝෂිත රටක් බවට පත් කර ගත හැකිව තිබුනා නේද...?