ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටියදී මෛත්‍රිපාල සිරිසේන මහතා මීට වසරකට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ මෑන්පවර් සේවකයන්ට ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් සේවකයන් 2344 දෙනෙකුට අද (17දා) ස්ථිර පත්වීම් ලබා දුන්නේය.
2014 වසරේ දෙසැම්බර් 17 වැනි දා මැතිවරණයට පෙර ජනතාවට ලිඛිතව හා වාචිකව දුන් සියලු පොරොන්දු ආණ්ඩුවේ නිල කාලය වන අවරුදු පහ තුළ ඉටුකර දිම තම ප්‍රධානතම ඉලක්කය හා බලාපොරොත්තුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට පොරොන්දු රැසක් ඉටුකර අවසන් බවත් දැනටමත් ආණ්ඩුව පිහිටුවා වසරක් ගත වී නැතත් දේශපාලන ප්‍රතිවාදින් සෑම දෙනාම ආණ්ඩුව විවේචනය කරන්නේ අවුරුදු දහයක් පමණ බලයේ සිටි ලෙස සිතාගෙන යැයි ද සිරිසේන මහතා කීවේය.
මේ පිරිස ආණ්ඩුව කඩා වැටෙන තුරු බලා සිටිති පැවසු ජනපති පරාජිත සමහරු තම කේන්දරය ලබාගෙන මැරෙන දවස බලමින් සිටින බවද සැලවෙතියි ප්‍රකාශ කළේය.
පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයකදී සේවකයන් පිරිසකට ස්ථිර පත්වීම් ලිපි ලබාදෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසුවේය.
(ජායාරූප හා විඩීයෝ - ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනප්‍රිය සතිඅන්ත පත්තරයක් ගත්තොත් රැකියා ඇබෑර්තු කොටසේ වැඩිවශයෙන්ම තියෙන්නේ මිනිස් බල සැපයුම්කරුවන්ගේ දැන්වීම්. ඒවායේ පිහිටි ස්ථානයක්වත් දමා නැති අතර තිබෙන්නේ ජංගම දුරකථන අංක පමණි. විවිධ (වරාය, බිස්කට් වැනි )ආයතන වලට මිනිසුන් කොන්ත්‍රාත් ක්‍රමයට සපයා මුදල් කපාගනිති. (නි)
විසදුවා කිව්වට තවම අපිව නම් ස්ථීර කරලා නෑ. (ර)
හරිම සතුටුයි (නි)
ශ්‍රී ලංකා ටෙලිකෝම් මෑන් පවර් ප්‍රශ්නයට තවම විසදුම් නැත (අ)
භාරකාර අරමුදලේ හිටපු අය නම් 11/2015 මාසෙන් පස්සෙ දොට්ට දැම්මා. ඒ අයට සාධාරණයක් නැත්තෙ උද්ඝෝෂණය නොකරපු නිසාද? (බ)
ඇයි කමල් කොහෙද හිටියේ (බ)
උද්ගෝෂණයට කලින් විසදපු එ්ක හොදයි. (බ)
සිරා, කමල්, හදිස්සි වෙන්න එපා. ඊළගට දෙන්නේ ඔයාලට. (අ)
"සෑම දෙනාම ආණ්ඩුව විවේචනය කරන්නේ අවුරුදු දහයක් පමණ බලයේ සිටි ලෙස සිතාගෙන", නමුත් අවුරුද්දක්වත් නැතුව රටේ ගොඩක් අයට මේ ක්‍රමය එපාවෙලා වගේ... (ම)
බොහොම හොඳයි (නි)
මට නම් දිනෙන් දින ප්‍රශ්න එකතුවෙනවා මිසක් ප්‍රශ්න අඩුවෙන බවක් නම් තවමත් පෙනෙන්න නැහැ. (නි)