ජර්මනියේ නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන බදාදා (17) ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් මහත්මිය හමුවීමට නියමිතය.
ජනාධිපති මෙමත‍්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයක්ද එදින පෙරවරුවේ ජර්මන් චාන්ස්ලර්වරියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ජනාධිපතිවරයා වෙනුවෙන් ජර්මන් රජයේ විශේෂ උත්තමාචාරයක් එහිදී පිළිගැන්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ජර්මන් පාර්ලිමේන්තුව වෙතද යන ජනාධිපතිවරයා එරට පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන නියෝජිතයින්ද හමුවීමට නියමිතව ඇත.
පසුව ජර්මන් ජනාධිපති ජෝෂිම් ග්වැක් මහතා සහ එරට විදේශ කටයුතු අමාත්‍ය ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මයර් මහතාද හමුවී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
19 වැනිදා ජර්මනියේ දෙදින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති මෙමත‍්‍රීපාල සිරිසේන මහතා ඕස්ටි‍්‍රයාවේ බලා පිටත් යනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බබාගේ ආසාවනේ ඉතින්. දරුවෝ නැති එවුන් කියන කතා ගණන් ගන්න එපා. ළමයිනුත් අරන් යන්න ලෝකේ පෙන්නලා එක්ක එන්න. මහජන මුදල් ටිකක් වියදම් උනාට කමක් නැහැ.(රේ)
මොකද දන්නෙ නැහැ හදිසියේම? (නි)
ඉන්දියාව වගේ රටවල් නැතුව මේ වගේ රටක් එක්ක සීපා වගේ ගිවිසුම් අත්සන් කරන්න. (නි)
ඔන්න පේනවා නේද අපිට දැන් තියෙන පිළිගැනීම. ඉස්සර අපේ කට්ටිය කොහෙද ගියේ කියල මතකද? ලිබියාව, උගන්ඩාව සහ සෝමාලිය වලට විතරයි යන්න බැරි උන්නේ.(රේ)
රටට යහපතක් වෙනවා නම් කොහේ ගියාම මොකද? (නි)
අනේ වාසනාවන් (රේ)
රටට යහපත් දෙයක් වේනම් හොඳයි (රේ)
ගරාචැටෙන ආර්ථික අර්බුදයට ශ්‍රීලංකා ජනාධිපති ගෙන් උපදේශයක් ලබාගත හැකිය .(රේ)
සුබ ගමන්! (නි)
රෝහිත. ලිබියාව, උගන්ඩාව සහ සෝමාලිය,සුවසිලන්තයට ගියත්,ජර්මනිය, ඕස්ටි‍්‍රයාව, එංගලන්තයට ගියත් ඔය වියදම් කරන්නේ අසරණ මහජන මුදල්. (ර)
මේ පාරත් සෑහෙන කට්ටියක් යාවි. (ර)
තිලක් ඔයාගේ බුද්ධිය නම් නියමයි! අපිට උගන්ඩාව සහ සෝමාලියා වලින් කට්ටිය ඇවිත් ආයෝජනය කරන්න කියලද ඔය කියන්නේ. අපේ රටේ හදන භාණ්ඩ අපි උගන්ඩාවට සහ සෝමාලිය වලට විකුණලා ජීවත් වෙන්නද කියන්නේ. (බ)
මේපාර ගියපාරට වඩා පිරිස වැඩිවෙයි වගේ .(රේ)
ඇනජලා අත් මේස් නම් දානවා ගලවයිද දන්නේ නෑ (රේ)