මාලදිවයිනේ පනස්වැනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මාලේ අගනුවරට ගියේය. නිදහස් උළෙල අද රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතව තිබිණි.
බ්‍රිතාන්‍යයේ සුල්තාන්වරයකුගේ පාලනය යටතේ තිබුණු මාලදිවයින නිදහස ලැබූයේ 1965 වර්ෂයේ දී ය.
ඉන්දියන් සාගරයේ ශ්‍රි ලංකාවට කිලෝ මීටර 700ක් පමණ දුරින් පිහිටි මාලදිවයින දූපත් 1192 කින් සමන්විත රාජ්‍යයකි. ලෝකයේ රටවල් අතිරින් මුහුදු මට්ටමින් වඩාත් පහතින් පිහිටි රටක් ලෙස හැඳින්වේ.
එරට ජනගහනය තුන් ලක්ෂ පනස්දහසක් පමණ වේ. මාලදිවයින් ජාතික ගීය නිර්මාණය කළේ, ශ්‍රී ලාංකේය අග්‍රගන්‍ය සංගීතවේදී පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් විසිනි. මාලදිවයිනේ රාජ්‍ය භාෂාව වන දිවෙහි බස සිංහල භාෂාවට බොහෝ සෙයින් සමානය.
මාලදිවයිනේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද පැවැත්විණි. අනතුරුව එරට ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල්ලා ගයුම් අතර හමුවක් ද පැවැත්විණි.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෆිල් ගේ අවවාදය හරියටම හරි. ඔහොම ගිහින් ලංකාවට එනකොටම අත් අඩංගුවට ගන්න පුළුවන් . පරිස්සමින්. (බ)
ජනගහනය ලක්ෂ 30ක් නෙමෙයි ලක්ෂ 3 යි. එයින් තුනෙන් පංගුවක් ඉන්නෙ මාලේ දූපතේ. ඉතිරිය අනෙත් දූපත් වල විසිරිලා ඉන්නෙ. (ම)
ජනපතිතුමනී, රනිල් අගමැති නිසා ඔබ විදේශ සංචාරය කලාට කමක් නැහැ. බැරිවෙලා හරි මහින්ද අගමැති නං ඔබට මෙහම හරි යන්න පුලුවන්ද? පරිස්සම් වෙන්න. (ම)